Thursday, July 14, 2022

පෙරෙට්ටන්ගේ මීළඟ ඉලක්කය පන්සල්

 පෙරෙට්ටන්ගේ ඊළඟ ඉලකක්ය පන්සල්


අරගල ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින අරගලකරුවන්ගේ මීළඟ ඉලක්කය පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථාන බව මේ වන විට රාවයක් පැතිරෙමින් තිබෙනවා. 


දළදා මාළගාව ඇතුළු බොහෝ ප්‍රසිද්ධ විහාරසථාවල සිදු කරන පෙරහැර මේ මොහොතේ අනවශ්‍ය වියදමක් බවත්, ඒ සියලු වියදම් නවත්වා, පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථාන සතු වත්කම් මහජනතාවට ලබා දිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ මොහොතේ ලද පොදු ජන ජයග්‍රහණය වඩාත් ඵලදායී වන්නේ ඒ ප්‍රත්සංස්කරණ ක්‍රියාවලියට ද කඩිනමින් යොමුවීමෙන් පමණක් බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

අරගලයට සම්බන්ධව වැඩකටයුතු කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වට්ස් ඇප් හරහා යවන ලද පනිවිඩයක් මේ දිනවල  සංසරණය වෙනවා. එහිදී උන්වහන්සේ පවසන්නේ අරගලය තුළ මේ වන විට ක්‍රියාත්මක වන ආගම් විරෝධය සමස්ත අරගලයට ම මහත් විනාශයක් බවයි. උන්වහන්සේ විසින් යවන ලද පනිවිඩයයි මේ.


‘ගරුතර ස්වාමීන් වහන්ස


මම හැකි සෑම විටම අරගලයට ගියා. ඒ රාජපක්ෂවරුන්ට විරුද්ධවයි.නමුත් 11 වෙනිදා අරගලයේ දී මගේ කන වැකුණු ප්‍රකාශයක් පිළිබඳවයි මේ. 


එතන අයියා කෙනෙක් තවත් කීප දෙනෙක්ට කියනවා"මචං අරගලය ඉවර නෑ. දැන් තමයි පටන් ගත්තේ. දැන් අපි බලන්න ඕන කොහොමද පන්සල් ටික, පල්ලි ටික වහලා දාන්නේ කියලා. බලහං දළදා පෙරහැර කියලා කොච්චර සල්ලි නාස්ති කරනවා ද ? මේවා නවත්වන්නෙ නැතුව රටක් හදන්න බෑ. මේ සංස්කෘතිය, සභ්‍යත්වය නිසා රට හදන්න බෑ. ඒක නිසා ඕවා නැති කරලා දාන්න ඕනේ. 


JVP පෙරටුගාමී ද මම දන්නේ නැහැ. හැබැයි අරගලයෙ NGO නඩ, කල්ලතෝනි නාඩගම් ඒකෙ මුල ඉදන්ම තිබ්බ. ජෙහාන් කලෙත් නාඩගමක්.  මේවා මුල සිටම අපි දැක්කා. මේවා share කරලා බයියො කියලා හංවඩු ගැහුනා. මේ දේවල් දැන ගෙන අරගලය මග ඇරියා. නමුත් 9,11 කියන දවස්වල ගියා. මේවා ඇහුනම හිතුනා  ඇයි අපි තුනුරුවනට ගරහන්න පාරට ආවෙ. කියලා. ඒකට සමාව අයදිනවා. දැන් මොනවා කරන්නද ඒත්😥 


මේ වෙනකොටත් ස්වාමීන් වහන්සේලා කෝච්චිවල හිටගෙන වඩිනවා. ඒක හොඳ දෙයක් කියලා මිනිස්සු share කරනවා. බෝධින් වහන්සේ විශාලවට හැදෙද්දි   බෝ මලුවේ බෝ පැල හැදුනම ගලවනවා මහ ගහ විතරක් හැදුනම ඇතිද කියලා බෝධින් වහන්සේට ගරහනවා. බුද්ධ පූජාවට, ත්‍රිපිටකයට ගරහනවා. ස්වාමීන් වහන්සේලාට සම්මා heroes, සම්මා selfie, කිය කියා ගරහනවා. ස්වාමීන් වහන්සේලාට දානෙ දෙන එකටත් ගරහනවා. තෙරුවන් කෙරෙහි ඇති අසීමිත ගෞරවය නිසා මට නම් පුදුමාකාර සංවේගයක් තියෙනවා. 


