Wednesday, November 30, 2022

දකුණු ආසියා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න පුළුවන් - ජනපති

 


 


වසර 25 ක් ඉදිරියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බවත් ශ්‍රිලංකාවට දකුණු ආසියාවේ අධ්‍යාප කේන්ද්‍රස්ථානය විය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“2022 සිට අවුරුදු 25 ක් ඉදිරියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදාගන්න අවශ්‍යයි අපි හදාගන්න අවශ්‍යයි.  ශ්‍රීලංකාවට දකුණු ආසියා‍වේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන් . අධ්‍යාපනය දරුවන් පිටරට යන නිසා බිලියන 03 ක් විතර අපිට නැතිවෙනවා.නමුත් අපි මේක හරියට කරනවානම්  බිලියන 10 ක් ලංකාවට ගෙන්නවා ගන්න පුළුවන් තත්වට ඒක වර්ධනය කරන්න පුළුවන්. අපි ඒක කරන්න ඔනේ.

ඒවගේම විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍යයෝ වයස 21,  22 වෙද්දි පිටවෙන්න ඔනේ. මම පිටවුනේ 21 දී. මේ තත්වය ඇති කරන්න ඔනේ. රැකියා වෙළඳපොලට අවශ්‍ය විදිහට අපි මෙය සකස් කරන්න ඔනේ. අනාගතයේදී රජයේ රැකියා නැතිවෙනවා.  කලා සමාජ විද්‍යා අංශ වලට අයට දැන් ඉදන්ම සැලසුම් හදන්න ඔනේ.පාර්ලිමේන්තුව මේගැන අවධානය යොමුකරනවානම් විතරයි මේක කරන්න පුළුවන්. අධ්‍යාපනය දියුණු කරන්න ඔනෙ කියන්නේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

ඒවගේම රජයේ නොවන අංශයක් ඇති කළ යුතුයි. එය ලබා නොලබන එකක් වෙන්න පුළුවන්. එයට බඳවා ගැනීම් සහ ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් ක්‍රමවේදයක් තිබෙන්න ඔන. ඒ ක්‍රමවේදයට ශීෂ්‍යයෝ තොරනවානම් දුප්පත් උනත් පෝසත් උනත් ශිෂ්‍යයන්ට අපි ණය දෙන්න ලැස්තියි. පවුලේ දුප්පත්කම නිසා සමහර අයට ගෙවන්න බැරිනම් අපි ප්‍රදානයක් විදිහට ඒක දෙන්නම්. අධ්‍යාපනය කියන්නේ විශ්වීය අයිතයික්. එය සැමටම ලැබිය යුතුයි.

ගාස්තු අයනොකරන එක රජයේ විශ්ව විද්‍යාලයක් මට කියන්න. මේ හැමෝම බාහිර උපාධි තියලා සල්ලි ගන්නනවා. නිදහස් අධ්‍යාපනය නම් බාහිර කලත් අභ්‍යන්තර කලත් නිදහස් වෙන්න ඔන. එහෙනම් අපි බාහිර උපාධි වලට අපි බදු අයකරන්න ඔනේ.  විශ්ව විද්‍යාලය ව්‍යාපාර කරනවානම් ඒ ව්‍යාපාරවලට බද්දක් දාන්න ඔනේ.”  යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසෙයි

 

 


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරියෝ අද(01දා) පාර්ලිමේන්තුවට තැඹිලි පැහැති සාරසි වලින් සැරසී පැමිණ සිටිති.  

සියලුම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තැඹිලි පැහැලි අත්පලනාවක් පැළද සිටිති.

කාන්තාවටන් එරෙහි සියලු ආකාරයේ හිංසනයට එරෙහිවීම සංඛේතවත් කිරීම වෙනුවෙන් මෙලෙස සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසී පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පැවසුවාය.

කාන්තාවන්ට එරෙහි සියලුම හිංසනයන් යනු කායික, මානසික , ලිංගික , සහ  ආර්ථික හිංසනයයන් වලින් කාන්තාවක් මුදවාගැනීම වෙනුවෙන් පෙනීසිටින බවත් ඒ වෙනුනේ දින 16 මෙලෙස පැමිණෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

 

 

          

 

ගුරුවරුන් විෂය අනුව ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

  



පොදුවේ රාජ්‍ය  සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඩිජිටල් ධ්‍යාපන සංවර්නය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත ධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ     අවස්ථාවට එක් වෙමින් මහතා මේ අදහස් පළ කළේ .

