නූතන ඉතිහාසයෙහි කාන්තා විමුක්තිය පිළිබ`
ද තේමාවෙහි එක් ආශිර්වාදාත්මක පරිච්ෙඡ්දයක් නම්, සිය රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් නිදහස හා සමාජ සාධාරණත්වය උදෙසා කරන යුක්ති සහගත අරගලයේ දී කාන්තාව විසින් දක්වනු ලබන අභිමානනීය නායකත්වයයි.
ලොව ප‍්‍රථම අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඇරඹී එම ගමන් මග, ඉන්දිරා ගාන්ධි වැනි තවත් කාන්තා නායිකාවන් කිහිපදෙනෙකු විසින් සෝබාමත් කරන ලදී.
විසිවන සියවසෙහි අවසාන දශක දෙක පමණ වනවිට තුන්වන ලෝකයේ රටවල් කිහිපයක ජාතික නායකත්වයට පත් වූ හෝ මානුෂික යුක්තිය උදෙසා වන ජනතා අධිෂ්ඨානය සංකේතවත් කළා වූ කාන්තාවෝ කිහිප දෙනෙක්ම විවිධ දේශීය යථාර්ථයන්ට අනුගත වෙමින්, අයුක්තියට එරෙහිව නැ`ගී සිටීමේ යුක්ති සහගත ව්‍යායාමයට උරදුන්හ.
සමකාලීන ජගත් ස්ත‍්‍රී වංශයේ ඒ ප‍්‍රතාපවත් නාමාවලියට ශ‍්‍රී ලංකාවෙන් එක් වූ චරිතය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි. දකුණු ආසියාවේ ප‍්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පවුලකට උරුමකම් කියන ඇය, දේශපාලනයට පිවිසීම කිසි ලෙසකිනිදු අහම්බයක් නොවේ.
අැගේ ජීවන මග හුදු රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. විප‍්‍රයෝගය මෙන් ම මරණයේ බියකරු බව ඇගේ ජීවිතය පුරා ඈ පසුපස හඹා ආවේ ය. දාහතරවන වියේ දී සිය නිවස තුළ දී ම සිදුකළ පියාගේ ඝාතනයෙන් ද, ඊට දාසය වසකට පසු විවාහ වන්නට සිටි සහකරුවාගේ අකල් මරණයෙන් ද, සිය හතළිස් තුන්වන වියේදී තම දෑස් ඉදිරිපිට සැමියා කුරිරු ලෙස මරා දැමීමෙන් පසුව ද, ඒ මරණ බිය ඇගෙන් පහව ගියේ නැත. එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණෙන් ද, පේ‍්‍රමදාස පාලනයෙන් ද, අවසානයේ කොටි ත‍්‍රස්තවාදයෙන් ද ඇයට මරණ වරෙන්තු ලැබී තිබුණි. පනස් හතර වැනි වියේදී කූරිරු බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව ඇසක් අහිමි වී, ආශ්චර්යකින් මෙන් ඇගේ දිවි ගලවා ගත්ත ද, චන්ද්‍රිකා තමන්ට බාධකයක් ලෙස හඳුනාගත් කොටස්වලට අදට ද අැය බාධකයකි.
ගිරි දුර්ග, වට වංගු, කටු කොහොල්, ක`දු පල්ලම් පමණක් නොව මරු වැල් ද නො අඩුව පැවති මෙරට දේශපාලන මාවත පුරා සැරිසැරීමේ දී සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන අන්දමේ විශේෂ වාසි දෙකක් ඇයට හිමි විය. ඒ, සිය දේශපාලන සටනේ දී ‘‘බණ්ඩාරනායක’’ මෙන්ම ‘‘කුමාරතුංග’’ යන දෙපයින් ම නැ`ගී සිටීමේ ද්විත්ව වාසිය යි. දකුණු ආසියාතික දේශපාලන ප‍්‍රපංචයක් ලෙස සැලකෙන පවුල් සාධකයේ වාසිය එසේ තිබුණත්, තමන්ගේ ස්වාධීන අනන්‍යතාවකින් නැ`ගී සිටීමේ ජීව ගුණය ඇය කෙරෙහි මුල සිට ම විද්‍යමාන විය. එහෙත් ඇය කිසි විටෙක සිය සීමාවන් අතික‍්‍රමණය නොකළා ය.
ඇසට-ඇසක් දතට-දතක් යන්න ඇගේ ප‍්‍රතිපත්තිය නොවීය. වෛර්යය - අවෛර්යෙන් ද, මරණය - අභය දානයෙන් ද, ඒකාධිපතිත්වය - ප‍්‍රජාතන්ත‍්‍රවායෙන් ද, අවනීතිය - නීතියෙන් ද, අයුක්තිය-යුක්තියෙන් ද ජය ගැන්ම ඇගේ මාවත විය.
