Friday, January 26, 2024

සනත් නිශාන්තගේ මරණයෙන් අනුකම්පාව දිනාගන්න ගත් උත්සාහයද අසාර්ථකයි


 පහු ගිය කාල වකවානුව පුරා රාජපක්ෂලාට අසීමාන්තිකව කඩේ යම නිසා ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව සිටි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදීසි අභාවය රාජපක්ෂ දේශපාලනයේ බරපතල කඩාවැටීමක් බවට පත්ව තිබේ. මේ නිසාම ඔවුන් මෙම මරණය තම දේශපාලන වාසියට හරවා ගැනීම වෙනුවෙන් දරුවන් සිව් දෙනා යොදාගනු පෙනුණි. ඒ හරහා මහජන අනුකම්පාව දිනා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය.


එහෙත් ඒ උත්සාහය ඔවුන් සිතූ පරිදි සාර්ථක වූයේ නැත. සිදු වූයේ ප්‍රගීත් එක්නැලිගොඩගේ සහ වික්‍රමතුංගගේ දරුවන්ගේ ඡායාරූප මුහුණු පොතේ පෙරට පැමිණීමය. 

දැන් පොහොට්ටුව වෛරීසහගත පෝස්ට් දමන්නේ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් බවට චෝදනා කරමින් සිටී. එහෙත් එම උත්සාහය ද සාර්ථක බවක් පෙනෙන්නට නැත. මන්ද සනත් නිශාන්තට සුදු හුණු ගාන්නට ගෙනෙන තර්ක කිසිවක් ජනතාව පිළිගන්න සූදානම් නැත. ඒ සියල්ල මේ වන විට කල් ඉකුත් වී තිබේ. 

පොහොට්ටුව නැවත් උට්ඨානය වන්නට සිතන්නේ නම් රාජපක්ෂලා අතැර අලුත් දර්ශනයකින් පෙරට පැමිනිය යුතු ව ඇත.

Sunday, January 21, 2024


 රනිල් ෆැසිස්ට්වාදියෙක්ද,බොනපාට්වාදියෙක්ද?


වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දීමනවක් දෙන කැබිනට් පත්‍රිකාව සම්මත වෙනත් එක්කම සෞඛ්‍ය සේවය ගිනි අරගෙන තියනවා.සෞඛ්‍ය සේවයේ ඉන්න අනිත් සේවකයෝ ඒ හා සමාන දීමනාවක් ඉල්ලනවා.මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ රනිල්.රනිල් මේ සංචාරයට ගිහිල්ලා තියෙන්නේ මේ බෝම්බය පත්තු කරලා.රටේ රාළ කියන්නේ රනිල් ඔය වගේ වැඩක් ආවට ගියාට කරන්නේ නෑ. 


අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ දේශපාලනයක් තියෙන්න ඕනි. ජනාධිපතිවරණයක් කට උඩ තියාගෙන අපේක්‍ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්න රනිල් මොනවද මේ කරන්නේ කියලා ගොඩක් එජාප පක්ෂිකයොත් අහනවා.රනිල් මීයක් කඩන්නේ සජිත්ලා,අනුරලා වගේ අත ලෙවකන්න නෙවෙයි.රනිල් කැඩුවොත් මීයම කනවා." ජවිපෙ මර්ධනයක් ගෙන්වා ගනීද " ලිපියෙන් රනිල් කරන්න හදන වැඩේ එක සැක කටයුතු පැත්තක් ගැන රටේ රාළ කතා කළා.


රටේ රාළ කියන්නේ මෙතන කතා කරන්න ඕනි තවත් පැත්තක් තියනවා.ඔයාලා අහලා ඇති ෆැසිස්ට්වාදය කියලා එකක් ගැන.ඒ වගේම බොනපාට්වාදය කියලා එකක් ගැන.මේවා නිකං බොරුවට දාපු නම් නෙවෙයි.ලෝක දේශපාලන ඉතිහාසයේ අත්දැකීම් ආශ්‍රිතව ගොඩනගපු සංකල්ප.ෆැසිස්ට්වාදය කියන්නේ කෙලින්ම මර්ධනය ඉළක්ක කරගෙන යන පාලන ක්‍රියාවලියක්.


