Sunday, January 8, 2023

ශ්‍රී ලංකාව සඳහා ණය සහන අත්‍යවශ්‍යයි - ලොව පුරා ආර්ථික විශේෂඥයින් 180කගේ කණ්ඩායමක් සඳහන් කරයි

 


ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැගිටවීමේ බලාපොරොත්තුව ඇති කිරීම සඳහා ලංකාවේ ණය කපා හරිමින් ණය සහන ලබාදිය යුතු බව ලෝකයේ ආර්ථික සහ සංවර්ධනය පිළිබඳ  විශේෂඥයෝ 180 ක කණ්ඩායමක් සඳහන් කර තිබේ.

“ද ගාඩියන්” ( the Guardian)   වෙත අදහස් දක්වමින් මෙම කණ්ඩායම සඳහන් කර ඇත්තේ , මේ අවස්ථාවේ දී එම ණය සහන ලබාදීමේ හැකියාව ඇත්තේ ලෝකයේ බලවත් අරමුදල් සහ ආයෝජනකරුවන්  සතුව බවද,  ඩොලර් බිලියන 51 ක ණය සමග පසුගිය වසරේදී පැවති ණය සහන පිළිබඳ සාකච්ඡා වලදී එබව පෙනී යන බවද මෙම විශේෂඥයෝ කණ්ඩායම සඳහන් කර  ඇත.

ගෝලීය ණය අර්බුදය විසදීමට ගෝලීය ප්‍රජාවේ ඉදිරිපත්වීම සොයා බැලීමට ශ්‍රී ලංකාව හොද සිද්ධි අධ්‍යයනයක් බවද කෙසේ වෙතත් ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට  විශාල ප්‍රමාණයේ ණය කපා හැරීමක්  අවශ්‍ය බව ද ඔවුන් තවදුරටත් අවධාරණය කර තිබේ.

ඉන්දියානු ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, ඉහළ අලෙවියක් ඇති කැපිටල් පොතේ කතුවරයා වන තෝමස් පිකෙටි සහ ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරූෆකිස් ඇතුළු පිරිසක් මෙම කණ්ඩායම නියෝජනය කර තිබේ.

පෞද්ගලික අංශයේ ණයහිමියන් සහ ආයෝජන ආයතන සහ ආරක්ෂක අරමුදල් මෙලෙස ක්‍රියාත්මකවීම නතර කරගෙන සිටින බවද මේවනවිට ණය පිළිබඳ සාකච්ඡා ඉතාම දරුණු තත්වයකට පැමිණ ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ලංකාවට ණය ලබාදුන් ද්වී පාර්ශවික, බහු පාර්ශවික සහ පෞද්ගලික අංශයේ සියලුම ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තත්වයට අනිවාර්යෙන්ම  මුහුණ දිය යුතු බවත් ඔවුන් ඉදිරියටද ලංකාවේ ආයෝජනය කරන බවට පොරොන්දු විය යුතු බවද මෙම විශේෂඥ කණ්ඩායම අවධාරණය කරයි.

ලංකාවේ විදෙස් ණය වලින්  40%ක් ම පෞද්ගලික ණය වන අතර එවා ජාත්‍යන්තර ස්වෞරී බැදුම්කර ලෙස   පොලී අනුපාතයක් යටතේ ලබාගෙන ඇත . මේ නිසා එලෙස ණය ලබාදීම් මගින් 50% වැඩි ලාබයක් එම ණය හිමියන්ට ලැබෙන බවද පෙන්වා දී ඇත.

එමෙන්ම  ලංකාවට ණය ලබාදෙන්නන්  ලංකාවෙන් ණය අවධානම් වාරිකයක් ලබාගෙන ඇති බවද එමගින් ඔවුන් විශාල ලාබයක් ලබා ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ලංකවේ ණය පැහැර හැරීමට හේතුව වී ඇත්තේ ද මෙය වන අතර එලෙස ආදායම් ලැබු ණය හිමියෝ එවායේ ප්‍රතිවිපාක විදිමටද දැන් සූදානම් විය යුතු බවද සුදානම්න් විය යුතු බවද මෙම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ලංකා ඉතිහාසයේ ඇතුවු වඩාත් දරුණුම පළමු ආර්ථික අර්බුදය මෙය වන අතර ඒ හේතුවෙන් ණය පැහැරීමට සිදුව ඇති බවද,  පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වමින් තිබුණද මෙතෙක් නිසි ප්‍රගතියක් අත්වී නොමැති බවද ඔවුන්ගේ අවධානයට යොමුව ඇත.

ශ්‍රී ලංකාව යනු කොවිඩ් වසංගතය හා ආර්ථික අවපාතය හේතුවෙන්  ණය ප්‍රතිව්‍යුහ ගතකරන්න යැයි ඉල්ලා සිටින රටවල්  එක් රටක් පමණක් වන අතර  ලෙබනනය යුක්ක්‍රේනය සැම්බියාව වැනි  රටවල් ද විදෙස් ණය ගෙවීම අත්හිටුවා  ඇති බව එම පිරිස සඳහන් කරයි. එහි නවතම රාජ්‍යය බවට පත්ව ඇත්තේ  ගානා රාජ්‍යයි.

මේවනවිට මතුව ඇති ගෝලීය ණය පොලිය ඉහල යාම සමග මෙවැනි අර්බුද මේ වසරේදී ලෝකය පුරාම ඇතිවිය හැකි බවද එමෙන්ම අඩු ආදායම් ලබන රටවලින් තුනෙන් දෙකක් මෙලෙස ණය අර්බුදයට ලක්විය හැකි බවද ඒම විශේෂඥ කණ්ඩායම සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය ස්වෛරී ණය සහන සහ තිරසර භාවය පිළිබඳව වැනි වඩා ඉක්මණින් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පිළිබඳව තේරුම්ගැනීම සඳහා ශ්‍රී ලංකාව දර්ශකයක් ලෙස භාවිතකිරීමටද හැකියාව ඇති අතර එමෙන්ම ජාත්‍යන්තර ණය සාකච්ඡාවලදී ණය හිමියන්ගේ යුක්තිසහගත භාවය පිළිබඳවත් මෙහිදී දැනගැනීමට හැකි බවද ඔවුන් සඳහන් කර තිබේ. එබැවින් මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව ණය අර්බුදයට පත්වෙලා සිටින ඔනෑම සංවිධානයක් හෝ රටක් යථාතත්වයට පත්කිරීම පිළිබඳ විශ්වාසය ඇති කිරීමට  මෙම සංසිද්ධිය ඉතා වැදගත් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.