Sunday, December 4, 2022

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා - මනුෂ

 






 

කම්කරුවා ආරක්ෂා කිරීමට නම් ව්‍යවසායකයා සුරක්ෂිත කළ යුතු බවත්, රට ගොඩනගන ගමන කඩාකප්පල් කරන රැලි වලට අහු නොවනා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් නොවුණු බවත්, කම්කරුවා පොහොසත් කිරීමට නම්, ව්‍යවසායකයා ආරක්ෂා කරගත යුතු බවත් පැවසූ අමාත්‍යවරයා මේ ලෝක ආර්ථික අර්බුදයේ දී ලංකාව මේ තරම් බරපතල විදියට කඩා වැටෙන්න හේතුව වුණේ ව්‍යවසායකයන් ආරක්ෂා නොකරපු නිසා. හැමදාම නීති අරගෙන ඇවිත්, නීතිවලින් කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම අද කම්කරුවා ආරක්ෂිතද? ව්‍යසායකයා ශක්තිමත් නම් කම්කරුවා ආරක්ෂිතයියනුවෙන් ද පැවැසීය.

අමාතවරයා මෙසේ පැවසූයේ  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

අපි මේ ඉන්නේ ක්‍රෝනි කැපිටලිසම් මත පදනම්වූ ආර්ථිකයක. ඒ තමයි ගජමිතුරු ධනවාදය.  මෙන්න මේ නිසා තමයි සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මත පදනම්වූ නව ආර්ථික ක්‍රමවේදයක් අය වැය හරහා අරගෙන ඇවිත් තියෙන්නේ. මේක මෙච්චර කල් ඉදිරිපත් කළා වගේ නිකම්ම නිකම් හුදු අය වැයක් නෙමෙයි. මේ අය වැය කියන්නේ අය වැයක් ඇතුලේ සිදුවෙන සිස්ටම් චේන්ජ් එකක්.

ගොඩක් අය කැමැති නෑ මේක භාර ගන්න. ගොඩක් රෙද්ද අස්සේ මහත්තයලනේ ඉන්නේ. රෙද්ද අස්සේ කලිසම ඇඳගෙන ඉන්නවා, හැබැයි උඩින් රෙද්ද ඇඳන් ඉන්නවා. රෙද්ද පෙන්ගෙන ඉන්නවා. කලිසම අඳින්න ඕනෑ. හැබැයි පෙන්නන්නේ වෙන දෙයක්.

මෙතෙක් කල් අය වැයක් ඉදිරිපත් කළාට පස්සේ තිබුණේ ඒකත් එක්ක බැදුන වැඩපිළිවෙලක්. මේ අය වැයත් එක්ක බැදිලා තියෙන්නේ නිකම්ම නිකම් වැඩ පිළිවෙලක් නෙමෙයි. මේකත් එක්ක බැදිලා තියෙන්නේ සමාජ සහ ආර්ථික පරිවර්තනයක්. සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් ට්‍රාන්ෆමේෂන් එකක්.

  විවෘත ආර්ථිකය අසාර්ථකයි කියලා අපි කියන්නේ ඇයි? අපි එහෙම කියන්නේ මෙන්න මේ ක්‍රෝනි කැපිටලිසම් නිසා. සංවෘත ආර්ථිකයේ ඉදලා විවෘත ආර්ථිකය දක්වා එකවර එන්න අපිට බැරි වුණා. සංවෘත ආර්ථිකයේ කොටස් අපිට අතහැර ගන්න බැරිවුනා. ආර්ථිකය විවෘත වුනේ කුඩා කණ්ඩායමකට විතරයි. ඒ කුඩා කණ්ඩායම තමයි රටේ ආර්ථිකයේ විශාල කොටසක් අත්පත් කරගන්තේ. විවෘත ආර්ථිකය අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේක. ඒ වගේ විවෘත ආර්ථිකයේ අසාර්ථකත්වයන් තිබෙන නිසා තමයි අපි ඒ ක්‍රමවේදයන් මේ අය වැය හරහා වෙනස් කරන්නේ.

රටට අහිමිකළ ඩොලර් බිලියන 53 ක්

 


රටේ මුල්‍ය ගණුදෙනු සහ ව්‍යාපාරික අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(05දා) පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අපනයන හරහා මෙරට ලැබිය යුතු ඇමරිකන් ඩොලර් බිලියන 53 ක මුදලක් මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් රටට ගෙනැවිත් නොමැති බවය. රටේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කරන මෙවැනි පුද්ගලයින් පිළිබඳව හෙලිදරව් කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මේ පිළිබඳ නිරන්තරයෙක් කතාකරමින් සිටිනවාට වඩා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වැදගත් බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

ජනපතිගේ නිවස බව කියන - අසත්‍ය ඡායාරූපයක්

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අසත්‍ය ඡායාරූපයක් බව සත්‍ය තොරතුරු විමර්ශන වෙඩ් අඩවි සඳහන් කර තිබේ.

