Friday, June 28, 2024

 

චන්ද්‍රිකා සහ ලෝකය 



ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියෙහි දේශපාලකයන් බොහෝ දෙනෙක් සිටියත් ඒ අතරින් රාජ්‍යතාන්ත්‍රිකභාවයක්‌ සහිත පුද්ගලයන් සිටින්නේ අතලොස්සකි. පුද්ගලයෙකුට දේශපාලනඥයෙක් වීම ලෙහෙසි පහසු කටයුත්තක් වුවද ඉන් ඔබ්බට ගොස් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීම අපහසු බව පෙනෙන්නේ මෙරට දේශපාලන ඉතිහාසය අවධානයෙන් යුතුව පිරික්සන විටදී ය. යම් රටක රාජ්‍ය නායකයෙකු විසින් විෂධ කරවන රාජ්‍යතාන්ත්‍රිකභාවය, එහි විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය තීරණය කිරීමේදී වැදගත් බලපෑමක් ඇතිකරයි.



ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත් වර්ණවත් එමෙන්ම තීරණාත්මක යුගයක්‌ ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පරිපාලනය සමය හැඳින්විය හැකිය. තම මව විසින් දිනා දුන් ගෝලීය දේශපාලනයේ වම් ඉවුරත්, ජනාධිපති ජයවර්ධන විසින් දිනාදුන් දක්ෂිණ කඳවුරත් එකසේ රැක ගනිමින් ඇය තම විදේශ ප්‍රතිපත්තිය මැද මාවතේ ගෙන යාමට සමත් වූවාය. කුමාරතුංග - කදිරගාමර් සුසංයෝගය මෙරට විදේශ ප්‍රතිපත්තියෙහි කක්ෂය වඩාත් ප්‍රගතිශීලි දිශානතියකට යොමුකළ බව කිවයුතුය. 1983 සිංහල-දමිළ කොළහලය ඇතුළු 17 වසරක එජාප පාලනයේ ඇතැම් අදූරදර්ශි ක්‍රියාවන් නිසාත්, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය නිසාත් දිග්ගැස්සෙමින් තිබූ බෙදුම්වාදී යුද්ධය නිසාත් ජ්‍යාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව සිටි ශ්‍රී ලංකාවේ නාමය කුමාරතුංග පාලනය තුළ වඩාත් යහපත් අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවිය.



එල්ටීටීඊ සංවිධානය ජ්‍යාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට, වෙසක් පොහොය දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කිරීම ආදී වැදගත් යෝජනා ගණනාවක් චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනය යටතේ, අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය සහිතව සාර්ථක කරගැනීමට හැකිවුයේ එහි ප්‍රතිපලයක් ලෙසිනි. එමෙන්ම 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් ලැබුණු  ජ්‍යාත්‍යන්තර සහයෝගය එය තවත් තීව්‍රකොට පෙන්නුම් කරන අතර බෙදුම්වාදී යුද්ධය සඳහා තිරසාර ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීමට ඇය තුළ වූ දැඩි කැපවීම හා ඒ සඳහා ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල එම පරිපාලනය වෙත ගෝලීය අවධානය දිනා  දුන්නේය.



ඇයගේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් එකක් වූයේ දකුණු ආසියානු කලාපය තුළ සබඳතා ශක්තිමත් කිරීමයි. ආර්ථික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂක අවශ්‍යතා පෝෂණය කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාව වැනි අසල්වැසි රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඇය ශක්තිමත් කළාය. ඇයගේ ප්‍රයත්නයන් භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කලාපයක සබඳතා ස්ථාවර කිරීමටත්, දකුණු ආසියානු ජාතීන් අතර සංවර්ධන සංවාද සහ අන්‍යන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් දායක විය.



මෙහිදී කුමාරතුංග රජයේ අසහාය විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සුවිශේෂී දායකත්වය අමතක කළ නොහැකි අතර ඔහු සැබවින්ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අනන්‍ය සලකුණක්‌ වන්නේ ඔහු තුළ වූ සැබෑ දේශප්‍රේමීත්වයත්, මහා දර්ශනයත් එක්වී චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනය තුළ මුල්බැස ගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සමඟින්, ලොවක් හා එක්ව ගෝලීය අරමුණු කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු තුළ වූ නොකිළිටි අධිෂ්ඨානය නිසාය.




