Wednesday, July 13, 2022

රනිල්ට කෙලවන රාජපක්ෂ ගැටේ







රනිල් පැන්නීමට රාජපක්ෂ කඳවුරේ සුක්ෂම සැලැස්මක් සුදානම් -  ඩලස් අලහප්පෙරුම ජනපති කිරීමේ සැලසුමට සජිත්තුත් පටලවා ගනී

පොහොට්ටු මන්ත්‍රී  ඩලස් හිටි හැටියේ රාජපක්ෂ විරෝධියෙකු බවට පත් කොට  වෙස් පෙරලවයි 


………………………………

 

පවතින දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට පොහොට්ටුව නැවත වතාවක් වෙනස් මුහුණුවරකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ සූදානමක් පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත් වීමට නියමිතව තිබෙනවා.

 

කෙසේවෙතත් ඉන්පසුව නව ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති අතර එම අවස්ථාවේදී පොදුජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල සූක්ෂම ලෙස නැවත වතාවක් රාජ්ය් බලය අත්පත් කර ගැනීමට සැලසුමක් සකස් කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.

 

මේ සඳහා ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 ද සම්බන්ධ කර ගැනීමට කටයුතු සුදානම් කර ඇති අතර මේ කටයුතු සම්බන්ධිකරණ කිරීම සිදුකරන්නේ විසිරුවා හරින ලද රජයේ අමාත්‍යධුරයක් දරු මාධ්‍ය ආයතනයක් ද හිමි ව්‍යාපාරිකයෙකි.

 

එම සැලසුම ක්‍රියත්මක වන ආකාරය පිලිබඳ මේ වන විට අප වෙත් තොරතුරු ලැබී තිබෙනවා.

 

ජනතා අප්‍රසාදයට ලක්ව ඇති පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා ට ඇති බවට මාධ්‍ය ඔස්සේ පුවත් නිර්මාණය කොට ඔහු කෙරෙහි ජනතා අප්‍රසාදයක් නිර්මාණය කිරීම එහි පළමු සැලසුමයි.

 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සඳහා මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට රුපියල් කෝටි ගණනින් ලංසු දමා ඇති බව පවසමින් තව දුරටත් ජනතාව තුළ රනිල්    වික්‍රමසිංහ මහතා පිළිබඳව  ජනතා අප්‍රසාදය  දියුණු කිරීම  එහි අනෙක් සැලසුමයි.


 මේ වන විට  විපක්ෂයේ බහුතර බලය  හිමි සමගි ජන බලවේගය පක්ෂය ද එම කුමන්ත්‍රණයට  සම්බන්ධ කර ගැනීමට  ඔවුන් සූක්ෂමව  සැලසුම් කර  ඇති බවද  දැනගන්නට තිබෙනවා.


  එහිදී ඩලස් අලහප්පෙරුම සහ   සජිත් ප්‍රේමදාස පාර්ශවය අතර  සහයෝගීතාවයක්  නිර්මාණය කොට    ඩලස් අලහප්පෙරුම මහතා  ජනාධිපති ධුරයටත්   සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයටත්  පත්කර ගැනීමට  එකඟතාවය පළ කර ගෙන ඇති බවට ද  දැනගන්නට තිබෙනවා.

 

රාජපක්ෂ පාලනය පිළිබඳ කලකිරී  සිටින   පොහොට්ටුවේ කණ්ඩායම සහ  විපක්ෂයේ පිරිස  අතර ඒකාබද්ධ සන්ධානයක් ලෙස  මෙය ජනගත කිරීමට  නියමිතව තිබෙනවා.


මෙම  සූක්ෂම සැලසුම පොදුජන පෙරමුණේ සහ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් වසන් කරමින්   මාධ්‍ය  මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද  විශාල මුදලක් වැය කර ඇති බවට  තොරතුරු දැන ගන්නට ලැබෙනවා.


 එමෙන්ම  පොදුජන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම   හිටිහැටියේම රාජපක්ෂ විරෝධියකු බවට පත් කර පෙන්වීමට අදාළ මාධ්‍ය ක්‍රියාන්විතයක් ද මීට සමගාමීව පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක වුණා.

  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අස්විය යුතු බව  ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 47 දෙනකු  සදහන් කරන බව දක්වමින්  නිර්මාණය වූ පුවත, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බව දැක්වුණු පුවත මෙන්ම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න නම්  රාජපක්ෂ පවුලේ හිතවතෙකු   පත්කර ඇති බවට  වාර්තා වූ පුවත ද  මේ අයුරින්  ඩලස් අලහප්පෙරුම පාර්ශවය සහ  රාජපක්ෂ පාර්ශවය අතර  විරසකයක් පවතින බව  සමාජයට ඒත්තු ගැන්වීම සඳහා  නිර්මාණය කරන ලද  සිද්ධි සහ අවස්ථා  මේ වන විට හෙළිව තිබෙනවා.

