Thursday, December 8, 2022

සිරිසේනත් අයවැයට විරුද්ධ වෙලා නැහැ


 








පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඊයේ(08දා) පැවති අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී  ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර නොමැත.

විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය , ජාතික ජනබලවේගය සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වු කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර දෙමල ජාතික සන්ධානය අයවැය ඡන්ද විමසීමට සහභාගී නොවීය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ද අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති අගය කරමින් පසුගියදා සිරිසේන මහතා දීර්ඝ කතාවක් ද පැවැත්විය. කෙසේවෙතත් ආණ්ඩුවට සහය දැක්වීමට ඉදිරිපත් වු නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරීම ද සිරිසේන මහතා කටයුතු කර තිබුණි.

 

සජබ ට ලබන සතියේ වෙනදේ

 







සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. සමගි ජනබලවේගය ලෙස පක්ෂයක් නොමැති බවත් එය අපේ ජාතික පෙරමුණ බවත් එය තමාගේ පක්ෂය බවද අමාත්‍යවරිය පැවසු අතර මෙසේද පැවසුවාය,

“මගේ පුරවැසිකම හොයන අයට මම කියනන් ඔනේ. මට මේ රටේ පුරවැසිකමක් නැතිනම් ඔතන(විපක්ෂයේ) 54 දෙනෙක් වාඩිවෙලා ඉන්නවා ඒ සියලුදෙනාටම මෙතන ඉන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න. ඒපක්ෂයේ මම මහලේකම් වෙලා හිටපු විදිහට ඒ සියලු දේම අහිමි වෙනවා.  වැඩි දවස් යන්න ඉස්සරවෙලා තියෙන බෝධි පුජා ටික තියාගන්න . මන්ත්‍රීධුර ටික බලාගන්න. එච්රයි මට කියන්න තියෙන්නේ. මම පක්ෂය දුන්නේ නැතිනම් අද සජබයක් ඔතන නැහැ. මම දැක්කා මේ සජබෙ දෙවැනි වසර සමරන්න යනවලු. එහෙම එකක් නැහැ. මේ පක්ෂය අපේ ජාතික පෙරමුණ. ඒකට දාහත් වසරක් ගතවෙලා තියෙනවා. සජිත් ජලනි බලවේගය කියලා හදාගත්තට මේක අපේ ජාතික පෙරමුණ. ඒක මතක තියාගන්න. ඒවට ලැස්තිවෙන්න එපා කවුරුත් . ජලනි තමයි ඔය පක්ෂය මෙහෙයවන්නේ. ඔය නම් දැම්මේ ආර්යාව කියා ගත්තු අය. අපි ඒක දන්නවා. ලබන සතිය වෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලාගම්මු. ඔය 53 ට වීසා දුන්නේ මම. ඉතින් මට වීසා එකක් තියාගන්න බැරිද?. ඔය පක්ෂයේ කිසිම තවතුරක් නීත්‍යානුකූල නැහැ”  යැයි සඳහන් කළාය.


අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

 

2023 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 43 කින් අද(08දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය අද පස්වරුවේ අවසන් වු අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත් විණ. අයවැයට පක්ෂව ඡන්ද 123  ලැබුණු අතර විපක්ෂව ඡන්ද 80  ලැබුණි. ඒ අනුව ලබන වසර සඳහා වු අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත විය.


ආර්ථික ඝාතකයින් සෙවීමට පාර්ලිමේන්තු කමිටුවක්

 


 

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමට හේතුවු ආර්ථික තීරණ සහ ඒවා සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට පාර්ලිනේතු තේරීම් සභාවක් පත්කිරීමට අද(08දා) පාර්ලිමේන්තුවේදී යෝජනා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආර්ථික ඝාතකයින් සෙවීමට කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟ වු අතර අවශ්‍යවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව විසින් තීරණයකට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමිවිය. ඒ අනුව රට බංකොලෙත් කළ ආර්ථික ඝාතකයින් පිළිබඳව සෙවීමට මෙම කමිටුව විසින් කටයුතු කරනු ඇත.