Monday, November 14, 2022

2023 - අයවැය යෝජනා

 


 






🛑 ආර්ථිකයට  හා  සේවක දෙපාර්ශවයටම  ප්රතිලාභ ලැබෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීම.

 

 🛑 මධ්යසාරවල නිෂ්පාදනවලට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100ක්.

 

🛑 විද්යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම සඳහා යෝජනා.




 

🛑 ත්රෛලෝක විජය පත් බෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීම හා විශේෂඥ කමිටුවක් පත්කිරීම.

 

🛑 විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරිමට  ජාතික තරණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක්.


 🛑 බන්ධනාගාරගත රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්.

 

 🛑 සෞඛ්යමය ගැටලු අඩු කර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 500ක්.

 








🛑සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමානාවල ප්රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම.

 

🛑 ක්ෂුද් මූල් හා ණය දෙනු ලබන ව්යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද් මූල් හා ණය නියාමන අධිකාරියක්.

 

 🛑 දේශගුණික විපර්යාස සඳහා ජාත්යන්තර විශ්ව විද්යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්.

 







🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්රමය නැවත ක්රියාත්මක කිරීමට යෝජනා (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල).

 

🛑 බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීම.

 

 🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්රමය නැවත ක්රියාත්මක කිරීම.

 

 🛑පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්රාවක් හඳුන්වා දීමට හා පසුවිපරම් කිරීම.

 

🛑 විදේශ මුලාශ් සහ රජයේ දායකත්වයෙන්  ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම.

 

🛑  පළාත් සහ ජාතික පාසල්වල සනිපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්.

 






🛑 පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 හෝ ඊට වඩා අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීම.

  

🛑 කෘෂි ව්යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම.

 

🛑 ආදායම් බලපත් ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම.

 

🛑 මත්ත්ස් අභිජනන මධ්යස්ථාවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක්.

 

 🛑 ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්යුත් පද්ධතියක්.

 

🛑 ග්රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 200ක්.

 

🛑දුෂ්කර ප්රදේශවල පිහිටි ජ්යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.





 

🛑 විශ්වවිද්යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහ ප්රතීතන මණ්ඩලයක්.

 

🛑 ශ්රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්රී ලංකා ටෙලිකොම්,  කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්එජ් , ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවායේ පරිපාලිත සමාගම්  ප්රතිව්යුහගත කරණය සඳහා පියවර.

 

🛑 විශේෂ කාණ්ඩ හැරැණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 සේවා කාලයකින් පසු විශ්රාම යාමට ඉඩ.

 

🛑 බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත , ශ්රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාළ බදු හා දඩ ගෙවීමට යටත්ව  නිදහස් කිරීම.

 

🛑  'බුකීකරු' යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ඇතුළත්ව සියලු ආකාරවල ක්රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා  තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීම.

 

🛑 2023/24 අධ්යයන වර්ෂයේ සිට ක්රියාත්මක වන පරිදි දීප ව්යාප්ත කුසලතා පදනමෙන් රාජ් විශ්ව විද්යාලවලට ඇතුළත් කරගන්නා ප්රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම.

 

🛑  දුෂ්කර ප්රදේශවල පිහිටි ජ්යෙෂ්ඨ  සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.

 

🛑 සූදු /කැසිනෝ යන්නෙහි අර්ථ නිරූපණයට මාර්ගගත සූදු කැසිනෝ ඇතුළත් වන පරිදි පුළුල් කිරීම

 

🛑 බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම.

 

 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

 

 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

 

🛑 බීඩියක් මත රුපියල් 2 බද්දක් පැනවීම.

 

🛑 පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීම.

 

🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල  ලබා ගන්නා  සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්යත්ව ලබා දීම.

 

🛑   ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ වෛද් පීඨයක් ආරම්භ කිරීමට යෝජනා. මිලියන 200ක්.

 

🛑  පේරාදෙණිය, රුහුණ, යාපනය විශ්වවිද්යාලවලත්  වෛද්යවරුන් සඳහා පශ්චාත් උපාධි ආරම්භ කිරීම

 

🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල  ලබා ගත් සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්යත්ව ලබාදීම.

 

 🛑 ජලය මත ලිස්සායාම වැනි ත්රාසජනක ක්රීඩා ප්රවර්ධනය සඳහා යෝජනා.

 

 🛑 භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

 

🛑 කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කරන්දෙණිය ප්රදේශයට නව දෙපාර්තමේන්තුවක් 

 

🛑 සියලු ජාත්යන්තර වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ කටයුතු කිරීමට ජාත්යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම.

 

🛑  විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික බස්නාහිර, වයඹ, පළාත් සහ ත්රිකුණාමලය ආශ්රිතව නව ආර්ථික කලාප ඇති කරනවා. එක් ආර්ථික කලාපයක් අක්කර 1000ක් 

 

🛑 සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට.

 

🛑 අය- වැය 2023  ආර්ථික පරිවර්තනය සඳහා අවශ් නීති සංශෝධන සහ නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට 

 







Watch Video : https://youtu.be/hd4vCMAhs4c

Monday, November 7, 2022

මරණයට බිය නොවූ දෙවියන්ගේ දියණිය - -බෙනාසීර් බූතෝ




පසුගිය දා පාකිස්තානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉලක්ක කරගෙන එල්ල වූ වෙඩි ප්‍රහාරය සමඟ, එම සිද්ධිය ද යටපත් කරගෙන දේශපාලන කරළියේ මතුව ආවේ අතීත සිදුවීමකි.මෙම සිදුවීම 2007 දී රාවල්පිණ්ඩි හිදී ජන රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් එවකට හිටපු අගමැතිනියක් වූ බෙනාසීර් අලි බූතෝ ඝාතනය වීම පිළිබඳ මතකය බොහෝ දෙනෙක් තුළ නැවුම් ආකාරයකින් මතුකරන්නට සමත් විය.


ආසියාවේ ප්‍රබල දේශපාලන පරම්පරාවක සාමාජිකාවක ලෙස පාකිස්තානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලි බූතෝට සහ හිටපු අමාත්‍යවරියක් වූ බෙගම් නස්රත් බූතෝට දාව 1953 දී උපත ලබන බෙනාසීර් සැලකෙන්නේ නූතන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික ඉස්ලාමීය රාජ්‍යයක නායිකාව බවට පත්වූ පළමු කාන්තාව ලෙසයි. කෙතරම් ප්‍රභූ පවුලක ඉපදුනත් බෙනාසීර්ගේ ජීවිතය කටුක අභියෝග රාශියකින් පිරුණු එකකි.


අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් (ඇය එහි ඉගෙනුම ලබන සමයේ ඇයගේ හොඳම යෙහෙළියන් අතරින් කෙනෙක් වූයේ මහා බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිනිය වූ තෙරේසා මේ යි ) දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව හදාරා 1977 දී ඇය නැවත පාකිස්ථානයට පැමිණෙන්නේ එරට විදේශ සේවයට එක්වීමේ අරමුණෙනි. නමුත් ඉන් මාස දෙකකට පසුව එවකට එරට හමුදාපති මොහොමඩ් සියා-උල්-හක් විසින් ඇයගේ පියා හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහකර අත්අඩංගුවට ගෙන එල්ලා මරා දැමීමත් සමඟ සියල්ල උඩුයටිකුරු විය.ඉන් පසුව ඇයගේ මවත් සමඟින් තම පියාගේ දේශපාලන පක්ෂය වූ පාකිස්තානු ජනතා පක්ෂයේ වගකීම සිය දෙවුර මතට ගැනීමට ඇයට සිදුවූ අතර සියා-උල්-හක්ගේ මිලිටරි රෙජීමය විසින් ඇයව කිහිපවරක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි.පසුව 1984 දී ඇය එංගලන්තය බලා යන්නේ ජීවිතය රැකගැනීමේ අරමුණෙන්ය.


මේ අතරවාරයේ ඇයගේ එකම සොහොයුරා අල්-සුල්ෆිකාර් නමින් මිලිටරි සංවිධානයක් පිහිටුවාගෙන සිටි අතර මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර පැවතියේ අමනාපකමකි. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑවටත් වඩා විශ්වාස කළ ඇයට එය කිසිසේත්ම එකඟවීමට නොහැකි කරුණක් විය.1987 දී අසීෆ් අලි සර්දාරි සමඟින් විවාහ වන ඇය 1988 දී එරට පළමු අගමැතිනිය ලෙස පත්වූවාය.


