Wednesday, December 7, 2022

නීතිවිද්‍යාලයේ විභාග පැවැත්වීම පෙර පරිදිම කරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි

 


 පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීම වසර 03 ට කල් දමන ලෙස අධිකරණ අමාත්‍යවරයා  නීති අධ්‍යයන සභාවට දැනුම්දුන්නද නීති විද්‍යාලයට එයට එකඟ නොවු බැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට යොමුකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(08දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීම පිළිබඳව  ක්‍රමාණුකූලව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය යෝජනා කළද  එය ක්‍රියාමත කිරීමට නීතිවිද්‍යාලය අකමැතිවී ඇත. එබැවින් එයට අදාල ගැසට් නිවේදනය පිළිබඳ තීරණයක් ගැනීමට එය ලබන සතියේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 
“ මේ ප්‍රශ්නය විසඳගන්න ඔවුන් සමග සාකච්චා කලා. නමුත් නීති අධ්‍යයන සභාව එම තීන්දුව වෙන්ස් කරන්න සූදානම් නැහැ කියලා මට දැනුම් දුන්නා. මේ පිළිබඳ අවසාන බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ ගැන තීරණයක් ගන්න මම පාර්ලිමේන්තුවට ඒ ගැසට් නිවේදනය ඉදිරිපත් කරනවා.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

 

විදුලිබල මණ්ඩලය නිසා කංචන චම්පික පැටලෙයි - පාර්ලිමේන්තුව උණූසුම් වෙයි

 



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර අතර අද(08දා) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුමක් සිදුවිය. ඒ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම් හේතුවෙනි.  විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජලවිදුලි බලාගාර පෞද්ගලික අංශයට ලබාදෙන බවත් එමගින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇතිවෙන බවත් මන්ත්‍රීවයා සඳහන් කළේය. කරුණු වැරදි ලෙද ඉදිරිපත් කරමින් චමිපික මන්ත්‍රීවරයා රට සහ පාර්ලිමේන්තුව නොමග යවන බව එහිදී විදුලිබල අමාත්‍යරවයා සඳහන් කර අතර එහිදී දැඩි වචන හුවමාරුවක් සිදුවිය. එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක -විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. මේ යොජනාව අනුව විදුලිබල මණ්ඩලය කොම්පැණි 18 ට කැඩෙනවා. ජලවිදුලි බලාගාර, පුත්තලම බලාගාරය, මන්නාරම සුලං බලාගාරය තාප බලාගාර කොම්පැමිණි වලට දෙන්න යන්නේ.මේ රටේ ජලාශ ඉදිකරලා තියෙන්නේ විදුලිය නිපදවීමට පමණක් නොවේ. කොළඹ ඇතුළු නගර වලට ජලය ලබාදෙන්නේ මේ ජලාශ වලින්. ඒක නිසා මේවා කොම්පැණිවලට දුන්නොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා.ජල විදුලිය තියෙන්නේ රටේ විදුලිබල පද්ධතිය පාලන සදහා .එය පුද්ගලික අංශයට ලබාදෙන්න බැහැ.ඒවගේම ලංකා විදුලිබල මණ්ඩලය ගණන් හදලා තියෙන්නේ දිනකට ගිගාවාට් 47 ක් වැයවෙනවා කියලා. දෙසම්බර් 05 දා වැයවෙලා තියෙන්නේ ගිගාවොට් 35.5 . මේ නිසා මේ පිළිබඳ විදිමත් ආකාරයේ පරීක්ෂණයක් කළ යුතුයි.

 

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකරවිදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකිරීම ගැන වාර්තාව සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදුන්නා. චම්පික රණවක මන්ත්‍රීතුමා වාර්තාවේ කොටසක් කියවා ඉතිරි කොටස කියවන්නේ නැතිව ප්‍රකශයක් කිරීම ගැන මම කණගාටුවෙනවා. සුළං බලයෙන් සහ ජල විදුලියෙන් ක්‍රියාත්මක වන බලාගාර සියල්ලම රජය සතුව තියාගන්න ඔනේ කියලා මේ වාර්තාවෙන් කියලා තියෙනවා. චම්පික මන්ත්‍රීතුමා කියන තර්කය හැටියට මේක පෞද්ගලික අංශයට යන්නේ නැහැ. කමිටුවක සභාපති හැටියට පාර්ලිමේන්තුවම සහ ජනතාව නොමග යැවීම ගැන මම කණගාටුවට පත්වෙනවා. ඒවගේම මෙහිදී  මහජන උපයෝගීතා කොමිසම අහෝසි වෙලා බලශක්තිය නියාමනය කරන්න පුළුවන් ආයතන කිහිපයක් පත්කරන් යෝජනා කර තිබෙනවා. ලෝකයේ අනිත් රටවල සිදුවන තත්වයක් එයයි. ඒ නිසාම තමයි සමහරු කළබල වෙලා තියෙන්නේ.

