මැතිවරණයක් පැවැත්විය යුතු බව විපක්ෂය නියෝජනය
කරන බොහෝ පිරිස් ප්‍රකාශ කළද රටතුළ තිබෙන ආර්ථික තත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට
දුෂ්කර කාර්යක් වී තිබේ. ශ්‍රී ලංකා නීතීඥ
සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා දිනමිණ පුවත්පතට
සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසන්නේ මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ රට අරාජික
කිරීමට උත්සහ කරන කණ්ඩායම් බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටි මුල්‍ය
අරමුදලේ ණය ලබාගැනීම් ජනවාරි මාසය දක්වා කල්යාමේ තත්වයක් ඇතිව තිබෙන බව මුදල් රාජ්‍ය
අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ
යූ ආර් ද සිල්වා මහතා පවසන්නේ මෙවැන්නක්ය,
පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ පාලන තන්ත්රය වෙනස් වෙනවා නම් රටට යහපතක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. නමුත් මෙතැනදී සිදු වන්නේ හුදෙක් තව කණ්ඩායමක් පළාත් පාලන ආයතනවලට පත් වී ඔවුනට හිතුමතේ වියදම් කිරීමට ඉඩකඩ සලසා ගන්නවා පමණයි. මෙයින් රටට යහපතක් සිදු වනවාට වඩා සිදු වන්නේ අයහපතක්.
අදාළ කාලසීමාවේ රටේ මැතිවරණ පැවැත්විය යුතුයි නේද?
කුමන තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත් වුවත් එයට වියදම් කළ යුතුයි. එම වියදම් අවම කිරීමට කිසිදු හැකියාවක් නැහැ. එහි අවසන් ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණය වගේ වෙනසක් රටේ ඇති වෙනවා නම් එසේ මුදල් වියදම් කර පැවැත්වීම සම්බන්ධව සලකා බලන්න තිබුණා. මේ වෙලාවෙ ඡන්දයක් ඉල්ලන්නේ රට අරාජික කරන්න උත්සාහ කරන අය.
මහ මැතිවරණයට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි නේද?
එහෙම නීතියක් තිබෙනවා තමයි. නමුත් හැම නීතියක් සඳහාම ව්‍යතිරේකයක් තිබෙනවා. එහිදී රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ එය කල් දමා ගත හැකියි. දැන් තිබෙන්නේ අපේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි කාලයක් නොවේ. රටේ ජනතාවට කන්න බොන්න දිය යුතුයි. ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ගැටලු පළමුව විසඳිය යුතුයි.
මේ පිළිබඳව අදහස් දැක්වු සේමසිංහ අමාත්‍යවරයා,
ණය සාකච්ඡා මට්ටමේ පවතිනවා. අවසාන එකඟතාවය ලබාගත්
පසුව පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම අපේ ණය
හිමියන්ගෙන් රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහල ලැබෙනවා කියන විශ්වාසය ණය අරමුදලට
අවශ්‍යයි. එය ලබන වසරේ මුල් කාර්තුව තුළ සිදුවේවි. යැයි පැවසීය.
කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාව පවසන්නේ
මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති බවයි. එමෙන්ම දේශපාලන
පක්ෂ මේ සම්බන්ධයෙන් ඊයේ මෙසේ අදහස් දක්වා
තිබුණා.