ඇයගේ පළමු ධූර කාලය තුළ පාකිස්තානු දේශපාලනය තුළට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අංග එකතු කිරීමට ඇය කටයුතු කළාය. එපමණක් නොව ආගමික, සමාජීය කාරණා මත පීඩාවට පත්ව සිටි පාකිස්තාන කාන්තාව වෙනුවෙන් ඇයගේ රජය විසින් බොහෝ පියවර ගත් අතර කාන්තාවන්ට පුරුෂයන් හා සම අයිතිවාසිකම්, මෙන්ම සම වැටුප් ලබා දීමට කටයුතු කළාය.තවද සම්ප්‍රදායික ඉස්ලාමීය දේශපාලන ආකෘතියෙන් බැහැර වී නුතන ලිබරල්වාදී, ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් පාකිස්තානු දේශපාලනයට ලබා දීමට ඇය උත්සුක විය.මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි ප්‍රබල යුරෝපා රටවල් සමඟ පමණක් නොව තම සදාකාලික සතුරා වූ ඉන්දියාව සමඟද යහපත් සබඳතා ගොඩනගා ගැනීමට ඇය කටයුතු කළාය.නමුත් අසීමිත ලෙස පවුල් බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම, අකාර්යක්ෂමතාවය ආදී චෝදනා මත දැඩි ඉස්ලාමීය මතධාරී ජනාධිපතිවරයා සහ විරුද්ධවාදීන් විසින් ඇයගේ ආණ්ඩුව ඉවත් කරන ලදී.


විපක්ෂ නායිකාව ලෙස නැවතවරක් 1993 දී මහා මැතිවරණය ජයගනිමින් අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ඇය එතැන් සිට 1996 දක්වා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූවාය.එහිදී ඇය බ්‍රිතාන්‍යයේ දී ලද ආභාෂය සහ තැචර්වාදී ආකල්ප නිසා ආර්ථිකය පෞද්ගලිකරණය වැනි ප්‍රතිපත්තිවලට යොමුවීම ඇයව බොහෝ පාකිස්තානු දේශපාලනඥයන්ගේ උදහසට ලක්වීමට හේතු විය.එම කාලය අතරතුර වඩාත් මතභේදයට තුඩුදුන් සිදුවීමක් වූයේ ඇයගේ සහෝදරයාගේ ඝාතනය ඇයගේ අනුදැනුම මත සිදුවූ බවට විරුද්ධවාදීන් විසින් චෝදනා කිරීමයි. එහිදී  ද එකී චෝදනා සියල්ල සහ 1995 දී සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් ඇයගේ ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.


පෞද්ගලික ජීවිතයත් තම දේශපාලනික ජීවිතයත් ඇය ඉතා සමබරව පවත්වාගෙන ගිය බවට හොඳම නිදසුන නම්, අග්‍රාමාත්‍ය ධූරය දරන අතරවාරයේ දරුවෙකු ප්‍රසූත කළ ලොව පළමු අගමැතිවරිය බවට ඇය පත්වීමයි. 1990 දී ඇය බක්තාවර් බූතෝ සර්දාරිට මෙලොව එලිය දෙමින් කාන්තාවකට ඕනෑම වගකීමක් දැරීමේ  සහජ හැකියාව ඔප්පු කිරීමට සමත් වූවාය.


දශකයකට ආසන්න කාලයක් ඩුබායිහි සහ මහා බ්‍රිතාන්‍යයෙහි වාසය කර ඇය නැවත 2007 දී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ 2008 මහ මැතිවරණය ඉලක්ක කරගෙනය. නමුත් අවාසනාවන්ත ලෙස 2007 දෙසැම්බර් 27 වන දින රාවල්පිණ්ඩි සිදුවූ වෙඩි තැබීමකින් ඇය මියයන අතර ඇයට වෙඩි තැබීමෙන් පසුව එම රැලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ද එල්ල විය. ඊට මාස දෙකකට පෙර ද ඇය ගමන් කළ රථය ඉලක්ක කරගෙන කරච්චි අගනුවර දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් දිවිගලවා ගැනීමට ඇය සමත් වුවත් මෙවර මාරයා ඇයව පහසුවෙන් ගොදුරු කරගැනීමට සමත් විය.


