Monday, August 1, 2022

පුරවැසියන් දායකවන පාලනයකට පළාත් පාලන ආයතන අකමැතිද?

 

 


පාර්ලි්මේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම උදෙසායි.  ප්‍රජා සහභාගීත්ව සංකල්පය මේවනවිට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන අතර ලංකාවේ පළාත් පාලන ආයතන තුළද එය ක්‍රියාත්මක කළ යුතු බවට පළාත් පාලන පනත මගින්ම දක්වා ඇත. එසේ උවද එය එසේ ක්‍රියාත්මක වනවාදැයි යන්න ගැටලු සහගතය. පළාත් පාලන ආයතනවල ප්‍රජා සහභාගීත්ව සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය තොරතුරු දැනගැනීමේ පනත ආශයෙන් සොයාබැලීමේදී ඒබව අනාවරණය විය.

 

පළාත් පාලන ආයතන වර්ග

 ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 ක් ඇති අතර ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන වර්ග 03 ට බෙදා දක්වයි. ඒ අනුව මහ නගර සභා 24 ක් , නගර සභා 41 ක් සහ ප්‍රාදේශිය සභා 276 ක් ශ්‍රීලංකාව තුළ ස්ථාපිත කර තිබේ. මෙම එක් එක් පළාත් පාලන ආයතන තුළ  ප්‍රජා සහභාගීත්ව තහවුරු කරගැනීම පිණිස විවිධ කමිටු පිහිටවිය යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ දක්වා ඇත.  ඒ අනුව මුදල් හා ප්‍රතිප්ති සම්පාදන කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කාර්මික සේවා කමිටුව , පරිසරය හා පහසු කමිටුව යන  කමිටු නිත්‍ය වශයෙන්ම පත්කළ යුතුව ඇති අතර අවශ්‍යතාවය අනුව තවත් කමිටු පත්කළ හැකිය. ලංකාවේ පළාත් පාලන ආයතන 341 තුළ මෙම කමිටු පිහිටුවා ඇති ආකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්ව පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගනිමින් සොයාබැලු අතර කුලියාපිටිය නගර සභාවේ මෙම කමිටු ක්‍රියාත්මක වන ආකාරය මේ තුළින් සාකච්ඡා කෙරේ.


 ප්‍රජා සහභාගීත්ව සංකල්පය

 ප්‍රජා සහභාගීත්ව සංකල්පය මුලික වශයෙන් මට්ටම් 03 ක් යටතේ දක්වා ඇත. ප්‍රජාවගේ පැමිණීම , ප්‍රජාව සහභාගීවීම , ප්‍රජාව මැදිහත්වීම ලෙස එය හදුන්වයි. වඩාත් ඵලදායි පාලන ක්‍රමයක් සඳහා ප්‍රජාවගේ මැදිහත්වීම පමණක් වැදගත් නොවන අතර සභාව කරන කටයුතු වලට සහභාගී වීමද වැදගත්ය .

ප්‍රජා සහභාගීත්වය නිසා මුල්‍යමය වියදම් අවම කරගැනීමට හැකිවීම , කාර්ය හා දේපොල තමන්ගේය යන පොදු හැගීම ප්‍රජාව තුළ ඇතිවීම , ආරක්ෂාව නඩත්තුව පොදු සමාජය සතුවීම , සාමුහිකත්වය එකමුතුබව හා පුරවැසි යුතුකම් ජන සමාජය තුළ වර්ධනය වීම මෙන්ම ඵලදායීතාවය සහ යහපාලනය උදාකරගැනීමට ද හැකියාව ඇති බව එය ක්‍රියාත්මක කිරීමෙන් හදුනාගෙන ඇත.

 

කුලියාපිටිය නගර සභාවේ ක්‍රියාත්මක වන කමිටු

 ප්‍රාදේශිය සභා පනත මගින් දක්වා ඇති පරිදි නියත වශයෙන්ම ක්‍රියාත්මක විය යුතු කමිටු 04 ට අමතරව තවත් කමිටු 03 ක් කුලියාපිටිය නගර සභාව ක්‍රියාත්මත කරයි. ඒඅනුව  කුලියාපිටිය නගර සභාව ක්‍රියාත්මක කරන කමිටු වන්නේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කර්මාන්ත කමිටුව , ඝණ අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව , පුස්තකාල උපදේශන කමිටුව ,  සෞඛ්‍ය පරිසර පොදු පහසුකම් කමිටුව ,  සහ ප්‍රසම්පාදන කමිටුවයි. ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව මෙම කමිටු ක්‍රියාත්මත විය යුතු උවද නගර සභාවේ සභිකයින්ට අමතරව අනිකුත්  සමාජිකයින් හෙවත් ප්‍රජාව නියෝජනය කරන්නේ කමිටු දෙකක පමණ. එයත් මුලික කමිටු වලින් බාහිරව ඇති ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව  සහ පුස්තකාල උපදේශන කමිටුව සඳහා පමණි.