කුමාරතුංග ජනාධිපතිතුමියගේ විදේශ ප්‍රතිපත්තිය කිසිම දිශාවකට වැඩියෙන් නැඹුරු නොවූ නොබැඳි පිළිවෙත අනුව ගිය එකක් විය. වරෙක සාක් ( SAARC ) සමුළුවේ සභාපතිනිය ලෙසත් එහි ප්‍රබල සාමාජිකාවක ලෙසත් කලාපීය අවශ්‍යතාවන් මුදුන්පත් කරගැනීමට කුමාරතුංග ජනාධිපතිනිය කටයුතු කළා අතර ඇය කෙරෙහි තිබූ විදේශ ආකර්ෂණය ඇයට බලය අහිමි වූ පසුවද නොඅඩුව ලැබීම එය මොනවට පැහැදිලි කරයි. විශ්‍රාම ලැබීමෙන් අනතුරුවක් ඇය Clinton Global Association, Club de Madrid වැනි ගෝලීය සංවිධාන රැසක ගරු කටයුතු සාමාජිකාවක් ලෙස සම්බන්ධ වී සිටිමම ඇයගේ විදේශ ප්‍රතිපත්තීන් ශ්‍රී ලාංකීය දේශපාලනයේ නූතන සලකුණක්‌ බව සඳහන් කිරීමට ප්‍රමාණවත්ය.



අවාසනාවන්ත ලෙස ඉන් පසු බලයට පැමිණි පාලකයන්ගේ අමනෝඥන ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර  ප්‍රජාව ඉදිරියේ අපකීර්තියට පත්විය. එසේ පත්වීමට හේතුවූ ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැකිය.

     

* දර්ශනයක් නොමැති විදේශ ප්‍රතිපත්තිය.

* විදේශ ප්‍රතිපත්තියේ ඒකපාර්ශවීය නැඹුරුතාවය.

* ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් වෙනුවට පාලකයන්ගේ ඥාතීන්, හිතවතුන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කිරීම.

* ගෝලීය ප්‍රතිපත්තීන්වලින් පිට යන දේශීය ප්‍රතිපත්තීන්.


ඒවායෙන් කිහිපයකි. එවැනි හේතු නිසා වර්තමානයේ ද විදේශ ප්‍රතිපත්තිය දියාරු වී ඇති බවක් පෙනෙන්නට ඇත.කෙසේ වෙතත් අවශ්‍යවන්නේ වඩාත් කාර්යක්ෂම, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තුළින් ලෝකය තුළ හුදකලා නොවුණු, අන්තර්ජාතික සහයෝගයෙන් පොහොසත් වූ රාජ්‍යයක් නිර්මාණයයි. එවැනි රාජ්‍යයක් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි දූරදර්ශි  නායකයන් මෙන්ම දර්ශනයක්ද අවශ්‍ය බව සඳහන් කළ යුතුය.



ජුනි 29 වෙනිදට යෙදෙන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ 79 වන ජන්ම දිනය නිමිත්තෙනි.



සටහන - සහන් තෙන්නකෝන්

Thursday, June 27, 2024

අභියෝගයේ නායකත්වය

 නූතන ඉතිහාසයෙහි කාන්තා විමුක්තිය පිළිබ`


ද තේමාවෙහි එක් ආශිර්වාදාත්මක පරිච්ෙඡ්දයක් නම්සිය රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදයසිවිල් නිදහස හා සමාජ සාධාරණත්වය උදෙසා කරන යුක්ති සහගත අරගලයේ දී කාන්තාව විසින් දක්වනු ලබන අභිමානනීය නායකත්වයයි.

ලොව ප‍්‍රථම අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඇරඹී එම ගමන් මගඉන්දිරා ගාන්ධි වැනි තවත් කාන්තා නායිකාවන් කිහිපදෙනෙකු විසින් සෝබාමත් කරන ලදී.

විසිවන සියවසෙහි අවසාන දශක දෙක පමණ වනවිට තුන්වන ලෝකයේ රටවල් කිහිපයක ජාතික නායකත්වයට පත් වූ හෝ මානුෂික යුක්තිය උදෙසා වන ජනතා අධිෂ්ඨානය සංකේතවත් කළා වූ කාන්තාවෝ කිහිප දෙනෙක්ම විවිධ දේශීය යථාර්ථයන්ට අනුගත වෙමින්අයුක්තියට එරෙහිව නැ`ගී සිටීමේ යුක්ති සහගත ව්‍යායාමයට උරදුන්හ.

සමකාලීන ජගත් ස්ත‍්‍රී වංශයේ ඒ ප‍්‍රතාපවත් නාමාවලියට ශ‍්‍රී ලංකාවෙන් එක් වූ චරිතය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි. දකුණු ආසියාවේ ප‍්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පවුලකට උරුමකම් කියන ඇයදේශපාලනයට පිවිසීම කිසි ලෙසකිනිදු අහම්බයක් නොවේ.