  මේ සියල්ල සිදුවන්නේ මැයි නව වැනිදා සිදුවූ ප්‍රහාරය සමඟ  රාජපක්ෂ කණ්ඩායම  රනිල් වික්‍රමසිංහ  සිය ගැලවුම්කරුවා බවට පත්කරගත් නමුත්  පසුව  ඔවුන් අතර දැඩි විරසකයක්  නිර්මාණය වී ඇති පසුබිමකයි.

   ආර්ථික කළමනාකරණයට  අදාළ ප්‍රධාන ආයතන වලට  ප්‍රධානීන් පත් කිරීම,මුදල් අමාත්‍යාංශයේ කටයුතු පාලනය කිරීම, පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්  එක්සත් ජාතික පක්ෂයේ  හිටපු  ඇමතිවරුන්  කිහිපදෙනෙකුට  අවස්ථාව ලබා දීම  වැනි යෝජනා සහ තවත් සිදුවීම් කිහිපයක්  සම්බන්ධයෙන්  මෙම මත ගැටුම නිර්මාණය වී තිබුණා.


  මෙරට  ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන   ධම්මික පෙරේරා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට   බරපතළ ප්‍රහාරයක් එල්ල කරන්නේ   එම විරසකය ප්‍රතිඵලයක් ලෙසයි.


  අවසන් මොහොතේදී   රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු  සිය දේශපාලන කීර්තිනාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්  රාජපක්ෂ  කඳවුරට බරපතල ලෙස බලපෑම් ඇති කළ හැකි  තීන්දු කීපයට අවතීර්ණ වීමට සූදානම් වන බවට  ලැබී ඇති තොරතුරු ද  රනිල් වික්‍රමසිංහ මහතාගේ  දේශපාලන ගමන අවසන් කිරීමට  රාජපක්ෂලා තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවද පැවසෙනවා.


 රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම පිටුපසද  මීට සම්බන්ධ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ද  කතාබහක්  මේ වන විට නිර්මාණය වී තිබෙනවා.


ඔන්න අහගනිං පැතුම් කර්නර් vs අනුරුද්ධ බංඩා ස්ටෝරිය





මේ වෙලාවෙ උබලා දන්නවා ලොකු තරඟයක් තියෙනවා පැතුම් කර්නර් සහ අනුරුද්ධ බංඩාර අතර.. 😂

දෙන්නා මුලින් එක පතේ බත් කෑවෙ.. අමුඩෙයි  ෆුෆයි වගෙ ලව් එකෙ හිටියෙ. පැතුමගෙ ගෝලයා ඒ කාලේ බංඩා. පස්සෙ පස්සෙ දෙන්නා එක එක ඒවට නොරොක් උනා.. ඒක පොඩ්ඩක් වැඩි උනා බංඩා ලොකප් උනාට පස්සෙ. බංඩා හිරේ ගිහින් ෆලෝවර්ස්ලා ටිකක් හැදුනම ඌ කල්පනා කරන්න ඇති

" කෞ ද ඩො පැතුම් කියන්නෙ? මමනෙ මෙතන ෆේමස්ම පොර " කියලා.😂

ඒ පාර පැතුම්ට මුක්කු ගහන් හිටපු බංඩා එලිපිටම වෙනම ගමනක් යන්න ගත්තා. ආරංචි විදියට බංඩා පෙරට්ටෙක් උනා!! ( රහසිගත ආරංචියක් අනූව මේ වෙද්දි බංඩා පෙරට්ටෙක්) 

දැන් දෙන්නම අරගලේ බොස්ලා.. එකිනෙකාට සෙකන්ඩ් වෙන්න පදිරි වෙන්න කැමති නැති බොස්ලා.

මුං දෙන්නගෙන් එකෙක්ටවත් සැබෑ අරගලයක් කරන්න ඕන්නෑ කියලා මන් උබලට මුල ඉදන් කිව්වා. උබලා මාව කන්න හැදුවනෙ. දැන්වත් මොලේ ඇතුව හිතහන්

මුල ඉදම් මංදිර අල්ලන පික් ශුව තදටම තිබ්බ මංදිර මේනියාකාරයා තමා බංඩා.. ඌ මංදිර ටික හිතේ හැටියට කෑවා.. ඌ හිතුවා ඒකෙන් ඌට දේශපාලන ප්‍රතිරූපයක් හදාගන්න. ඇත්තටම මොලේ කලදක් නැති අලබෝල අතර ඌ එහෙම ඉමේජ් එකක් හදා ගත්තා.. 😂

එක පාරම මේ මහා විනාසෙට මිනිස්සු එකා දෙන්නා එරෙහි වෙද්දි බංඩා කල්පනා කලා දැන් මේ වැඩේ ඇති. මේ මංදිර ඇල්ලීම දිගටම කලොත් උගෙ අනාගත දේශපාලන ජිවිතේට ලොකු අනාගතයක් නෑ කියලා.