මෙම කමිටුව රැස්වීම සහ ක්‍රියාත්මකවීම මෙන්ම සමාජිකයින් පිළිබඳව ද විස්තර මේසේය

 

ක්‍රියාත්මක කමිටු

සභික සමාජිකයින්

රැස්වී ඇති දින ගණන

සභිකයින්ට අමතරව සිටින සමාජිකයින් ගණන

01

මුදල් හා ප්‍රතිපත්ති කමිටුව

11

06

-

02

නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව

08

05

-

03

ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව

04

05

11

04

පුස්තකාල උපදේශන කමිටුව

16

01

10

05

සෞඛ්‍ය පරිසර පොදු පහසුකම්කමිටුව

07

02

-

06

ප්‍රසම්පාදන කමිටුව

11

06

-

07

කර්මාන්ත කමිටුව

07

05

-

 

කුලියාපිටිය නගර සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව මගින් විවිධ ප්‍රසම්පාදනයන්ය අදාල කාරණා සාකච්ඡාවී ඇති අතර ඒ සම්බන්ධ යෝජනාවලීන් සභාවට ඉදිරිපත්කර අනුමැතියද ලබාගෙන තිබේ. එසේ උවද එම කමිටුවේ මහජන නියෝජනයක් හෙවත් ප්‍රජා දායකත්වයක් නොමැත.

නිවාස සහ ප්‍රජා සංවර්ධන කමිටුව මගින් විවිධ සමාජීය කටයුතු රැසක් පිළිබඳව තීන්දු තීරණ ගෙන තිබේ. ඒවා සියල්ල මහජනතාව වෙත බලපාන යහපත් තීන්දු බව සැබැය. එමෙන්ම ප්‍රජාවගේ අදහස් ද ලබාගනිමින් එය ක්‍රියාත්මක කළේනම් තවදුරටත් අතිසාර්ථ තීන්දු තීරණ ලබාගැනීමට හැකිවනු ඇත.

කුලියාපිටින නගර සභාවේ ප්‍රජා දායකත්ව ලබාගෙන ක්‍රියාත්මක වන සාර්ථකම කමිටුව ලෙස ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව සඳහන් කළ හැකියි. ප්‍රදේශවාසීන් , පරිසර නිලධාරීන් , ඝණ අපද්‍රව්‍ය නිලධරීන් , ගොවිජන සේවා නිලධාරීන් සභික මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශව මෙම කමිටුවට සහභාගීකරවාගෙන තිබේ.

 ඝන අපද්‍රව්‍ය මධ්‍යධස්ථාන තුළ පොහොර නිෂ්පාදනය , ඒවායේ ගුණාත්මකභාවය , අතුරුමාර්ග වල අනිසි ලෙස කසල බැහැර කිරීම ,  කසල එකතුකිරීම විධිමත් කිරීම , දියර පොහොර නිෂ්පාදනය සම්බන්ධව මෙන්ම ප්‍රදේශවාසීන්ගේද අදහස් ලබාගැනීමට එම කමිටුව කටයුතු කර තිබේ. ඒ සම්බන්ධ යෝජනා සභාවට ඉදිරිපත්කර සම්මත කරගත් යෝජනා මේවනවිට ක්‍රියාත්මකවෙමින්ද පවතී. එය ඉතා සාධනිය තත්වයකි.

කෙසේ වෙතත් නගර සභාව තුළ පිහිටවන කමිටු සම්බන්ධයෙන් සහ එම කමිටුවලට ප්‍රජා දායකත්වය ලබා නොගැනීම සම්බන්ධයෙන් නගර සභාවේ ලේකම් එච් එම් කේ පී හේරත් මහතාගෙන් මේසම්බන්ධයෙන් විමසීමේදී සඳහන් කරන ලද්දේ  ප්‍රජාව සහභාගී කරගැනීමේ අඩුවත් තිබෙන බව තමා පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත්ය. එමෙන්ම නගර සභාවේ ඇතැම් කාරනා සම්බන්ධයෙන් මෙන්ම කමිටුවල ඇතැම් කාරණා සම්බන්ධයෙන්ද මහජනතාව සම්බන්ධ කරගැනීමට මහජනතාව වෙත දැනුවත්කිරීම් කළද ඒ සම්බන්යෙන් මහජතාව ද දක්වන උනන්දුව අල්ප බව හෙතෙම සඳහන් කළේය.

ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුවට සහභාගීවු ප්‍රදේශවාසියෙක් වන අනුරුද්ධ නිරෝෂන මහතා ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙවැනි අදහසකි.