අැගේ ජීවන මග හුදු රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. විප‍්‍රයෝගය මෙන් ම මරණයේ බියකරු බව ඇගේ ජීවිතය පුරා ඈ පසුපස හඹා ආවේ ය. දාහතරවන වියේ දී සිය නිවස තුළ දී ම සිදුකළ පියාගේ ඝාතනයෙන් දඊට දාසය වසකට පසු විවාහ වන්නට සිටි සහකරුවාගේ අකල් මරණයෙන් දසිය හතළිස් තුන්වන වියේදී තම දෑස් ඉදිරිපිට සැමියා කුරිරු ලෙස මරා දැමීමෙන් පසුව දඒ මරණ බිය ඇගෙන් පහව ගියේ නැත. එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණෙන් දපේ‍්‍රමදාස පාලනයෙන් දඅවසානයේ කොටි ත‍්‍රස්තවාදයෙන් ද ඇයට මරණ වරෙන්තු ලැබී තිබුණි. පනස් හතර වැනි වියේදී කූරිරු බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව ඇසක් අහිමි වීආශ්චර්යකින් මෙන් ඇගේ දිවි ගලවා ගත්ත දචන්ද්‍රිකා තමන්ට බාධකයක් ලෙස හඳුනාගත් කොටස්වලට අදට ද අැය බාධකයකි.


ගිරි දුර්ගවට වංගුකටු කොහොල්`දු පල්ලම් පමණක් නොව මරු වැල් ද නො අඩුව පැවති මෙරට දේශපාලන මාවත පුරා සැරිසැරීමේ දී සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන අන්දමේ විශේෂ වාසි දෙකක් ඇයට හිමි විය. ඒසිය දේශපාලන සටනේ දී ‘‘බණ්ඩාරනායක’’ මෙන්ම ‘‘කුමාරතුංග’’ යන දෙපයින් ම නැ`ගී සිටීමේ ද්විත්ව වාසිය යි. දකුණු ආසියාතික දේශපාලන ප‍්‍රපංචයක් ලෙස සැලකෙන පවුල් සාධකයේ වාසිය එසේ තිබුණත්තමන්ගේ ස්වාධීන අනන්‍යතාවකින් නැ`ගී සිටීමේ ජීව ගුණය ඇය කෙරෙහි මුල සිට ම විද්‍යමාන විය. එහෙත් ඇය කිසි විටෙක සිය සීමාවන් අතික‍්‍රමණය නොකළා ය.


 ඇසට-ඇසක් දතට-දතක් යන්න ඇගේ ප‍්‍රතිපත්තිය නොවීය. වෛර්යය - අවෛර්යෙන් දමරණය - අභය දානයෙන් දඒකාධිපතිත්වය - ප‍්‍රජාතන්ත‍්‍රවායෙන් දඅවනීතිය - නීතියෙන් දඅයුක්තිය-යුක්තියෙන් ද ජය ගැන්ම ඇගේ මාවත විය. 


1951 දී සිය පියා විසින් ආරම්භ කරන ලදදශක ගණනක් පුරා මව විසින් ආදරයෙන් සුරක්ෂා කරන ලදමෙරට දේශපාලනයේ ප‍්‍රගතිශීලී බල ක`දවුර ලෙසින් විරුදාවලිය ලත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්තිවඩා හො`දින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට ඇය කැප වූවා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හිමි වන ගෞරවනීය ස්ථානයට නොඅඩු ස්ථානයක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමි වන්නේ ඒ නිසා ය. 


සිය සැමියාගේ හදිසි අභාවයෙන් පසුබණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී විනාශ වීමට ඉඩ නොතබාසුරැකීමේ භාරදූර වගකීම සිය කර මතට ගත්තා ය. ඇයගේ කණිටු දියණිය ලෙස බණ්ඩාරනායක දේශපාලන උරුමය හිනි පෙත්තට ම රැගෙන එන්නට සමත් වන්නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.


චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලනික ජීවිතය පිළිබ`ද විමසීමේ දී හ`දුනාගත හැකි ප‍්‍රධාන සහ ප‍්‍රබල ලක්ෂණය වන්නේ හුදු බාල ජනප‍්‍රියත්වයෙන් තොර ප‍්‍රතිපත්තිමය දේශපාලනයකට තිබූ කැපවීම යි. එය ජනප‍්‍රියවාදී නොවීය. ඈ කිසිදු විටෙක සිය ප‍්‍රතිපත්ති පාවා දී ජනප‍්‍රිය මාවත වැළ`ද නොගත්තා ය. සෑම විටෙක පක්ෂ ප‍්‍රතිපත්ති ආරක්‍ෂා කර ගනිමින්මාතෘ භූමියේ ප‍්‍රගමනයත් වෙනුවෙන් සිය ජීවිතය කැප කළා ය. ඇතැම් අවස්ථාවල පක්ෂ ක‍්‍රියාකාරීත්වය විසින් පක්ෂ ප‍්‍රතිපත්ති හා මාතෘභූමියේ ප‍්‍රගමනයට හානිකර දේ සිදු කරන විට ඈ ඒවා සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් සටන් කළා ය.


ඒ නිසාම බොහෝ නින්දාඅපහාස හා අවලාදවලට ලක් වීමට ඇයට සිදු විය. එහෙත් ඒ කිසිවක් නිසා තම ප‍්‍රතිපත්ති පාවා දීමට කටයුතු නොකිරීම චන්ද්‍රිකාගේ අප‍්‍රමාණ පෞරුෂය හෙළි කරන කැටපතකි.


චන්ද්‍රිකා ප‍්‍රථම වරට මැතිවරණයක් ස`දහා තරඟ කරන්නේ 1993 මැයි මස පැවැත් වූ බස්නාහිර පළාත් සභා මැතිවරණයට යි. එහි දී වාර්තාගත 86%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාවසර දාසයකට පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික බලමුළුව ජයග‍්‍රාහී මාවතට ප‍්‍රවිශ්ට කරවීමට ඈ සමත් වන්නී ය.

දේශපාලන නිර්වින්දනයකට ගොදුරු වී සිටි පක්ෂය කූද්දවාඅපේක්ෂා භංගත්වයට පත්ව සිටි මෙරට පොදු ජනතාව තුළ යළි අපේක්ෂාවේ පහන් සිළ දල්වන්නට ඇගේ නායකත්වයසමත් විය.


දේශපාලන ආඥාදායකත්වයෙන් සහ අන්ත ධනේෂ්වර සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවලින් අසහනයට පත්ව සිටි ජනතාවක්දේශපාලන බලලෝභී අරමුණු මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් නිමක් නොමැති යුද්ධයකට තල්ලූ කර දමා තිබුණු දේශයක් ගොඩනැ`ගීමේ වගකීම ඈ වෙත පැවරී තිබුණි.

චන්ද්‍රිකා 1994 දී භාර ගත්තේ දෙකොන ගිනිගත් විලක්කුවක් බ`දු දේශයකි. පෙර පාලනයේ මර්දනය සහ ආඥාදායක පාලනය නිසා උතුරේ සහ දකුණේ තරුණ කොටස් තම දේශපාලනිකආර්ථිකසමාජීය සහ සංස්කෘතික අවශ්‍යතා වෙනුවෙන් අවස්ථා දෙකක දී කැරලි දෙකක් ආරම්භ කර තිබුණි. දකුණේ තරුණ කොටස් විසින් සිදු කළ කැරැල්ල මර්දනය කර තිබුණ දඒ වන විට උගත් තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය කර හෝ අතුරුදහන් ව තිිබිණි. උතුරේ දෙමළ තරුණ ප‍්‍රජාව තුළින් ඇති වූ කැරැල්ල ත‍්‍රස්තවාදී යුද්ධයක් දක්වා වර්ධනය වී තිබුණි.

මේ මිලේච්ඡ මර්දනකාරී පාලනය නිසා ජාත්‍යන්තරය තුළ ද ශ‍්‍රී ලංකාව කෙරෙහි පැවතියේ ඍණාත්මක ආකල්පයකි. ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලංකාව හ`දුනාගනු ලැබුවේ මිනී කන්නන්ගේ දේශය යන අන්වර්ථ නාමයෙනි. මේ සියලූ අභියෝගවලට මුහුණ දීමට චන්ද්‍රිකාට සිදු විය. 


චන්ද්‍රිකාගේ ආගමනය මෙරට පොදු ජනතාවට දේශය පිළිබ`තරුණ පරපුරේ අනාගතය පිළිබ`ද සුබවාදී අපේක්ෂා රාශියක් ජනිත කරවීමට සමත් විය. එම අපේක්ෂාවන්ගේ ගැඹුර වැඩි වන තරමට මෙරට රාජ්‍ය නායිකාව ලෙස ඇයගේ වගකීම් පරිමාව ද ඉහළ ගියේ ය. මෙරට පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාව පවා ‘‘චන්ද්‍රිකා දර්ශනය’’කොතෙක් දුරටඑම අභියෝග ජයග‍්‍රහණය කිරීමෙහිලා සාර්ථක ප‍්‍රවේශයක් වන්නේදැයි දෑස් දල්වා බලා සිටියහ.