ඒ අස්සෙ ටික දවසක් යට ගිහින් හිටපු පැතුම් කර්නර්ට මේක කාලා ඇදලා ඉන්න බැරි උනා. ඌ බය වුනා බංඩා ඌට වඩා අරගලේ පොරක් වෙයි කියලා.😂😂

ඒ බය වුන පාර පැතුමා පොඩ්ඩක් ටූ ලේට් වෙලා හිතුවා 

" මෙවෙලෙ අහිමි උන ජනප්‍රියත්වය රැකගන්න තියෙන හොදම විදිය බංඩා වගේ මංදිර අල්ලන්න යෑම කියලා"

පැතුමා ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තමුන්ගෙ ලයිව් වලින් මිනිස්සු මෙහෙයවන්න ගත්තා කථා නායක නිවස හා පාර්ලිමේන්තුව වටලන්න.. 😁

හැබැයි මේ වෙද්දි බංඩා තේරුම් අරන් හිටියේ තව තව මංදිර අල්ලන්න ගියොත් තමුන්ට යන එනමං නෑ කියලා. ඒ වගේම නීතීඥ සංගමෙන් බංඩාට අවවාද ලැබුනා 

" ඔහේ තව තව මංදිර අල්ලලා ලොකප් උනොත් ඔන්න මේ පාර අපි නෑ පුතෝ කියලත්"

මේ ඔක්කොම කල්පනා කරපු බංඩා පටස් ගාලා හොඳ බබා වෙලා තමුන්ගෙ ට්‍රැක් එක මාරු කලා😂😂

මෙච්චර කල් මංදිරමේනියාව ඉස්මුරුත්තාවට ගිහින් තිබුන බණ්ඩා පෝස්ට් දාන්න ගන්නවා මැරිලා ඉපදිලා වගේ

" ගොඩනැගිලි අත්පත් කරගැනීමෙන් අප ලබන ජයක් නැත @ කියලා😂😂

එහෙම දාලා පැතුමාගෙ පාර්ලිමේන්තුව වැටලීම අලකරන්න හදනවා..😂😂

එතකොට බණ්ඩාට දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගත්තෑකි..

මේ ස්ටෝරිය කියවලා උබලම තීරණෙ කරපන් අනුරුද්ධ බංඩාරද? පැතුම් කර්නර්ද වඩාත්ම කපටි කියලා 🤣🤣

මේවා උබලට කොටලා පෙව්වත් වැඩක් නෑ. තව ජාතික වීරයො දෙන්නට දිදී හිටපල්ලා.  මැටි භාජන ටික 😂😂

පුළුවන් නම් තේරුම් ගනින්! නැත්තම් මටම බැනපන්! 

Chanya Herath ✍🏻

අරගලයේ සැබෑ අරමුණ ජය ගැනීමට වෙහෙසෙමු


මාස තුනක අඛණ්ඩ අරගලයකින් පසු මෙරට පොදු ජනතාවට අති විශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකි විය. ඒ රාජපක්ෂ පවුල මෙරට දේශපාලන භූමියෙන් අතු ගා දැමීමට හැකිවීමයි. එහෙත් තවම අප ජය පැන් බී කිරිබත් කෑමට කලබල නොවිය යුතු ය. මන්ද අපට තව දිනා ගත යුතු දේ බොහෝ වන නිසාවෙනි. මෙහි දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ රාජපක්ෂ පාලනය විසින් ගොඩ නැගූ රාජපක්ෂවාදය පරාජය කිරීමට කටයුතු කිරීමයි. 




රාජපක්ෂවරු මේ රට පාලනය කළේ ජාතිවාදය, ආගම්වාදය හැකිතරම් අවුලුවාලමිනි. එහෙත් ඒ සියලු බේද අරගලයේදී සී සීකඩව බිඳ වැටුනි. මෙරට තරුණ ප්‍රජාව සියලු බේද පසෙක ලා එකා මෙන් එකට එකතු විය. වර්ගවාදය විනාශ විය. අපි එහි උතුම් පල මේ මොහොතේ නෙලා ගත යුතුය. මේ රට තුල ජාතිවාදයට, ආගම්වාදයට නැවත ඉඩක් නොමැති බව ලෝකයාට ඒත්තු ගැන්විය යුතු ය. 


ඊට ඇති හොඳම විසඳුම M.A සුමන්තිරන් මහතා ජනාධිපති කරවීම ය. ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. අවංක දේශපාලඥයෙකි. ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකි. ඔහට්මෙත්න්තුර සඳහා ඇති එකම නුසුදුසු කම නම් දමිළ ජාතිකයෙකු වීම පමණි. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි මේ මොහොතේ කළ යුත්තේ එවැනි නායකයෙකුට බලය ලබා දීමය. 


දෙමළ ඩයස්පෝරාව සතු අරමුදල් අප රටේ සංවරධනයට දායක කර ගැනීමට ද ඔහුට හැකියාව පවතී. එසේ නම්. අපි අලුත් පරපුරේ දියුණු චින්තනය ලෝකයට ප්‍රදර්ශනය කරමු. අපේ රට වෙනුවෙන් ජාති ආගම් බේද පසෙක ලා එකා මෙන් නැගී සිටිමු. 


මේ අපේ රටයි. දියුණු මිනිසුන් ලෙස අපි අපේ රට ගොඩනගමු. ජාති ආගම් බේද පසෙක ලමු.