පොල්පොට්,මුසලෝනි කියන්නේ කෙලින්ම ෆැසිස්ට්වාදියෝ. බොනපාට්වාදය කියන්නේ මර්ධනයත් තියන යම් පමණකට වරදාන,වරප්‍රසාදත් තියන අතර මැද එකක්.කට්ට සූර පාලකයෙකුට මේ වරදාන වෙනුවට සුභසාධන කියන වචනය යොදාග්න පුළුවන්. බොනපාට්වාදය ඇතුලේ පඩි වැඩි කිරීම්,සහන ලබාදීම්,තනතුරු, වරප්‍රසාද තියන නිසා එහෙම විග්‍රහකට ගෙනියන්න පුළුවන්. බොනපාට්වාදය ඇතුලේ තියන මේ වරදාන දීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලක් හැටියට පෙන්නනත් පුළුවන්.


එතනදී රටේ රාළට කියන්න ඕනි බොනපාට්වාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකිනෙකා ප්‍රති විරොධී වැඩපිලිවෙලවල් දෙකක් කියලයි. ජේආර් ජයවර්ධන practice කළේ ඔය බොනපාට්වාදී ක්‍රමය.ඡේආර්ගේ අනුප්‍රාප්තිකයා උන රනිල්ගේ දේශපාලන භූමිකාව ඇතුලේ ඒක නැති වෙයි කියලා හිතන්න බෑ. මොකද රනිල් කියන්නේ ඩීඑස් ඉස්සරහින් තියාගෙන ජේආර් අනුගමනය කරන කෙනෙක්.


රනිල්ගේ වර්තමාන දේශපාලන භූමිකාව ගැන හිතුවොත් රනිල්ගේ දේශපාලනයේ බොනපාට් පන්නයේ ලක්ෂණ තියනවා.ඒක ඇතුලේ මර්ධනය වගේම වරඳාන, වරප්‍රසාදත් තියනවා.රනිල් කරන්නේ ඕනි ප්‍රශ්නයක් ඉස්සෙල්ලා ඇවිලෙන්න අරින එකයි.සෞඛ්‍ය ප්‍රශ්නය උනත් තව ටිකක් ඇවිළුනාට පස්සේ රනිල් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඊළඟ ශ්‍රේණිවලටත් ඔය දීමනාව දෙන එක.


විශ්ව විද්‍යාලවලත් තව ස්ථරයක් පහලට දෙයි.රටේ රාළ කියන්නේ රනිල් මේක දෙනවා.හැබැයි දෙන්නේ බෙදීම් හදලා,තමන්ට ඕනි විදිහට කළමණාකරණය කරලා. ගිනි තියලා,ගින්න නිමෙන්න ඇරලා, නැත්තං ඕනි පමණට ගිනිගත්තට පස්සේ ගින්න නිවලා,තවලා,අයිස් තියලා තමයි.ඒ කියන්නේ ඉස්සෙල්ලා වේදනාව විදින්න දීලා පස්සේ බෙහෙත් දෙන ක්‍රමය තමයි රනිල්ගේ system එක.


දැන් ඔයාලට තේරෙනවා ඇති මේ රටේ ඒ ක්‍රමය හොඳට practice කරපු නායකයා ජේආර් කියලා.දැන් දොස්තරලාට,ලෙක්චර්ස්ලට වරදාන දීලා තියෙන්නේ.එයාලා දැන් ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්නේ නෑ.පාරට බැස්සොත් බහින්නේ තමන්ට ඇටෑක් කරන සෞඛ්‍ය සේවකයන්ට විරුද්ධවයි. කොහොමද හදලා තියන බෙදීම. දැන් මේ යන්නේ ඒ පීරියඩ් එක. ඉතින් මේ දේශපාලනය විග්‍රහ කරගන්න බැරි සජිත් සහ අනුර අමාරුවේ වැටෙන එක අහන්නත් දෙයක්ද?


එහෙම විග්‍රහක් කරගන්න සජිත්ට කොහොමවත්ම බෑ.රටේ රාළ මේ විග්‍රහ කලාට පස්සේ ඕනිනං මේක යම් පමණකට තේරුම් ගන්න අනුරට සහ ටිල්වින්ට පුළුවන් වෙයි. අනුර සහ ටිල්වින්ලා ඇතුලේ සමාජවාදියෙක් නෑ.අඩුම ගානේ බොනපාට්වාදියෙක්වත් නෑ ඉන්නේ තනිකරම ෆැසිස්ට්වාදියෙක්.හැබැයි ෆැසිස්ට්වාදයේ ඔරිජිනල් එක නෙවෙයි ඩුප්ලිකේට් එක. බොනපාට්වාදයේ මර්ධනය පැත්තටවත්,වරදාන පැත්තටවත් මුහුණ දෙන වැඩපිලිවෙලක් සජිත්ටවත්,අනුරටවත් නෑ.


අපි මේක තේරුම් ගන්නත් එක්ක බොනපාට්වාදයේ ෆැසිස්ට් කෑල්ල නැත්තං මර්ධන කෑල්ල මතු වෙන්නේ කොහොමද කියලා බලමු. ෆැසිස්ට්වාදය මතු වෙන්නේ ජනතා අරගලයත් එක්ක.ෆැසිස්ටිවාදයට සක්‍රීය වෙන්න අවශ්‍ය පස තියෙන්නේ මහජන නැගිටීම් ඇතුලේ.ඒ කියන්නේ වෘත්තීය අරගලවලින්,ජනතා නැගිටීම්වලින්. ඒවත් එක්ක තමයි ෆැස්ස්ට්වාදය සක්‍රීය වෙන්නේ.නැතුව නිකං මිනිස්සුන්ට ගහන්න මරන්න බෑනේ.


ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ මර්ධනයට බයේ ජනතා නැගිටීම් නවත්තන්න ඕන කියලා.රටේ රාළ කියන්නේ ඒ ගැටුමේදි ගුටි කාලා දුවන ක්‍රියාමාර්ග නැතිව ඒක යට කරලා බලය ගන්න ක්‍රියාවලියක් තියෙන්න ඕනි.හරි....අපි බලමු රනිල්ගේ බොනපාට්වාදය ඉස්සරහා සජිත්ගේ සහ අනුරගේ භූමිකාව මොකද්ද කියලා.දාර්ශනිකව රනිල් කවුද කියලා බේරගත්තොත් තමයි රනිල් එක්ක යුද්ධ කරන්න පුළුවන්.


රනිල් එක්ක මොන දේශපාලන ක්‍රියාමාර්ගයකට ගියත් රනිල් හරිට හදුනාගෙන තියන එක වැදගත්. රනිල් එක්ක සාකච්ඡා කරන්න උනත් රනිල් කවුද කියලා දැනගෙනයි යන්න ඕනිනේ.ඒක බේරගත්තොත් තමයි හෙට වෙන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න පුළුවන්.ඒක දන්න හින්දා තමයි රටේ රාළ ජවිපෙ දාන පුස් පාට්වලට බය නැත්තේ.මේ තියන ජවිපෙට බලය ගන්න බෑ කියලා රටේ රාළ සහ සුද්දෙන්ම දන්නවා. රනිල් ඉස්සරහා සජිත්ගේ භූමිකාව කියන්නේ බොඳ වෙච්චි එකක්.


වරදාන වරප්‍රසාද කතාවෙදී රනිල් සහන දෙනකොට සජිත්ට මොකද්ද කරන්න තියෙන්නේ.අනුරට මොකද්ද කරන්න තියෙන්නේ. ෆැසිස්ට්වාදී අන්තයක ඉදන් නං රනිල් වැඩ කරන්නේ සජිත්ට වෙන්නේ අතරමං වෙන්න,නැත්තං යටත් වෙන්න.අනුරට වෙන්නේ එක්කෝ සටන් කරන්න.නැත්තං පසුබැහැලා පලා යන්න.අනුර තෝරගෙන තියෙන්නේ පසු බැස පලායෑම.බොනපාට්වාදය ඉස්සරහා අනුර සහ සජිත් කියන්නේ අසමත් නායකයෝ දෙන්නෙක්.


