Monday, May 30, 2022

""රැට්ටා"" අත්අඩංගුවට

 සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතයි.

අද (30) පස්වරුවේ රතිදු ඇතුළු පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට කැඳවා තිබුණා.


එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න ගාලු මුවදොර අසළ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතා ස්ථානයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.

වර්තමාන රජයට එරෙහිව පැවති විරෝධතා රැසකට ඔහු ක්‍රියාකාරී ලෙස සහභාගී වුණා.

හිටපු ඇමති ජීවන් දරුවන් වෙනුවෙන්

 



ජනකාන්ත සිනමා රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මැතිතුමා දරුවන් වෙනුවෙන්නැවතත් සමාජ සේවාකටයුතු වලටඑකතුවමින් සිටිනබව වාර්තා වේ.
එතුමාට පසුගියදිනකදී කැස්බැව මැතිවරණ කොඨාශයේ "සැමට අධ්‍යාපනය" වැඩ සටහන යටතේ වාර්ෂික ශිෂ්‍යධාර බෙදා දෙන ලදී.

මේ අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ප්‍රියංගනී අබේදීර මැතිණිය හා ප්‍රකට සමාජ ක්‍රියාකාරීනියක වන නේත්‍රාන්ජලි ලියනගේ මැතිණිය සහබාගි වි සිටියහ.

Thursday, May 26, 2022

ශ්‍රිලනිපය අනතුරේ


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්තානය අල්ලා ගන්න අරගලකරුවන් උත්සාහයක නිරත වන බවට ආරංචි මාරග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති කිසිවක් මේවන තෙක් රගලයට කිසිම සහායක් දක්වා නොමැති අතර පක්ෂ නායකයන් මෙන් ඔවුන් ද ඉතාමත් සෙවෙල ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. 


මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය මේවන විට පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතික්ෂේප කරන මට්ටමට විශාල අර්බුධයක් නිර්මාණය වී තිබේ. 


මේ ගැටුම් තම වාසියට හරවා ගැනීමට උත්සාහ දරන දයාසිරි ජයසේකර ද මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිරිසේන එලවා දමා පක්ෂ නායකත්වය ලබා ගැනීමට සිය හිතවතුන් කිහිප දෙනෙකු සමග කුමන්ත්‍රණය කරන බව ද අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වන විට සිරිසේනට. වඩා මධ්‍යම කාරක සභාව තුල දයාසිරි ජයෙසේකර බලය පතුරවා ගෙන සිටින අතර මේ සීතල  ගින්න කොයි මොහොතේ ඇවිලී යා දැයි කිව නොහැකි මට්ටමක් ඇති වී තිබේ. 


මේ සියලු අර්බුද හමුවේ පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්තානයේ නිද්‍රාශීලී ක්‍රියා පිළිවෙත නිසා අරගලකරුවන් කොයි මොහොතේ හෝ ඩාලි පාරට කඩා වැදුනොත් පක්ෂයට කුමක් වෙව්වි දැයි ඩාලි පාර පක්ෂැ මූලස්ථාන ප්‍රාක්ශකයෙක් අපට පැවසීය. 


මේ දිනවල මයිත්‍රීපාල සිරිසේනගේ පක්ෂ නායකත්වය නීති විරෝධි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

Sunday, May 8, 2022


 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) උදෑසන අනුරාධපුරයේ සංචාරයක නිරතවී තිබෙනවා.


මෙහිදී අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගත් අතර අනුරාධපුරයේ තවත් සිද්ධස්ථාන කිහිපයක්ම වැඳපුදාගැනීමට නියමිතයි.


මීට අමතරව අනුරාධපුරයේ කුප්‍රකට දේවාලයක් වැඳපුදාගැනීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගීවන බවට තොරතුරු වාර්තා වනවා.


මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අනුරාධපුර සංචාරයට විරෝධය පා ජනතාව අනුරාධපුරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත වනවා.


අග්‍රාමාත්‍යවරයා යන මඟ සිටි පිරිස ඔහුට කියා සිටියේ කරුණාකර දැන්වත් වහාම ඉල්ලා අස්වන ලෙසයි.