ඒවගේම ලාංකවේ භාවිතාවන සාමාන්‍ය විදුලි ප්‍රමාණය ගිගාවොට් 35 වගේ ප්‍රාමාණයක් කියලා චම්පික ඇමතිතුමා පෙන්වන්න හදනවා. වර්ෂාව වැඩි කාලයට භාවිතා කරන විදුලිය ප්‍රමාණය අඩුයි . ඒක එතුමා දන්නවා නමුත් ජනතාව කියන්නේ නැහැ . ලබන අවුරුද්ද වන විට අඛණ්ඩව විදුලිය දේන්න සැලසුම්කරගෙන යනවා ඒ වගේම ලබන අවුරුද්දේ විදුලි ඉල්ලුම සියයට එකකින් තවත් වැඩිවෙයි කියලා උපකල්පනය කරලා තමයි මේ සියල්ල කරලා තියෙන්නේ.  විදුලි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් අරගෙන නැහැ . විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්වයකට පත්වෙලා කියලා මෙතුමා තව බොරුවක් කිව්වා.විදුලි බල මණ්ඩලය මේවසරේදීත් ඔක්තෝම්බර් වනවිට බිලියන 112 ක් පාඩුයි. දෙසැම්බර් වන විට 152 ක පාඩුවක් වෙයි කියලා සැලසුම් කරලි තිබෙනවා. වහලය මත සවිකරලා තියෙන සුර්ය පැනල වලින් ගන්නා විදුලියට මාස 08 කන් ගෙවීම් කරලා නැහැ.  ඒවගේම මේවෙද්දි ක්ෂේත්‍ර කිහිපයකට විදුලි සහනාධාර දෙනවා. මේ වෙද්දි  ජල විදුලිය සහ ගල්අගුරු හැරෙන්න තාප බලාගාර භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි සුළු ලාබ තත්වයක් ඇතිවෙලා තියෙන්යෙන්. විදුලි කප්පාදුවක් නොකර අඛණ්ඩව විදුලිය දෙන්නන්ම් තාප බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා.විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නනම් රටේ අඛණ්ඩව විදුලිය දෙන්නනම් මේ දේවල් ක්‍රියාත්මක කරන්න කරන්න වෙනවා. දේශපාලනවාසි ගන්න මෙහෙම කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

 


ලබන වසරේ සිට හිඟයකින් තොරව ඖෂධ



මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. ඒ සදහා කෙටි කාලීනදිගු කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇතැයිද එමෙන්ම විවිධ අංශ ඔස්සේ ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කීය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ ඖෂධ ගැටලු රැසක් මග හරවා ගැනීමටද හැකි වෙතැයි ඒ මහතා පෙන්වා දෙයි.   සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා -

මෙරටට   ජීවිතාරක්ෂක ඖෂධ 14 ම රට තුළ පවතී. ඒමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 683 අතරින් 151 ක හිගයක් වෛද්‍ය සැපයුම් අංශයේ පැවතියද රෝහල් පද්ධතිය තුළ එම හිගය ඖෂධ 22 දක්වා අඩුව තිබේ. මෙම ජීවිතාරක්ෂක ඖෂධ 14 අතරින් 02 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර විශේෂයෙන් මේ වන විට දේශීයව නිෂ්පාදනය කරන අනෙකුත් ඖෂධ වැඩි වශයෙන් රෝහල් හා සායන කටයුතු වලදී බෝ නොවන රෝග , හෘද රෝගදියවැඩියාවඅධිරුධිර පීඩනය හා ගර්භණී මව්වරුන්ගේ විටමින් සදහා භාවිතා කරයි.

ජීවිතාරක්ෂක ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට උපරිමයෙන් රැස් කර තබා ගැනීම අපේ අරමුණයි. අතීතයේ සිට කිසිදා 100 % ක් රටතුළ ඖෂධ තිබී නැහැ. ඖෂධ වර්ග 15  25 ක අතර ප්‍රමාණයක් සෑම විටිම අඩුව තිබෙනවා. විශේෂයෙන් අපට මේ ප්‍රශ්නය ඇති වුයේ විදේශ විනිමය හිඟකම නිසායි. ඒ සදහා තමයි රජය මේ වෙනුවෙන් ක්‍රෙඩිට් ලයින් ක්‍රමය හදුන්වා දුන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ආසියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 66.6 ක්ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 22 ක් මෙන්ම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් 100 ක් වශයෙන් ඖෂධ සදහා ණය ආධාර ලැබී තිබෙනවා. එහෙත් ලෝක බැංකුව හැරුණු විට අනෙක් ආයතනයන්හි යම් යම් කොන්දේසි තුළ ඖෂධ ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. එහෙත් මේ වන විට අවශ්‍ය ඖෂධ  ඇණවුම් කර පැවතීම තුළ සාමාන්‍ය තත්වයට පවත්වාගෙන යා හැක.

 

රටට අවශ්‍ය ඖෂධ වලින් 80 % ක් ආනයනය කෙරේ. රට තුළ නිෂ්පාදනය කරනුයේ 20 % ක්  පමණ ප්‍රමාණයකි. ආනයනික ඖෂධ සදහා ඇණවුම් ලබා දීමේදී ඒවා මෙරටට ගෙන්වා ගැනීම සදහා යම් කාලයක් ගතවන අතර ඇතැම් ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා විශාල කාල පරාසයක් ගත වේ.

සාමාන්‍යයෙන් ඖෂධ ඇණවුම් කිරීමේදී අවම වශයෙන් මාස 02 ක පමණ කාලයක් ගත වුවත් එන්නත් වැනි ඖෂධ සදහා මාස 06 ක පමණ කාලයක් ගතවේ. ඇතැම් ඖෂධ සඳහා සැපයුම්කරුවන් සොයා ගැනීම අපහසු වු විට ඒ සදහා යම් ප්‍රමාදයක් සිදුවේ.

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයට ඖෂධ ගෙන්වීම සදහා වාර්ෂිකව ඩොලර් මිලියන 750 ක පමණ මුදලක්  වැය වන අතර ඉදිරියේ දී දේශීය ඖෂධ නිෂ්පාදනය 60 % ක් පමණ දක්වා ඉහළ නැංවීම තුළ ඒ වෙනුවෙන් අපට විසදුම් ලබා ගත හැක.


මෙරට ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක්



රට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර තිබේ.

සදහා වන වැඩසහටනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

මේ වන විට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කරන නමුත් දේශීය වශයෙන් ගෘහ සේවයේ යෙදෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය.