Thursday, November 24, 2022

ගල් අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් වඩා කාර්යක්ෂම වේවි - කාංචන

 


රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි වේලාවට ලබාගැනීම අපොහොසත් වී ඇති බවත් ඇතැම්විය අඩුම මිලට ගැනීමටද නොහැකි බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගල්අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවයා මේබව පැවසු අතර ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට ලබාදුන්නහොත් මීටවඩා කාර්යක්ෂමව අඩු මුදලට ගල්අගුරු ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යරයා කීවේය,

“විගණකාධිපතිට යටත් කරලා තියෙන රජයේ ප්‍රසම්පාදනය තමයි තිබෙන ලොකුම හොරකම. ඒකට ඉදිරිපත්කරලා තියෙන මාර්ගෝපදේශ පත්‍රිකා හදලා තියෙන්නේ සැපයුම්කරුවො දෙන්නෙක් තුන්දෙනෙක්ට එන්න පුළුවන් විදිහට විතරයි. අනිත් අයට ඉල්ලුම්කරන්නවත් බැහැ.  ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් ඒක අපි කරනවාට වඩා ඉක්මනට අඩුවෙන් කරන්න පුළුවන්. බඩුටිකත්ඉක්මණින් ගෙන්න පුළුවන්. හැබැයි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිව්වාම නිලධාරීනුත් අපහසුතාවයට පත්වෙනවා. අවම මිල ගණන්වලටත් වඩා වැඩියෙන් තමයි ගන්න වෙන්නේ.

ඒ වගේම විදුලිය සම්බන්ධ ප්‍රශ්නයක අපි ඉන්නේ. ඒ නිසා ගාස්තු අඩුකරන්න හෝ විදුලිය නොමිලයේ  දෙන්න බැහැ. මොකද දැන් තියෙන්නේ අපිට මුදල් නැති නිසා අවශ්‍ය ඉන්ධන ගන්න බැරි ප්‍රශ්නයක්. මේ නිසා රජයේ ගොඩනැගිල වලට ආගමික සිද්ධස්ථාන සහ තෝරාගත් ගොඩනැගිලි වලට සුරියපැනල  ලබාදීමට අපි කටයුතු කරනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

හිටං හුටං කියන දේවල් අපිට අදාළ නැහැ - ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ

 

 

 

“ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ.  පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා” යැයි නිදහස් පක්ෂයේ මතුව තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට  මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. එමෙන්ම තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ද එහිදී ප්‍රකාශ කළහ.  

ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 09 දෙනෙකු කොළඹදී මෙම  විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා - "මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ ගැන. ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ"

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර - "හිටං හුටං කිව්වේ දයාසිරි. එහෙම කියපු අය ලේකම් කරලා පක්ෂය විනාශ කළා. පක්ෂයේ සභාපති ඇමතිකම් ගැන ඇහුවේ දයාසිරිලා, ශාන්ලා සාකච්ඡාවට ගියේ. මහවැලි ඇමතිකම බලාපොරොත්තු වුණා. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති යටතේ තියාගත්තා. මහවැලියේ වැලි කපන්නද දන්නේ නැහැ. තවත් කෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලුවා. නොලැබුණු නිසා දැන් හිතේ අමාරුවෙන් ඉන්නේ. මේ අයගේ පැටිකිරියේ ඉතුරු ටික හෙට කියනවා."

දුමින්ද දිසානායක - "දින 52 ආණ්ඩුවේ අපි කවුරුත් දන්නේ නැතිව.. මහින්ද මහත්තයා අගමැති කළා. එදා මහින්ද මහත්තයා හොඳයි. අපිටත් පක්ෂය ඇතුළේ තිබෙන අර්බුදය තමා අවුල."

ප්‍රශ්න - "ඔබතුමා වගකීමෙන් කියනවද, ඔබතුමා ආණ්ඩුවට එකතුවෙන්න හදන්නේ ඇමති ධුරයක් ගන්න නොවෙයි කියලා ?"

"වගකීමක් භාර දුන්නොත් මම ඒක ඉටු කරනවා. 225ටම වගකීම් භාරදෙන්න"

ප්‍රශ්න - "ඔබතුමන්ලාගේ ඒකායන බලාපොරොත්තුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්ක කටයුතු කිරීමද ?"

"පැහැදිලිව නැහැ. අවශ්‍ය හරි දේ සිදු කිරීම මිස නායකයින් පසුපස යාම නොවෙයි."

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, "පළමු 11 දෙනාගේ කණ්ඩායමනේ මේ ඉන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ"

ප්‍රශ්න - "දැන් මේ ටීම් එක දාලා ගස්සන්න පුළුවන්ද ?"

"පුළුවන්.. පුළුවන් මොනවද කියන්නේ, හොඳ බැට්ස්මන්ලා ඉන්නවා, බෝලර්ස්ලා ඉන්නවා."

 

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, "ඔය දෙන්නට පුළුවන්නම් කියන්නකෝ කුරුණෑගල එක ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්වන්න කියලා, ටැංකිවල ඉන්නවා ටැංකි සුද්ධකරන මාළුවෙක්. ටැංකි සුදා කියලා කියන්නේ, ඒ වගේම තමයි ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සුදා සුද්ධ කරනවා. ACCOUNT එකත් එක්කම. ඒ ඔක්කොම සුද්ධ කරලා ටැංකි සුදා පක්ෂයත් සුද්ධ කරලා ඉවර කරන්න තමයි දැන් හදන්නේ. නයා මැරුණම අහිකුණ්ඨකයාට සෙනඟ එන්නේ නෑනේ, නයා නටවනකොටනේ සෙනඟ එන්නේ, මෙතන නයි ටික ඉන්නවා අහිකුණ්ඨකයෝ එතන ඉන්නවා."

ලෝක කුසලානයට සහභාගීවූ නිලධාරීන්ට දිනකට ඩොලර් 800ක් ගෙවලා...



පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුනනේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.

 

මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්    පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය ‍ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ විය. සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ.

එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දුන්හ.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  රෝහණ දිසානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සරත් වීරසේකර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරළ, චින්තක මායාදුන්නේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, මොහොමඩ් මුසාම්මිල්, මුජිබර් රහුමාන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.