Saturday, May 7, 2022

 අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.


ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඊයේ (07) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.


සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී සාකච්ඡා වී තිබෙනවා.


පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වනවා.


විශ්වාසභංගයට සහාය


මේ අතර සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.


ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන්



 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ක්‍රියාත්මක වනවා.


Ranil Go Home ලෙස සටහන් කරන ලද විරෝධතා පුවරු අතැතිව මෙම විරෝධතාකරුවන් වික්‍රමසිංහ මහතාට විරෝධය පලකරනවා.


පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු සභාගර්ඝය තුළ මන්ත්‍රීවරුන් ළඟට ගොස් රංජිත් සියඹලාපිටිය මහතාට සහය පලකරන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවයි.


ඔහු චෝදනා කර සිටියේ වික්‍රමසිංහ මහතාට බලයේ සිටි කාලයේ පටන්ම රාජපක්ෂවරුන් සමඟ ඩීල් එකක් පවතින බවයි.

Friday, May 6, 2022


 පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වනවා.


පාර්ලිමේන්තුවෙන් පිටත රැදීසිටින විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්බය තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා.


එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මහතා එල්ල කළ පහරක් වේත්‍රධාරීවරයා හට වැදී ඇති බවයි වාර්තා වන්නේ.


කතානායකවරයා පාර්ලිමේන්තුව එළැඹෙන 17 වැනිදාට කල්තබා පිටව යෑමත් සමඟ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ කාමරයට කඩා වැදුණා.


ඔවුන් විශ්වාසභංගයට දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා දිගින් දිගටම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බලපෑම් එල්ල කළද කතානායකවරයා එය ප්‍රතික්ෂේප කළා.

 ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉවත්ව තිබෙනවා.


කොටුව පොලීසිය විසින් කරන ලද එම ඉල්ලීම අද (06) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.


එහිදී කොටුව පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්වී ඇති බව සඳහන් කළා.


එබැවින් එම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.


කෙසේවෙතත් අදාළ ඉල්ලීම කුමක්දැයි විවෘත අධිකරණයේදී සදහන් වූයේ නැහැ.


රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළකර සිටියා.


දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා තමන් එම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන බවටත් නියෝග කළා.



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් ‘නන්දෙට ජංගියක්’ විරෝධතා ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.


පාර්ලිමේන්තුව අසළ පොලීසියෙන් අටවා ඇති යකඩ වැටෙහි මේ වන විට විවිධ වර්ගයේ යට ඇඳුම් එල්ලමින් ජනතාව සිය විරෝධය දක්වමින් සිටිනවා.


“ජනතාවට ජංගි අන්දර ලැජ්ජා නැති ආණ්ඩුවට ජංගියකින් විරෝධය පාමු ” යන තේමාව ඔස්සේ අදාළ විරෝධතාවය ක්‍රියාත්මකයි.


මෙම විරෝධතාවය අදට යෙදෙන No Pants Day යන ලෝක සංකල්පයට සමගාමීව පැවැත්වෙනවා


 දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල්වලින් බාල වර්ගයේ පෙට්‍රල් හමුවී තිබෙනවා.


අදාළ පෙට්‍රල් ජලයට සමාන පැහැයක් ගන්නා අතර කිසිදු ගන්ධයක් නිකුත් නොවීම විශේෂත්වයක්.


රියදුරන් චෝදනා කරන්නේ පෙට්‍රල්වලට අමතරව මෙහි විශාල ප්‍රමාණයකින් ජලය ඇති බවයි.


මෙම පෙට්‍රල් ලබාගත් රියදුරන්ගේ වාහන රැසක් මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.


ගාල්ල, කුරුණෑගල, මාතර, අනුරාධපුරය, නාරම්මල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම බාල පෙට්‍රල් පිළිබදව මේ වන විට වාර්තාවී තිබෙනවා.

Thursday, May 5, 2022


 පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් ඊයේ (05) භාර දී තිබෙනවා.