මෙහි දී වැඩිදුරටත් අදහස්   දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්  ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින්       අධ්යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් මහතා සඳහන් කළේ . සියලු ධ්‍යාපනික    පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්රමවේදය මත නිසා වහා විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

 

Monday, November 28, 2022

රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

 


 2023 වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා   පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මෙම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බවත් ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32 කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24 ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 නව ක‍්‍රමය යටතේ පොලිසියට සහ සියලුම මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප‍්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන ලබාදීමට නියමිතව ඇත.

 එමඟින් දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

 

මහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි

 


 


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීති විද්‍යාලයට ගොස් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ මන්ත්‍රීවරුන්ට නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයට යන්න අවස්ථාව දෙන්න .  මහින්ද මහත්තයත් නීති විද්‍යාලයට ගියේ විභාග පාස්කරලා නෙවෙයි. කථානායකතුමාගෙන් ලියුමක් අරගෙන නීතිවිද්‍යාලයට ගියේ. ඒ නිසා මේ මන්ත්‍රීවරුනුත් උපාධි ආයතනයකට ඇතුල්වෙලා මොනවාහිරි ඉගෙන ගන්න නිකම් කෑගගහ ඉන්නේ නැතිව. මමත් එක්ක අපේ පවුලේ නීතිඥයෝ හතර දෙනෙක් ඉන්නවා” යැයි මන්ත්‍රීවරයා කීවේය


සජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

 

  


විවිධ කඩාකප්පල්කාරී කටයුතු සිදුකර රට ගොඩගැනීමේ මෙහෙයුම කඩාදැමීමට කටයුතු නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(28දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියාය.

“ විපක්ෂ නායකතුමා දැන් ආයෙමත් නුවර ඉදන් කොළඹට පෙළපාලියක් එන්න යනවා කියලා මට ආරංචි වුනා. මේදෙවල් වලින් පෙන්නන්නේ ඔබතුමාගෙ නොහැකියාව . ලියුම් ලිය ලිය හිටපු වෙලාවේ  ඔබතුමාට රට භාරඅරගෙන කරන්න තිබුණනෙ. එහෙම භාරගත්තේ නැත්තේ බැරි නිසා. ඒනිසා ඒ අවස්ථාවේ වගකීම් භාරඅරගෙන අභියෝගය භාරගත්තු ජනාධිපතිතුමාට රට කරගෙන යන්න ඉඩදෙන්න ඔන.  සංචාරකයෝ පැමිණෙන මේ වෙලාවේ අයෙත් රට අවුල් කළොත් එහි සම්පුර්ණ වගකීම විපක්ෂ නායකතුමා භාරගන්න ඔනේ. අනිත් එක මම තව එක දෙයක් කියන්නම් මේ විදිහට විපක්ෂ නායකතුමා රට අවුල කරන්න ගියෝත් ආයේ ගුටි කන්නේ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන්” යැයි පැවසුවාය.





Sunday, November 27, 2022

උතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි

 



මහව සිට යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස 05 ට වසා දැමීමට සිදුවන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද(28දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ වනවිට මහව- යාපනය අතර උතුරු දුම්රිය මාර්ගය භාවිත කිරීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් එබැවින් අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් වෙනුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා දැමීමට සිදුවන බවද අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව ජනවාරි 15 දා සිට මැයි මාසය දක්වා දුම්රිය ගමනාගමනය නවත්වීමට සිදුවන බවත් ඉන් අනතුරුව ඉතාම හොද දුම්රිය මාර්ගයක් බවට උතුරු දුම්රිය මාර්ගය පත්කළ හැකි බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.

