වර්තමානය වන විට ධීවරයන් ප්‍රශ්න රැසකට මුහුණ දී
සිටින බවත් ඔවුන්ට ඉතා කඩිනමින් සාධාරණය ඉටුවිය යුතු බව පවසමින් හම්බන්තතොට දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේ උපවාසයක් ආරම්භකළේය.
Sunday, November 20, 2022
ධීවරයින් වෙනුවෙන් දීලීප් විනාඩි 03 ක උපවාසයක්
දුම්කොළ සමාගමේ පදයට නටන දේශපාලඥයෝ සහ නිලධාරින්
බදු වැඩිකිරීමට සාපේක්ෂව දුම්වැටිවල බදු වැඩි නොකිරීම සිදුනොකළේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇති බවද ඒ හේතුවෙන් සිදුකළ යුතු බදු සංශෝධන සිදුකරනු වෙනුවට ඔවුන් ඒවා අමතක කරන බවද විපක්ෂ නායක ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
රටේ ආර්ථික අර්බුදයක් තිබුණද දුම්කොළ සමාගම් ලාබ පිට ලාබ ලබන්නේ මේ හේතුවෙන් යැයිද සීනි බදු වංචාවෙන් රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගයේ රජයක් යටතේ නැවත අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA” රටවල් සූදානම
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA” රටවල් කැමැත්ත පළකර තිබේ. මෙක්සිකෝව, ඉන්දුනීසියාව,
කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්
වලින් සැදුම්ලත් මික්ටා “MIKTA”
සංවිධානය
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ බහුපාර්ශවීය හමුවක්
කොළඹදී පැවැත්විය.
ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට
මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර
ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ මූලික
අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් මේ සඳහා එක් වූ මික්ටා “MIKTA” සංවිධානයේ නියෝජිතවරු එකඟතාවය පළ කළහ.
විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ අතර ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට එම නියෝජිතයින් ඉහළ ප්‍රසාදය පළ කළහ.
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගස්ටිනා ටෝබිං ( Dewi Gustina Tobing),ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දිමෙත්
සිකර්සෝග්ලු (Demet Sekercioglu),ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල්
ස්ටෙෆන්ස් (Paul
Stephens) ශ්‍රී ලංකාවේ මෙක්සිකානු කොන්සල් ජනරාල් මොහාන් පණ්ඩිතගේ යන
මහත්වරුන්ද, එම රටවල නියෝජිතයින් පිරිසක් හා සෞඛ්‍ය
අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මේ
අවස්ථාව සඳහා එක්ව සිටියහ.