ඉස්ලාමීය රාජ්‍යයක ආකර්ෂණිය නායිකාවක ලෙසත්, මිලිටරිකරණයෙහි අඳුරු සෙවනැලි අතරින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට දැරූ ප්‍රයත්න නිසාත්, ගෝත්‍රිකත්වය වෙනුවට නූතනත්වය වැළඳගැනීමට ස්වකීය ජනතාව පෙළඹවීම නිසාත් බෙනාසීර් බූතෝගේ ජීවිතය තවමත් ඝාතනය කිරීමට ඇයගේ විරුද්ධවාදීන්ට නොහැකි වී තිබේ. ඇය පෙන්වූ මාර්ගය මලාලා වැනි සුවහසක් දැරියන්ට ආලෝකයක් වී ඇති අතර ඒ මාර්ගය අදටත් බෙනාසීර්ලා බොහොමයක් බිහි කරමින් සිටි.


"ඔබ‍ට මිනිසෙකු සිරගත කළ හැකිය. ඔහුව පිටුවහල් කළ හැකිය. අවශ්‍යය නම් ඔහුව මරාදැමිය හැකිය. නමුත් ඔබට ඔහුගේ අදහස් සිරගත කිරීමට‍ හෝ , පිටුවහල් කිරීමට හෝ මරාදැමීමට නොහැකිය."



සහන් තෙන්නකෝන් 

#sahantwrites 

08.11.2022


#BenazirBhutto #BenazirPakistan #BilawalBhuttoZardari #ImranKhan

Saturday, November 5, 2022

මහින්දගේ වශී බෝලයේ බල බිඳිලාද?




අළු මතින් නැගිටින්න කරමතින් ආපු මහින්ද වැඩේ අතෑරලා කියලා ආරංචියි.ඇත්තටම නාමල් වටේට ඉන්න දේශපාලන බබාලට ඒක නොතේරුණාට මහින්දට ඒක හොඳ තේරෙනවා ඇති.ඕකෙන් වෙන්නේ මහින්ද තව තවත් අබලන් වෙන එක විතරයි කියලා මහින්දට හිතෙනවා ඇති. ඉස්සර මහින්දට තිබුණ ජනතා ආකර්ෂණය දැන් නෑ.ඒ ජනතා ආකර්ෂණය හදන්න මහින්ද අතේ තියන වශී බෝලෙත් දැන් බල බිඳිලා වගෙයි.ඒක අතින් පිරි මැදමැද ඉන්න කියලාලුනේ තිබුනේ.දැන් ඉතින් මහින්දට වයස නිසා හරියට පිරිමැදෙන්නේ නැද්ද දන්නේ නෑ.නැත්තං කවුරු හරි වශී බෝලයේ බල බිඳෙන්න හූනියම් කරලද දන්නෙත් නෑ. 


රාජපක්ෂලා මේ සම්ම කපේදී නං ආය මේ රටේ දී නැගිට්ටවන්න බෑ. උත්සාහ කරලා වැඩකුත් නෑ.ඊට වඩා ලේසියෙන් සීවාසිලන්තයේදී හරි උගන්ඩාවේදී හරි නැගිට්ටවගන්න ලේසි වෙයි.පහුගිය දවස්වල රාජපක්ෂලාගේ ගෝලයෝ කියපු ජනප්‍රිය කතාවත් තමයි මේ අයවැයෙන් පස්සේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදනවා කියලා.ඒක සාර්ථක කරගන්නයි, නාමල් පොහොට්ටුවේ නායකයා විදිහට තහවුරු කරගන්නයි තමයි මහින්ද කරමතින් ගෙනිහින් අළු මතින් නැගිටින Program එක හැදුවේ.ඔන්න වැඩේ ලත් තැනම ලොප්.ඔයාලට මතක ඇති රටේ රාළ කිව්වා මහින්ද වැරදි වෙලාවේ පාට බැස්සේ කියලා.ඒක හරියටම හරි. ඒකෙන් රාජපක්ෂලාට ආයෙත් සමාජයේ විරෝධය වගේම පොහොට්ටුව ඇතුළේ කැකෑරෙමින් තිබුණ විරෝධයතුත් උඩට ආවා. දැන් රාජපක්ෂලාගේ උද්දච්ච කතා නිකං හීන් කෙදිරිලි බවට පත්වෙලා. නාමල් නං තවම මෝඩ කතා කියනවා.ඒ ඉතින් නොමේරූකමට වෙන්න ඕනි.දැන් ඔන්න පොහොට්ටුවෙන් තවත් යෝජනාවක් ඇවිත්. යෝජනාවකටත් වඩා ඒක Plant කරපු News එකක්.මහින්ද දේශපාලනයෙන් සමු ගන්නවාලු. 