 

තීන්දු තීරණ ගන්නේ මහ බැංකුව - ගෙවල් ගිනි තියන්නේ අපේ

 


 

රාජ්‍ය මුල්‍ය කළමණාකරණය ගැන වගකීම පාර්ලිමේන්තුවට ඉටුකිරීමට නොහැකි වුන නිසා රට බංකොලොත් වු බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊට අමතරව මුදල් අමාත්‍යාංශය , සහ එහි නිලධාරීන් , මහ බැංකුව මුල්‍ය මණ්ඩලය සහ එහි නිලධාරීන්ද මේ සඳහා වගකිව යුතු යැයිද අමාත්‍යවරයා අද (28දා) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යවරයා මෙසේද් කීවේය,

සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුව , පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව , විනිමය අනුපාත තීරණය කරන්නේ මහ බැංකුව , විදේශ සංචිත පාලනය කරන්නේ ආනයනය අපනයන පාලනය කරන්නේ මහ බැංකුව.  ඒ උනාට රට බංකොලෙත් උනාම ගෙවල් ගිනි තියන්නේ අපේ . ඒක සාධාරණ ද” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

උසස් නිලතල 06 ට කාරක සභාවේ අනුමතිය

 


 


අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

 ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදය ඉන්ද්‍රරත්න මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

 මේ අතර, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතාගේ පත්වීමට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස අරුණි විජේවර්දන මහත්මියගේ පත්වීමට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියගේ පත්වීමට සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන්.ඩී.ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

 එයට අමතරව, ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාන්චන රත්වත්තේ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

 පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට  අමාත්‍යවරයන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  චමල් රාජපක්ෂ, ජෝන් සෙනවිරත්න, තලතා අතුකෝරල, (වෛද්‍ය)   සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, රිෂාඩ් බදියුද්දීන්, උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Friday, November 25, 2022

කවුද මේ ඩීන් ඩියම් - සහන් තෙන්නකෝන්

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අතරතුර අරගලය හා සම්බන්ධ උද්ඝෝෂණ ආදිය පිළිබඳව මෙන්ම ඒවා සංවිධානය කරන දේශපාලන ව්‍යාපාර පිළිබඳවත් මෙසේ අදහස් දැක්වීය.


“ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම් පෙළපාලි යද්දි පොලිසියෙන් අවසර අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න. ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ.  ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් තව ඇතිකරනව කියලා සමහරු කියනවා. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට ඉඩක් නෑ මේ රටේ."


මෙම ප්‍රකාශයත් සමඟම කාගෙත් අවධානය සහ උනන්දුව යොමුවූ කාරණයක් වූයේ කවුද මේ ඩීන් ඩියම් යන්නයි. ඩීන් ඩියම් යනු 1950 දශකය අග භාගයේ සිට 1960 දශකය මුල් භාගය තෙක් වියට්නාමය පාලනය කළ ඒකාධිපති නායකයෙකි.ඉතින් හදිසියේම ජනාධිපතිවරයා උපහැරණයට ගත් ඩීන් ඩියම් කවුරුදැයි අපි විමසා බලමු.


ඩීන් ඩියම් ප්‍රකටව සිටින්නේ දැඩි කොම්යුනිස්ට් සහ යටත්විජිත විරෝධියෙකු ලෙසය. ඔහු තුළ පැවති දැඩි කොම්යුනිස්ට් විරෝධී අදහස් නිසාම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහයෝගය ඇතිව ඔහු 1954 වර්ෂයේ දී වියට්නාමයේ අගමැති ධූරයට පත්වනවා. අවුරුද්දක් ඇවෑමෙන්, එනම් 1955 වර්ෂයේදී විවිධ කුමන්ත්‍රණ රාශියකට පසුව එවකට වියට්නාමයේ පාලකයා වූ බාඕ ඩායි බලයෙන් ඉවත් කර ඔහු වියට්නාමයේ පළමු ජනාධිපතිවරයා බවට පත්වනවා. වියට්නාමයේ ප්‍රමුඛ පෙළේ කතෝලික පවුලකට දාව උපත ලබන ඩීන් ඩියම්ගේ එක් සහෝදරයෙක් වූ ඩීන් තක් එරට කතෝලික සභාවේ අගරදගුරුවරයා විය. ඔවුන් ඒ තරමටම දැඩි ආගමික පසුබිමකින් පැවත එන්නන්.එම නිසාම ඩීන් ඩියම්ට බලයට පැමිණීමට එරට කතෝලික පල්ලියෙන් මහත් සහයෝගයක්‌ ලැබුණි.ඩීන් ඩියම් බලයට පැමිණි මුල් කාලයේ ඇමෙරිකාව සමඟ ඉතා හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය.කෙසේ වෙතත් ඩීන් ඩියම්ගේ පාලනය කාලයත් සමඟ දැඩි ඒකාධිපති ස්වරූපයක් ගන්නවා. විශේෂයෙන්ම මැතිවරණ කල් දැමීම, බෞද්ධාගමිකයන්ට සිදුවන හිංසාවන් ආදිය නිසාම එතෙක් ඔහුට ලැබුණු බටහිර සහයෝගයත් නැතිවෙනවා.