කුලියාපිටිය ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය වගේම අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අපිට තිබෙන ගැටලු කමිටුවේදී සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් විවිධ තීන්දු තීරණ ගත්තා. අපේ අදහස් ලබාගත්තා. ඒවගේම දෛනිකව කසල එකතුකිරීම සම්බන්ධවත් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳවත් කමිටුවේදී සාකච්ඡා කළා. ඒ කමිටුවේදී ගත්තු ඇතැම් යෝජනා දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ අපිට සතුටුයි. යැයි පැවසීය. නගර සභාවේ ක්‍රියාත්මක වන අනිකුත් කමිටු සම්බන්ධයෙන් දැනුවත්ව ඇද්දැයි අනුරුද්ධ මහතාගෙන් විමසු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බව හෙතෙම පැවසීය.

හිටපු පළාත් පාලන කොමසාරිස් එන්.ඒ.ධර්මසිරි මහතාගෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුයේ පළාත් පාලන පනත් අනුව සියලුම පළාත් පාලන ආයතන කමිටු ස්ථාපිත කළ යුතු බවත් ඒ වෙත ප්‍රජාව සහභාගී කරවාගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ය. සුපිලිපන් සේවයක් පවත්වාගෙන යාමට මහජනතාව සහභාගීකරවා ගැනීම වැදගත් බවත් ඒ හරහා පළාත් පාලන ආයතනයන් හි පාලන කටයුතු කරගෙන යාම ඉතා පහසුවන බවත්ය. එමෙන්ම දුෂණය වංචාව පිටුදැකීමට සාර්ථකම ක්‍රමවේදය ප්‍රජා සහභාගීත්ව සංකල්පය බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පළාත් පාලන ආයතන තුළ කාර්යන් සිදුකරගෙන යාම සහ අනුමැතියන් ලබාගැනීම රෙගුලාසි සම්මතකරගැනීම ආදිය සිදුකරනු ලබන්නේ සභාපති ප්‍රමුඛ සභාව රැස්වී හරහාය. ඒ තුළ අදහස් දැක්වීමට හෝ මැදිහත්වීමට වෙනත් පාර්ශවයන්ට නොහැකියි. මේ හේතුවෙන් සභාවට උපදෙස් ලබාදීම සඳහා කමිටු සංකල්පය ක්‍රියාත්මක වේ.  කමිටුවල සාකච්ඡා කරන දෑ යෝජනා ආදිය වාර්තා මගින් සභාවට යොමුකිරීම සිදුකරයි. තත්වය එසේ උවද අදාළ කමිටුවලද ප්‍රජා සහභාගීත්වයක් නොමැතිව සභිකවරුන් පමණක් සමාජිකයින් වේ නම් බලාපොරොත්තු වන කාර්ය ඉටුවනවාද යන්න ප්‍රශ්නාර්තයකි.

 

-        චාමර සම්පත්

 

 

 

Saturday, July 30, 2022

පාර්ලිමේන්තුවේ පිල් මාරු රැසක්?


 


 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම ලිපි යවා ඇති අතර ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඒ බව නිල වශයෙන් දැනුම්දීමට නියමිතව ඇත.

එලෙස නිල වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපතිවරයා ආරාධනා කළ පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැළකිය යුතු පිරිසක් ආණ්ඩු පක්ෂයට සහය දීමට සුදානමින් සිටින බව වාර්තාවේ. එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමටද නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් වාර අවසන් කළ පාර්ලිමේන්තුව ලබන සතියේ යලි ජනාධිපතිවරයා විසින්ම විවෘත කිරීමට නියමිතව ඇත


- C/S

Friday, July 29, 2022

මෛත්‍රීපාල කථානායක ධූරය ඉල්ලයි

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සර්ව පාර්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී එයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදීමට නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ලැබිය යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරය තුළද සාකච්ඡා කර ඇති අතර එහිදී සමාජික මන්ත්‍රීවරුන් විවිධ අදහස් දක්වා ඇති අතර බොහෝදෙනා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්විය යුතු යන මතයේ සිට අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුව සහභාගී නොවුනද එහි මන්ත්‍රීවරුන් බහුතරය පෞද්ගලිකවම හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගීවීමට කැමත්ත පලකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.


- C/S


Sunday, July 24, 2022

ගෝටාභය නැවත දිවයිනට?