ඒ, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය මතය දක්වමින්.


එම ලිපිය මගින් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එය ඉල්ලා අස්විය යුතු බවද එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතු බවද සිය විශ්වාසය බවයි.


නමුත් විශ්වාසභංග යෝජනාවක් bහරහා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයට අදහසක් තිබිය යුතු බව ඔවුන් විසින් ප්‍රශ්නර කර තිබෙනවා.


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා උසස් නිලධාරීන්ගේ තනතුරුවල වෙනස්කම් කිහිපයක් කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.


ඒ අනුව ජනාධිපති ආරක්ෂක සේනාවේ සහාය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.


එමෙන්ම පුත්තලම භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ජනාධිපති ආරක්ෂක සේනාවේ පොලිස් කණ්ඩායම් භාරව පත්කර තිබෙනවා.


මේ අතර බුද්ධි හා ආවේක්ෂණ අංශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ටී. ජයලත් ඇතුළු සියයක පොලිස් බුද්ධි අංශ කණ්ඩායමක්ද ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා පත්කර ඇති බවද වාර්තා වනවා.


මේ අතර ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 04 වනදා ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වා ඇති බවද පුවත්පත් කිහිපයක් වාර්තා කරනවා


 2018 වසරේ මැයි 24 වනදා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ බව කියන සිද්ධියට අදාළව වසර 03 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (05) නියෝග කළා.


මෙම පුද්ගලයන් 14 දෙනාට අමතරව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ තවත් සැකකරුවන් 7 දෙනෙකු ඇප මත මුදාහැරිමටයි.


නිදොස් කොට නිදහස් කර සැකකරුවන් 14 සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.


ඒ අනුව අධිකරණය ඔවුන්ට නිදහස ලබාදී තිබෙනවා.

 පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා.


ඒ ‘හොරු ගෝ ගම’  නමින්.


ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු මාර්ගයට ශිෂ්‍ය අරගලකරුවන් ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.


විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි දීර්ඝ පා ගමන හයිලෙවල් – නුගේගොඩ හරහා රාජගිරියෙන් පැමිණියේ බත්තරමුල්ල වෙතයි.


ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු සඳහා මාර්ග බාධක යොදා වසා දමා තිබූ පාර්ලිමේන්තු මාවතට උද්ඝෝෂකයින් ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.


ඒ පොලීසිය සහ අරගලකරුවන් අතරයි.


යොදා තිබූ පොලිස් මාර්ග බාධක බිඳ හෙලමින් ඉදිරියට ගමන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.


ඉන් අනතුරුව විරෝධතාකරුවන් සිය අරගලය නොනැවතී රැගෙන යාමට ඊයේ රාත්‍රියේ දී බිඳ දැමූ පොලිස් මාර්ග බාධක උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මාවත අවට රැය පහන් කිරීමට අට්ටාල සැකසීම ආරම්භ කෙරුණා.


ඒ අනුව අරගලකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට ඊයේ රෑ වනවිටත් වැල නොකැඩී විව්ධ පාර්ශ්වයන් ඉදිරිපත් වුණා.




 විමල්- ගම්මන්පිල-ගෝටා තුන්කොන් ප්‍රේමයට කරූ වැට බදියි ද?

 

ජවිපෙ ලාංඡනේ  වෙච්ච සීනුවේ ගෙඩිය කියල ඉස්සර කිවුවේ විමල් වීරවංශට. ගම්මන්පිල කියන්නෙත් ඒකාලේ නමක් දිනාගත්තු නායකයෙක්. එත් අද වෙනකොට මේ දෙන්න දකිනකොටත් මිනිස්සුන්ට  උඹ නොදකින් කියන තරමටම එපා වෙලා ඉවරයි. රාජපක්ෂවරුන් එක්ක ඔවුන්ට කඩේ ගිය නායකයෝ සේරම ජනතාව ප්‍රතික්ෂේප කරන්න අරන් ඉවරයි. එනිසා විමල්- ගම්මන්පිල කියන්නේ තවදුරටත් දේශපාලන සරණාගතයෝ දෙන්නෙක් විතරයි කියල අපි හැමෝම දන්නවා. ඉතින් මිත්‍රවරුනි මේ නිර්ලජ්ජිත දේසපාලුවෝ දෙන්න කියන සුරංගනා කතා කවුද ගණන් ගන්නේ?