ඩීන් ඩියම් පාලන සමයේ එරට විශාලතම ඉඩම් හිමියා වූයේ කතෝලික පල්ලියයි.ඇතැම් කතෝලික පූජකවරු පෞද්ගලික හමුදා පවත්වාගෙන යාමට තරම් බලවත් විය.එපමණක් නොව සිවිල් සේවයේ මෙන්ම හමුදාවේද ඉහළ තනතුරු සඳහා කතෝලිකයන් පත් කිරීම සිදුකෙරුණි. ඉඩම් බෙදීම, ව්‍යාපාර සහනාධාර, බදු සහන ආදිය සියල්ලම කතෝලිකයන්ට පමණක් හිමිවිය. විදේශ සහනාධාර ආදිය ද කතෝලිකයන්ට හිමිවිය. මෙවැනි කාරණා නිසා බහුතරයක් වූ බෞද්ධ ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්වූ අතර ඔවුන්ට බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය පවා නීතියෙන් තහනම් විය.1963, මැයි මස එම තහනමට විරුද්ධව විරෝධය පලකළ නිරායුධ බෞද්ධයන් 9 දෙනෙකු ඩීන් ඩියම් රෙජීමය විසින් ඝාතනය කෙරිණි. තවද එම වසරේම ජූනි මස එම විරෝධතා ව්‍යාපාරය මැද බෞද්ධ භික්ෂුවක් ගිණි තබාගෙන සියදිවි හානි කරගැනීම ඩීන් ඩියම්ට එරෙහි විරෝධය උත්සන්න කළේය.ඩීන් ඩියම්ගේ මෙම වියරුව අවසානයට පත්වන්නේ 1963 වර්ෂයේ නොවැම්බර් මස ඇමරිකාවේ CIA සංවිධානයේ සහය ඇතිව සිදුවන හමුදා කුමන්ත්‍රණයකිනි. එහිදී අල්ලා ගැණෙන ඔහු සහ ඔහුගේ ඥාතීන් පසුව ඝාතනය කෙරිණි.


මීළඟට අවධානය යොමුකළ යුතුවන්නේ  මෙවැනි චරිතයක් ජනාධිපතිවරයා තම ප්‍රකාශය සඳහා ඈඳා ගැනීමෙන් ඔහුට අදහස් කරන්නට අවශ්‍ය වූයේ කුමක්ද යන්නයි.පසුගිය කාලය පුරාවට සිදුවූ දේශපාලන සංසිද්ධි එකිනෙක විමසා බලන විට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අන් කවරදාටත් වඩා දේශපාලනික වශයෙන් ක්‍රියාකාරීව සිටිනු පෙනෙයි. ඇතැම් තැනක කතෝලික පල්ලියේ සහයෝගය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත ලැබෙන බවටද කසුකුසුවක් පවතියි. විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල පවතින මන්දගාමීත්වය නිසාම ඒ වෙනුවෙන් සාධාරණයක් පවතින රජයෙන් බලාපොරොත්තු නොවිය හැකි බව කාඩිනල්වරයා දිගින් දිගටම ප්‍රකාශ කිරීම ද, ඔහු ඇතුළු කතෝලික පල්ලිය වර්තමානයේ පවතින රජය පෙරලා දමා අළුත් පාලනයක් ස්ථාපිත කිරීම පිළිබඳව අදහසක එල්බ ගෙන සිටින බවට කදිම ඉඟියකි.අරගලයේ පාර්ශව සඳහා පවතින මහජන ප්‍රසාදය ඒ වෙනුවෙන් යොදාගැනීමට ඔවුන් උත්සුක වනවා වන්නට පුළුවනි.


