Wednesday, January 4, 2023

බස් ගාස්තු අඩුකරන්න නොදෙන මාෆියාව


ඉන්ධන මිල අඩු කිරීමත් උද්දමනය ක්‍රමයෙන් පහළ යාමත් හේතුකොටගෙන මේවනවිට ක්ෂේත්‍ර කිහිපයක මිල අඩුකිරීම් සිදුවිය. මගී ජනතාවටද ඉන්ධන මිල අඩුවීමේ සහනය ලබාදිය යුතු උවද බස් ගාස්තු අඩුකිරීමට පෞද්ගලික බස් හිමියෝ සූදානම් නැත. ඔවුන් එයට දැඩි විරෝධයක් දක්වමින් සිටිති.

 



මිල අඩුකළ දේවල්‍

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින් පහළ දමා තිබේ.  එමෙන්ම  කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා තිබේ.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන ආකාරයට අධිවේගී මාර්ග බස් ගාස්තු ද අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින්  පියවර ගෙන තිබුණි.

 



අඩු නොකරන බස් ගාස්තු

 

කෙසේ උවද බස් ගස්තු අඩුකර සහන ලබාදීමට පෞද්ගලික බස් හිමියෝ දැඩි ලෙස විරෝධය දක්වමින් සිටින අතර ගමනාගමන කොමිෂන් සභාවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැත. බස් මාෆියාවට හසු නොවී මෙවන් දුෂ්කර මොහොතක ජනතාව වෙනුවෙන් රජය පියවර ගනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියි.



කොමිසමේ බෙදීමක් - ඡන්දය පැවැත්වීම අවුලක?

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසම තුළ ඇතිව තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැදවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනය. ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සමඟ සුළුතුරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදිියේදී ගතයුතු පියවර පිළිබඳව වහ වහාම උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබේ.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.

මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහසවේ. මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය. එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී තිබේ.

එහෙත් සභාපති හා ඔහු සමඟ සිටින සුළුතර කණ්ඩායම මැතිවරණය පවත්වද්දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ඇතැයි යන අන්ධ විශ්වාසයෙන් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය පළ කලත් පවතින අභ්‍යන්තර බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන්ගේ අදහසවේ. ඉහත සියළු කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසමේ ඇතිව තිබෙන වත්මන් බෙදීමට අදාළව ගතයුතු පියවර ගැන වහාම උපදෙස් ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අහාත්‍යරයෙකු සඳහන් කළේය.