Tuesday, July 12, 2022

ෆොනී රජ කරන්න පෙරටුගාමීන් උත්සාහයක


 අන්තර් කාලීන රජයේ ජනාධිපති ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂ අභ්‍යන්තරයේ කථිකාවතක් නිර්මාණය වී තිබේ. 

මේ වන විට පෙරටුගාමී නායකයන් ෆොන්සේකා සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර රජපක්ෂවරු ඇතුළු සියලු දූෂිතයන්ට දඬුවම් කිරීමත්, එලඹෙන මහා මැතිවරණයේ දී පෙරටුගාමීන් සමග සන්ධානගතව මැතිවරණය පවත්වා අරගලත්රුණ පිරිසක් පාර්ලිමේතුවට ගෙන ඒමටත් එහි ිී එකඟතාවන්ට එළඹ තිබේ. 

සජිත් ප්‍රේමදාසට බලය ලබා දී ඔහු අන්තර් කාලීන රජය තුළ අසතථ්ක්ත්වයට පත්වීමෙන් පසු මහා මැතිවරණයකින් බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ජනතාවිමුක්ති පෙරමුණ මේ හේතුවෙන් ඉතාමත් කළබලයට පත්ව ඇති අතර මේ වන විට අරගල භූමියේ ඇතිවන ගැටුම් එහි ප්‍රතිපලයක් බව සැලකේ. 

කෙසේ වෙතත් මේ වන විට අරගලයේ නායකයන් ත්ා ඔහල මිලකට අලෙවි වෙමින් පවතින බව ආරංචි ය. සජිත් ප්‍රේමදාස විසින් වැඩි මිලකට රැට්ටා  මිලදී ගැනීමත් සමග තත්ත්වය තවත් දරුණු වූ බව ආරංචි මාර්ග පවසයි. 

මහජනතාව විසින් මහත් පරිශ්‍රමයකින් දිනා ගත් මේ අරගල ජයග්‍රහණය ඈලියාවට යන්න නොදී හරි මාවතේ පවත්වා ගැනීම අරගල නායකයන්ගේ වගකීමකි.