1951 දී සිය පියා විසින් ආරම්භ කරන ලද, දශක ගණනක් පුරා මව විසින් ආදරයෙන් සුරක්ෂා කරන ලද, මෙරට දේශපාලනයේ ප‍්‍රගතිශීලී බල ක`දවුර ලෙසින් විරුදාවලිය ලත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්ති, වඩා හො`දින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට ඇය කැප වූවා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හිමි වන ගෞරවනීය ස්ථානයට නොඅඩු ස්ථානයක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමි වන්නේ ඒ නිසා ය.
සිය සැමියාගේ හදිසි අභාවයෙන් පසු, බණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී විනාශ වීමට ඉඩ නොතබා, සුරැකීමේ භාරදූර වගකීම සිය කර මතට ගත්තා ය. ඇයගේ කණිටු දියණිය ලෙස බණ්ඩාරනායක දේශපාලන උරුමය හිනි පෙත්තට ම රැගෙන එන්නට සමත් වන්නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලනික ජීවිතය පිළිබ`ද විමසීමේ දී හ`දුනාගත හැකි ප‍්‍රධාන සහ ප‍්‍රබල ලක්ෂණය වන්නේ හුදු බාල ජනප‍්‍රියත්වයෙන් තොර ප‍්‍රතිපත්තිමය දේශපාලනයකට තිබූ කැපවීම යි. එය ජනප‍්‍රියවාදී නොවීය. ඈ කිසිදු විටෙක සිය ප‍්‍රතිපත්ති පාවා දී ජනප‍්‍රිය මාවත වැළ`ද නොගත්තා ය. සෑම විටෙක පක්ෂ ප‍්‍රතිපත්ති ආරක්‍ෂා කර ගනිමින්, මාතෘ භූමියේ ප‍්‍රගමනයත් වෙනුවෙන් සිය ජීවිතය කැප කළා ය. ඇතැම් අවස්ථාවල පක්ෂ ක‍්‍රියාකාරීත්වය විසින් පක්ෂ ප‍්‍රතිපත්ති හා මාතෘභූමියේ ප‍්‍රගමනයට හානිකර දේ සිදු කරන විට ඈ ඒවා සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් සටන් කළා ය.
ඒ නිසාම බොහෝ නින්දා, අපහාස හා අවලාදවලට ලක් වීමට ඇයට සිදු විය. එහෙත් ඒ කිසිවක් නිසා තම ප‍්‍රතිපත්ති පාවා දීමට කටයුතු නොකිරීම චන්ද්‍රිකාගේ අප‍්‍රමාණ පෞරුෂය හෙළි කරන කැටපතකි.
චන්ද්‍රිකා ප‍්‍රථම වරට මැතිවරණයක් ස`දහා තරඟ කරන්නේ 1993 මැයි මස පැවැත් වූ බස්නාහිර පළාත් සභා මැතිවරණයට යි. එහි දී වාර්තාගත 86%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා, වසර දාසයකට පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික බලමුළුව ජයග‍්‍රාහී මාවතට ප‍්‍රවිශ්ට කරවීමට ඈ සමත් වන්නී ය.
දේශපාලන නිර්වින්දනයකට ගොදුරු වී සිටි පක්ෂය කූද්දවා, අපේක්ෂා භංගත්වයට පත්ව සිටි මෙරට පොදු ජනතාව තුළ යළි අපේක්ෂාවේ පහන් සිළ දල්වන්නට ඇගේ නායකත්වය, සමත් විය.
දේශපාලන ආඥාදායකත්වයෙන් සහ අන්ත ධනේෂ්වර සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවලින් අසහනයට පත්ව සිටි ජනතාවක්, දේශපාලන බලලෝභී අරමුණු මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් නිමක් නොමැති යුද්ධයකට තල්ලූ කර දමා තිබුණු දේශයක් ගොඩනැ`ගීමේ වගකීම ඈ වෙත පැවරී තිබුණි.
චන්ද්‍රිකා 1994 දී භාර ගත්තේ දෙකොන ගිනිගත් විලක්කුවක් බ`දු දේශයකි. පෙර පාලනයේ මර්දනය සහ ආඥාදායක පාලනය නිසා උතුරේ සහ දකුණේ තරුණ කොටස් තම දේශපාලනික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අවශ්‍යතා වෙනුවෙන් අවස්ථා දෙකක දී කැරලි දෙකක් ආරම්භ කර තිබුණි. දකුණේ තරුණ කොටස් විසින් සිදු කළ කැරැල්ල මර්දනය කර තිබුණ ද, ඒ වන විට උගත් තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය කර හෝ අතුරුදහන් ව තිිබිණි. උතුරේ දෙමළ තරුණ ප‍්‍රජාව තුළින් ඇති වූ කැරැල්ල ත‍්‍රස්තවාදී යුද්ධයක් දක්වා වර්ධනය වී තිබුණි.
