Sunday, December 4, 2022

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා - මනුෂ

 






 

කම්කරුවා ආරක්ෂා කිරීමට නම් ව්‍යවසායකයා සුරක්ෂිත කළ යුතු බවත්, රට ගොඩනගන ගමන කඩාකප්පල් කරන රැලි වලට අහු නොවනා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් නොවුණු බවත්, කම්කරුවා පොහොසත් කිරීමට නම්, ව්‍යවසායකයා ආරක්ෂා කරගත යුතු බවත් පැවසූ අමාත්‍යවරයා මේ ලෝක ආර්ථික අර්බුදයේ දී ලංකාව මේ තරම් බරපතල විදියට කඩා වැටෙන්න හේතුව වුණේ ව්‍යවසායකයන් ආරක්ෂා නොකරපු නිසා. හැමදාම නීති අරගෙන ඇවිත්, නීතිවලින් කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම අද කම්කරුවා ආරක්ෂිතද? ව්‍යසායකයා ශක්තිමත් නම් කම්කරුවා ආරක්ෂිතයියනුවෙන් ද පැවැසීය.

අමාතවරයා මෙසේ පැවසූයේ  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

අපි මේ ඉන්නේ ක්‍රෝනි කැපිටලිසම් මත පදනම්වූ ආර්ථිකයක. ඒ තමයි ගජමිතුරු ධනවාදය.  මෙන්න මේ නිසා තමයි සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මත පදනම්වූ නව ආර්ථික ක්‍රමවේදයක් අය වැය හරහා අරගෙන ඇවිත් තියෙන්නේ. මේක මෙච්චර කල් ඉදිරිපත් කළා වගේ නිකම්ම නිකම් හුදු අය වැයක් නෙමෙයි. මේ අය වැය කියන්නේ අය වැයක් ඇතුලේ සිදුවෙන සිස්ටම් චේන්ජ් එකක්.

ගොඩක් අය කැමැති නෑ මේක භාර ගන්න. ගොඩක් රෙද්ද අස්සේ මහත්තයලනේ ඉන්නේ. රෙද්ද අස්සේ කලිසම ඇඳගෙන ඉන්නවා, හැබැයි උඩින් රෙද්ද ඇඳන් ඉන්නවා. රෙද්ද පෙන්ගෙන ඉන්නවා. කලිසම අඳින්න ඕනෑ. හැබැයි පෙන්නන්නේ වෙන දෙයක්.

මෙතෙක් කල් අය වැයක් ඉදිරිපත් කළාට පස්සේ තිබුණේ ඒකත් එක්ක බැදුන වැඩපිළිවෙලක්. මේ අය වැයත් එක්ක බැදිලා තියෙන්නේ නිකම්ම නිකම් වැඩ පිළිවෙලක් නෙමෙයි. මේකත් එක්ක බැදිලා තියෙන්නේ සමාජ සහ ආර්ථික පරිවර්තනයක්. සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් ට්‍රාන්ෆමේෂන් එකක්.

  විවෘත ආර්ථිකය අසාර්ථකයි කියලා අපි කියන්නේ ඇයි? අපි එහෙම කියන්නේ මෙන්න මේ ක්‍රෝනි කැපිටලිසම් නිසා. සංවෘත ආර්ථිකයේ ඉදලා විවෘත ආර්ථිකය දක්වා එකවර එන්න අපිට බැරි වුණා. සංවෘත ආර්ථිකයේ කොටස් අපිට අතහැර ගන්න බැරිවුනා. ආර්ථිකය විවෘත වුනේ කුඩා කණ්ඩායමකට විතරයි. ඒ කුඩා කණ්ඩායම තමයි රටේ ආර්ථිකයේ විශාල කොටසක් අත්පත් කරගන්තේ. විවෘත ආර්ථිකය අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේක. ඒ වගේ විවෘත ආර්ථිකයේ අසාර්ථකත්වයන් තිබෙන නිසා තමයි අපි ඒ ක්‍රමවේදයන් මේ අය වැය හරහා වෙනස් කරන්නේ.

රටට අහිමිකළ ඩොලර් බිලියන 53 ක්

 


රටේ මුල්‍ය ගණුදෙනු සහ ව්‍යාපාරික අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(05දා) පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අපනයන හරහා මෙරට ලැබිය යුතු ඇමරිකන් ඩොලර් බිලියන 53 ක මුදලක් මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් රටට ගෙනැවිත් නොමැති බවය. රටේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කරන මෙවැනි පුද්ගලයින් පිළිබඳව හෙලිදරව් කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මේ පිළිබඳ නිරන්තරයෙක් කතාකරමින් සිටිනවාට වඩා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වැදගත් බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

ජනපතිගේ නිවස බව කියන - අසත්‍ය ඡායාරූපයක්

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අසත්‍ය ඡායාරූපයක් බව සත්‍ය තොරතුරු විමර්ශන වෙඩ් අඩවි සඳහන් කර තිබේ.

එම ඡායාරූපය, මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ජාල වල පසුගිය අප්‍රේල් මස සිට සංසරණය වී තිබූ ඡායාරූපයක් බවද එම වෙඩ් අවඩි සඳහන් කර ඇති .

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිවස බව සඳහන් කරමින් සංසරණය වන එය අසත්‍ය ඡායාරූපයක් බවද ඔවුන් තහවුරු කරයි.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ හෝ ජනපති නිල නිවසේ ඡායාරූපයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ද, පවසා සිටියේය.