Friday, July 15, 2022

අරගලකරුවන්ට පක්ෂයි, කැරලිකරුවන්ට විරුද්ධයි. - රනිල්


 19 කඩිනමින් බලාත්මක කරනවා - වැඩබලන ජනපති ලෙස දිව්රුම් දෙමින් රනිල් කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් කඩිනමින් බලාත්මක කිරීමට පියවර ගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිව්රුම් දෙමින් අනතුරුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

, ලබන සතියේ පත් වන ජනාධිපතිවරයාට අදාළ කටයුතු ඉදිරියට සිදු කර ගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන බවත්, මින් ඉදිරියට ජනාධිපතිවරයා හැඳින්වීමට අතිගරු යෙදීම සහ ජනාධිපති ධජය නීත්‍යානුකූලව ඉවත් කරන බවත්, වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී  වැඩිදුරටත් පැවසීය.


අරගලය ආරම්භයේ සිට සිටි පිරිස් අද වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවල නියුතුව සිටින කලහකාරීන්ගේ ක්‍රියා අනුමත නොකරන බවත් හෙතෙම පැවසීය. බිඳ වැටී ඇති දේශය ගොඩනැගීමට මේ මොහොතේ සියලු දේශප්‍රේමී පිරිස් එකට එක්තු විය යුතු බව අවධාරණය කළ වැඩ බලන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවෙන් පත්වන නව ජනාධීපතිවරයාට රට ගොඩ නැගීමට සහාය ලබා දිය යුතු බවත් අවධාරණය කළේ ය.

ගෝටා ඉවත් වීමෙන් පසු නැවතත් ඩොලර් එයි.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට නැවත නීත්‍යානුකූල ක්‍රමයට ඩොලර් මෙරටට එවීමට පටන් ගෙන බවට ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත්, රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත්වීමත් හරහා මෙරට ව්‍යාපාරිකයන්ට ද යම් විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ම මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ ජයග්‍රහණයෙන් උදම් නොවී පුළුල් ආර්ථික ප්‍රතිසංස්කාරණ සඳහා යොමු විය යුතු බවයි. ඒ සඳහා මෙරට සහ විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලංකිකයන්ගේ ද සහයෝගය අත්‍යවශ්‍ය වන බව ද ඔවුන්ගේ අදහසයි.

මේ මොහොතේ විදේශගත ශ්‍රී ලාංකිකයන් පොරොන්දු වූ පරිදි නැවත නියමිත ක්‍රමයට රටට මුදල් එවීමට කටයුතු කිරීම පිළිබඳ අප සැමගේ ස්තූතිය හිමි විය යුතු ය.