Sunday, December 11, 2022

නැගෙනහිර පළාතේ පාසල් වලට චීන රජයෙන් සෝලා ලයිට්


 


 

නැගෙනහිර පළාතේ පාසල් සදහා චීනය විසින් සූර්ය වීධි ලාම්පු පරිත්‍යාග කර තිබේ.

මෙහිදී නැගෙනහිර පළාතේ  තෝරාගත් පාසල්  40 ක් වෙනුවෙන් මෙම සූර්ය විධිලාම්පු බෙදා දීමට සැලසුම්කර ඇති බව චීන තනාපති කාර්යාලය සඳහන් කරයි. ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong        මහතාගේ මැදිහත්වීමෙන් චීනයේ  යුන්හාන් පළාතේ ජනතා සංගමයේ Hand in Hand වැඩ සටහන මගින් මෙම බෙදාදීම සිදුකළ බව තනාපති කාර්යාලය සඳහන් කරයි.

 


සිරිසේනට එරෙහිව පාක්ෂිකයෝ විරෝධයේ

 







ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජිව සාමාජික සහ පක්ෂයේ උපදේශක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ  පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව පාක්ෂිකයෝ රටපුරා විරෝධය දක්වමින් සිටිති.

එම පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර එයට විරුද්ධව මෙලෙස හොරගොල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණි. 





මහ රෑ පාතාල ජවනිකා රගපෑ පේරාදෙණිය සිසුන්

 

 



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හිටපු උපකුලපතිවරයාට පහර දීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලුම ආචාර්යවරුන් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

පසුගිය දා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් 300 ක් පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවස වටකර උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දී තිබේ.

මේ හේතුවෙන් හිටපු උපකුලපතිවරයා පේරාදෙණිය රෝහලට ද ඔහුගේ පුත්‍රයා මහනුවර ජාතික රෝහලට ද ඇතුළත් කර ඇති අතර පුත්‍රයා තවදුරටත් ප්‍රතිකාර ගනිමින් සිටියි.

උපකුලපතිවරයාගේ මෝටර් රථය  හා විශ්ව විද්‍යාල සිසුවෙකුගේ යතුරුපැදියක් ගැටී අනතුරක් විම මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති අතර මේ හේතුවෙන් උපකුපතිවරයා‍ගේ නිවසට විශ්ව විද්‍යාල සිසුන් දැඩි අලාබහානි සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේවනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය( අන්තරේ) මේවනකෙත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා නොදෙන්නේනම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදුරටක් සඳහන් කරයි.

ජනපති කාර්යාලයට පරිසර හිතකාමී නිෂ්පාදන

 



 


වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත්  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමිනි.

දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනපති,

"ඔබේ ප්‍රදර්ශනයේ සියලුම අංගයන් මා නැරඹුවා. ඒ අතුරින් ඉතා සිත්ගන්නා දෙයක් මට හමුවුණා. මෙය ආනන්ද විද්‍යාලයේ කුටියෙන් මට හමුවුණේ. ඔවුන් මට පැවසුවේ මෙය ලිවීමට මෙන්ම වගා කිරීම සඳහාත් යොදාගත හැකි බවයි. මම පළමුව සිතා බැලුවා මෙය ලිවීමට හැකියාවක් පවතීද යන්න සොයා බලන්න. ඔව් ඉන් ලියන්න පුළුවන්. එය වැඩකරනවා. මම පළමුව සුබ පැතිය යුතුයි ඔබගේ නිර්මාණය සඳහා. දෙවනුව අප පරිසර හිතකාමී දේවල් ප්‍රචලිත කරන නිසා මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට පැවසුවා ජනාධිපති කාර්යාලය සඳහා මෙම නිෂ්පාදනයෙන් තොගයක් මිලදී ගන්නා ලෙසට. අපි මේ රටේ තාරුණ්‍යයට අනාගතයක් සලසාදිය යුතුයි. ඒ වගේම අප නිදහස ලබාදිය යුතුයි ඉදිරියට ගොස් අපි සිදුකළ යුත්තේ කුමක්ද කියා පවසන්න. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජපානය ළඟට දෙවැනියට සාර්ථක රටක් ලෙස ගමන් ආරම්භ කළ අපේ රට දැන් ඉන්නේ ඇෆ්ගනිස්තානයට උඩින්. බොහෝමයක් තරුණයින් ඡන්දය ලබාදී රටින් පිටව යනවා. නමුත් මම සිතනවා මගේ දැක්ම අනුව මේ රට නැවත හැරවිය හැකි බව. දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා වැඩපිළිවෙළක් අප ලබන වසරේ දියත් කරනවා. මම ඒ සඳහා වන කාර්යාලයක් දැනටමත් පිහිටුවා අවසන්. අප තීරණය කර තිබෙනවා විවෘතව අදහස් පළකිරීමට වගේම අර්ථාන්විත ක්‍රියාවන් දියත් කිරීමට."යැයි සඳහන් කළේය.