අවලස්සන ඇමෙරිකානුවෙක් එක්ක හාද වුන අවලස්සන බීච් බෝයිස්ලා දෙන්නෙක් වගේ ඒ දෙන්න අයෙත් බැසිල් ගෝටා එක්ක එකතුවෙලා. ඉස්සරහ හිටිය මහත්මා දේශාපාලනය කරපු නායකයෝ එක්ක බලද්දී මේ මිනිස්සු මොක්කුද කියලත් හිතෙනවා. ඩී එස් සේනානායකගෙන් ආරම්ඹ වෙච්ච මහත්මා දේශපාලනය චන්ද්‍රිකා මැඩම් ගෙදර යනවත් එක්කම ඉවර වුනාද කියලත් හිතෙනවා. ඉස්සර් නායකයෝ මොනා වුනත් තමන්ගේ ගෞරවේ තියාගෙන හිටිය. කොහොම වුනත් මේ සිදධි අතරේ තව අපූරු දේකුත් වෙලා තියෙනවා. ඒතමයි හිටපු කතානයක කරු ජයසූරියත් මේ අවලස්සන බීච් බෝයිස්ලා දෙන්නට තරවටු කරලා තියෙනව. රට විකුණන් නැතිව පාඩුවේ ඉන්නවා අයිසේ කියල කරු මේ දෙන්නටම බැනල තියෙනව. එවෙලාවේ විමල්ගෙයි ගම්මන්පිලගෙයි කටවල් ඉබේම වැහිලා තියෙනව. දින 52 කට මහින්ද අගමැති කරලා කරූට අපහාස කරපු අය අතරෙත් මේ දෙන්න ඉස්සරහින්ම හිටිය. කොහොම වුනත් ඒ වෙලාවෙත් කරු මේ දෙන්නව ගණන් ගත්තේ නෑ. මොනා වුනත් කරු ජයසූරියට මේ දෙන්නට එහෙම කතා කරන්න බයවෙන්න හේතුවකුත් නැනේ. එනිසා විමල්- ගම්මන්පිල-ගෝටා තුන්කොන් ප්‍රේමයට කරූ වැට බදියි ද?

Wednesday, May 4, 2022

අන්තර් වාර පාලනයේ නායකත්වයට ගැලපෙන්නේ කවුද?

 අද අපේ රටේ තියෙන ප්‍රශ්න ටික ඇහුවොත් අපි ආසියාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම අශ්චර්යට යන දවස වැඩි ඈතක නෙවේ කියල කවුරුත් දන්නවා. ඒ තරම් මුළු ලෝකෙම අපි හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ තත්ත්වෙන් අපි කවදද ගොඩට එන්නේඅද මුළු රට පුරාම අරගල කරන අය කියන්නේ මේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරයා ඇතුළු 225ම ගෙදර යන්න ඕන කියලයි. එකට අපි කවුරුත් එකගයි. හැබැයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ අපි කවුද ගේන්නේ කියන එක. ගොඩක් අය ඒගැන කතා කරන්නේ නැ . එත් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් අපි ඉන්න තැනෙනුත් තවත් පහලට වැටෙනවා. 

ඉතින් මිත්‍රවරුනි අපි කාවද ගේන්නේ?

