Thursday, September 29, 2022
පංචමහා බලවේගයේ නිර්මාතෘ බණ්ඩාරනායක
Tuesday, September 27, 2022
ජීනිවා යෝජනා පරද්දන චෝදනා
අධි ආරක්ෂිත කලාපය රිවස්
Tuesday, September 13, 2022
ශ්‍රිලනිපයේ ව්‍යවස්ථා සංශෝධන පිළිගන්න එපා- මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ේසිදුකළ සංශෝධන භාර නොගන්නා ලෙස ඉල්ලමින් පකෂ් විධායක සභිකයෙක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් සි දුකර තිබේ.
පක්ෂ සභාපති ධුරයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක් පවතින බැවින් එය අවසන් වන තෙක් එම සංශෝධන භාර නොගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.
එම සම්පූර්ණ ලිපිය පහත වේ.
මොන්ටේගු සරච්චන්ද්‍ර
774/ඩී, සිල්වා මාවත,
තලංගම උතුර,
මාලබේ
2022.09.09.
සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
සභාපතිතුමනි,
ගරු අධිකරණයේ නියෝග ලැබෙන තුරු 2022 සැප්තැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි අනීතිකව සිදු කර ඇති සංශෝධන පිළිගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමයි.
(01) ඉහත නම සහ ලිපිනයැති මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති මෛත්‍රිපාල
සිරිසේන මහතාගේ සභාපති පදවියට පත්වීම පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව සිදුව ඇති
හෙයින්, ඔහුගේ එම පත්වීම අත්හිටුවීමේ නියෝගයක් ලබා දෙන ලෙස ගරු
අධිකරණයෙන් ඉල්ලා සිටිමින්, කොළඹ දිසා අධිකරණයේ ෘීඡරැ197/2022 අංක දරණ
නඩුව පවරා පවත්වාගෙන යමි.
(02) මගේ එම පැමිණිල්ල පිළිගත් ගරු අධිකරණය ඊට පිළිතුරු හා විරෝධතා ගොනු කරන
ලෙස එහි වග උත්තරකරුවන් වන ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන, එහි ලේකම්
දයාසිරි ජයසේකර, එහි භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එහි ජාතික සංවිධායක
දුමින්ද දිසානායක යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර තිබේ.
(03) උක්ත නඩුව මා විසින් පවරන ලද්දේ 2022/04/20 දින වන අතර, ඒ සඳහා පිළිතුරු හා
විරෝධතා ඉදිරිපත් කිරීමට ගරු අධිකරණය විසින් වරින් වර අවසන් දින දෙකක්ම ලබා දී
තිබියදීත් ගරු අධිකරණයට විවිධ හේතු දක්වමින් එය 2022/09/05 දින දක්වා ප්‍රමාද කළ
වගඋත්තරකරුවන් 2022 සැප්තැම්බර් 02 දින පක්‍ෂයේ ව්‍යවස්ථාව අනීතිකව සංශෝධනය
කරමින් පක්‍ෂ සභාපතිවරයාට ඒකාධිපති බලතල ලබාගෙන තිබේ.
(04) මෙකී ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීම සඳහා පක්‍ෂය විසින් කටයුතු කළ
ක්‍රමවේදය පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැණි සහ අනීතික හෙයින් එකී සම්මත කර ගැනීමට
ඉඩ ලබා නොදෙන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා 2022/09/02 දින මගේ උක්ත
නඩුවට අතුරු පෙත්සමක් ගොනු කළෙමි. අධිකරණයේ දී ඊට විරෝධය දැක් වූ පක්‍ෂය
එකී පෙත්සමෙහි සඳහන් කරුණු පිළිබඳව කිසිවක්ම ප්‍රකාශ නොකොට පෙත්සම ඉදිරිපත්
කිරීමේ තාක්‍ෂණික දෝෂ පෙන්වූ අතර, එකී විරෝධතා පිළිගත් ගරු අධිකරණය එම
අතුරු පෙත්සම නිශ්ප්‍රභා කරන ලදී. කෙසේ වෙතත් පක්‍ෂය විසින් මා අධිකරණයට
ඉදිරිපත් කළ කරුණු කිසිවක් පිළිබඳව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොකළ හෙයින්,
මගේ එම කරුණු පක්‍ෂය විසින් ද පිළිගෙන ඇති බව මගේ විශ්වාසයයි.
(05) මෙකී සංශෝධනයෙන් පක්‍ෂ ව්‍යවස්ථාවට අලුතින්ම එක් කර ඇති 12(1)අ වගන්තියට
අනුව පක්‍ෂයේ විධායක සභාව විසින් කිසියම් නිලයකට පත් කරගනු ලබන ඕනෑම
නිලධාරියකු අදාළ නිලයෙන් ඉවත් කිරීමට සභාපතිවරයාට බලය ලැබේ. එමෙන්ම 13(11)
වගන්තිය සංශෝධනය කරමින් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට සභාපතිවරයාගේ පත්
කිරීම් 35 දක්වා වැඩිකරගෙන තිබේ. මෙම සංශෝධන පක්‍ෂයේ මෙතෙක් පැවති
ප්‍රජාතත්ත්‍රවාදී පදනමට මරු පහරකි.
