Thursday, May 5, 2022


 පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් ඊයේ (05) භාර දී තිබෙනවා.


ඒ, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය මතය දක්වමින්.


එම ලිපිය මගින් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එය ඉල්ලා අස්විය යුතු බවද එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතු බවද සිය විශ්වාසය බවයි.


නමුත් විශ්වාසභංග යෝජනාවක් bහරහා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයට අදහසක් තිබිය යුතු බව ඔවුන් විසින් ප්‍රශ්නර කර තිබෙනවා.


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා උසස් නිලධාරීන්ගේ තනතුරුවල වෙනස්කම් කිහිපයක් කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.


ඒ අනුව ජනාධිපති ආරක්ෂක සේනාවේ සහාය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.


එමෙන්ම පුත්තලම භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ජනාධිපති ආරක්ෂක සේනාවේ පොලිස් කණ්ඩායම් භාරව පත්කර තිබෙනවා.


මේ අතර බුද්ධි හා ආවේක්ෂණ අංශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ටී. ජයලත් ඇතුළු සියයක පොලිස් බුද්ධි අංශ කණ්ඩායමක්ද ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා පත්කර ඇති බවද වාර්තා වනවා.


මේ අතර ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 04 වනදා ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වා ඇති බවද පුවත්පත් කිහිපයක් වාර්තා කරනවා


 2018 වසරේ මැයි 24 වනදා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ බව කියන සිද්ධියට අදාළව වසර 03 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (05) නියෝග කළා.


මෙම පුද්ගලයන් 14 දෙනාට අමතරව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ තවත් සැකකරුවන් 7 දෙනෙකු ඇප මත මුදාහැරිමටයි.


නිදොස් කොට නිදහස් කර සැකකරුවන් 14 සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.


ඒ අනුව අධිකරණය ඔවුන්ට නිදහස ලබාදී තිබෙනවා.

 පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා.


ඒ ‘හොරු ගෝ ගම’  නමින්.


ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු මාර්ගයට ශිෂ්‍ය අරගලකරුවන් ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.


විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි දීර්ඝ පා ගමන හයිලෙවල් – නුගේගොඩ හරහා රාජගිරියෙන් පැමිණියේ බත්තරමුල්ල වෙතයි.


ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු සඳහා මාර්ග බාධක යොදා වසා දමා තිබූ පාර්ලිමේන්තු මාවතට උද්ඝෝෂකයින් ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.


ඒ පොලීසිය සහ අරගලකරුවන් අතරයි.


යොදා තිබූ පොලිස් මාර්ග බාධක බිඳ හෙලමින් ඉදිරියට ගමන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.


ඉන් අනතුරුව විරෝධතාකරුවන් සිය අරගලය නොනැවතී රැගෙන යාමට ඊයේ රාත්‍රියේ දී බිඳ දැමූ පොලිස් මාර්ග බාධක උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මාවත අවට රැය පහන් කිරීමට අට්ටාල සැකසීම ආරම්භ කෙරුණා.


ඒ අනුව අරගලකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට ඊයේ රෑ වනවිටත් වැල නොකැඩී විව්ධ පාර්ශ්වයන් ඉදිරිපත් වුණා.




 විමල්- ගම්මන්පිල-ගෝටා තුන්කොන් ප්‍රේමයට කරූ වැට බදියි ද?

 

ජවිපෙ ලාංඡනේ  වෙච්ච සීනුවේ ගෙඩිය කියල ඉස්සර කිවුවේ විමල් වීරවංශට. ගම්මන්පිල කියන්නෙත් ඒකාලේ නමක් දිනාගත්තු නායකයෙක්. එත් අද වෙනකොට මේ දෙන්න දකිනකොටත් මිනිස්සුන්ට  උඹ නොදකින් කියන තරමටම එපා වෙලා ඉවරයි. රාජපක්ෂවරුන් එක්ක ඔවුන්ට කඩේ ගිය නායකයෝ සේරම ජනතාව ප්‍රතික්ෂේප කරන්න අරන් ඉවරයි. එනිසා විමල්- ගම්මන්පිල කියන්නේ තවදුරටත් දේශපාලන සරණාගතයෝ දෙන්නෙක් විතරයි කියල අපි හැමෝම දන්නවා. ඉතින් මිත්‍රවරුනි මේ නිර්ලජ්ජිත දේසපාලුවෝ දෙන්න කියන සුරංගනා කතා කවුද ගණන් ගන්නේ?

අවලස්සන ඇමෙරිකානුවෙක් එක්ක හාද වුන අවලස්සන බීච් බෝයිස්ලා දෙන්නෙක් වගේ ඒ දෙන්න අයෙත් බැසිල් ගෝටා එක්ක එකතුවෙලා. ඉස්සරහ හිටිය මහත්මා දේශාපාලනය කරපු නායකයෝ එක්ක බලද්දී මේ මිනිස්සු මොක්කුද කියලත් හිතෙනවා. ඩී එස් සේනානායකගෙන් ආරම්ඹ වෙච්ච මහත්මා දේශපාලනය චන්ද්‍රිකා මැඩම් ගෙදර යනවත් එක්කම ඉවර වුනාද කියලත් හිතෙනවා. ඉස්සර් නායකයෝ මොනා වුනත් තමන්ගේ ගෞරවේ තියාගෙන හිටිය. කොහොම වුනත් මේ සිදධි අතරේ තව අපූරු දේකුත් වෙලා තියෙනවා. ඒතමයි හිටපු කතානයක කරු ජයසූරියත් මේ අවලස්සන බීච් බෝයිස්ලා දෙන්නට තරවටු කරලා තියෙනව. රට විකුණන් නැතිව පාඩුවේ ඉන්නවා අයිසේ කියල කරු මේ දෙන්නටම බැනල තියෙනව. එවෙලාවේ විමල්ගෙයි ගම්මන්පිලගෙයි කටවල් ඉබේම වැහිලා තියෙනව. දින 52 කට මහින්ද අගමැති කරලා කරූට අපහාස කරපු අය අතරෙත් මේ දෙන්න ඉස්සරහින්ම හිටිය. කොහොම වුනත් ඒ වෙලාවෙත් කරු මේ දෙන්නව ගණන් ගත්තේ නෑ. මොනා වුනත් කරු ජයසූරියට මේ දෙන්නට එහෙම කතා කරන්න බයවෙන්න හේතුවකුත් නැනේ. එනිසා විමල්- ගම්මන්පිල-ගෝටා තුන්කොන් ප්‍රේමයට කරූ වැට බදියි ද?