දැන් ඕකයි පුරස්නේ. සමහරු කියනවා තරුණයෙක් ගෙන්න ඕනලු. සමහරු කියනවා දෙසපාලනේ කරපු නැති කෙනෙක් ගෙන්න ඕනලු. ඔය වගේ කතා ගොඩක් හැමතැනින්ම ඇහෙනවා. මේකයි සහෝදරයා අපි ඇත්තටම දැන් ඉන්න 225නිසා ලොකු කට්ටක් කාල ඉන්නේ. එත් අපි මුලින්ම කල්පනා කරන්න ඕන අපි දැන් ඉන්න තත්ත්වේ ගැන. අපිට එදිනෙද අවශ්‍යතාවයන් ටික විසඳ ගන්නවත් සල්ලි නැ. මේ හොර ආණ්ඩුව ඉන්නකල් ලෝකේ ඉන්න එකෙක්වත් අපිට සල්ලි දෙන්නේ නැ. එහෙනම් ඡන්ද තියනවාජනමත විචාරණ තියනවා වගේ විහිලු කතා නොකිය ඉන්න වෙනවා. අපිට ඒවාට සල්ලි නැ. එනිසා ලිඳට වැටුණු අපි දැන් ලිං කටෙන්ම ගොඩ එන්න ඕන. ඒක නිසා අන්තර්වාර පාලනයකට යනවා හැර වෙන විසඳුමක් නැ. ඒකට සමාජේ ඉන්න විවිධ අය එකතු කරලා කණ්ඩායමක් හදන්න ඕන. උපරිම ඇමතිවරු 15 වගේ ඉන්න ආණ්ඩුවකට යන්න වෙනවා. එතනට සුදුසු නායකයෙක් තෝරාගන්න ඕන. ඉන්න තැනින් තවත් වට්ටන එකෙක් නෙවේ ඉන්න තැනින් අපිව ගොඩ ගන්න පුළුවන් එකෙක්. එතැනදී අපිට අභියෝග ගනනාවක් තියෙනවා. මූලිකවම එදිනෙදා අවශ්‍යතා ටික සපුරාගෙන ඊටපස්සේ අපේ ඩොලර් සංචිත ටික වැඩි කරගෙන දූෂණයෙන් තොරව අන්තර්ජාතික සහයෝගෙත් අරන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් ගැනයි අපි හිතන්න ඕන. ඉතින් සහෝදරවරුනේ වෙනදාටත් වඩා හොඳට හිතලයි මේ පාර කෙනෙක් ගෙන්න ඕන. 

 

ඒකට දැනට 225 ඉන්න කෙනෙක් එපා කියමුකෝ. ඒත්

ඒකට අත්දැකීම් නැති තරුණයෙක් හරියයි ද?

ඒකට දේශපාලන දැනුමක් නැති ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් හරියයි ද?

ඒකට ජාත්‍යන්තර සබඳතා නැති කෙනෙක් හරියයි ද?

මුල් පුටු වල ඉදල මුකුත් කරගන්න බැරි වුන අයත් හරියන්නේ නැ තමයි.

සමහරු කියනවා පරිණත නායකයෝ වයස වැඩියි කියල. එත් අපිට දැන් ඕන එහෙම කෙනෙක් කියල ඔබට තේරෙනව ඇති. නැත්නම් අපි තවත් පහලට වැටෙන්න පුළුවන්. අපි පක්ෂ පාට භේද අමතක කරලා මේ වෙලාවේ සියලු දෙන සහයෝගයෙන් රට ගොඩ ගන්න පුළුවන් කෙනෙක් අන්තර්වාර පාලනයේ නායකයා කරගමු.

ජරාජීර්ණ වුණ මැලේසියාව නැවතත් ගොඩනගන්න මහතීර් මොහොමඩ් දෙවන වරට රට භාරගත්තේ වයස අවුරුදු 93දී. ජාතින් වලට වෙන් වෙලා කඩා වැටෙමින් තිබුණු දකුණු අප්‍රිකාව නෙල්සන් මැන්ඩෙලා බාර ගන්නේ වයස අවුරු 76 දියි. ඔහු අවුරුදු 81ක් වෙනකල් රට පාලනය කරනවා. ට්‍රම්ප්ගෙන් විනාශවූ ඇමෙරිකාව නැවත ගොඩ ගන්න ජෝ බයිඩන් රට භාරගන්නේ වයස අවුරුදු 79දී. ඉතින් ලෝක දේශපාලනයේ පරිණත නායකයනේගේ අවශ්‍යතාව හැමවිටම පෙන්වාදීල තියෙනව.