ආගමික කල්ලියක උදව්වෙන් බලයට පත්ව පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන අඹමල් රේණුවක විශ්වාසය නොතිබූ ඩීන් ඩියම් වැනි ඒකාධිපතියෙකුට මෙරට බිහිවීමට ඉඩ නොදෙනවා යන්නෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ඇතැම් විට මෙම තත්ත්වය විය හැකිය. තවද ඩීන් ඩියම් සහ එම පාර්ශව අතර පවතින බොහෝ සමානතා මෙම උදාහරණයෙහි පවතින නිවැරදි බව තවත් තීව්‍ර කරයි.ඩීන් ඩියම්ද බලයට පැමිණීමට පෙර සිටම බලය ඩැහැගැනීම නොයෙක් ආකාරයේ උත්සාහයන් දැරුවේය. අවසානයේ ඔහුට බලය ලබාගැනීමට උපකාර කළේ කතෝලික පල්ලියයි.බලයට පැමිණි පසුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව මැතිවරණ නොපවත්වා ඒකාධිපතියෙකු ලෙස කටයුතු කළේය.මෙරටෙහි ද ඇතැම් පාර්ශව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාස නොකරන බව එළිපිට පැවසීම පසුගිය දිනවලදී දැකගැනීමට හැකිවිම ඩීන් ඩියම්ලාගේ අවතාර අප අතරද සිටින බවට නිදසුන්ය.


ආගම පැවතිය යුත්තේ පෞද්ගලික වසමේය.අතීතයේ පටන්ම ආගම සහ දේශපාලනය එකිනෙක පටලවා ගැනීමෙන් රටක්‌ ලෙස අපිට බොහෝ දෑ අහිමි විය.ව්‍යාජ දේශප්‍රේමය සහ ආගමික භක්තිය මිනිසුන්ගේ ඇස් බැඳ තැබීය.රටක උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් යම් ආගමක් රාජ්‍ය ආගම ලෙස පිළිගැනීම සිදුනොකළ යුතු වන්නේ එබැවිනි. වැදගත්ම කරුණ නම් සියලු ලබ්දීන්වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් පවතින බව අප විසින් තේරුම්ගත යුතුවීමයි.ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නා අන් සියළු ආගම්වලට ගරු කරයි.ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන්නා අන්‍යන්ගේ අයිතීන්වලට ගරු කරන්නේ නැත.එබැවින් ඩීන් ඩියම් පන්නයේ, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන පාලකයන් සහ ඩීන් තක් වැනි ආගමික නායකයන් එක්ව සාදා ගන්න අශුද්ධ සන්ධානයන් තුළින් පුරවැසියන් වෙත යහපතක් සිදුකරනු ඇතිද යන්න ප්‍රශ්න කළ යුතුය.


Thursday, November 24, 2022

ගල් අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් වඩා කාර්යක්ෂම වේවි - කාංචන

 


රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි වේලාවට ලබාගැනීම අපොහොසත් වී ඇති බවත් ඇතැම්විය අඩුම මිලට ගැනීමටද නොහැකි බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගල්අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවයා මේබව පැවසු අතර ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට ලබාදුන්නහොත් මීටවඩා කාර්යක්ෂමව අඩු මුදලට ගල්අගුරු ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යරයා කීවේය,

“විගණකාධිපතිට යටත් කරලා තියෙන රජයේ ප්‍රසම්පාදනය තමයි තිබෙන ලොකුම හොරකම. ඒකට ඉදිරිපත්කරලා තියෙන මාර්ගෝපදේශ පත්‍රිකා හදලා තියෙන්නේ සැපයුම්කරුවො දෙන්නෙක් තුන්දෙනෙක්ට එන්න පුළුවන් විදිහට විතරයි. අනිත් අයට ඉල්ලුම්කරන්නවත් බැහැ.  ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් ඒක අපි කරනවාට වඩා ඉක්මනට අඩුවෙන් කරන්න පුළුවන්. බඩුටිකත්ඉක්මණින් ගෙන්න පුළුවන්. හැබැයි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිව්වාම නිලධාරීනුත් අපහසුතාවයට පත්වෙනවා. අවම මිල ගණන්වලටත් වඩා වැඩියෙන් තමයි ගන්න වෙන්නේ.

