Tuesday, May 3, 2022

රාජපක්ෂලා එළවලා එතනින් පස්සෙ?

 මට ඊයෙ ගෝටාගමදි තරුණයො දෙන්නෙක් එක්ක කතා කරන්න හම්බුනා. ඔවුන් සතියකට දවස් තුන හතරක්ම අරගලයට එනවලු. ජොබ් කළත් ඕෆ් වෙලා ගෙදර යන ගමන් හරි එන්නෙ මේ අරගලයට පුලුවන් උපරිම සහයෝගය දෙන්න ඕනෙ කියන විශ්වාසය නිසාලු. 


මම ඇහුවා මේ අරගලයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා. ඒ දෙන්නා කියනවා අගමැති, ජනාධිපති ඇතුලු රාජපක්ෂ පවුලම ගෙදර යන්න ඕනෙලු. මම ඇහුවා හරි ඔයාලාගෙ ඉල්ලීම හරි, ඊළඟට කාවද ගේන්න ඕනෙ කියලා. එයලාගෙ අදහස උනේ මේ 225 න් පිට අලුත්ම කෙනෙක් ගේන්න ඕනෙ කියලා. මුන් ඔක්කොම හොරුලු. ඒ වෙලාවෙ මට හිනා ගියා. මම ඇහුවා මල්ලී එක පාරක් අලුත්ම එකෙක් ගෙනල්ලා නේද අපි මේ කරුමෙ ගෙවන්නෙ කියලා? මේ තියෙන ආර්ථික අර්බුදය විසඳන්නතරම් ඔය එන කෙනා පරිනත, අත්දැකීම් බහුල කෙනෙක් වෙයිද කියලා මම ඇහුවා. ඔන්න කොල්ලො දෙන්නා පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා. 

මම ඇහුවා මැලේසියාව පහුගිය කාලෙ ඇතිවුන අර්බුදයෙන් ගොඩ ගන්න තරුණ නායකයෙක් ආවා නම් ම්ප්කක් වෙයිද කියලා. ට්‍රම්ප් විනාස කරපු,  කොරෝනා වලින් ලක්ෂ ගාණක් මිය ගිය ඇමරිකාව ගොඩ දාන්න ඒ වෙලාවෙ අලුත් තරුණ නායකයෙකුට කැපෑසිටි තියේද කියලා මම ඇහුවා. කොල්ලො දෙන්නට අන්දොස්. මං දිහා කට ඇරගෙන කල්පනා  කරනවා. එක පාරටම එතන හිටපු එක කොල්ලෙක් අහපි ඔයා කියන්නෙ මේ හොරුන්ටම මේක භාර දෙන්න කියලද කියලා? 


මම ඇහුවා ගිය ඡන්දෙන් අලුතෙන්ම පාර්ලිමේන්තු ගෙනාපු උන් බර ගානක් ඉන්නවා නේද? උන් අනිත් උන්ට වෙනස්ද? උන් මොනවද කළේ කියලා මම ඇහුවා. 

ඒක ඇත්ත අයියේ එතකොට අපි මොකද කරන්නේ? ඔයා කියන්නේ මුන් දෙන්නට ඉන්න ද්ව්න්න කියලද ? නැහැ මල්ලී මම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මම කියන්නෙ අපි පුරවැසි බලයක් හදලා මුන්ට බල කරමු මරාජපක්ෂලා නැති අන්තර් කාලීන ආණ්ඩුවක් හදන්න කියලා. ඒකට ඉන්න ඕනෙ උපරිම ඇමතිවරු 15යි.  ඒ 15 ට හැම පක්ෂ්වකම ඉන්න දක්ෂ, හොරු නොවන පිරිසක් තෝරාගමු. මදි හරිය ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගමු. අපිට පේනවනෙ මෙතන ඉන්න එකෙකුටවත් ජනාධිපති කරගන්න මුන් එකතු වෙන්නෙ නැහැනෙ. ඒක නිසා පිටින් කෙනෙක් ගේමු. 

අයියා කවුද හිතන්නේ? 

මගේ අදහස නම් කරු ජයසූරිය ගේමු කියලා. මනුස්සයගෙ අතෙව් ලේ , කුණු ගෑවිලා කියලා චෝදනා නැහැනෙ. අපි නිකමට හිතම අපි ජාතික ලැයිස්තුවෙන් හිටපු මහබැංකු අධිපති ක්‍රිශාන්ත කුමාරස්වාමි ජාතික ලැයිස්තුවෙන් අරගෙන මුදල් ඇමතිකම දෙනවා, හිටපු විගනකාධිපතිව, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වගේ කීප දෙන්ව්කුත් ගේනවා. එහෙම ගෙනත් එයාලා ලවා අවුරුද්දක ප්ලෑන් එකකට රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ගේනවා. ඊට පස්සෙ අපිට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් රජයක් පිහිටුවන්න. 


එහෙම නැතුව මේ විදිහටවිසඳුමකට එළබෙන්නෙ නැතුව  උද්ඝෝෂණය කරන එකෙන් වෙන්නෙ රාජපක්ෂලා තව තවත් එල්ලිලා ඉන්න එක විතරයි. 


මම කියපු දේට උන් දෙන්න මොකවත්බ්කිව්වෙ නෑ. පාඩුවේ කල්පනාවට වැටුනා. මමත්  ගෝටාගමේ පුස්තකාලෙ පැත්තට ගියෙ පොතක් වත් කියවන්න කියලා හිතාගෙන.