 

ඒ නිසා අන්තර්වාර පාලනයේ නායකයා මෙහෙම කෙනෙක් වුණොත් හොදයි නේද රෑ

1. අත්දැකීම් බහුල අභියෝග මැද නොසැලෙන පරිණත නායකයෙක් 

2. දේශපාලන අත්දැකීම් ඇති දූෂණ චෝදනා නැති නායකයෙක්

3. අන්තර්ජාතික සම්බන්දතා තිබෙන නායකයෙක්

4. ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගරු කරන නායකයෙක් 

5. සියලු ජාතින් අතර හොඳ හිත වර්ධනය කරගත් නායකයෙක්

 

මිත්‍රවරුනි අපි එහෙම කෙනෙක් හොයා ගමු.




Tuesday, May 3, 2022

රාජපක්ෂලා එළවලා එතනින් පස්සෙ?

 මට ඊයෙ ගෝටාගමදි තරුණයො දෙන්නෙක් එක්ක කතා කරන්න හම්බුනා. ඔවුන් සතියකට දවස් තුන හතරක්ම අරගලයට එනවලු. ජොබ් කළත් ඕෆ් වෙලා ගෙදර යන ගමන් හරි එන්නෙ මේ අරගලයට පුලුවන් උපරිම සහයෝගය දෙන්න ඕනෙ කියන විශ්වාසය නිසාලු. 


මම ඇහුවා මේ අරගලයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා. ඒ දෙන්නා කියනවා අගමැති, ජනාධිපති ඇතුලු රාජපක්ෂ පවුලම ගෙදර යන්න ඕනෙලු. මම ඇහුවා හරි ඔයාලාගෙ ඉල්ලීම හරි, ඊළඟට කාවද ගේන්න ඕනෙ කියලා. එයලාගෙ අදහස උනේ මේ 225 න් පිට අලුත්ම කෙනෙක් ගේන්න ඕනෙ කියලා. මුන් ඔක්කොම හොරුලු. ඒ වෙලාවෙ මට හිනා ගියා. මම ඇහුවා මල්ලී එක පාරක් අලුත්ම එකෙක් ගෙනල්ලා නේද අපි මේ කරුමෙ ගෙවන්නෙ කියලා? මේ තියෙන ආර්ථික අර්බුදය විසඳන්නතරම් ඔය එන කෙනා පරිනත, අත්දැකීම් බහුල කෙනෙක් වෙයිද කියලා මම ඇහුවා. ඔන්න කොල්ලො දෙන්නා පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා. 

මම ඇහුවා මැලේසියාව පහුගිය කාලෙ ඇතිවුන අර්බුදයෙන් ගොඩ ගන්න තරුණ නායකයෙක් ආවා නම් ම්ප්කක් වෙයිද කියලා. ට්‍රම්ප් විනාස කරපු,  කොරෝනා වලින් ලක්ෂ ගාණක් මිය ගිය ඇමරිකාව ගොඩ දාන්න ඒ වෙලාවෙ අලුත් තරුණ නායකයෙකුට කැපෑසිටි තියේද කියලා මම ඇහුවා. කොල්ලො දෙන්නට අන්දොස්. මං දිහා කට ඇරගෙන කල්පනා  කරනවා. එක පාරටම එතන හිටපු එක කොල්ලෙක් අහපි ඔයා කියන්නෙ මේ හොරුන්ටම මේක භාර දෙන්න කියලද කියලා? 


මම ඇහුවා ගිය ඡන්දෙන් අලුතෙන්ම පාර්ලිමේන්තු ගෙනාපු උන් බර ගානක් ඉන්නවා නේද? උන් අනිත් උන්ට වෙනස්ද? උන් මොනවද කළේ කියලා මම ඇහුවා. 