ආර්ථික, දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් මේ නිරාගමික අන්තවාදීයොන්ට රටේ නායකත්වය යයි. අනේ මගේ account එකේ ඉන්නෙ ගොඩක් තරුණ ජව සම්පන්න, උගත් , පණ්ඩිත හාමුදුරුවරු, සමහර දෙනා වහන්සේලා අස්ගිරිය, ගල්දූව ආරණ්‍ය, මහරගම වජිරඥාන ධර්මායතනය , පන්නිපිටිය දෙව්රම් වෙහෙර, කප්පින වලව්ව ,කළුපළුවාව තපෝවනය,වගේ සංඝ මූලස්ථාන වල වාසය කරනවා, අනේ මහ නාහිමිවරු දැනුවත් කරනු මැනවි නිරාගමිකකරනය ගැන,  


ඔබ වහන්සේලාගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත්, දායක සභාවනුත්, ගම් වැසි, රට වැසි හැමදෙනාම දැනුවත් කරනු මැන, 


ගිහියන්ගේ තුනුරුවන් පිළිබඳව ඇති ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමට කටයුතු කරනු මැන,

එසේ කටයුතු කිරීමට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය නීරෝගී සම්පත ලැබේවා!’


සජබෙන් අරගලකරුවන්ට අභියෝගයක්




 සමගි ජන බලවේලගයෙන් අරගලකරුවන්ට wNsfhda.hla


සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වීමට නොහැකි යැයි පවසන අරගලකරුවන්ට නාම යෝජනා ඉදිරිපත් කර ජනාධිපති තරඟයට පැමිණෙන්නැයි ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. 

විපක්ෂ නායක් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය. 

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘අරගයේ ඉතාමත් සුළු අන්තවාදී පිරිසක් තමයි ඔහොම කියන්නේ. මේ රටේ තියෙන නීතිය අනුව පාර්ලිමේන්තුවේ 225 න් කෙනෙක් තමයි ජනාධිපති ධුරයට පත් වෙන්න ඕනේ. එහෙම නැතුව අරගලකරුවන්ට හිතුමතේට ජනාධිපතිවරු පත්කරන්න බෑ. තමන්ගෙ නායකයා ව ජනාධිපති කරන්න ඕන නම් ඒ පුද්ගලයාට පාර්ලිමේන්තුව තුළ බහුතරය හදාගන්න කියන්න. එහෙම නැතුව මරනවා කියල හරි, පාර්ලිමේන්තුව වට කරනවා කියලා හරි බය කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි අරගලකරුවන්ට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටන් ගිහින් රට අස්ථාවර නොකර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සථාපිත කිරීමට සහාය දෙන්න.’

ආදරයේ අරගලය විනාශ කරන්න එපා


මාධ්‍ය ආයතනවලට කඩා වැදීම අනුමත කරන්න බෑ

පොදුජන අරගලය අවභාවිත කරමින් ජාතික රූපවාහිනය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී බලපෑම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවත්, ජනමාධ්‍යවලට ලබපෑම් කිරීම වහා නැවැත්විය යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යපාරය සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ජාතික රූපවාහිනි පරිශ්‍රයට ඇතුළු වී, එහි වැඩසටහන් සැකැසම පිළිබඳ නියෝග පනවමින්, සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළ අදහස් පිලිබඳ දැඩිව අවධානය යොමු කරන නිදහස් මාධය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියා කලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.