ඒක නිසා මහින්දට ගෞරවාන්විත සමුගැනීමකට ඉඩදෙන්න ඕනිලු. ඒකට ටික දවසකට මහින්දට අගමැතිකම දෙන්න ඕනිලු. එතකොට මහින්දට හිත හොඳින් සමුගන්න පුළුවන්ලු.දැන් ඒ ගැන සාකච්ඡාවක් පොහොට්ටුව ඇතුලේ යනවාලු.පොහොට්ටුව ඇතුලේ කිව්වට රාජපක්ෂලාට තවදුරටත් දේශපාලන බැලමෙහෙවර කරන දේශපාලන භිගන්නෝ ටික අතර වෙන්න ඕනි.රටේ රාළ නං කියන්නේ මහින්දට හිත සතුටින් සමුගන්න ඕනි නං හවසට හවසට හාමුදුරුනමක් වැඩමවලා පිරිත් ටිකක් කියවන්න කියලයි.එහෙමත් නැත්තං රුවන් වැලි සෑයට හරි, දළදා මාලිගාවට හරි,ජයසිරි මහ බෝධියට හරි මල් ටිකක් පූජ කරවන්න.ඒක තමයි මහින්දට සමුදෙන්න තියන හොඳම විදිහ.හරි දැන් මහින්දව සතුටින් තියන්න කාටද ඕනි?මේ රටේ ජනතාවට මහින්ද සතුටින් තියන්න ඕනිද?තමන්ගේ අනාගතය අඳුරු කරපු මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?තමන්ගේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?මේ රට බංකොලොත් කරපු මහින්ද සතුටින් තියන්න ජනතාවට ඕනිද? 


රටේ මහජන දේපල මංකොල්ල කාපු,හොරකම,තක්කඩිකම ඉහවහා ගිය මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?සුනාමි අරමුණ මංකොල්ල කාපු මහින්දව සතුටින් තියන්න මේ රටේ ජනතාවට ඕනිද?සමහරවිට ජනතාව අතර ඉන්න පිස්සෝ කීපදෙනෙකුට එහෙම උවමනවක් ඇති.හැබැයි මේ රටේ සාතිෂය බහුතර ජනතාවට එහෙම ලෙඩක් නෑ.එහෙම උවමනාවක් ශිරන්තිට ඇති.එහෙම උවමනාවක් නාමල්ට ඇති.යෝෂිතට,රෝහිතට ඇති. බැසිල්ට,ගෝඨාභය,චමල්ට ඇති.ඊට අමතරව රාජපක්ෂලාගේ දේශපාලන වහල්ලුන්ට ඇති. එයාලට එහෙම උවමනාවක් ඇතිවීම හරිම ස්වභාවිකයි වගේම හරිම සාධාරණයි.මොකද රටේ මහජන දේපල කොල්ල කකා මහින්ද ගොඩගැවිවේ පවුලේ අයටනේ.වහල්ලුන්ටත් ඒකෙන් කටුවක් දෙකක් වීසිකලානේ. ඇත්තටම මේ රටේ ජනතාවට නං ඕනි මහින්ද සතුටින් තියන්න නෙවෙයි කොහොම හරි මහින්ද ජීවතුන් අතර තියාගන්නයි ඕනි.ඒ මේ කරපු අපරාධවලට, හොරකම්වලට මහින්ද ඇතුළු සියලු දෙනා ඉක්මනින් නීතිය හමුවට ගෙනත් රටට සහ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරගන්න.එතකන් මහින්ද සතුටින් හිටියත් එකයි නැතත් එකයි. කොහොම හරි ඉන්න තමයි ඕනි. 