ඒ වගේම විදුලිය සම්බන්ධ ප්‍රශ්නයක අපි ඉන්නේ. ඒ නිසා ගාස්තු අඩුකරන්න හෝ විදුලිය නොමිලයේ  දෙන්න බැහැ. මොකද දැන් තියෙන්නේ අපිට මුදල් නැති නිසා අවශ්‍ය ඉන්ධන ගන්න බැරි ප්‍රශ්නයක්. මේ නිසා රජයේ ගොඩනැගිල වලට ආගමික සිද්ධස්ථාන සහ තෝරාගත් ගොඩනැගිලි වලට සුරියපැනල  ලබාදීමට අපි කටයුතු කරනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

හිටං හුටං කියන දේවල් අපිට අදාළ නැහැ - ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ

 

 

 

“ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ.  පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා” යැයි නිදහස් පක්ෂයේ මතුව තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට  මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. එමෙන්ම තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ද එහිදී ප්‍රකාශ කළහ.  

ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 09 දෙනෙකු කොළඹදී මෙම  විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා - "මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ ගැන. ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ"

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර - "හිටං හුටං කිව්වේ දයාසිරි. එහෙම කියපු අය ලේකම් කරලා පක්ෂය විනාශ කළා. පක්ෂයේ සභාපති ඇමතිකම් ගැන ඇහුවේ දයාසිරිලා, ශාන්ලා සාකච්ඡාවට ගියේ. මහවැලි ඇමතිකම බලාපොරොත්තු වුණා. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති යටතේ තියාගත්තා. මහවැලියේ වැලි කපන්නද දන්නේ නැහැ. තවත් කෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලුවා. නොලැබුණු නිසා දැන් හිතේ අමාරුවෙන් ඉන්නේ. මේ අයගේ පැටිකිරියේ ඉතුරු ටික හෙට කියනවා."

දුමින්ද දිසානායක - "දින 52 ආණ්ඩුවේ අපි කවුරුත් දන්නේ නැතිව.. මහින්ද මහත්තයා අගමැති කළා. එදා මහින්ද මහත්තයා හොඳයි. අපිටත් පක්ෂය ඇතුළේ තිබෙන අර්බුදය තමා අවුල."

ප්‍රශ්න - "ඔබතුමා වගකීමෙන් කියනවද, ඔබතුමා ආණ්ඩුවට එකතුවෙන්න හදන්නේ ඇමති ධුරයක් ගන්න නොවෙයි කියලා ?"

"වගකීමක් භාර දුන්නොත් මම ඒක ඉටු කරනවා. 225ටම වගකීම් භාරදෙන්න"

ප්‍රශ්න - "ඔබතුමන්ලාගේ ඒකායන බලාපොරොත්තුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්ක කටයුතු කිරීමද ?"

"පැහැදිලිව නැහැ. අවශ්‍ය හරි දේ සිදු කිරීම මිස නායකයින් පසුපස යාම නොවෙයි."

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, "පළමු 11 දෙනාගේ කණ්ඩායමනේ මේ ඉන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ"

ප්‍රශ්න - "දැන් මේ ටීම් එක දාලා ගස්සන්න පුළුවන්ද ?"

"පුළුවන්.. පුළුවන් මොනවද කියන්නේ, හොඳ බැට්ස්මන්ලා ඉන්නවා, බෝලර්ස්ලා ඉන්නවා."

 

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, "ඔය දෙන්නට පුළුවන්නම් කියන්නකෝ කුරුණෑගල එක ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්වන්න කියලා, ටැංකිවල ඉන්නවා ටැංකි සුද්ධකරන මාළුවෙක්. ටැංකි සුදා කියලා කියන්නේ, ඒ වගේම තමයි ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සුදා සුද්ධ කරනවා. ACCOUNT එකත් එක්කම. ඒ ඔක්කොම සුද්ධ කරලා ටැංකි සුදා පක්ෂයත් සුද්ධ කරලා ඉවර කරන්න තමයි දැන් හදන්නේ. නයා මැරුණම අහිකුණ්ඨකයාට සෙනඟ එන්නේ නෑනේ, නයා නටවනකොටනේ සෙනඟ එන්නේ, මෙතන නයි ටික ඉන්නවා අහිකුණ්ඨකයෝ එතන ඉන්නවා."

