Thursday, December 29, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කරනවාට සජිත් විරුද්ධයි?

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බාධාකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරිම කල්දැමීට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයින් පත්කිරීම අග්‍රාමාත්‍යවරයා කතානාකවරයා සහ විපක්ෂ නායකවරයාගේ ඒකඟතාවයෙනි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 10 කි. එයින් සිවිල් සාමාජිකයින් සංඛ්‍යායාව 03 කි.  සිවිල් සාමාජිකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ(29දා) පාර්ලිමේන්තු සංකීරණයේදී සාකච්ඡාවක් පැවති නමුත් එයද එකඟතාවයකින් තොරව අවසන්වී ඇත.

 මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන්වී ඇති අතර ඒ් සඳහා සාමාජිකයින් පත්කිරීමටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය යුතුය. මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් පත්කිරීමට සමගි ජනබලවේගය විරුද්ධ වීම හේතුවෙන් විපක්ෂ නායකවරයා මේ සඳහා ඒකඟතාවය ලබානොදී ඇත.

 

රතු තටු විදහා මත්තලට පැමිණි ගුවන් කුරුල්ලා


සංචාරකයින් 412 කු රැගත්  බෝයිං 777 වර්ගයට අයත් රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණියේය.

මොස්කව් සිට පැමිණි මෙම ගුවන් යානය රැසියාවේ ජාතික ගුවන් සමාගමට අයත් ඒකකි. අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරීමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ කළමණාකරු පැවසීය.

සිරිසේන කෑගැහුවට වැඩක් නැහැ - පක්ෂෙ තියෙන්නේ අපි ලඟ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ ඉතිරිව ඇති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ  පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මේ අතර විවිධ පාර්ශව විසින් ශ්‍රිලනිප සභපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන  පිරිත් පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙක් විමසූයේ ශ්‍රිලනිප  පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවෙි ශ්‍රිලනිප මහලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.