Monday, October 14, 2013

වරාය සභාපති දකුණේ මැතිවරණයට !

Priyan mahinda 13-10-13ශ්‍රී  වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු  වික්‍රම මහතා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
හම්බන්තොට වරාය ඉඳි කිරීමේ නියමුවා වූ වික්‍රම මහතා, හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් දකුණු පළාත් සභාවට ඉදිරිපත් කල යුතු බවට යෝජනා කර ඇත්තේ, ජනාධිපති ජේෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ලෙසම දකුණට ද මහ ඇමති අපේක්ෂකයකු නම් නොකොට සන්ධානයේම කිහිප දෙනෙකු අතර තියුණු තරඟයක් ඇති කොට සන්ධානයේ ජන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවද පැවසේ.

No comments:

Post a Comment