ලෝක කුසලානයට සහභාගීවූ නිලධාරීන්ට දිනකට ඩොලර් 800ක් ගෙවලා...



පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුනනේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.

 

මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්    පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය ‍ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ විය. සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ.

එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දුන්හ.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  රෝහණ දිසානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සරත් වීරසේකර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරළ, චින්තක මායාදුන්නේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, මොහොමඩ් මුසාම්මිල්, මුජිබර් රහුමාන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Wednesday, November 23, 2022

සිරිසේන දාපු ලේකම් පිළිගන්නේ නැහැ - එජනිසයේ පක්ෂ කියයි




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස තිලංග සුමතිපාල පත් කිරීමට ගෙන ඇති තීරණය තමන් පිළි නොගන්නා බව සන්ධානයේ හවුල්කාර පක්ශ ප්‍රකාශ කර තිබේ.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා, ඊළාම්  ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දාජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්. එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න හා දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් කලංසුරිය ඇතුළු පිරිසකගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු මේ බව පවසා ඇත.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එහි මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට තිලංග  සුමතිපාල පත් කළ බව එහි හවුල්කාර පක්ෂ ලෙස  තමන්ද දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බවද එම නිවේදනයේ සඳහන් වේ.

 එම ප්‍රවෘත්තිය පිළිබඳව තමන් විමතියට පත් වූ බවද එම නිවේදනයේ දැක්වේ. සන්ධානයේ මහ ලේකම්වරයාව සිටි මහින්ද අමරවීර එම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව හෝ නව ලේකම්වරයෙකු පත් කිරීම පිළිබඳව තමන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුකර නැතැයි ද එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 



ජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්

 


 

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික හමුවක් කැඳවන බවත් ඒ සඳහා සියලු පක්ෂවලට එක්වන ලෙසත් ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී ආරාධනා කළේය.

අයවැය විවාදයෙන් පසුව එළැඹෙන සතියේ එම සාකච්ඡාව කැඳවන බවද ජනාධිපතිවරයා පොරොන්දු විය.

Tuesday, November 22, 2022

පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ - එන්න එකට වැඩකරමු

 


ආර්ථික අර්බුදයක් පවතින මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ . රටේ බොහොදෙනෙක්ට ඡන්දත් එපාවෙලා පක්ෂත් එපා වෙලා. තරුණයො බලාගෙන ඉන්නේ වෙනසක් කරනකම්. ඒ වෙනස කරලා සහනයක් දීලා

මනාප ක්‍රමය තිබෙනකම් දුෂණය තියෙනවා මේ රටේ. කොච්චර වියදම් කරනවද මේරටේ ඡන්ද වෙනුවෙන්. ඒ නිසා මම ආයෙත් විපක්ෂයට කියනවා එන්න අපි එකතුවෙලා ඒ කටයුත්ත කරමු. මට මේ හැමෝම එකක වැඩ කරන්න පුළුවන්. අයවැයෙන් පසුව අපි හැමෝම එකතුවෙලා මේගැන කතා කරමු මම රුස්වීමක් කැදවන්නම්”යැයි ජනාධිතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලනයේ වෙනසක්


පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(23දා) දැනුම්දුන්නේය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල  මන්ත්‍රීවරුන්  ගණන අඩු කිරීමට මෙන්ම  වියදම් පාලනයට කිරීමට ද කටයුතු සකස් කරමින් සිටින බවද අග්‍රමාත්‍යවරයා දැනුම්දුන්නේය.

එම කටයුතු එසේ සිදු උවද මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඇති බලය බලපෑමක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරණ සිදුකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තමා කණගාටුවන බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.

මැණික් වලින් ඩොලර් 500 ක ඉලක්කයක්



මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ අපනයනයන් සිදුව තිබුණද එම සියලු මුදල් රටට නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(23දා) පාර්ලිමේන්තුවට පැවසීය.

