Wednesday, July 13, 2022

රනිල්ට කෙලවන රාජපක්ෂ ගැටේ







රනිල් පැන්නීමට රාජපක්ෂ කඳවුරේ සුක්ෂම සැලැස්මක් සුදානම් -  ඩලස් අලහප්පෙරුම ජනපති කිරීමේ සැලසුමට සජිත්තුත් පටලවා ගනී

පොහොට්ටු මන්ත්‍රී  ඩලස් හිටි හැටියේ රාජපක්ෂ විරෝධියෙකු බවට පත් කොට  වෙස් පෙරලවයි 


………………………………

 

පවතින දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට පොහොට්ටුව නැවත වතාවක් වෙනස් මුහුණුවරකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ සූදානමක් පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත් වීමට නියමිතව තිබෙනවා.

 

කෙසේවෙතත් ඉන්පසුව නව ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති අතර එම අවස්ථාවේදී පොදුජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල සූක්ෂම ලෙස නැවත වතාවක් රාජ්ය් බලය අත්පත් කර ගැනීමට සැලසුමක් සකස් කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.

 

මේ සඳහා ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 ද සම්බන්ධ කර ගැනීමට කටයුතු සුදානම් කර ඇති අතර මේ කටයුතු සම්බන්ධිකරණ කිරීම සිදුකරන්නේ විසිරුවා හරින ලද රජයේ අමාත්‍යධුරයක් දරු මාධ්‍ය ආයතනයක් ද හිමි ව්‍යාපාරිකයෙකි.

 

එම සැලසුම ක්‍රියත්මක වන ආකාරය පිලිබඳ මේ වන විට අප වෙත් තොරතුරු ලැබී තිබෙනවා.

 

ජනතා අප්‍රසාදයට ලක්ව ඇති පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා ට ඇති බවට මාධ්‍ය ඔස්සේ පුවත් නිර්මාණය කොට ඔහු කෙරෙහි ජනතා අප්‍රසාදයක් නිර්මාණය කිරීම එහි පළමු සැලසුමයි.

 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සඳහා මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට රුපියල් කෝටි ගණනින් ලංසු දමා ඇති බව පවසමින් තව දුරටත් ජනතාව තුළ රනිල්    වික්‍රමසිංහ මහතා පිළිබඳව  ජනතා අප්‍රසාදය  දියුණු කිරීම  එහි අනෙක් සැලසුමයි.


 මේ වන විට  විපක්ෂයේ බහුතර බලය  හිමි සමගි ජන බලවේගය පක්ෂය ද එම කුමන්ත්‍රණයට  සම්බන්ධ කර ගැනීමට  ඔවුන් සූක්ෂමව  සැලසුම් කර  ඇති බවද  දැනගන්නට තිබෙනවා.


  එහිදී ඩලස් අලහප්පෙරුම සහ   සජිත් ප්‍රේමදාස පාර්ශවය අතර  සහයෝගීතාවයක්  නිර්මාණය කොට    ඩලස් අලහප්පෙරුම මහතා  ජනාධිපති ධුරයටත්   සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයටත්  පත්කර ගැනීමට  එකඟතාවය පළ කර ගෙන ඇති බවට ද  දැනගන්නට තිබෙනවා.

 

රාජපක්ෂ පාලනය පිළිබඳ කලකිරී  සිටින   පොහොට්ටුවේ කණ්ඩායම සහ  විපක්ෂයේ පිරිස  අතර ඒකාබද්ධ සන්ධානයක් ලෙස  මෙය ජනගත කිරීමට  නියමිතව තිබෙනවා.


මෙම  සූක්ෂම සැලසුම පොදුජන පෙරමුණේ සහ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් වසන් කරමින්   මාධ්‍ය  මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද  විශාල මුදලක් වැය කර ඇති බවට  තොරතුරු දැන ගන්නට ලැබෙනවා.


 එමෙන්ම  පොදුජන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම   හිටිහැටියේම රාජපක්ෂ විරෝධියකු බවට පත් කර පෙන්වීමට අදාළ මාධ්‍ය ක්‍රියාන්විතයක් ද මීට සමගාමීව පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක වුණා.

  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අස්විය යුතු බව  ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 47 දෙනකු  සදහන් කරන බව දක්වමින්  නිර්මාණය වූ පුවත, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බව දැක්වුණු පුවත මෙන්ම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න නම්  රාජපක්ෂ පවුලේ හිතවතෙකු   පත්කර ඇති බවට  වාර්තා වූ පුවත ද  මේ අයුරින්  ඩලස් අලහප්පෙරුම පාර්ශවය සහ  රාජපක්ෂ පාර්ශවය අතර  විරසකයක් පවතින බව  සමාජයට ඒත්තු ගැන්වීම සඳහා  නිර්මාණය කරන ලද  සිද්ධි සහ අවස්ථා  මේ වන විට හෙළිව තිබෙනවා.

  මේ සියල්ල සිදුවන්නේ මැයි නව වැනිදා සිදුවූ ප්‍රහාරය සමඟ  රාජපක්ෂ කණ්ඩායම  රනිල් වික්‍රමසිංහ  සිය ගැලවුම්කරුවා බවට පත්කරගත් නමුත්  පසුව  ඔවුන් අතර දැඩි විරසකයක්  නිර්මාණය වී ඇති පසුබිමකයි.

   ආර්ථික කළමනාකරණයට  අදාළ ප්‍රධාන ආයතන වලට  ප්‍රධානීන් පත් කිරීම,මුදල් අමාත්‍යාංශයේ කටයුතු පාලනය කිරීම, පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්  එක්සත් ජාතික පක්ෂයේ  හිටපු  ඇමතිවරුන්  කිහිපදෙනෙකුට  අවස්ථාව ලබා දීම  වැනි යෝජනා සහ තවත් සිදුවීම් කිහිපයක්  සම්බන්ධයෙන්  මෙම මත ගැටුම නිර්මාණය වී තිබුණා.


  මෙරට  ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන   ධම්මික පෙරේරා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට   බරපතළ ප්‍රහාරයක් එල්ල කරන්නේ   එම විරසකය ප්‍රතිඵලයක් ලෙසයි.


  අවසන් මොහොතේදී   රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු  සිය දේශපාලන කීර්තිනාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්  රාජපක්ෂ  කඳවුරට බරපතල ලෙස බලපෑම් ඇති කළ හැකි  තීන්දු කීපයට අවතීර්ණ වීමට සූදානම් වන බවට  ලැබී ඇති තොරතුරු ද  රනිල් වික්‍රමසිංහ මහතාගේ  දේශපාලන ගමන අවසන් කිරීමට  රාජපක්ෂලා තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවද පැවසෙනවා.


 රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම පිටුපසද  මීට සම්බන්ධ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ද  කතාබහක්  මේ වන විට නිර්මාණය වී තිබෙනවා.


No comments:

Post a Comment