මෑත ඉතිහාසයේ අතිශය අර්බුදකාරී වකවානුවක මෙරට දේශපාලනයේ ඉතාම සංකීර්ණ සංයුතියක් සහිත ආණ්ඩුවක් ඉතා සීරුවෙන් මෙහෙයවීමට ඇයට සිදු විය. 

පොදු ජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණයඅර්බුදයේ සහ අස්ථාවරත්වයේ කළලය ද සිය ගැබෙහි හුවා ගත් ජයග‍්‍රහණයක් විය. එහෙත් ඇය  විවිධත්වය මැද එක්සත් බව’’ පවත්වා ගනිමින් රාජ්‍ය පාලනයේ නියුතු වූවා ය.


මෑත දේශපාලන ඉතිහාසයේ නායිකාවක ලෙස චන්ද්‍රිකා පෙන්වූ නම්‍යශීලීත්වය වරෙක වාසිසහගත වුව ද තවත් අවස්ථාවක අතිශය සංකීර්ණ ගැටලූ ඇති කිරීමට හේතු විය. ඒඇයගේ නම්‍යශීලීත්වයේ ගැටලූවක් නිසා නොවමෙරට ඇතැම් දේශපාලන නායකයින් ගෝත‍්‍රවාදී ආකල්පයන්ගෙන් මිදී පරිණතභාවයට පත්ව නොසිටි බැවිනි.

බණ්ඩාරනායකවරු ‘‘මැද මාවතේ’’ නිර්මාණකරුවෝ ය. චන්ද්‍රිකා ද මෙරට ආර්ථිකදේශපාලනිකසමාජීය යන සෑම ක්ෂේත‍්‍රයකම ගැටලූ වලට මැද මාවතේ විස`දුම් පිළිබ`ද උද්යෝගිමත් වූවා ය. 

1960 දී දරු තිදෙනාට පමණක් නොවඅනාථ වූ මුළු මහත් ජාතියටම මවක් වෙමින්සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවදානමෙන් පිරුණු දේශපාලන ගොහොරු බිමට එළඹමෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ යම් සේ දඊට වඩා බොහෝ සංකීර්ණතා සහ අවදානම් ගහන පරිසරයක් තුළ, 1994 දී චන්ද්‍රිකා මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ගත්තීසියලූ දුක්ඛ දුර්බෝජන වළ`දමින් අතිශය සංකීර්ණමෙන්ම කටුක සහ භයංකර මාවතක් ඔස්සේ ය. 

 

අද අැය සිය 79 වන දිවි ගමන පසුකරමින් සිටින්නී ය. එහෙත් අදට ද මෙරට දේශපාලනයේ සුළං හමන අත අවබෝධකර ගැනීමෙහිලා චන්ද්‍රිකා දර්ශනය අතිශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබන බව අවිවාදිත ය. 


මෙරට දේශපාලනයේ ක්‍රම වෙනසක් කෙරෙහි අපේකෂාවක් සහිත ව ඒ වෙනුවෙන් අලුත් නායකයන් පරම්පරාවක් කෙරෙහි විශ්වාසය තබා ගනිමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නීය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රකරණයට යොමුකරවීමෙහිලා යම් සාර්ථක උත්සාහයක් ඇය විසින් ගනු ලැබුවද, ඊට වඩා බරපතල වගකීමක් ඇය කර මත වැටී තිබේ. නැවත වරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැමති නිදා සිටින යොධයා අවදි කළ හැකි එක ම චරිතය වනාහී චන්ද්‍රිකා ම මිස අනිකෙකු නොවේ. බිම්ඇ මට්යටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිද්‍රාශීලීත්වය පළවා හැරිය හැක්කේ ද ඇයට ම පමණි. 



 තරිඳු තොටවත්ත





Sunday, June 16, 2024

 විමල්,දිලිත් සහ සර්ව ජනබලය


දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය පසුගියදා විමල්,ගම්මන්පිල,ගෙවිඳු,චන්න,වාසු සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ක එකතු වෙලා සර්ව ජනබලය බලය නමින් සන්ධානයක් පිහිටවා ගත්තා.සන්ධානය පිහිටවලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයට තමන්ගේ පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම අහිමිවුනා.