එම මුදල් ප්‍රමාණයෙන් රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක පමණ සුළු මුදලක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 අපනයන හරහා ලැබෙන මුදල් දින 180 ක් තුළ රටට ගෙන ආ යුතු බවට නීතියක් තිබුණද එම මුදල් රටට නොලැබෙන බවද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර අපනයනය සඳහා ආණ්ඩුව අයකරන බදු ප්‍රමාණය 0.025% ක්  බවද මෙවර අයවැයෙන් එය 2.5% දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා කීවේය.

කෙසේවෙතත් ලබන වසර තුළදී මෙම ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 500 වඩා රටට ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.


Monday, November 21, 2022

තවදුරටත් වැරදි තීන්දු ගන්න බැහැ

 

 

රටේ ආර්ථිකය ස්ථායී නොකළහොත් ලබන වසරේ මාර්තු පමණ වනවිට තත්වය ඉතා දරුණු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද(22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙසේද පැවසීය,

“රටේ ආර්ථිකය ස්ථායි උනොත් පමණයි රටේ අනාගතය ස්ථායි වෙන්නේ. ඒ නිසා අපිට තවදුරටත් අඩුපාඩු වැරදී තීන්දු ගැනීමට හැකියාවක් නැහැ. අපි ක්‍රමාණූකූලව හිස ඔසවන අවස්ථාවක් මේක. මේ යන තත්වය වෙනස් කරන්න හැදුවොත් ජනප්‍රිය තීරණ ගන්න ගියොත් මාර්තු අප්‍රේල් මැයි ජුනි වල රට තිබුණු තත්වයට වඩා දරුණු තත්වයකට පත්වෙනවා. ඒ නිසා සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.  ඒ නිසා වර්තමානයේ රටේ මිනිසුන් දෙස බලා තීන්දු තීරණ ගැනීම වැදගත් වෙනවා. වත්මන් රජය තීන්දු ගන්නේ නැවත රට අනතුරේ දාන්නේ නැති වෙන්න. ඒගමනේදී හොද යෝජනා තිබෙනවා නම් ආණ්ඩුව ඒවා පිළිගන්න සූදානම්. ඒ යෝජනා ලබාදෙන්න.

අසීරු අඩියක ඉන්න රට ගොඩනැගීමට රජය සහ නිලධාරීන් ගන්න තීන්දු වලදී ඒවාට ශක්තිය ලබාදීම වැදගත්වෙනවා. ඒවගේම වර්තමාන රජය ගෙනියන වැඩපිළිවෙල තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක උවහොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නොවේවි.

මේ අයවැය ලේඛණය තුළ ඉදිරිපත් කරන අලුත් ආර්ථික ක්‍රමවේදය තුළ 2024 දක්වා යාමට අවශ්‍ය පදනම සකස්වෙනවා. ඒවෙනුවෙන් කටයුතු කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.” යැයි පැවසිය.



 

ශ්‍රිලනිපය දෙකඩ වේ?

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ අර්බුදයක් මතුව තිබේ. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු 08 කුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කිරීමත් සමගය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට තිලංග සුමතිපාල මහතා පත්කිරීමත් සමග ඒසඳහා බොහොදෙනෙකු විරෝධය පළකර ඇති බවද වාර්තාවේ. එමෙන්ම ශ්‍රීලනිපයේ වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පිරිසක් අධිකරණයට යාමට සූදානම්වන බවද වාර්තාවේ.



අයවැය ඡන්ද විමසීම අද


අයවැය ඡන්ද විමසීම අද(22දා) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 15 දා සිට අද(22දා) දක්වා පැවැත්විණ. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය හෙට(23දා) සිට ආරම්භවීමට නියමිතය.



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු වාර්තා මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර...

 

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර එම වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ  තැබීමට කටයුතු කරනු ලබන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය හේතුකොටගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සියලු වාර්තා මෘදු පිටපත් (Soft Copy) වශයෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය කෙරිණි.

 ඒ අනුව, 2023 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන කාල සීමාවේදී ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් වශයෙන් මන්ත්‍රීවරයන් වෙත ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද කථානායකවරයා දැනුම් දුන්නේය. එම වාර්තාවලද දෘඩ පිටපත් කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද කථානායකවරයා පැවසීය.