ඒක ඇත්ත අයියේ එතකොට අපි මොකද කරන්නේ? ඔයා කියන්නේ මුන් දෙන්නට ඉන්න ද්ව්න්න කියලද ? නැහැ මල්ලී මම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මම කියන්නෙ අපි පුරවැසි බලයක් හදලා මුන්ට බල කරමු මරාජපක්ෂලා නැති අන්තර් කාලීන ආණ්ඩුවක් හදන්න කියලා. ඒකට ඉන්න ඕනෙ උපරිම ඇමතිවරු 15යි.  ඒ 15 ට හැම පක්ෂ්වකම ඉන්න දක්ෂ, හොරු නොවන පිරිසක් තෝරාගමු. මදි හරිය ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගමු. අපිට පේනවනෙ මෙතන ඉන්න එකෙකුටවත් ජනාධිපති කරගන්න මුන් එකතු වෙන්නෙ නැහැනෙ. ඒක නිසා පිටින් කෙනෙක් ගේමු. 

අයියා කවුද හිතන්නේ? 

මගේ අදහස නම් කරු ජයසූරිය ගේමු කියලා. මනුස්සයගෙ අතෙව් ලේ , කුණු ගෑවිලා කියලා චෝදනා නැහැනෙ. අපි නිකමට හිතම අපි ජාතික ලැයිස්තුවෙන් හිටපු මහබැංකු අධිපති ක්‍රිශාන්ත කුමාරස්වාමි ජාතික ලැයිස්තුවෙන් අරගෙන මුදල් ඇමතිකම දෙනවා, හිටපු විගනකාධිපතිව, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වගේ කීප දෙන්ව්කුත් ගේනවා. එහෙම ගෙනත් එයාලා ලවා අවුරුද්දක ප්ලෑන් එකකට රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ගේනවා. ඊට පස්සෙ අපිට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් රජයක් පිහිටුවන්න. 


එහෙම නැතුව මේ විදිහටවිසඳුමකට එළබෙන්නෙ නැතුව  උද්ඝෝෂණය කරන එකෙන් වෙන්නෙ රාජපක්ෂලා තව තවත් එල්ලිලා ඉන්න එක විතරයි. 


මම කියපු දේට උන් දෙන්න මොකවත්බ්කිව්වෙ නෑ. පාඩුවේ කල්පනාවට වැටුනා. මමත්  ගෝටාගමේ පුස්තකාලෙ පැත්තට ගියෙ පොතක් වත් කියවන්න කියලා හිතාගෙන.



Monday, May 2, 2022

එහෙමයි කරු



මට දවස හරියටම මතක නෑ. 2018 නොවැම්බර මාසෙ දවසක්. කතානායකතුමාගේ කාර්‍යාලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පිරිලා තිබුනෙ. කතානායකතුමත් විශාල පීඩණයකින් හිටියේ. ඒ හැමදෙනාම කතානායකතුමාට පුදුම විදිහට බලපෑම්  කළා මහින්ද මහත්තයාව අගමැති විදිහට පිළිගන්න. කිසිම විදිහකින් වත් විශ්වාසභංගයකට ඉඩ දෙන්න එපා කියලා. එතුමා ඒ කිසි බලපෑමකට යටත් වුනේ නෑ. එතුමා ඒ හැමකෙනාටම කිව්වේ මට මේ රයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට උඩින් වැඩ කරන්න බැහැ. මම එකට යටත් කියලා. අන්තිමට සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියලා දැන දැන ඒක කළේ කරු ජයසූරිය මහත්තයා තමන්ට ඕන විදිහට නම්මගන්න බැරි වෙච්ච නිසා. මට මතකයි එක දවසක් මහින්ද මහත්තයා කතානායකතුමාට තර්ජනය පවා කලා. ඒත් ඒ කාටවත් කරූ මහත්තයව බයකරන්න පුලුවන් උනේ නෑ. මට මතකයි එතුමා තමන්ට පාර්ලිමේන්තු කටයුතු හරියාකාරව කරන්න දෙන්නෙ නැතුව බාධා කටද්දි පවා එතුමා සැලුනෙ නෑ. කොහොමහරි මේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න එතුමට පුලුවන් උනා. 

මම හිතන්නේ මේ වෙලාවෙත් කරූ ජයසූරිය මහත්තය කෙටි කාලයකට හරි මේ රට භාර ගත්තොත් මේක ගොඩ දාන්න පුලුවන්. ඒ පරිනතකම එතුමට තියෙනවා. ඒ විශ්වාසය එතුමා ගොඩ නගාගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා එතුමට තියෙනවා. එතුමගෙ අතේ කුනුවත් ලේ වත් ගෑවිලා නෑ.

