Monday, January 2, 2023

බස් එළවන එක රටේ ජනාධිපතිවීමට සුදුසුකමක් නෙවෙයි - ෆොන්සේකා සජිට කියයි

 


බස් පැදවීමෙන් හෝ බස් ගිණි තැබීමෙන් කිසිවෙකුට රටේ නායකයෙකු වීමට නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

අද(02දා) පැවති උත්සවයකට ඒක්වෙමින්

“බස් එළවන එක රටේ ජනාධිපතිවීමට සුදුසුකමක් නෙවෙයි”  යැයි සරත් ෆොන්සේකා මහතා කීවේය.

බස් රථයක් පරිත්‍යාගකර ඇතැමෙක් යම් තෘප්තියක් ලබනවා වෙන්නට පුළුවන්. ඒසේ උවද බස් පැදවීමෙන් හෝ බස් ගිනි තැබීමෙන් රටේ නායකයෙකු විය නොහැකි බවද හෙතෙම කීවේය.

“රටේ දේශපාලනය සංස්කෘතිය අනුව මෙහෙම දේවල් වෙනවා. කොහොම උනත් මගේ පුද්ගලික අදහස නම් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි” යැයිද ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීවේය.

 

මේඅතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය මාසය තුළ පාසල් කිහිපයකටම බස්රථ පරිත්‍යාගය සිදුකළ අතර එම අවස්ථාවලදී ඔහු එම බස්රථය පදවමින් අවට සිටින පුද්ගලයින්ට ආචාර කරමින් පැමිණීම සෑම අවස්ථාවකදීම දැකගත හැකි විය.





No comments:

Post a Comment