Monday, May 2, 2022

එහෙමයි කරු



මට දවස හරියටම මතක නෑ. 2018 නොවැම්බර මාසෙ දවසක්. කතානායකතුමාගේ කාර්‍යාලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පිරිලා තිබුනෙ. කතානායකතුමත් විශාල පීඩණයකින් හිටියේ. ඒ හැමදෙනාම කතානායකතුමාට පුදුම විදිහට බලපෑම්  කළා මහින්ද මහත්තයාව අගමැති විදිහට පිළිගන්න. කිසිම විදිහකින් වත් විශ්වාසභංගයකට ඉඩ දෙන්න එපා කියලා. එතුමා ඒ කිසි බලපෑමකට යටත් වුනේ නෑ. එතුමා ඒ හැමකෙනාටම කිව්වේ මට මේ රයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට උඩින් වැඩ කරන්න බැහැ. මම එකට යටත් කියලා. අන්තිමට සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියලා දැන දැන ඒක කළේ කරු ජයසූරිය මහත්තයා තමන්ට ඕන විදිහට නම්මගන්න බැරි වෙච්ච නිසා. මට මතකයි එක දවසක් මහින්ද මහත්තයා කතානායකතුමාට තර්ජනය පවා කලා. ඒත් ඒ කාටවත් කරූ මහත්තයව බයකරන්න පුලුවන් උනේ නෑ. මට මතකයි එතුමා තමන්ට පාර්ලිමේන්තු කටයුතු හරියාකාරව කරන්න දෙන්නෙ නැතුව බාධා කටද්දි පවා එතුමා සැලුනෙ නෑ. කොහොමහරි මේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න එතුමට පුලුවන් උනා. 

මම හිතන්නේ මේ වෙලාවෙත් කරූ ජයසූරිය මහත්තය කෙටි කාලයකට හරි මේ රට භාර ගත්තොත් මේක ගොඩ දාන්න පුලුවන්. ඒ පරිනතකම එතුමට තියෙනවා. ඒ විශ්වාසය එතුමා ගොඩ නගාගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා එතුමට තියෙනවා. එතුමගෙ අතේ කුනුවත් ලේ වත් ගෑවිලා නෑ.