Thursday, December 29, 2022

සිරිසේන කෑගැහුවට වැඩක් නැහැ - පක්ෂෙ තියෙන්නේ අපි ලඟ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ ඉතිරිව ඇති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ  පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මේ අතර විවිධ පාර්ශව විසින් ශ්‍රිලනිප සභපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන  පිරිත් පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙක් විමසූයේ ශ්‍රිලනිප  පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවෙි ශ්‍රිලනිප මහලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.

 

No comments:

Post a Comment