Thursday, December 1, 2022

විපක්ෂයේ හැසරීම ගැන කතානායක කණගාටුවෙයි

 





 

විපක්ෂයේ  මන්ත්‍රීවරුන් ඇතැම් වෙලාවට පාර්ලිමේන්තුවේ කාලය නාස්තිකරමින් නිශ්පල කතා කියමින්  අශෝබන ආකාරයට හැසිරීම පිළිබඳ කණගාටුවන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරලිමේන්තුවේ උදෑසන මන්ත්‍රීවරුන්ගේ විවිධ ප්‍රකාශ හේතුවෙන් අයවැය විවාදය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය අහිමිවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය. එමෙන්ම මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය ලබාදෙමින් කාලය කළමණාකරය කිරීමට කථානායකවරයා‍ලේ අවධානය යොමුකරන්න ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි

කතානායක  - මේ සිද්දිය දෙපැත්තෙන්ම සිදුවෙනවා

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා - කාලය කළමනාකරණය කරගන්න ඔනේ අපි නෙවෙයි මුලාසනය.

කතානායක - නමුත් මන්ත්‍රීතුමා බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක වළක්වගන්න ඔබතුමාලා කටයුතු කරන්නේ නැහැ. ඒගැන කණගාටුවට කාරණයක්. ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නෙවෙයි ඔබතුමාගේ වගකීම.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතැම්වෙලාවට හැසිරෙන ආකාරය ඉතාම අශෝබනයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතාකරන එක වැරද්දක් නෙවෙයි. නමුත් මේ හැසිරෙන විදිහ අශෝබනයි

 

ලකෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා -අපි ඔබතුමා එක්ක තරහක් නැහැ. මේක අපේ වැරද්දක් නෙවයි.

කතානායක - පාර්ලිමේන්තුව තියෙන්නේ කතාකරන්න. ඒකේ වැරදක් නැහැ. නමුත් පල්හෑලි කතාකරන්න ගියාම තමා මේ සිද්ධිය වෙන්නේ. ඔබතුමාගේ  කණ්ඩායමෙන් තමා ඒක සිදධ වෙන්නේ

 

පාර්ලිමේන්තුවෙන් වාර්තාවක්


 

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා  ඊයේ(01)  පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

  අනුවල දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්  පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට  එදින පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද මහතා වැඩි දුරටත් පැවසීය.

 ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී , එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්  පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත.

 තවද  2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම  නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද   මහතා  සඳහන් ළේය.

මේ සඳහා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබා දිම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිරණය ළ බවද වේත්‍රධරී වරයා සදහන් කළේය







බදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි

 




දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගන්නා පරිගණක මෘදුකාංගයේ තදබදයක් හේතුවෙන් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ් අමාත් ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.

නිසා අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ් අමාත් ෂෙහාන් සේමසිංහ මහතා කීයඑම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බව ත් අමාත්‍යවරයා කීවේය.

 ඊයේ දිනය වෙද්දි සියලු දෙනා තමන්ගේ ආදායම් වාර්තා ලබාදිය යුතුව තියෙනවා. මේ නොවැම්බර් 30 කියන දිනයත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා.

පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්යාපාර බද්ද මේ ආදි බදු ෆයිල් කළ යුතුව තියෙනවා. මේක කඩාකප්පල් කිරීමක් නෙමෙයි. මේ මෘදුකාංගයේ ඇති වෙලා තියෙන තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. එයට විසඳුමක් හැටියට අපි සතියක කාලයක් ලබාදෙනවා.

සතියක කාලය තුළ රිටර්න්ස් භාර දුන්නා එය නොවැම්බර් මස 30 භාරදුන්නා ලෙස සලකන්න අපි අවශ් වැඩකටයුතු මුදල් අමාත්යංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.”යැය පැවසීය.