Saturday, May 7, 2022

 අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.


ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඊයේ (07) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.


සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී සාකච්ඡා වී තිබෙනවා.


පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වනවා.


විශ්වාසභංගයට සහාය


මේ අතර සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.


ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන්



 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ක්‍රියාත්මක වනවා.


Ranil Go Home ලෙස සටහන් කරන ලද විරෝධතා පුවරු අතැතිව මෙම විරෝධතාකරුවන් වික්‍රමසිංහ මහතාට විරෝධය පලකරනවා.


පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු සභාගර්ඝය තුළ මන්ත්‍රීවරුන් ළඟට ගොස් රංජිත් සියඹලාපිටිය මහතාට සහය පලකරන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවයි.


ඔහු චෝදනා කර සිටියේ වික්‍රමසිංහ මහතාට බලයේ සිටි කාලයේ පටන්ම රාජපක්ෂවරුන් සමඟ ඩීල් එකක් පවතින බවයි.