(06) මේ අනුව පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැණිව හා අනීතිකව පක්‍ෂයේ සභාපති පදවිය දරණ
වත්මන් සභාපතිවරයා, ඔහුට එරෙහිවන පාක්‍ෂිකයන්ගෙන් පළිගැනීම සඳහා
චේතනාන්විතවම සභ සැළසුම් සහගතව පාක්‍ෂිකයින් නොමඟ යවමින් මෙම නව බලතල
ලබාගෙන ඇති බව ඉතා පැහැදිළිය.
07) 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 8 (2) අනු වගන්තිය ප්‍රකාරව පිළිගත් දේශපාලන පක්‍ෂයක් විසින් එහි ව්‍යවස්ථාවෙහි හෝ නිලධාරී මණ්ඩලයෙහි
සිදුකරන සංශෝධනයක් හෝ වෙනස් කිරීමක් එසේ සංශෝධනය කිරීමෙන් දින 30 ක
කාලයක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතුය. ඒ අනුව
අදාළ සංශෝධන පිළිගැනීම හෝ සහ ප්‍රතික්ෂේප කිරීම හෝ සහ අත්හිටුවීමේ පූර්ණ
අයිතිය මැතිවරණ කොමිෂන් සභාව සතු වන බව මගේ විශ්වාසයයි.
(08) එහෙයින්, ඉහත දක්වා ඇති කරුණු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ
අවධානය යොමු කර කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති ෘීඡරැ197/2022 දරණ නඩුවේ
අවසන් නියෝග ලැබෙන තුරු 2022/09/02 දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට
අනීතිකව සහ කුමන්ත්‍රණකාරී ලෙස එකතු කර ඇති සංශෝධන ක්‍රියාත්මක කිරීම
අත්හිටුවා ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයා වෙත කඩිනමින් ලිඛිත
දැනුම් දීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලමි.
මේ පිළිබඳව ඔබ දක්වන සහයෝගය ඉතා අගය කරමි.
ස්තුතියි !
මෙයට,
..............................
මොන්ටේගු සරච්චන්ද්‍ර
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ විධායක සභික
දුරකථන : 0714721366
පිටපත : නීතිඥ දයාසිරි ජයසේකර මහතා (දැ.ගැ.පි)
ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු ඇමරිකාව කියයි
දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.
ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනවාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.
අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බව ද පවර් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.
ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය. දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ද ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.
Saturday, September 10, 2022
ගෝලීය දේශපාලනයේ කක්ෂය වෙනස් කළ සැප්තැම්බර් 11 - සහන් තෙන්නකෝන්
ඒ 2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා දිනයයි. සුපුරුදු ලෙසම ඇමෙරිකානු ජනතාව උදෑසන තම රාජකාරි සඳහා පිටත්වීමට ලක ලැහැස්ති වෙමින් සිටියහ. දරුවෝ පාසල්වලට යමින් සිටියහ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ද බාලාංශ පාසලක දරුවන් සමඟ කාලය ගතකරමින් සිටියේය. මේ ගතකරන්නේ මුළු මහත් ඇමෙරිකාවේම අඳුරුතම දිනය බව ඔවුන් කිසිවෙකුත් නොදැන සිටියහ.
එකල ලොව පැවති එතරම් ජනප්‍රිය නොවුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය විසින් ඇමෙරිකාවට අයත් බෝයිං 757 වර්ගයේ ගුවන් යානා දෙකක් සහ බෝයිං 767 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදාගෙන මුළු මහත් ඇමෙරිකාව වෙතම ඔවුන් එතෙක් අත්දුටු බිහුසුණුම අත්දැකීම ලබා දීමට කටයුතු කරමින් සිටියහ. සියළු සැලසුම් යථාර්තයක් බවට පත්කරමින් ඇමෙරිකාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඔවුන් ප්‍රහාර දියත් කරන්නට විය.
පළමු ප්‍රහාරය එල්ලවූයේ උදෑසන 8.46 ටය. ඒ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් ගොඩනැගිලි අතරින් උතුරු කුළුණ වෙතයි. ඉන් හරියටම මිනිත්තු 17 පසුව දකුණු ගොඩනැගිල්ල ඉලක්ක කර පෙරවරු 9.03ට ප්‍රහාරය එල්ල විය. තෙවන ප්‍රහාරය එල්ල වූයේ "පෙන්ටගනය" ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටහිර කොටසටයි. ඒ පෙරවරු 9.37 පමණය.වාසනාවකට මෙන් සිව්වන ප්‍රහාරය අසාර්ථක වූ අතර එහි ඉල්ලකය වූයේ කැපිටෝල් හිල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය බවට අනුමාන කෙරිණි.
