Friday, December 30, 2022

මෝදි මැතිණියගේ අහාවය පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය ශෝකය පළ කරයි

 ලෝවට මහා ආදර්ශමත් උත්තම පුරුෂ මාතාවක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ මෑණියන් වූ  හීරාබෙන් මෝදි මැතිණියගේ අහාවය  පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සිය බලවත් හෘදයාංගම ශෝකය පළ කරයි.

 


ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති   දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ මෝදි මාතාවගේ  අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ,

" වයස අවුරුදු 99 ක් ආයු වළඳා  අභාවප්‍රාප්ත වූ හීරාබෙන් මෝදි මාතාව රටට ලෝකයට වැඩදායි දරුවන් බිහි කරලීමේ උත්තුංග ආදර්ශය ලබා දුන් ගෞරවනීය භාරත මාතාවක් බවයි.

ඇය කිසිවිටෙකත් තම   පුතුනුවන් මහා ඉන්දියාවේ

අගමැති බව නොසැලකූ ,එම වරප්‍රසාදයන් තම ජීවිතයේ කොටසක් කර නොගත්,තමා  ගතකළ සාමාන්‍ය ජීවිතයෙන්  මතකට හෝ ඔබ්බට නොගිය මහා ආදර්ශමත් මාතාවකි.

ඇයගේ ඒ නිහතමානිත්වයට ඉන්දියානුවන් පමණක් නොව ලෝකවාසී ජනතාව ද මහත් ගෞරවයෙන් සැලකූහ.

ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි  අගමැති තුමන් සිය  මෑණියන්ගේ අභාවයේ දී ප්‍රාර්ථනා කළ පරිදිම  "මහිමාන්විත ශතවර්ෂයක් දෙවියන් වහන්සේගේ පාමුල රැඳේවා" යන්න අපිදු ඇයට ප්‍රාර්ථනා කරමු.

බුදු දහමට අනුව අපි ඇයට නිවන් සුව පතමු.

 

පූජ්‍ය බානගල උපතිස්ස

සභාපති

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය