Monday, October 14, 2013

ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ක්‍රීඩකයන් රට හැර යයි.


sri-lanka-cricket-141013

මෙම ක්‍රීඩයන් වෙනත් රටවල කණ්ඩායම් නියෝජනය කිරීම සදහා බලාපොරොත්තු වන බවත් මේ තත්වය සදහා බලපා තත්වයන් සාධාරණ වූ ඒවා බවට ඔවුන් විසින් කරුණු තහවුරු කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත තත්වයේ පැවැතීමත් ඔවුන් විසින් ක්‍රීඩකයින් සදහා ගෙවනු ලබන මුදල කිසිසේත්ම යැපීම සදහා හෝ ප්‍රමාණවත් නොවීම මේ තත්ත්වය සදහා හේතු වී ඇති බවද ඔවුන් විසින් කරුනු තහවුරු කර ඇත.ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් කණ්ඩායම හැරයාමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෑත භාගයේ ක්‍රිකට් වරම් ලැබූ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ගෙවනු ලබවන මුදලින් 50%වත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට නොගෙන බව ඔවුන්ගේ චෝදනාවන් වේ. කෙසේ නමුත් මෙහි බරපතල තත්වය වන්නේ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන කුමා සංගක්කාර, මහේල. තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් මෙම පියවර ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ පියවරයන් සදහා ඔවුන් සදහන් කරන අන්දම ක්‍රිකට් පාලනාධිකාරියේ දූෂිත තත්වයන් හේතු වන බවත් ක්‍රිකට් ආයතනයේ පහල සේවකයා පවා මුදල් හම්බ කරන තැන සිටින බවත් ඔවුන් විසින් ක්‍රීඩකයන්ට වඩා ඉහල වේතනය ලබන බවත්ය. අදාළ තත්වයන් සම්බන්ධයෙන් සියලු තොරතුරු ක්‍රීකඩයන් විසින් මාධ්‍ය හමු පවත්වා රටට හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද ආරංචි මර්ග වැඩිදුරටත් තහවුරු සිටී.

උතුර කොලබ වෙයි,උතුරේ ගණිකාවන් බහුල වේ

,

jprostයුද්ධයෙන් විපතට පත්වු උතුරේ කාන්තාවන් ගණිකා වෘත්තියට පිවිසීමේ ඉහල ප‍්‍රවණතාවක් ඇතැයි හඳුනාගෙන තිබෙනවා. රජයේ වාර්තා උපුටා දක්වමින් අයි.ආර්.අයි.එන් වෙබ් අඩවිය පවසන්නේ ස්වාමි පුරුෂයන්, පියවරුන් හා සහෝදරයන් යුද්ධයෙන් මියයාම හෝ අතුරුදන්ව වීම නිසා උතුරේ කාන්තාවන් 59,000ක් පමණ ඔවුන්ගේ පවුල්වල ප‍්‍රධාන ආදායම් උපයන්නන් බවට පත්ව සිටින බවයි. ඔවුන්ගෙන් 7000ක් පමණ දැනටමත් ගණිකා වෘත්තියට පිවිස ඇතැයි යුද්ධයෙන් විපතට පත්වු කාන්තාවන්ගේ සම්මේලනයේ සභාපති විශාඛා ධර්මදාස මහත්මිය ප‍්‍රකාශ කර තිබෙනවා. 

වරාය සභාපති දකුණේ මැතිවරණයට !

Priyan mahinda 13-10-13ශ්‍රී  වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු  වික්‍රම මහතා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
හම්බන්තොට වරාය ඉඳි කිරීමේ නියමුවා වූ වික්‍රම මහතා, හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් දකුණු පළාත් සභාවට ඉදිරිපත් කල යුතු බවට යෝජනා කර ඇත්තේ, ජනාධිපති ජේෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ලෙසම දකුණට ද මහ ඇමති අපේක්ෂකයකු නම් නොකොට සන්ධානයේම කිහිප දෙනෙකු අතර තියුණු තරඟයක් ඇති කොට සන්ධානයේ ජන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවද පැවසේ.