Tuesday, December 13, 2022

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි

 


 


මේ මස මුල් දින 07 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,168 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු  මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 106,500 කි.

ප්‍රධාන වශයෙන් රටවල් 20ක සංචාරකයින් මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති අතර ඉන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වේ.

එම සංඛ්‍යාව 108,510 දෙනෙකු වන බව සඳහන්ය. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතියින් 78,827 දෙනෙකු, රුසියානු ජාතිකයින් 74,713 දෙනෙකු ද  මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

රටේ ඉදිරි ගමන පිළිබඳ කරුණු කියන්න ජාතික තරුණ වේදිකාවක්

 

   


“ජාතික තරුණ වේදිකාවරටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල  සිසුන් දායක කර ගැනීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.

 

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා  තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව පැවසීය.

 එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්මල සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 එමෙන්ම  ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණු අතර ඉන්දියාවල බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්යාලවල අධ්‍යාපනය  ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්

 

  


 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්       ගෙන එන බවත් සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණයේ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවපැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශිය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්ල ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහය අවශ්‍ය බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.