මේ රටේ ජනතාවට මහින්ද සතුටින් තියන්නවත්,මහින්දගේ සතුට වෙනුවෙන් මහින්ද අගමැති කරන්නවත් ඕනි නෑ.හැබැයි මෙතනදී රාජපක්ෂලාට එකක් කියන්න ඕනි.ආයෙත් මහින්ද අගමැති උනොත් ඒ මොහොතේම මේ රටේ තවත් ජනතා නැගිටීමක් ඇති වෙනවා.ජූලි 09 වෙනිදාට වඩා එහා ගිය ජනතා නැගිටීමක් ඇති වෙනවා.තවමත් මහින්දව ගෙනත් කොතනක හරි හිටවලා තිබ්බම ජනතා ආකර්ෂණය ගන්න පුළුවන් කියන සිතුවිල්ලත් දැන් පිස්සුවක්. නාමල්ට තාත්තා පෙන්නලා ගොඩයන්න තිබුණ කාලේ දැන් ඉවරයි.ඊට වැඩිය හොඳයි මැදමුලන ඉස්සරහා ලේන්සුවක් බිම එලාගෙන ඉදගෙන හිටියා නම්.මේ සියල්ලෙන්ම අපට තේරුම් ගන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි පොහොට්ටුවේ ගමන අවසානයි කියලයි.රාජපක්ෂලාගේ උද්දච්ච,වැඩවසම් දේශපාලනය ඉවරයි.පහුගිය දවසක පොහොට්ටුවේ 06 වෙනි සංවත්සරය යෙදිලා තිබුණා.ඒකත් ඒක්ක පොහොට්ටුවේ මළගමත් සටහන් උනා.අපිටත් කියන්න තියෙන්නේ නිවන් සැප ලැබේවා කියලා තමයි.මතු උපදින ආත්මයකදීවත් මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා කියලා රටේ රාළත් ප්‍රාර්ථනා කරනවා. 


ඊළගට අවුරුද්දේ දානය එන බවත් මතක තියාගත්තට කමක් නෑ.දැන් පොහොටුවක් නෑ.තියෙන්නේ.ඒ කෑලි හයක්.ඒ හයටත් නායකයෝ හයක් ඉන්නවා.ඊළගට පොහොට්ටුවේ ඉන්න බැසිල්වාදීන් කීපදෙනා ආයෙත් බැසිල්ව ගේන්න ට්‍රයි කරනවා කියලා ආරංචියි.බැසිල් ගේන්නේ ජනතාව අතරට යන්න නෙවෙයිනේ.මහින්දට ජනතාව අතරට යන්න බැරි නම් බැසිල්ට කොහොමවත් යන්න බෑනේ.කට්ටිය බැසිල් ගේන්න හදන්නේ වෙන මොකකටවත් නෙවෙයි.තවත් තිරය පිටිපස්සේ කුමන්ත්‍රණයකට. බැසිල්ට ඒවා නං පුළුවන් කියලා රටේ රාළත් පිලිගන්නවා.ඒත් දැන් රටේ ඡනතාව දන්නවා ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. පහුගිය දවසක ඔයාලත් දකින්න ඇති පෙරළලා දාපු ඩී.ඒ රාජපක්ෂලා පිළිරුව ආයෙත් කෙලින් කලා කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා. කමක් නෑ.තමන්ගේ දෙමව්පියන් අනුස්මරණය කරලා පින්කම් කරන්න,සොහොන් කොත් හදන්න,ප්‍රතිමා හදන්න දරුවන්ට අයිතියක් තියෙනවා.ඒකට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ. හැබැයි ඒවා කරන්න ඕනි තමන්ගේ පෞද්ගලික සල්ලිවලින්.ගෝඨාභය මව්පිය සොහොන් කොත් හැදුවේ කොහොම කියලා රටම දන්නවා. 


