Wednesday, May 4, 2022

අන්තර් වාර පාලනයේ නායකත්වයට ගැලපෙන්නේ කවුද?

 අද අපේ රටේ තියෙන ප්‍රශ්න ටික ඇහුවොත් අපි ආසියාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම අශ්චර්යට යන දවස වැඩි ඈතක නෙවේ කියල කවුරුත් දන්නවා. ඒ තරම් මුළු ලෝකෙම අපි හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ තත්ත්වෙන් අපි කවදද ගොඩට එන්නේඅද මුළු රට පුරාම අරගල කරන අය කියන්නේ මේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරයා ඇතුළු 225ම ගෙදර යන්න ඕන කියලයි. එකට අපි කවුරුත් එකගයි. හැබැයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ අපි කවුද ගේන්නේ කියන එක. ගොඩක් අය ඒගැන කතා කරන්නේ නැ . එත් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් අපි ඉන්න තැනෙනුත් තවත් පහලට වැටෙනවා. 

ඉතින් මිත්‍රවරුනි අපි කාවද ගේන්නේ?

දැන් ඕකයි පුරස්නේ. සමහරු කියනවා තරුණයෙක් ගෙන්න ඕනලු. සමහරු කියනවා දෙසපාලනේ කරපු නැති කෙනෙක් ගෙන්න ඕනලු. ඔය වගේ කතා ගොඩක් හැමතැනින්ම ඇහෙනවා. මේකයි සහෝදරයා අපි ඇත්තටම දැන් ඉන්න 225නිසා ලොකු කට්ටක් කාල ඉන්නේ. එත් අපි මුලින්ම කල්පනා කරන්න ඕන අපි දැන් ඉන්න තත්ත්වේ ගැන. අපිට එදිනෙද අවශ්‍යතාවයන් ටික විසඳ ගන්නවත් සල්ලි නැ. මේ හොර ආණ්ඩුව ඉන්නකල් ලෝකේ ඉන්න එකෙක්වත් අපිට සල්ලි දෙන්නේ නැ. එහෙනම් ඡන්ද තියනවාජනමත විචාරණ තියනවා වගේ විහිලු කතා නොකිය ඉන්න වෙනවා. අපිට ඒවාට සල්ලි නැ. එනිසා ලිඳට වැටුණු අපි දැන් ලිං කටෙන්ම ගොඩ එන්න ඕන. ඒක නිසා අන්තර්වාර පාලනයකට යනවා හැර වෙන විසඳුමක් නැ. ඒකට සමාජේ ඉන්න විවිධ අය එකතු කරලා කණ්ඩායමක් හදන්න ඕන. උපරිම ඇමතිවරු 15 වගේ ඉන්න ආණ්ඩුවකට යන්න වෙනවා. එතනට සුදුසු නායකයෙක් තෝරාගන්න ඕන. ඉන්න තැනින් තවත් වට්ටන එකෙක් නෙවේ ඉන්න තැනින් අපිව ගොඩ ගන්න පුළුවන් එකෙක්. එතැනදී අපිට අභියෝග ගනනාවක් තියෙනවා. මූලිකවම එදිනෙදා අවශ්‍යතා ටික සපුරාගෙන ඊටපස්සේ අපේ ඩොලර් සංචිත ටික වැඩි කරගෙන දූෂණයෙන් තොරව අන්තර්ජාතික සහයෝගෙත් අරන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් ගැනයි අපි හිතන්න ඕන. ඉතින් සහෝදරවරුනේ වෙනදාටත් වඩා හොඳට හිතලයි මේ පාර කෙනෙක් ගෙන්න ඕන. 

 

ඒකට දැනට 225 ඉන්න කෙනෙක් එපා කියමුකෝ. ඒත්

ඒකට අත්දැකීම් නැති තරුණයෙක් හරියයි ද?

ඒකට දේශපාලන දැනුමක් නැති ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් හරියයි ද?

ඒකට ජාත්‍යන්තර සබඳතා නැති කෙනෙක් හරියයි ද?

මුල් පුටු වල ඉදල මුකුත් කරගන්න බැරි වුන අයත් හරියන්නේ නැ තමයි.

සමහරු කියනවා පරිණත නායකයෝ වයස වැඩියි කියල. එත් අපිට දැන් ඕන එහෙම කෙනෙක් කියල ඔබට තේරෙනව ඇති. නැත්නම් අපි තවත් පහලට වැටෙන්න පුළුවන්. අපි පක්ෂ පාට භේද අමතක කරලා මේ වෙලාවේ සියලු දෙන සහයෝගයෙන් රට ගොඩ ගන්න පුළුවන් කෙනෙක් අන්තර්වාර පාලනයේ නායකයා කරගමු.

ජරාජීර්ණ වුණ මැලේසියාව නැවතත් ගොඩනගන්න මහතීර් මොහොමඩ් දෙවන වරට රට භාරගත්තේ වයස අවුරුදු 93දී. ජාතින් වලට වෙන් වෙලා කඩා වැටෙමින් තිබුණු දකුණු අප්‍රිකාව නෙල්සන් මැන්ඩෙලා බාර ගන්නේ වයස අවුරු 76 දියි. ඔහු අවුරුදු 81ක් වෙනකල් රට පාලනය කරනවා. ට්‍රම්ප්ගෙන් විනාශවූ ඇමෙරිකාව නැවත ගොඩ ගන්න ජෝ බයිඩන් රට භාරගන්නේ වයස අවුරුදු 79දී. ඉතින් ලෝක දේශපාලනයේ පරිණත නායකයනේගේ අවශ්‍යතාව හැමවිටම පෙන්වාදීල තියෙනව.

 

ඒ නිසා අන්තර්වාර පාලනයේ නායකයා මෙහෙම කෙනෙක් වුණොත් හොදයි නේද රෑ

1. අත්දැකීම් බහුල අභියෝග මැද නොසැලෙන පරිණත නායකයෙක් 

2. දේශපාලන අත්දැකීම් ඇති දූෂණ චෝදනා නැති නායකයෙක්

3. අන්තර්ජාතික සම්බන්දතා තිබෙන නායකයෙක්

4. ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගරු කරන නායකයෙක් 

5. සියලු ජාතින් අතර හොඳ හිත වර්ධනය කරගත් නායකයෙක්

 

මිත්‍රවරුනි අපි එහෙම කෙනෙක් හොයා ගමු.