Thursday, May 26, 2022

ශ්‍රිලනිපය අනතුරේ


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්තානය අල්ලා ගන්න අරගලකරුවන් උත්සාහයක නිරත වන බවට ආරංචි මාරග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති කිසිවක් මේවන තෙක් රගලයට කිසිම සහායක් දක්වා නොමැති අතර පක්ෂ නායකයන් මෙන් ඔවුන් ද ඉතාමත් සෙවෙල ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. 


මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය මේවන විට පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතික්ෂේප කරන මට්ටමට විශාල අර්බුධයක් නිර්මාණය වී තිබේ. 


මේ ගැටුම් තම වාසියට හරවා ගැනීමට උත්සාහ දරන දයාසිරි ජයසේකර ද මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිරිසේන එලවා දමා පක්ෂ නායකත්වය ලබා ගැනීමට සිය හිතවතුන් කිහිප දෙනෙකු සමග කුමන්ත්‍රණය කරන බව ද අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වන විට සිරිසේනට. වඩා මධ්‍යම කාරක සභාව තුල දයාසිරි ජයෙසේකර බලය පතුරවා ගෙන සිටින අතර මේ සීතල  ගින්න කොයි මොහොතේ ඇවිලී යා දැයි කිව නොහැකි මට්ටමක් ඇති වී තිබේ. 


මේ සියලු අර්බුද හමුවේ පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්තානයේ නිද්‍රාශීලී ක්‍රියා පිළිවෙත නිසා අරගලකරුවන් කොයි මොහොතේ හෝ ඩාලි පාරට කඩා වැදුනොත් පක්ෂයට කුමක් වෙව්වි දැයි ඩාලි පාර පක්ෂැ මූලස්ථාන ප්‍රාක්ශකයෙක් අපට පැවසීය. 


මේ දිනවල මයිත්‍රීපාල සිරිසේනගේ පක්ෂ නායකත්වය නීති විරෝධි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

Sunday, May 8, 2022


 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) උදෑසන අනුරාධපුරයේ සංචාරයක නිරතවී තිබෙනවා.


මෙහිදී අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගත් අතර අනුරාධපුරයේ තවත් සිද්ධස්ථාන කිහිපයක්ම වැඳපුදාගැනීමට නියමිතයි.


මීට අමතරව අනුරාධපුරයේ කුප්‍රකට දේවාලයක් වැඳපුදාගැනීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගීවන බවට තොරතුරු වාර්තා වනවා.


මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අනුරාධපුර සංචාරයට විරෝධය පා ජනතාව අනුරාධපුරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත වනවා.


අග්‍රාමාත්‍යවරයා යන මඟ සිටි පිරිස ඔහුට කියා සිටියේ කරුණාකර දැන්වත් වහාම ඉල්ලා අස්වන ලෙසයි.

Saturday, May 7, 2022

 අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.


ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඊයේ (07) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.


සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී සාකච්ඡා වී තිබෙනවා.


පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වනවා.


විශ්වාසභංගයට සහාය


මේ අතර සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.


ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන්



 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ක්‍රියාත්මක වනවා.


Ranil Go Home ලෙස සටහන් කරන ලද විරෝධතා පුවරු අතැතිව මෙම විරෝධතාකරුවන් වික්‍රමසිංහ මහතාට විරෝධය පලකරනවා.


පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු සභාගර්ඝය තුළ මන්ත්‍රීවරුන් ළඟට ගොස් රංජිත් සියඹලාපිටිය මහතාට සහය පලකරන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවයි.


ඔහු චෝදනා කර සිටියේ වික්‍රමසිංහ මහතාට බලයේ සිටි කාලයේ පටන්ම රාජපක්ෂවරුන් සමඟ ඩීල් එකක් පවතින බවයි.

Friday, May 6, 2022


 පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වනවා.


පාර්ලිමේන්තුවෙන් පිටත රැදීසිටින විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්බය තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා.


එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මහතා එල්ල කළ පහරක් වේත්‍රධාරීවරයා හට වැදී ඇති බවයි වාර්තා වන්නේ.


කතානායකවරයා පාර්ලිමේන්තුව එළැඹෙන 17 වැනිදාට කල්තබා පිටව යෑමත් සමඟ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ කාමරයට කඩා වැදුණා.


ඔවුන් විශ්වාසභංගයට දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා දිගින් දිගටම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බලපෑම් එල්ල කළද කතානායකවරයා එය ප්‍රතික්ෂේප කළා.

 ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉවත්ව තිබෙනවා.


කොටුව පොලීසිය විසින් කරන ලද එම ඉල්ලීම අද (06) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.


එහිදී කොටුව පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්වී ඇති බව සඳහන් කළා.


එබැවින් එම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.


කෙසේවෙතත් අදාළ ඉල්ලීම කුමක්දැයි විවෘත අධිකරණයේදී සදහන් වූයේ නැහැ.


රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළකර සිටියා.


දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා තමන් එම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන බවටත් නියෝග කළා.