ගෝඨාභය ඒකට වියදම් කළේ මහජන මුදල්.ගෝඨාභය ඒක අධිකරණයේදී පිලිගත්තා.මේ පාර වැටිලා තිබුණ එකත් කෙලින් කරන්න වියදම් කළේ ජනතාවගෙන් හොරාකාපු සල්ලිද කියලා අහන්න මේ රටේ ජනතාවට අයිතියක් තියනවා.දැන් නං මොන ප්‍රතිමා කෙලින් කරගෙන ආවත් බෑ.ප්‍රතිමා නෙවෙයි මහින්ද බුදු හාමුදුරුවන්ගෙත් නෑයෙක් කියලනේ ඒ කාලේ කිව්වේ. ගෝඨාභය බුදු වෙන්ඩ පෙරුම්පුරන බෝධිසත්වයෙක් කියලා සමහර උන්නාන්සෙලත් කිව්වනේ.ඒක නිසා රටේ රාළ මහින්දට කියන්නේ දෙයියන්ගේ නාමයෙන් ගෙදර යන්න.ගිහින් යන තැනකට පිනක් දහමක් කරගන්න.තවත් මේ රටට වධ දෙන්න එපා.නිකං හිතන්නකෝ මහින්දට ගෞරවාන්විත සමුදීමක් දෙන්න මහින්ද ආයෙත් අගමැති කලා කියලා.ඒකෙන් මේ රටට වෙන යහපත මොකද්ද?මහින්ද ආයෙත් පරණ සෙල්ලම පටන් ගන්නේ නැද්ද?යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කතාවක් තියෙනවානේ.මේ යකා නැති කරපු රට මැරියානා අගාධය වගේ ලෝකේ ලොකුම අගාධයට ඇදලා දාලා තමයි යන්නේ. 


මහින්ද දන්නවා එයාලා අතින් පොහොට්ටුවේ බලය ගිලිහුණේ කොතැනින්ද කියලා.ඒ තමයි අගමැතිකම පොහොට්ටුවේ කෙනෙකුටම නොදී දිනේෂ්ට දුන්න එක.දිනේෂ් මොකටද අනේ පොහොට්ටුව ශක්තිමත් කරන්නේ. අනික දිනේෂ්ට එහෙම හැකියාවකුත් නෑ.හැකියාවක් තිබුණත් දිනේෂ් ඒක කරන්නෙත් නෑ.එහෙනම් දිනේෂ් තමන්ගේ පක්ෂය මහජන එක්සත් පෙරමුණ ශක්තිමත් කරන්න එපායෑ.මිනිහා මහජන එක්සත් පෙරමුණ ශක්තිමත් කරන්නෙත් නෑ.දිනේෂ් ශක්තිමත් කරන්නේ යදාමිනීව.ඒ කියන්නේ පුතාව.දැන් මහජන එක්සත් පෙරමුණ යදාමිනි මත යැපෙන පක්ෂයක් කරලා ඉවරයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය කඩලා පවුලට පක්ෂයක් හැදුවා වගේ දිනේෂුත් මහජන එක්සත් පෙරමුණ එයාලට සින්න කර ගත්තා.නැත්තං තාත්තා ඡන්දෙන් ඇවිත් පුතා ජාතික ලයිස්තුවෙන් දායිද ලැජ්ජාවක් තියනවා නම්.ඇත්තටම පුදුම ලැජ්ජා නැති දේශපාලුවෝ තමයි මේ රටේ ඉන්නේ.ඒක වෙනම කතාවක්.ඒත් රාජපක්ෂලා දිනේෂ් අගමැති කිරීමෙන් වැඩේ වරද්ද ගත්තා.හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂලාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.රටෙන් ආපු විරෝධය ඉස්සරහා රාජපක්ෂ කෙනෙක් අගමැති කරන්න බෑ. 