බොනපාට්වාදයේ මර්ධනය කියන කොටසේදී දෙන්නම පැනලා දුවනවා.රනිල් එයාට මර්ධනය අවශ්‍ය තැනදී පාවිචිචි කලා. පාර්ලිමේන්තුවට ගහන්න ආපු ජේවීපීකාරන්ට ගහලා එලවලා ඒකම මර්ධනය සාධාරණීකරණය කරගන්න පාව්චිචි කළා. පාර්ලිමේන්තුව අල්ලන්න ගිය ජෙප්පන්ගේ අමන මරි මෝඩ ගොන් තකතීරු වැඩේ නෙවෙයිද රනිල් මර්ධනය සාධාරණීකරණය කරන්න පාවිචිචි කළේ.


එහෙම කරගෙන අරගලකාරයෝ ගහලා එලෙව්වා.පලාත් පාලන ඡන්දය තිබ්බේ නැත්තං බලාගමු කියලා කොළඹ වටලන්න මාලිමා සෙට් එක ආපු වෙලාවේ එක කඳුළු ගෑස් පාරින් අනුරයි, ටිල්විනුයි දෙන්නම තමන්ගේ බලවේගය දාලා දිව්වා.මර්ධනය කියන ක්‍රියාමාර්ගය ඇතුලේ අනුරට සිද්ධ උනේ පසු බහින්න සහ පලා යන්න.අනුරලාට ඒකට උත්තර නෑ.ඉතිහාසයෙත් අනුර කළේ මර්ධනය ආපු හැම තැනදීම අරගලය පාවාදීලා පැනලා යන එකම තමයි.


දැන් ඊලඟට එන්නේ රනිල්ගේ වරදාන සහ වරප්‍රසාද ලබාදීමේ ක්‍රියාන්විතය.ඒකෙදීත් රනිල් කටයුතු කරන්නේ දේශපාලන ඉලක්කයක් එක්ක.එකතු වෙලා තියන තැන් බෙදෙනවා.ඒ බෙදීම්වලට ඕනි පියවරයන් තියලා තියෙන්නේ.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිද්ධ වෙන්නේ ඒක.විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේත් ඒකම තමයි වෙන්නේ. ඉදිරියේදී තව තව සමාජ තීරුවලට, වෘත්තිය කණ්ඩායම්වලට සහන පැකේජ එයි.


ජනතාවටත් යම් සහන ටිකක් ලෑස්ති කරලා තියනවා.රනිල් මේ ටිකත් අරන් පාරට බහිනකොට ජවිපෙ දැන් හදාගෙන තියන සියලු සටන් පාඨ වාෂ්ප වෙලා යනවා. එතකොට ජවිපෙ මොකද්ද මේ රටට කියන්නේ.ජවිපෙට සහ මාලිමාවට පරාජය බාරගැනීම හැර වෙන විකල්පයක් ඉතිරි වෙන්නේ නෑ. සජිත් හොයා ගන්නත් නැති වෙනවා.ඒක හින්දා රටේ රාළ මේ කියන්නේ රනිල් හොඳයි කියන එක නෙවෙයි.රනිල්ගේ දේශපාලන ඉස්සරහා අනුර සහ සජිත්ගේ දේශපාලනය හරිම ලාමකයි කියලයි. 


සමාජ විද්‍යාත්මකව හිතුවොත් මේ වෙලාවේ කරගන්න තියෙන හරිම විග්‍රහ තමයි රටේ රාළ ඔය කරලා තියෙන්නේ.ඇත්තටම මෙතන රටේ රාළගේ භූමිකාව කියවාගන්න බැරි ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒක රටේ රාළගේ වැරද්දක් නෙවෙයි. රටේ රාළ කරන්නේ මතුවෙන දේශපාලන තත්වයන් හරහා නිර්මාණය වෙන්න පුළුවන් නව තත්වයන් ගැන අනතුරු අඟවමින් ජනතාව සවිඥානික කරන එකයි.