Sunday, May 1, 2022

කරු ජයසුරිය අලුත් තනතුරකට

 බුද්ධාගම”සිංහල ජාතිය බේරගන්න ආපු රාජපක්ෂලාගෙනව් රට බේරගන්න පට්ට ගේමක් දෙන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙයෙි බුද්ධාගමත් මුන් හිටගෙන විනාශ කරනවා. මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරුව ත‍්‍රයි නිකායික මහා නායක හාමුදුරුවරු එකතු වෙලා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ටිපි දෙකක් යවමින් අවධාරණය කළේ ඔවුන් දෙදෙනා සිය තනතුරුවලින් ඉවත් වෙලා අන්තර්වාර පාලනයක් ගොඩනගන්න කියලා.

ඒ අතරිඋන්වහන්සේලා තවත් වැඩකට අත ගහලා කියලත් ආරංචියි. ඒ තමයි ඒ හදන අන්තර් වාර රජයේ ජනාධිපති ධුරය ස`දහා කරූ ජයසූරිය මහතා පත් කරන්න. මේ යෝජනාවට කාදිනල් තුමා වගේම සිවිල් සමාජයත් බොහොම කැමතියි කියලයි ආරංචිය.
මේ ගැන අපි නම ස`දහන් කිරීමට අකමැති ප‍්‍රකට සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයෙකුගෙන් විමසුවා ම, ඔහු කිව්වේ මේ මොහෝතේ ඒ ස`දහා සුදුසුම පුද්ගලයා කරු ජයසූරිය පමණක් බවයි. ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න්ව නිදසුනට අරගෙන කිව්වේ ට‍්‍රම්ප් විනාශ කරපු රට බයිඞ්න් ගොඩ දැම්මේ ඇ`ග් හියියෙන් නොව, පරිනත බුද්ධියෙන් බවයි.
රනිල්ට වගේ කරුට දුෂණ චෝදනා ඇත්තෙත් නෑ. දවස් 52 ආණ්ඩුව වෙලාවේ කරු තමන්ගේ වැඩ හො`දට පෙන්නලත් තියෙනවා. කරුට හො`දින් ජාත්‍යන්තර සබ`දතාත් තියෙනවා. කරුගේ වයෙට් හො`ද උගත් බුදධිමත් පිරිසකුත් වට වෙලා ඉන්න්වා. කරු ඔවුන්ගෙන් වැඩ ගන්නත් දන්නවා. කරු ළ`ග ඵවුල් දේශපාලනයත් නෑ. ඒ නිසා බලේ එල්ලිලා ඉ`දගෙන් පරම්පරාවේ අය දේශපාලනයට ගේනන් ද`ගලන්නෙත් නෑ. තෙකාටින් ම කියනවනම් කරු එන එකෙන් සජිත්ට අවධානමකුත් නෑ. ආණුඩුවේ ස්වාධින පිරිසට ගැටලුවකුත් නෑ. ඒ නිසා හො`දම විකල්පය කරු කියලා ඔහු අවධාරණය කළේ.
කරු එන්නෙ අවරුද්දකට විතරලු. එයා ආර්ථිකය ශක්තිමත් කරලා, අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ සිසටම් එක චේන්ජ් කරලා අලුත් පිරිසකට පාලනය භාර දෙනවලු.
මේක කොහොම වෙයි ද කියලා නම් සැකයි. ඒත් මේ වෙනකොටත් ජාතික ලැයිස්තුවෙන් අයින් වෙලා කරුට සීට් එක දෙන්නත් කෙනෙක් ඉන්නවලු. කොහොමත් ඉදිරි සති කිහිපය ඇතුලත රටේ ලොකු වෙනසක් ඇතිවෙයි කියලයි අපිට ආරංචි. අපි බලාගෙන ඉමු මේ ගැටගුව කොතනින් කොහොම ඉවර වෙයි ද කියලා