මාධ්‍ය අන්තර්ගතය තීරණය කිරීම ඒ ඒ මාධ්‍ය ආයතනවල සංස්කාරක මණ්ඩලය සතු අයිතියක් වන අතර ඊට බලපෑම් කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව සලකා බැලෙන පිළිගත් නිර්ණායකවලට අනුව පැහැදිලිවම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් යැයි ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අරගලකරුවන් ලෙස පෙනී සිටි නියෝජිතයන් ජාතික රූපවාහිනිය තුළ නියෝග දෙමින් හැසිරුණු ආකාරය ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිසේත අනුමත නොකරන තත්ත්වයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජාතික මාධ්‍ය ආයතන තුනකට ඇතුළු වීමත්, එක් ආයතනයක වාහනයකට අලාභහානීකිරීමත් පිළිබඳව බලවත් කනස්සල්ල කරන් බවත්, ආදරයේ ආරගලය නමින් ආරම්භ කළ දියුණු සංස්කෘතික විරෝධතා අවකාශය විනාශ වීමට ඉඩ නොතබන ලෙසත් දැඩිව අවධාරණය කර තිබේ.

රනිල් පොළඟෙක්

'මානවම්ම‘ පැරදු Netflix බලන වික්‍රමසිංහගේ මැරතන් ධාවනය


එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 ක මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. 


‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි.

 

රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ නායකයා ලෙස ‘මානවම්ම‘ වෙනුවට ‘රනිල් වික්‍රමසිංහ‘ අද සිට පත් වෙනවා. දවස් පහකට ද, දහයකට, වසර දෙකකට ද යන්න කියන්නට නොහැකියි. 


රනිල් ගන්නේ ඩීසල් නැති, පේට්‍රල් නැති, දෙවැනි තෙල් නැවට ගෙවාගන්න සල්ලි නැති රටක්.  මේ පැයේ ක්‍රියාකාරීව ඉන්න දේශපාලනඥයින්ගෙන් බහුතරයක් ඔහුට මතවාදීව පමණක් නොව, මාරාන්තික විරෝධතාවයක ඉන්න මොහොතක. ඕනෑම ගොඩනැගිල්ලක්, විනාඩි කිහිපයකින් අත්පත් කර ගන්නට සමත් අරගලකරුවන් සිටින යුගයකය. 


2005 දි වරක් LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ගැන මෙහෙම කිව්වා.


" මහින්ද රාජපක්ෂ කියන්නේ නාගයෙක්. ඔහු වේගයෙන් පිඹියි. පෙණය පුප්පයි. ඉන්පසු ඔබට දෂ්ට කරයි. ඉතින්, ඔබට ඔබේ ආත්මාරක්ෂාව සඳහා බේරෙන්න යම් කාලයක් තිබෙනවා.


හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ පොළඟෙක්. ඔබට පේන්නෙ ඔහු නිදි වගෙයි. සමහර විට මැරිලා වගේ. එහෙම පෙන්නුවත් නොසිතූ මොහොතක සැණෙකින් ඔහු පැන ඔබට දෂ්ට කරාවි. එවිට ඔබට බේරෙන්න තිබෙන අවස්ථා හරිම අඩුයි. "


රනිල්ගේ දේශපාලනය ගැන අපිට අලුතෙන් ලියන්නට දෙයක් නැත.  පහුගිය සමයේ දේශපාලනිකව පොඩි විවේකයක් ලබාගත් රනිල් දැන් Netflix බලා, අලුත් පොත්පත් කියවා  නව දැනුමෙන් සන්නද්ධ වී පැමිණ තිබේ. 


මින් පෙර සෑම අවස්ථාවකදීම ඔහු අංක 2 විය. එය බොහෝ විට ඔහුගේ අසාර්ථක භාවයට හේතුව වන්නට විය හැක. අද ඔහු අංක 01 වී ඇති නමුත් පෙර අවස්ථා සියල්ලටම වඩා දරුණු  වටපිටාවක පළමුවෙනියා වීම අතිශය භයානකය.