සර්වජන බලය සන්ධානය ජූනි 18 වෙනිදා නුගේගොඩදී රැළියක් තියන්න සුදානම් වෙනවා. එයාලා කියන්නේගේ 69 ලක්ෂයේ බලාපොරොත්තු යලිත් බලගන්වන්න ජූනි 18 වෙනිදා සවස දෙකට නුගේගොඩට එන්න කියලයි. 69 ලක්ෂයේ ජනවරම බලගන්වන්න ආයෙත් මහතීර් මොහොමඞ් කෙනෙක් සහ විලැද්මීර් පුටින් කෙනෙක් ගේන්නයි විමල්ලා හදන්නේ. කොහොම උනත් විමල්ලා,ගම්මපිලලා දිලිත්ගේ කරේ නැගලා ගහන්න හදන මේ වංගුව ගැන රටට කියන්න ඕනි.


ඒක කියන්න රටේ රාළ විමල්ගේ ඉතිහාසයෙන් උදාහරණ කීපයක් ගන්නවා.2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ජාතික නිදහස් පෙරමුණ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නියෝජනය කළා.හැබැයි 2013 වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව සහ ජානීපෙය අතර මතවාදී ගැටුමක් නිර්මාණය වුනා.ඒ මතවාදී අර්බුදය ඉස්සරහා ඊට සමාන මතයක් දරපු ජාතික හෙල උරුමයත් එක්ක ජානීපෙය එකට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.ඒකාබද්ධ මාධ්‍ය සාකච්චා,බිම් මට්ටමේ ඒකාබද්ධ රැස්වීම් සහ පක්ෂ දෙක වෙන වෙනමත් ක්‍රියාමාර්ග තේරුවා. 


එදා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් විදිහට හිටියේ රටේ රාළ.රටේ රාළ මේ ඒකාබද්ධ රැස්වීම් සම්බන්ධීකරණය කරන්න ජානීපෙ පැත්තෙන් සම්බන්ධ වුනා.ජාතික හෙළ උරුමය පැත්තෙන් සම්බන්ධ උනේ ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප්.ඒ වෙනකොට පාඨළී,රතන සහ ගම්මන්පිලා හිටියේ එකට,එකම පක්ෂයේ.කොහොම හරි මහින්දගේ ආණ්ඩුවට අභියෝග කරමින් ජාතික නිදහස් පෙරමුණ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දැවැන්ත විරෝධතා රැස්වීමක් කළා.


එතනදී මහින්දගේ ආණ්ඩුවට ජනිපෙන් යෝජනා 12 ක් ඉදිරිපත් කළා.ඒ යෝජනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉෂ්ඨ කරන්නේ නැත්තම් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් අයින් වෙන බව විමල් එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කරපු කතාවේදී කිව්වා.මේ විරෝධතාවයත් එක්ක ජනාධිපති මහින්ද ජාතික නිදහස් පෙරමුණට සාකච්ඡාවක් දුන්නා.ඒ සාකච්ඡාවට විමලුත්,පක්ෂ ප්‍රධාන ලේකම් සහ වීර කුමාර දිසානයක හරි පියසිරි විජේනායක හරි සම්බන්ධ වුනා.


ඒ සාකච්ඡාව අතරතුර විමල් හරි අපූරු කතාවක් මහින්දට කිව්වා.විමල් කිව්වේ අපි තව ටිකක් මෙහෙම ගිහින් ආපහු හැරෙනවා.චම්පික එතනදී එලියට යනවා.මමයි,ගම්මන්පිලයි හැරිලා එනවා කියලා විමල් මහින්දට කිව්වා.ඒ සාකච්ඡාව ගිය අනිත් සඟයා එක්ක පක්ෂ ලේකම් මුහුණට මුහුණ බලාගත්තා.ඇත්තටම ඒක දැවැත්ත පාවාදීමක්.එකට අරගල කරපු කණ්ඩායම පාවා දුන්නා විතරක් නෙවෙයි එතන හිටපු කෙනෙකුත් ගලවලා මහින්දට ගිහින් දුන්නා.


ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය සහ විමල් අතර ගැටුම ආරම්භ වෙන්නේ එතනින්. ඒ වගේම විමල් දැඩි ලෙස හිටිය ස්ථාවරයක් තමයි කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ විමල්ගේ බූදලයක් කියලා.විමල් තමයි ඇත්තටම කොළඹ දිස්ත්‍රික් ඡන්ද පදනම වේගයෙන් ආක්‍රමණය කළේ. විමල් සරත් වීරසේකරට පරදිනකම්ම ජානීපේ සංවිධාන ජාලයට කොළඹ දිස්ත්‍රික් ඡන්ද පදනම ආරක්ෂා කරන්න පුළුවන් වුනා.