පොහොට්ටුවේ වෙන කෙනෙක් අගමැති කලොත් මිනිහා පොහොට්ටුවේ නායකයා වෙන එක නවත්තන්න බෑ.ඩලස් ලෑස්ති වුනේ ඒ වැඩේට.හැබැයි ටක් ගාලා රාජපක්ෂලා ඩලස්ගේ දේශපාලනය පොහොට්ටුව ඇතුළේ අවසන් කළා. ඩලස් නැතිව වෙනකෙකුට දුන්නත් ඔයදේ වෙනවා.බලය අතාරින්න කිසිකෙනෙක් අකමැති බව රාජපක්ෂලාට ඉතින් උදාහරණ කියන්න ඕනිද?ඒකට එයාලා තරම් හොඳ උදාහරණ තියනවද?වෙන කාටහරි ඒ අවස්ථාව දීලා නාමල්ගේ අනාගත විනාශ කරගන්න ඕනි නෑ කියලා රාජපක්ෂලා ඒ වෙලාවේ හිතුවා.ඒකත් එක්ක උනේ පොහොට්ටුවේ ආණ්ඩුවක් ඇතුලේ ජනාධිපති රනිල් වෙද්දී දිනේෂ් අගමැති වීමයි.දෙන්නම පොහොට්ටුවේ නෙවෙයි.දිනේෂ් කෙසේ වෙතත් දැන් රනිල් බලය අතහරින්න කැමති නෑ.ඒ වගේම රනිල් රාජපක්ෂලා අතට බලය Hand Over කරන්න කැමතිත් නෑ. රනිල් රාජපක්ෂලා බලාහිටිද්දී පොහොට්ටුවේ බලය ඇල්ලුවා. පොහොට්ටුවේ සහ රාජපක්ෂලාගේ දේශපාලන අවසන් කරන්න ගහන්න ඕනි කොතෙන්ටද කියලා රනිල්ට හරියටම තක්සේරුව කළා. ඒකට ගහන්න ඕනි මහින්දට නෙවෙයි.මහින්දට ගහන එක පාඩුයි. 


ගෝඨාභයට ජනතාව ගහලා එලවලා නිසා ඒ ප්‍රශ්නයත් ඉවරයි. ඇත්තටම රාජපක්ෂලාගේ දේශපාලන වට්ටන්න ගහන්න ඕනි බැසිල්ට.බැසිල් තමයි තක්කඩි රාජපක්ෂවාදයේ මහ මොළකාරයා. බැසිල්ට සාපේක්ෂව නාමල් සූපින් කෑල්ලක් විතරයි.රනිල් හරියටම තෝරලා මහ මොළකරුටම ගැහුවා. වැටෙන්නම ගැහුවා.ඒකත් එක්ක සියලු රාජපක්ෂලා දැන් වැටිලා ඉවරයි.ඔක්කොම අවලංගු කාසිවගේ.පොඩි හරි වටිනාකමක් තිබුන මහින්දත් දැන් කල් ඉකුත් වෙලා.දැන් මහින්දගේ තියෙන්නේ ඇන්ටික් Value එකක් විතරයි. මහින්දගේ බලය දැන් ඉවරයි.ඒ කියන්නේ මහින්දට තිබුණ ජනතා ආකර්ෂණය දැන් නෑ.මහින්දට ජනතා ආකර්ෂණය හැදුවා කියන වශී බෝලයෙත් දැන්  බල බිඳිලා. මහින්ද සහ වශී බෝලය ජනතා සාපය නැමති කිල්ලට අහුවෙලා. 


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා. 


මීට

රටේ රාළට.

Tuesday, November 1, 2022

සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් - නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට

 



 

මෙරට සංචාරක  ක්ෂේත්‍රයේ නව බලාපොරොත්තු ඇති කරමින් නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට ගමන්කිරීම ආරම්භ කර ඇත. මේහරහා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවනු ඇත. එලෙස පැමිණෙන නව  ගුවන් සේවා වන්නේ ,

ස්විස්ටර්ලන්තයේ - ඒඩල්වයිස් (EdelWeiss)

ප්‍රංශයේ  - එයාර් ෆ්‍රාන්ස් (Airfrance)

නෙදර්ලන්තයේ - LKM

රුසියාවේ - අසූර් එයා (azurair)

 

 

Saturday, October 29, 2022

මෛත්‍රීගේ තවත් ගේමක්

 මෛත්‍රිපාලගේ නිල නිවසේ තිබූ ජනාධිපති මාධ්‍ය ඒකකයට අරන් ගිය කෝටි තුනහමාරක ලැප්ටොප්-අයිපෑඩ්-මැක් බුක්-ජංගම දුරකතන අතුරුදන්! කිසිම විමර්ශනයක් කරලා නෑ!


ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.


ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ට්‍රි අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැත.


මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේය. එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර එයට භාරගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැත.


මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.


එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩ වලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිඝනක 78ක්ද 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිඝනක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.


මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙක් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.


මීට අමතරව කතරතම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.


මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර ඇති බවද විගණනයට වාර්තා නොවුන බවද එම වාර්තාවේ සඳහන් වේ.