අරගල, හදිසි නීතිය, ඇඳිරි නීතිය, සාගතය, පෝලිම්, ආර්ථික අර්බුද මැදින් හැමදාම රනිල් අගමැති විය. 


අද ඔහු ඒ සියල්ලම මැදින් රාජ්‍ය නායකත්වයට පත් වි තිබේ!   


වාර්තා වෙන අන්දමට එළඹෙන 20 වනදා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් මන්ත්‍රීවරු 225න් 132 කට වැඩි ප්‍රමාණයකගේ ජන්දයෙන් මේ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමටත් නියමිතව තිබේ.


හන්දියේ කඩ පිළේ, බෝක්කු අයිනේ කම්මැලිකමට කල් මැරීමට දාම් අදින ලද ක්‍රීඩකයින්ව, හොදින් සිතා බලා චෙස් අදින රනිල් වික්‍රමසිංහ සමඟ සටනට යැවීම අරගලකරුවනුත්, දේශපාලන පක්ෂත් නොකල යුතු දෙයකි. ඒ වෙනුවට චෙස් දන්න පිරිසක් පෙරට පැමිණිය යුතුව තිබේ. 


එය බොහෝ දෙනෙකුට වටහාගත හැකි යයි මම නොසිතමි. 



උපුටා ගැනීමකි.


ජනපති ඩලස් - විපක්ෂ නායක නාමල්

 

 


ගෝඨාභය රාජපක්ෂ මහතගෙන් ගිලිහුණ ජනාධිපති ධුරය නැවත රාජපක්ෂ කඳවුර වෙත ලබාගැනීමේ මෙහෙයුමක් රාජපක්ෂ කඳවුර හා පොදුජන පෙරමුණ ආරම්භකර ඇත.

ඒ අනුව දැනට රාජපක්ෂ විරෝධියකු ලෙස තාත්වික රංගනයක යෙදෙන ඩලස් අලහප්පෙරුම අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කරගැනීමට පොදුජන පෙරමුණ තුළ මේවනවිට පොදු එකගතාවයක් ලබාගැනිමට බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(13දා) වනවිට කටයුතු කර තිබේ.

මේවනවිට පොදුජන පෙරමුණෙන් කැඩිගොස් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පෙනී සිටින මන්ත්‍රීවරුන්ද ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස පත්කරගැනීමට ඡන්දය ලබාදීමට සුදානම් බවද බැසිල් රාජපක්ෂ මහතාට පෙරේදා පැවති සාකච්ඡාවකදී දැනුම්දී  ඇත.

මේ අතර අනුප්‍රාප්ත්‍රික ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහස්පෙරුම පත්කරගැනීමෙන් අනතුරුව විපක්ෂයේ ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එකතුකර ගනිමින් නාමල් රාජපක්ෂ ද විපක්ෂයේ අසුන් ගැනීමට මේවනවිට රාජපක්ෂ කඳවුර සැලසුම් කර තිබේ.

ඒ අනුව විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර ගැනීමටත් මේ හරහා තීරණයකර ඇත.

විපක්ෂ නායක ධුරය ලබාගැනීමේදී සමගි ජනබලවේගයෙන් එල්ලවන විරෝධය වළක්වා ගැනීමේ ආකාරයද රාජපක්ෂ කඳවුර අතර සාකච්ඡා වී ඇති අතර එහිදී මෙතෙක් රාජපක්ෂවරුන් විසින් සඟවාගෙන සිටින සජිත් ප්‍රේමදාස විසින් සිදුකර ඇති රුපියල් බිලියන ගණනක වංචා වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පෞද්ගලික පරිහරණයට ලබාගැනීම සහ නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වංචා සමාජ ගතකිරීමටද සාකච්ඡා කර ඇත.

 

- ධනංජය රළපනාව