මුලදී ඒක කරන්න විමල් ළඟ හොඳ කාඩර්ලා සහ හොඳ බහුජන චරිත හිටියා.අචල ජාගොඩ,රොජර් සෙනෙවිරත්න කියන්නේ එහෙම බහුජන චරිත දෙකක්.ඊට අමතරව මොහොමඩ් මුසාමිල් සහ ප්‍රියංගා කොතලාවලත් හිටියා,හැබැයි විමල් කවදාවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් එයාලට අවස්ථාව දුන්නේ නෑ.ජාගොඩට කොළඹ ලයිස්තුව නොදී විමල් ජාගොඩව ජාතික ලයිස්තුවට දැම්මා. ඒ වෙනකොටත් විමල් එක්ක පාර්ලිමේන්තු යන්න පුළුවන්කම තිබුණ රොජර්ට විමල් කවදාවත් පාර්ලිමේන්තු අවස්ථාවක් දුන්නේ නෑ.


රොජර් දැමීමෙන් විමල්ට කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න බැරි වෙයි කියන සැකය විමල්ට දිගටම තිබුණා.අවසානයේදී රොජර්ට දාපු කැපිලි නිසා රොජර් පක්ෂය දාලා ගියා.රොජර් ලයිස්තුවට දාගත්තොත් කොළඹ පළවෙනියා වෙන්න බෑ කියලා හිතපු විමල්ට රොජර් නැති ලයිස්තුවකදී සරත් වීරසේකරට දෙවෙනි වෙන්න සිද්ධ වුනා.විමල් මහ මැතිවරණයකදී හැසිරෙන විදිහ ගැන ජානීපේ දේශපාලන මණ්ඩලයේ හිටපු අයට හොඳ අවබෝධයක් තියනවා.විමල්ලා මේ සන්ධානය හදන්නෙත් මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන.ගොඩක් දුරට රටේ රාළ කියන අද්දැකීම මේ සන්ධානයේ අයටත් ගන්න එදාට පුළුවන් වෙයි.


විමල් ජාතිවාදියෙක් කියලා රටේ රාළ කියන්නේ හේතු ඇතිවයි.එක වෙලාවකට උතුරු හා නැගෙනහිර පලාත්ද ඇතුළුව රටේ සියලුම දිස්ත්‍රික්ක ආවාරණය කරමින් දේශප්‍රේමී දමිල ව්‍යාපාරය නමින් දමිල ප්‍රජාව සම්බන්ධ කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ජනිපෙන් ගොඩනැගුවා. ඒක ජානීපෙ ප්‍රධාන ලේකම් යටතේ ගොඩනැගුනු සංවිධානයක්.2013 ජානිපෙ මැයි රැලියටත් දේශප්‍රේමී දමිල ව්‍යාපාරයය නියෝජනය කරමින් උතුරු සහ නැගෙනහිර පලාත්වල දමිල සහෝදර,සහෝදරියන් සහභාගී වුනා.


විමල් එක්ක ඒ සංවිධාන කැඳවපු පළවෙනි දවසේම ඒ සංවිධාන ජානිපෙයට අහිමිවුනා. පක්ෂයත් එක්ක අවුරුද්දක වැඩි කාලයක් ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කරපු ඒ අය විමල් එක්ක ගත්ත පළවෙනි රැස්වීමේදී විමල්ගේ ආරක්ෂකයෝ යොදලා දැඩි පරීක්ෂාවකට ලක් කළා.එයාලා පක්ෂයේවීමට වඩා දෙමලවීමේ සැකය විමල්ට තිබුණා.ඇත්තටම කිසිකෙනෙක් නොහිතපු,යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකට පස්සේ ඒ කරපු හිත් රිදවීමෙන් ඒ දෙමල සහෝදරවරු දැඩි කලකිරීමට පත්වෙලා පක්ෂය අතැරලා ගියා.


එතනින් ඒ සංවිධානය අභාවයට ගියා.ඒ වගේම 2016 වර්ෂයේදී මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ යෝජනාවක් ජානිපෙ දේශපාලන මණ්ඩලයේ සම්මත වුනා.යෝජනාව උනේ මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ වැඩිම වැඩ කොටස කරපු පක්ෂය බවට ජානීපෙ පත්විය යුතුයි කියලයි.ඒ අනුව මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ සාකච්ඡාව ඒ දෙන්නත් එක්ක වෙන වෙනම පැවැත්වුනා.මෛත්‍රී එක්ක සාකච්ඡා වට එකොලහක් තිබ්බා.විමල් සාකච්ඡා හතකට සහභාගී වුනා.


