Wednesday, December 7, 2022

විදුලිබල මණ්ඩලය නිසා කංචන චම්පික පැටලෙයි - පාර්ලිමේන්තුව උණූසුම් වෙයි

 



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර අතර අද(08දා) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුමක් සිදුවිය. ඒ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම් හේතුවෙනි.  විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජලවිදුලි බලාගාර පෞද්ගලික අංශයට ලබාදෙන බවත් එමගින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇතිවෙන බවත් මන්ත්‍රීවයා සඳහන් කළේය. කරුණු වැරදි ලෙද ඉදිරිපත් කරමින් චමිපික මන්ත්‍රීවරයා රට සහ පාර්ලිමේන්තුව නොමග යවන බව එහිදී විදුලිබල අමාත්‍යරවයා සඳහන් කර අතර එහිදී දැඩි වචන හුවමාරුවක් සිදුවිය. එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක -විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. මේ යොජනාව අනුව විදුලිබල මණ්ඩලය කොම්පැණි 18 ට කැඩෙනවා. ජලවිදුලි බලාගාර, පුත්තලම බලාගාරය, මන්නාරම සුලං බලාගාරය තාප බලාගාර කොම්පැමිණි වලට දෙන්න යන්නේ.මේ රටේ ජලාශ ඉදිකරලා තියෙන්නේ විදුලිය නිපදවීමට පමණක් නොවේ. කොළඹ ඇතුළු නගර වලට ජලය ලබාදෙන්නේ මේ ජලාශ වලින්. ඒක නිසා මේවා කොම්පැණිවලට දුන්නොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා.ජල විදුලිය තියෙන්නේ රටේ විදුලිබල පද්ධතිය පාලන සදහා .එය පුද්ගලික අංශයට ලබාදෙන්න බැහැ.ඒවගේම ලංකා විදුලිබල මණ්ඩලය ගණන් හදලා තියෙන්නේ දිනකට ගිගාවාට් 47 ක් වැයවෙනවා කියලා. දෙසම්බර් 05 දා වැයවෙලා තියෙන්නේ ගිගාවොට් 35.5 . මේ නිසා මේ පිළිබඳ විදිමත් ආකාරයේ පරීක්ෂණයක් කළ යුතුයි.

 

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකරවිදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකිරීම ගැන වාර්තාව සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදුන්නා. චම්පික රණවක මන්ත්‍රීතුමා වාර්තාවේ කොටසක් කියවා ඉතිරි කොටස කියවන්නේ නැතිව ප්‍රකශයක් කිරීම ගැන මම කණගාටුවෙනවා. සුළං බලයෙන් සහ ජල විදුලියෙන් ක්‍රියාත්මක වන බලාගාර සියල්ලම රජය සතුව තියාගන්න ඔනේ කියලා මේ වාර්තාවෙන් කියලා තියෙනවා. චම්පික මන්ත්‍රීතුමා කියන තර්කය හැටියට මේක පෞද්ගලික අංශයට යන්නේ නැහැ. කමිටුවක සභාපති හැටියට පාර්ලිමේන්තුවම සහ ජනතාව නොමග යැවීම ගැන මම කණගාටුවට පත්වෙනවා. ඒවගේම මෙහිදී  මහජන උපයෝගීතා කොමිසම අහෝසි වෙලා බලශක්තිය නියාමනය කරන්න පුළුවන් ආයතන කිහිපයක් පත්කරන් යෝජනා කර තිබෙනවා. ලෝකයේ අනිත් රටවල සිදුවන තත්වයක් එයයි. ඒ නිසාම තමයි සමහරු කළබල වෙලා තියෙන්නේ.

ඒවගේම ලාංකවේ භාවිතාවන සාමාන්‍ය විදුලි ප්‍රමාණය ගිගාවොට් 35 වගේ ප්‍රාමාණයක් කියලා චම්පික ඇමතිතුමා පෙන්වන්න හදනවා. වර්ෂාව වැඩි කාලයට භාවිතා කරන විදුලිය ප්‍රමාණය අඩුයි . ඒක එතුමා දන්නවා නමුත් ජනතාව කියන්නේ නැහැ . ලබන අවුරුද්ද වන විට අඛණ්ඩව විදුලිය දේන්න සැලසුම්කරගෙන යනවා ඒ වගේම ලබන අවුරුද්දේ විදුලි ඉල්ලුම සියයට එකකින් තවත් වැඩිවෙයි කියලා උපකල්පනය කරලා තමයි මේ සියල්ල කරලා තියෙන්නේ.  විදුලි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් අරගෙන නැහැ . විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්වයකට පත්වෙලා කියලා මෙතුමා තව බොරුවක් කිව්වා.විදුලි බල මණ්ඩලය මේවසරේදීත් ඔක්තෝම්බර් වනවිට බිලියන 112 ක් පාඩුයි. දෙසැම්බර් වන විට 152 ක පාඩුවක් වෙයි කියලා සැලසුම් කරලි තිබෙනවා. වහලය මත සවිකරලා තියෙන සුර්ය පැනල වලින් ගන්නා විදුලියට මාස 08 කන් ගෙවීම් කරලා නැහැ.  ඒවගේම මේවෙද්දි ක්ෂේත්‍ර කිහිපයකට විදුලි සහනාධාර දෙනවා. මේ වෙද්දි  ජල විදුලිය සහ ගල්අගුරු හැරෙන්න තාප බලාගාර භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි සුළු ලාබ තත්වයක් ඇතිවෙලා තියෙන්යෙන්. විදුලි කප්පාදුවක් නොකර අඛණ්ඩව විදුලිය දෙන්නන්ම් තාප බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා.විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නනම් රටේ අඛණ්ඩව විදුලිය දෙන්නනම් මේ දේවල් ක්‍රියාත්මක කරන්න කරන්න වෙනවා. දේශපාලනවාසි ගන්න මෙහෙම කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

 


No comments:

Post a Comment