මේ මිලේච්ඡ මර්දනකාරී පාලනය නිසා ජාත්‍යන්තරය තුළ ද ශ‍්‍රී ලංකාව කෙරෙහි පැවතියේ ඍණාත්මක ආකල්පයකි. ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලංකාව හ`දුනාගනු ලැබුවේ මිනී කන්නන්ගේ දේශය යන අන්වර්ථ නාමයෙනි. මේ සියලූ අභියෝගවලට මුහුණ දීමට චන්ද්‍රිකාට සිදු විය.
චන්ද්‍රිකාගේ ආගමනය මෙරට පොදු ජනතාවට දේශය පිළිබ`ද, තරුණ පරපුරේ අනාගතය පිළිබ`ද සුබවාදී අපේක්ෂා රාශියක් ජනිත කරවීමට සමත් විය. එම අපේක්ෂාවන්ගේ ගැඹුර වැඩි වන තරමට මෙරට රාජ්‍ය නායිකාව ලෙස ඇයගේ වගකීම් පරිමාව ද ඉහළ ගියේ ය. මෙරට පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාව පවා ‘‘චන්ද්‍රිකා දර්ශනය’’කොතෙක් දුරට, එම අභියෝග ජයග‍්‍රහණය කිරීමෙහිලා සාර්ථක ප‍්‍රවේශයක් වන්නේදැයි දෑස් දල්වා බලා සිටියහ.
මෑත ඉතිහාසයේ අතිශය අර්බුදකාරී වකවානුවක මෙරට දේශපාලනයේ ඉතාම සංකීර්ණ සංයුතියක් සහිත ආණ්ඩුවක් ඉතා සීරුවෙන් මෙහෙයවීමට ඇයට සිදු විය.
පොදු ජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණය, අර්බුදයේ සහ අස්ථාවරත්වයේ කළලය ද සිය ගැබෙහි හුවා ගත් ජයග‍්‍රහණයක් විය. එහෙත් ඇය විවිධත්වය මැද එක්සත් බව’’ පවත්වා ගනිමින් රාජ්‍ය පාලනයේ නියුතු වූවා ය.
මෑත දේශපාලන ඉතිහාසයේ නායිකාවක ලෙස චන්ද්‍රිකා පෙන්වූ නම්‍යශීලීත්වය වරෙක වාසිසහගත වුව ද තවත් අවස්ථාවක අතිශය සංකීර්ණ ගැටලූ ඇති කිරීමට හේතු විය. ඒ, ඇයගේ නම්‍යශීලීත්වයේ ගැටලූවක් නිසා නොව, මෙරට ඇතැම් දේශපාලන නායකයින් ගෝත‍්‍රවාදී ආකල්පයන්ගෙන් මිදී පරිණතභාවයට පත්ව නොසිටි බැවිනි.
බණ්ඩාරනායකවරු ‘‘මැද මාවතේ’’ නිර්මාණකරුවෝ ය. චන්ද්‍රිකා ද මෙරට ආර්ථික, දේශපාලනික, සමාජීය යන සෑම ක්ෂේත‍්‍රයකම ගැටලූ වලට මැද මාවතේ විස`දුම් පිළිබ`ද උද්යෝගිමත් වූවා ය.
1960 දී දරු තිදෙනාට පමණක් නොව, අනාථ වූ මුළු මහත් ජාතියටම මවක් වෙමින්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවදානමෙන් පිරුණු දේශපාලන ගොහොරු බිමට එළඹ, මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ යම් සේ ද, ඊට වඩා බොහෝ සංකීර්ණතා සහ අවදානම් ගහන පරිසරයක් තුළ, 1994 දී චන්ද්‍රිකා මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ගත්තී, සියලූ දුක්ඛ දුර්බෝජන වළ`දමින් අතිශය සංකීර්ණ, මෙන්ම කටුක සහ භයංකර මාවතක් ඔස්සේ ය.
අද අැය සිය 79 වන දිවි ගමන පසුකරමින් සිටින්නී ය. එහෙත් අදට ද මෙරට දේශපාලනයේ සුළං හමන අත අවබෝධකර ගැනීමෙහිලා චන්ද්‍රිකා දර්ශනය අතිශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබන බව අවිවාදිත ය.
මෙරට දේශපාලනයේ ක්‍රම වෙනසක් කෙරෙහි අපේකෂාවක් සහිත ව ඒ වෙනුවෙන් අලුත් නායකයන් පරම්පරාවක් කෙරෙහි විශ්වාසය තබා ගනිමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රකරණයට යොමුකරවීමෙහිලා යම් සාර්ථක උත්සාහයක් ඇය විසින් ගනු ලැබුවද, ඊට වඩා බරපතල වගකීමක් ඇය කර මත වැටී තිබේ. නැවත වරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැමති නිදා සිටින යොධයා අවදි කළ හැකි එක ම චරිතය වනාහී චන්ද්‍රිකා ම මිස අනිකෙකු නොවේ. බිම්ඇ මට්යටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිද්‍රාශීලීත්වය පළවා හැරිය හැක්කේ ද ඇයට ම පමණි.
තරිඳු තොටවත්ත