අනිත් සාකච්ඡාවකට විමල්ට සහභාගී වෙන්න බැරි වෙන්නේ විමල් ඇතුලට ගිය හින්දයි.මේ සාකච්ඡා මෙහෙම යද්දී බැසිල් ලංකාවට ඇවිත් පොදුජන පෙරමුණේ කටයුතු පටන් ගත්තා.මුලදී බැසිල් සහ විමල් අතර අමනාපයක් තිබුණත් ටික දවසකින් විමල් සහ බැසිල් හොඳම යාළුවෝ වුනා. එතනදී තමයි රාජපක්ෂලා විමල්ට ලණුව දුන්නේ. එයාලා විමල්ට හැදුවේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක කියන සිහිනය.විමල් ඒ ලණුව කෑවා. 


රාජපක්ෂලාගේ ලණුව කාලා විමල් පොහොට්ටුවේ ජාතික සංවිධායකමට ඇඳගෙන හිටියා.එතනදී විමල් මහින්ද,මෛත්‍රී එකතු කරන සාකච්ඡාව පයින් ගහලා පොහොට්ටුවේ ජාතික සංවිධායකකම වෙනුවෙන් බැසිල්ලා එක්ක ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ වැඩේට හවුල්වුනා. ඉදියානු කොන්ග්‍රසය කඩලා ඉන්දිරා කොන්ග්‍රසය හදුවා වගේ ශ්‍රිලනිප කඩලා පොහොට්ටුව හදන්න ඕනි කියලයි එදා විමල්ට උපදෙස් දෙන න්‍යායාචාර්ය තෙමේ කිව්වේ.


රටේ රාළ කියන්නේ මේවා සියල්ල විමල්ගේ තනි වැරදි නෙවෙයි කියලයි.විමල් පිටිපස්සේ හිටපු දුෂ්ඨ බලවේග එයාලට ඕනි තැනට විමල් මෙහෙව්වා.එයාලට ඕනිදේ වෙනුවෙන් විමල්ගේ කට පාවිච්චි කළා.විමල් කියන්නේ ඉන්න පරිසරය අනුව වෙනස් වෙන දේශපාලන සත්වයෙක්.විමල් ඉන්නේ සාත්තරකාරයෝ ටිකක් එක්ක නං විමලුත් නියම සාත්තරකාරයෙක්.විමල් ඉන්නේ හෞතිකවාදියෝ සෙට් එකක් එක්ක නං විමල් මාක්ස්ටත් වඩා භෞතිකවාදියෙක්.


විමල් ඉන්නේ විඥානවාදීන් එක්ක නං විමල් තරං විඥානවාදියෙක් ලොවෙත් නෑ.හැබැයි විමල් එක්ක හැමදාම ඉන්න සෙට් එකක් හිටියා.ඒ විමල් එක්ක ඉන්න ජාතිවාදී න්‍යායාචාර්යවරු සෙට් එක,ඊළගට විමල් වටේට ක්‍රියාත්මක වෙන ඔත්තු සේවා ජාලය සහ විමල් වටේ ඉන්න ව්‍යාපාරික ජාලය.විමල් යොයපු සල්ලි ආයෝජනය කරලා තියන්නේ ඒ අය හරහා.මේ අයගේ ග්‍රහණයෙන් විමල් බේරගන්න එදා ජානීපෙ දේශපාලන මණ්ඩලය දැවැන්ත අරගලයක් කළා.


ඒ ගැන අද දිලිත් එක්ක එකතු වෙලා,විමල්ට පිටිපස්සේ පේලියේ ඉඳගෙන ඉන්න පියසිරි විජේනායක සහෝදරයා A to Z දන්නවා.විමල් දැන් ව්‍යවසායකයෙක් එක්ක ඉන්න හින්දා ව්‍යවසායකයන් විදිහට හිතයි කියලා රටේ රාළගේ තර්කයට අනුව කාටහරි හිතන්න පුළුවන්.හැබැයි ඒක වෙන්න නං රටේ රාළ කියන අර කණ්ඩායමෙන් විමල්ව ගලවගන්න ඕනි.ඊට ඉස්සෙල්ලා දිය රෙද්දෙන් දිලිත්ගේ බෙල්ල කපන්න විමල් දන්නවා.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.