 ජනතා විරෝධතා හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම යළි ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ දිනවල සිංගප්පූරුවේ සිටින හිටපු ජනාධිපතිවරයා මඳ අසනීප තත්ත්වයකින් පසුවන බව වාර්තා වන අතර අතර ඊට අදාළ ව සිදු කරන ප්‍රතිකාරවලින් පසුව ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහුට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු පහසුකම් සැලසීමට රජය පියවර ගනු ඇති බව රජයට සමීප ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා තමන් පදිංචිව සිටි මිරිහාන නිසට පැමිණීමට නියමිත අතර ඔහු ගේ පැමිණීමෙන් පසුව රජය විසින් ජනාධිපතිවරයා වෙත නීත්‍යනුකූල ව හිමිකම් ලබන නිල නිවස ආරක්ෂාව වාහන සහ කාර්ය මණ්ඩලය ලබා දීමට සැලසුම කර ඇති එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 14 වැනිදා සිංගප්පූරුවට පැමිණි ගෝඨාභය රජජපක්ෂ මහතාට දින 14ක කෙටි කාලීන වීසා බලපත්‍රයක් නිකුත් කළ බව සිංගප්පූරුවේ ආගමන විගමන සහ මුරපොළ පරීක්ෂා අධිකාරිය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව ඔහු ලබන 28 වැනිදා පැමිණෙන්නේද එසේ නැතිනම් ඔහුට තවදුරටත් වීසා දීර්ඝ කර ගැනීමට කටයුතු කරන්නේද යන්න පැහැදිළි නැතත් ඔහුට ශ්‍රි ලංකාවේ හිමි විය යුතු වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි මස 09 වැනිදා ඇති වූ දැවැන්ත මහජන විරෝධය හමුවේ පසුගිය 12 වැනිදා රාත්‍රියේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත් ව ගිය අතර එහි සිට සිංගප්පූරුවට ගොස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත එවීමට කටයුතු කළේය.



Saturday, July 23, 2022

ගෘහස්ථ රැස්වීම් සඳහා මුහුණු ආවරණ අනිවාර්‍ය කරන්න

 *ගෘහස්ථ එක් රැස්වීම් සදහා මුව ආවරණ අනිවාර්‍ය කරන්න* 


*කොවිඩ් PCR පරීක්ෂණ පහසුකම් වහා ලබා දෙන්න* 


නව COVID-Omicron ප්‍රභේදය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය විවිධ නිවැරදිව හඳුනා ගැනීමට පහසු අපහසු ප්‍රභේදයකි. ශ්‍රී ලංකාව තුල මේවන විට කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අතිශය ලෙස සීමා කර ඇති බැවින් හා ඒ සදහා අත්‍යාවශ්‍ය ප්‍රතික්‍රීයක හිගකම හේතුවෙන් බරපතල ව්‍යාප්තියක් අපේක්ෂා කල හැකිය. එසේම ප්‍රභේද පිළිබද පරීක්ෂණ සිදු නොකෙරෙන බැවින්, පැතිර යමින් තිබෙන ප්‍රභේද පිළිබදවද නිශ්චිතව කිව නොහැක.


මේ මොහොතේ සෞඛ්‍ය සේවාව පවතින අවධානම්, අවිධිමත් සහ සැලසුම් සහගත නොවන වටපිටාව යටතේ, අවම තරමින් ගෘහස්ථ ඒකරාශී වීම් සදහා පමණක් හෝ මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොකලහොත්, නැවත අති විශාල කොවිඩ් රැල්ලකට මුහුණදීමට සිදු වනු නොඅනුමානය. 


නව COVID-Omicron වෛරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්සක් හෝ උණට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ප්‍රකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති.


එම පර්යේෂණ වලට අනූව, මෙම ප්‍රදේයෙහි භායානක බව, ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ වැඩි වන අතර මරණ අනුපාතය ද ඩෙල්ටාවට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එසේම රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය වන අතර, එය වෛරස් නියුමෝනියාවට තුඩු දෙන අතර පසුව උග්‍ර ශ්වසන පීඩනය ඇති කරනු ලබන බව පැවසේ.


කරුණාකර ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු මුව ආවරණ පළඳින්න, සහ සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ නොමැති විට (කැස්ස හෝ කිවිසුම් යාම) වේලාව නිතර නිතර අත් සෝදන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ නීති එනතුරු නොසිට, ස්වයං ආරක්ෂාව සලසා ගන්න.


රවී කුමුදේශ් 

සභාපති 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


සති දෙකකින් සර්වපාක්ෂික ආණ්ඩුවක්


 

අමාධ්‍ය ධූර 30කින් සමන්විත නව කැබිනට් මණ්ඩලයක්  සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් තව සති දෙක්ක තුළ පිහිටුවීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය දුන්  විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ද කැබිනට් මණ්ඩලයට සම්බන්ධ කරගෙන මෙම ආණ්ඩුව පත් කරගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත,  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගත් පොදු ජන පෙරමුණ ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපති අපේක්ෂකත්වයට තරග වැදුණු ඩලස් අලහප්පෙරුම   ඇතුළු පොහොට්ටුවේ  මන්ත්‍රීවරුන් 28ක්  පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.