Wednesday, July 13, 2022

අරගලයේ සැබෑ අරමුණ ජය ගැනීමට වෙහෙසෙමු


මාස තුනක අඛණ්ඩ අරගලයකින් පසු මෙරට පොදු ජනතාවට අති විශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකි විය. ඒ රාජපක්ෂ පවුල මෙරට දේශපාලන භූමියෙන් අතු ගා දැමීමට හැකිවීමයි. එහෙත් තවම අප ජය පැන් බී කිරිබත් කෑමට කලබල නොවිය යුතු ය. මන්ද අපට තව දිනා ගත යුතු දේ බොහෝ වන නිසාවෙනි. මෙහි දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ රාජපක්ෂ පාලනය විසින් ගොඩ නැගූ රාජපක්ෂවාදය පරාජය කිරීමට කටයුතු කිරීමයි. 




රාජපක්ෂවරු මේ රට පාලනය කළේ ජාතිවාදය, ආගම්වාදය හැකිතරම් අවුලුවාලමිනි. එහෙත් ඒ සියලු බේද අරගලයේදී සී සීකඩව බිඳ වැටුනි. මෙරට තරුණ ප්‍රජාව සියලු බේද පසෙක ලා එකා මෙන් එකට එකතු විය. වර්ගවාදය විනාශ විය. අපි එහි උතුම් පල මේ මොහොතේ නෙලා ගත යුතුය. මේ රට තුල ජාතිවාදයට, ආගම්වාදයට නැවත ඉඩක් නොමැති බව ලෝකයාට ඒත්තු ගැන්විය යුතු ය. 


ඊට ඇති හොඳම විසඳුම M.A සුමන්තිරන් මහතා ජනාධිපති කරවීම ය. ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. අවංක දේශපාලඥයෙකි. ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකි. ඔහට්මෙත්න්තුර සඳහා ඇති එකම නුසුදුසු කම නම් දමිළ ජාතිකයෙකු වීම පමණි. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි මේ මොහොතේ කළ යුත්තේ එවැනි නායකයෙකුට බලය ලබා දීමය. 


දෙමළ ඩයස්පෝරාව සතු අරමුදල් අප රටේ සංවරධනයට දායක කර ගැනීමට ද ඔහුට හැකියාව පවතී. එසේ නම්. අපි අලුත් පරපුරේ දියුණු චින්තනය ලෝකයට ප්‍රදර්ශනය කරමු. අපේ රට වෙනුවෙන් ජාති ආගම් බේද පසෙක ලා එකා මෙන් නැගී සිටිමු. 


මේ අපේ රටයි. දියුණු මිනිසුන් ලෙස අපි අපේ රට ගොඩනගමු. ජාති ආගම් බේද පසෙක ලමු.

No comments:

Post a Comment