එම ඡායාරූපය, මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ජාල වල පසුගිය අප්‍රේල් මස සිට සංසරණය වී තිබූ ඡායාරූපයක් බවද එම වෙඩ් අවඩි සඳහන් කර ඇති .

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිවස බව සඳහන් කරමින් සංසරණය වන එය අසත්‍ය ඡායාරූපයක් බවද ඔවුන් තහවුරු කරයි.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ හෝ ජනපති නිල නිවසේ ඡායාරූපයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ද, පවසා සිටියේය.

Thursday, December 1, 2022

විපක්ෂයේ හැසරීම ගැන කතානායක කණගාටුවෙයි

 





 

විපක්ෂයේ  මන්ත්‍රීවරුන් ඇතැම් වෙලාවට පාර්ලිමේන්තුවේ කාලය නාස්තිකරමින් නිශ්පල කතා කියමින්  අශෝබන ආකාරයට හැසිරීම පිළිබඳ කණගාටුවන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරලිමේන්තුවේ උදෑසන මන්ත්‍රීවරුන්ගේ විවිධ ප්‍රකාශ හේතුවෙන් අයවැය විවාදය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය අහිමිවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය. එමෙන්ම මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය ලබාදෙමින් කාලය කළමණාකරය කිරීමට කථානායකවරයා‍ලේ අවධානය යොමුකරන්න ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි

කතානායක  - මේ සිද්දිය දෙපැත්තෙන්ම සිදුවෙනවා

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා - කාලය කළමනාකරණය කරගන්න ඔනේ අපි නෙවෙයි මුලාසනය.

කතානායක - නමුත් මන්ත්‍රීතුමා බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක වළක්වගන්න ඔබතුමාලා කටයුතු කරන්නේ නැහැ. ඒගැන කණගාටුවට කාරණයක්. ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නෙවෙයි ඔබතුමාගේ වගකීම.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතැම්වෙලාවට හැසිරෙන ආකාරය ඉතාම අශෝබනයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතාකරන එක වැරද්දක් නෙවෙයි. නමුත් මේ හැසිරෙන විදිහ අශෝබනයි

 

ලකෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා -අපි ඔබතුමා එක්ක තරහක් නැහැ. මේක අපේ වැරද්දක් නෙවයි.

කතානායක - පාර්ලිමේන්තුව තියෙන්නේ කතාකරන්න. ඒකේ වැරදක් නැහැ. නමුත් පල්හෑලි කතාකරන්න ගියාම තමා මේ සිද්ධිය වෙන්නේ. ඔබතුමාගේ  කණ්ඩායමෙන් තමා ඒක සිදධ වෙන්නේ

 

පාර්ලිමේන්තුවෙන් වාර්තාවක්


 

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා  ඊයේ(01)  පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

  අනුවල දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්  පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට  එදින පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද මහතා වැඩි දුරටත් පැවසීය.

 ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී , එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්  පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත.

 තවද  2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම  නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද   මහතා  සඳහන් ළේය.

මේ සඳහා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබා දිම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිරණය ළ බවද වේත්‍රධරී වරයා සදහන් කළේය







බදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි

 




දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගන්නා පරිගණක මෘදුකාංගයේ තදබදයක් හේතුවෙන් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ් අමාත් ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.

නිසා අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ් අමාත් ෂෙහාන් සේමසිංහ මහතා කීයඑම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බව ත් අමාත්‍යවරයා කීවේය.

 ඊයේ දිනය වෙද්දි සියලු දෙනා තමන්ගේ ආදායම් වාර්තා ලබාදිය යුතුව තියෙනවා. මේ නොවැම්බර් 30 කියන දිනයත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා.

පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්යාපාර බද්ද මේ ආදි බදු ෆයිල් කළ යුතුව තියෙනවා. මේක කඩාකප්පල් කිරීමක් නෙමෙයි. මේ මෘදුකාංගයේ ඇති වෙලා තියෙන තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. එයට විසඳුමක් හැටියට අපි සතියක කාලයක් ලබාදෙනවා.

සතියක කාලය තුළ රිටර්න්ස් භාර දුන්නා එය නොවැම්බර් මස 30 භාරදුන්නා ලෙස සලකන්න අපි අවශ් වැඩකටයුතු මුදල් අමාත්යංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.”යැය පැවසීය.