රටේ රාළ බළකාය ඒක කරන්නේ බොහොම සද්භාවයෙන්.ඒ සටනේදී ලැබෙන අවසන් උත්තරය ගැන ඒ වෙලාවටම හිතමු.හැබැයි එකක් පැහැදිලියි බොනපාට්වාදී දේශපාලනයට මුහුණ දෙන්න දියුණු සමාජ ව්‍යාපාරයකට හැර සජබ, ජවිපෙ,ජාජබ වගේ ටොපි,චොකලට් කඩවලට බෑ.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.


Tuesday, January 16, 2024

මෛත්‍රී වමේ පොදු අපේක්ෂකයා?

 සන්ධානය අයිති මට. වමේ බලවේග එකතු කරගෙන මම ආපහු බලය ගන්නවා. මාත් එක්ක වැඩ කරන්න කැමති අය ඉන්න. අනිත් අයට ඕන වෙලාවක යන්න දොර ඇරලා තියෙනවා. මෛත්‍රී තිලංග සහ අමරවීර ඉදිරිපිට තබාගෙන සිංහ වෙස් ගනී. 


එළඹෙන ජනාධිපතිවරණයේදී  සියලු වාමාංශික බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ජේෂ්ඨයන් වෙත තර්ජනාත්මකව පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 


මේ වන විට පොහොට්ටුවේ මන්‍ත්‍රීවරුන්  පිරිසක් ද තමන් සමග එකතු වීමට අප්‍රෙක්ෂාවෙන් සිටින බව ඔහු එහි දී ප්‍රකාශ කර තිබේ. 

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සහ ධම්මික පෙරේරා අතර ද රහස් හමුවක් තිබී ඇති අතර එහිදී ධම්මිකගේඉල්ලීම වී ඇත්තේ තමාට ජනාධිපතිවරණයේදී සහාය ලබා දුනහොත් මෛත්‍රීට අගමැති කම ලබා දෙන බවයි. එහෙත් මෛත්‍රීට තවමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ආශාව ඉවත් වී නොමැති බැවින් ඊට නිශ්චිත පිළිතුරක් ල්බා දී නැත.

කෙසේ හෝ පොහොට්ටුවේ සහාය ධම්මිකට නොලැබෙන බවට උපකල්පනය කරගෙන සිටින මෛත්‍රී ඔහුට අගමැති ධූරය ලබා දී ඔහුගේ සහාය පබා ගැනීමේ උත්සාහයක ද නිරත වී සිටින බවට ආරංචි මාර්ග වාර්ථා කරයි.


කෙසේ වෙතත් වාමංශික බලවේග එකතු කරගත් සන්ධානයක් හරහා මෛත්‍රී නියත වශයෙන් ම ජනාෆ්හ්හිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුට හිතවත් පාර්ශ්ව කිහිපයක් සනාථ කර ඇත. 

එහෙත් පාස්කු නඩුව හරහා තමාව රනිල් වික්‍රමසිංහ හිර කිරීමට ඉඩ ඇති බවින් අවසන් මොහොත තෙක් එය රහසක් වශයෙන් තබා ගෙන රනිල්ට සහය දෙන බවක් ඇඟවීමට  ඔහු තීරණය කර ඇත. මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල බෙදීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබේ.

සන්ධාන ලේකම් තිලංග ද මෛත්‍රීගේ මෙම තීරණය දැඩිව විරුද්ධ මතයක් දැරුවත් ඔහු මෛත්‍රීගේ පාස්කු වන්දියෙන් සැලකිය යුතු ප්‍රමාණයක ගෙවීමට දායක වී ඇති බැවින් ඔහුට ඍජුව විරුද්ධ වීමට මෛත්‍රීට හැකියාවක් නොමැට්බිකම නිසා එහි දී ඔහු අසරණ වී ඇති බවද අපට ආර්ංචි විය.


කෙසේ වෙතත් ඔදිරි මාස කොහිපය ඇතුලත මෛත්‍රී ද වමේ පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟයට ප්‍රවේශ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.