එසේ ඇමෙරිකාව මුහුණ දුන්නේ ඔවුන් මුහුණ දුන් විශාලතම ඛේදවාචකයටයි. ප්‍රහාරය හේතුවෙන් මරණ 2996 වාර්තා වුණු අතර 6000 වැඩි පිරිසක් තුවාල ලැබූහ. ගණනය කළ නොහැකි පාඩුවක් ඇමෙරිකානු ආර්ථිකයට සිදුවිය.ඊටත් වඩා එයින් ගෝලීය දේශපාලන සන්දර්භය තුළ ඇමෙරිකානු ප්‍රතිරූපයට එල්ල වූ විශාල පැල්ලමක් විය.
ප්‍රහාරයෙන් පසුව සුළු වෙලාවකින් ජනාධිපති බුෂ් විසින් ජාතිය අමතන ලදී. ඒ වනවිටත් බුෂ් පරිපාලනයේ දැවැන්තයන් වූ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස් වැනි අයගේ සැනසීම සහමුලින්ම අවසන් වී තිබුණි. ප්‍රහාරය වෙනුවෙන් පිඹුරුපත් සැකසූ තැනැත්තන් දඩයම් කිරීමට වෙනුවෙන් ඔවුන් සැලසුම් සකස් කළෝය. පසුව එම සැලසුම් ලොවට හෙළිකරමින් ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුධ මෙහෙයුමක් ප්‍රකාශ කිරීමට බුෂ් ජනාධිපතිවරයා ක්‍රියා කළේය. එහි පළමු පියවර ලෙස ත්‍රස්තවාදීන් සොයා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට බුෂ් පරිපාලනය පියවර ගත්තේය.
එක් සංවිධානයක ක්‍රියාවක් එලෙස සමස්ථ ගෝලීය භූ දේශපාලනය වෙනස් කිරීමේ පියවර තැබීය. අවසානයේ ජෝර්ජ් ඩබ්. බුෂ් ගෙදර යන තුරුත් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට නොහැකි විය. ඇෆ්ගන් යුද්ධයද වසර 20 ඇදී ගියේය.කොහෙවත් සිටි සදාම් හුසේන් පෝරකේට ගියේය.රම්ස්ෆෙල්ඩ්ට පිළිකාවක් වැළඳිය. කොන්ඩලීසා සුපුරුදු පරිදි විශ්ව විද්‍යාලයේ සේවයට එක්වූවාය.බුෂ් වෙනුවට බරක් ඔබාමාත් රයිස් වෙනුවට හිලරි ක්ලින්ටනුත් පුටුවල වාඩිවූහ.කාලය විසින් මේ බොහෝ දේ වෙනස් කළත් ඇමෙරිකාවේ පරම ඉලක්කය නොවෙනස්ව පැවතුනි.
බින් ලාඩන්ගේ ඉරණම විසඳෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.ඔබාමා පරිපාලනය විසින් "Operation Neptune Spear " යනුවෙන් මෙහෙයුමක් අරඹන්නේ මේ වෙනුවෙන්මය. දශකයක් පුරාවට ලොව අසහාය බලවතා විසින් හඹා යමින් සිටි අසාර්ථක දඩයම සාර්ථක වන්නේ 2011 මැයි 02 දායි. ඒ ඇමෙරිකානු හමුදා විසින් පාකිස්තානයේ නිවසක් තුළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙනි.එදිනම රාත්‍රියේ ජනාධිපති ඔබාමා විසින් ජාතිය අමතා "යුක්තිය" ඉටුකළ බව ලොවට දැනුම් දුන්නේය.
නමුත් වඩාත්ම සිත්ගන්නා සුළු නිගමනය නම් බින් ලාඩන් විසින් අදින් වසර 21 පෙර සැප්තැම්බර් 11 ප්‍රහාරය නොකරන්නට ඔහු තාමත්, ඇතැම් විට ඇමෙරිකාවේ ආධාර උපකාර සහිතවම ජීවත් වන බවයි. කෙසේ වෙතත් බින් ලාඩන්ගේ සහ ඇමෙරිකාවේ මෙම වියරුව විසින් දශක දෙකක් තිස්සේ මනුෂ්‍ය ජීවිත විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් මරණයේ දොරටු විවෘත කළ අතර එදා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට, වසර 20 ක් ඇදී ගිය ඇෆ්ගන් යුද්ධය, ඉරාක ආක්‍රමණය, සිරියානු යුද්ධය හරහා අරාබි වසන්තයක් දක්වා වූ සිද්ධි දාමයන් තුළ අහිමි වූ දහස් සංඛ්‍යාත ජීවිතවලට යුක්තිය කිසිම දින ඉටුකළ නොහැක.
අවසානයේ අපිට ප්‍රාර්ථනා කළ හැක්කේ බලය වෙනුවෙන් පවතින තණ්හාව සහ සදාකාලික තරඟයේ ගොදුරු බවට පත්වූ සියල්ලන්ටම විමුක්තිය උදා වේවා යන්න පමණකි.
#sahantwrites
11.09.2022
#September11 #GeorgeWBush #OsamaBinLaden #BarakObama #condoleesarice






