Monday, November 28, 2022

රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

 


 2023 වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා   පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මෙම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බවත් ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32 කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24 ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 නව ක‍්‍රමය යටතේ පොලිසියට සහ සියලුම මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප‍්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන ලබාදීමට නියමිතව ඇත.

 එමඟින් දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

 

මහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි

 


 


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීති විද්‍යාලයට ගොස් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ මන්ත්‍රීවරුන්ට නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයට යන්න අවස්ථාව දෙන්න .  මහින්ද මහත්තයත් නීති විද්‍යාලයට ගියේ විභාග පාස්කරලා නෙවෙයි. කථානායකතුමාගෙන් ලියුමක් අරගෙන නීතිවිද්‍යාලයට ගියේ. ඒ නිසා මේ මන්ත්‍රීවරුනුත් උපාධි ආයතනයකට ඇතුල්වෙලා මොනවාහිරි ඉගෙන ගන්න නිකම් කෑගගහ ඉන්නේ නැතිව. මමත් එක්ක අපේ පවුලේ නීතිඥයෝ හතර දෙනෙක් ඉන්නවා” යැයි මන්ත්‍රීවරයා කීවේය


සජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

 

  


විවිධ කඩාකප්පල්කාරී කටයුතු සිදුකර රට ගොඩගැනීමේ මෙහෙයුම කඩාදැමීමට කටයුතු නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(28දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියාය.

“ විපක්ෂ නායකතුමා දැන් ආයෙමත් නුවර ඉදන් කොළඹට පෙළපාලියක් එන්න යනවා කියලා මට ආරංචි වුනා. මේදෙවල් වලින් පෙන්නන්නේ ඔබතුමාගෙ නොහැකියාව . ලියුම් ලිය ලිය හිටපු වෙලාවේ  ඔබතුමාට රට භාරඅරගෙන කරන්න තිබුණනෙ. එහෙම භාරගත්තේ නැත්තේ බැරි නිසා. ඒනිසා ඒ අවස්ථාවේ වගකීම් භාරඅරගෙන අභියෝගය භාරගත්තු ජනාධිපතිතුමාට රට කරගෙන යන්න ඉඩදෙන්න ඔන.  සංචාරකයෝ පැමිණෙන මේ වෙලාවේ අයෙත් රට අවුල් කළොත් එහි සම්පුර්ණ වගකීම විපක්ෂ නායකතුමා භාරගන්න ඔනේ. අනිත් එක මම තව එක දෙයක් කියන්නම් මේ විදිහට විපක්ෂ නායකතුමා රට අවුල කරන්න ගියෝත් ආයේ ගුටි කන්නේ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන්” යැයි පැවසුවාය.