Saturday, July 2, 2022

කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිත කරන හැටි

 

රාජ්‍ය ආයතනවල වැඩ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා තාක්ෂණය භාවිතයට ගත යුතු බවත් රාජ්‍ය ආයතනවල අධික තදබදය අඩුකිරීමට මෙන්ම
  මහජනතාවගේ කාලය ඉතුරු කිරීම සඳහා ඒ වෙත යොමුවීම සිදුකළ යුතු බවත් කැබිනට් මණ්ඩලය තීරණය කරමින් ඒපිළිබඳ ක්‍රියාත්මක වීමට අනුමැතිය ලැබී වසර ගණනාවක් ගෙවී තිබේ. එසේ උවද රාජ්‍ය ආයතන එය අනුගමනය කිරීම මන්දගාමී තත්වයක පවතී.  තාක්ෂණය භාවිත කරමින් වැඩකිරීමට අවශ්‍ය මුලික සේවාවන් පවා ඇතැම් රාජ්‍ය ආයතන පවත්වාගෙන නොයෑම කණගාටුවට කරුණකි. අමාත්‍යාංශවල සිට පළාත් පාලන ආයතන දක්වාම තත්වය එසේය. මේ අතර තාක්ෂණය උපරිමයෙන් භාවිතාකරන රාජ්‍ය ආයතන ද නැතුවාම නොවේ.
මහජනතාවගේ කටයුතු කාර්යක්ෂමව කරගැනීමට සහ මහජනතාවගේ කාලය ඉතිරිකරගැනීම සඳහා පළාත්පාලන ආයතනයක් වන  කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිතයට ගෙන ඇති ආකාරය පිළීබඳ ගවේෂණය කළ අතර මේ ඒ පිළිබඳ අනාවරණයකි.
තාක්ෂණය භාවිතකිරීම සම්බන්ධයෙන් කුලියාපිටිය නගර සභාව මීට වසර දෙකකට පෙර පැවති තත්වයට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් සිටින බව සිදුකළ සොයාබැලීම් වලදී අනාවරණය විය.
 
විද්‍යුත් තෑපැල (email) භාවිතය
 
කුලියාපිටිය නගර සභාව kuliyauc@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතකරන අතර ඒමගින් ප්‍රතිචාර දැක්වීම ඉහල මට්ටමක පවතී.  මෙම විද්‍යුත් ලිපිනය හරහා ලැබෙන මහජන ඉල්ලීම් හෝ දැනුවත්වීම් ආදිය සඳහා හැකි ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී නගර සභාවේ ලේකම් එච්.එම්.පී කේ හේරත් මහතා පැවසීය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලීම් මේම විද්‍යුත් ලිපිනය  හරහා යොමුවීමේදී ඒ සඳහා ඉක්මණින් තොරතුරු සැපයීමද සිදුකරන බව හෙතෙම සඳහන් කළේය. ලියුම්කරුද එම විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ඉල්ලීම් කිහිපයක්ම සිදුකළ අතර ඒ සඳහා ද ඉක්මන්  ප්‍රතිචාර ලැබීමෙන් එය තහවුරු විය.
 
වෙඩ් අඩවිය
 
මුලික වශයෙන් පැවති වෙබ් අඩවියේ අඩුපාඩු රැසක් ඇති බව හදුනාගනිමින් කුලියාපිටිය නගර සභාව මෑත කාලයේදී නගර සභාව සඳහා නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත.      www.kuliyapitiya.uc.gov.lk    නමින් එය ක්‍රියාත්මක වේ . වසර දෙකකට පෙර පැවති තත්වයට සාපෙක්ෂව මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මත වීමේ සාර්ථකත්වයක් දැකිය හැකි අතර සංවර්ධනය විය යුතු ක්ෂේත්‍රද කිහිපයක් ඇත.
මේවනවිට නගර සභාව වෙබ් අඩවිය හරහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීම , සේවාවන් සැපයීම,  කොම්පොස්ට් පොහොර ලබාගැනී සහ අලෙවිය සම්බන් සේවා සැපයීම  පෙර පාසල් සේවාවන් සහ පුස්තකාල සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම සිදුකරයි.
එමෙන්ම අනුකූලතා සහතික නිකුත් කිරීම ,  ජල බවුසර ලබාදීමේ සේවාව  ක්‍රියාත්මක  කිරීම ,  පාරිසරික බලපත්‍ර ලබාදීමේ සේවා කිරීම සහ මාර්ග පිළිබඳ සේවා ලබාදීම සිදුකරයි.
තවද වෙබ් අවවිය හරහා  කර්මාන්ත බදු අයකර ගැනීම , වෙළද බදු අයකර ගැනීම , කසල බදු අයකරගැනීම , ආදී බදු අයකිරීම වෙනුවෙන්ද ක්‍රමවේද සකස් කර තිබේ.
සහිතක පිටපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියද වෙබ් අඩවිය හරහා සිදුකරන අතර වරිපනම් ලේඛනයේ සහතික පිටපත් ලබාගැනීම,  විථි රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම , අනතුරුදායක ගස් ඉවත්කිරීම පිළිබඳ ඉල්ලීම් කිරීමේ සේවාව,  දැන්වීම් බැනර් කටවනුට් සම්බන්ධ තොරතුරු ලබාදීම සහ මුදල් ගෙවීමේ සේවාව ද මේහරහා සිදුකරයි.
බිම් කට්ටි සැලසුම් අනුමත කරගැනීමේ සේවා, වෙළද බලපත්‍ර ලබාදීමේ සේවාව , ඝණ අපද්‍රව්‍ය කළමණාකරන්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම , නගර ශාලාව වෙන්කර ගැනීම ,  ආදාහණාගාරය වෙන්කරගැනීම සහ මුදල් ගෙවීම , වීථී පහන් ඉල්ලුම්කිරීම , ක්‍රිඩාපිටි ලබාගැනීම , ගලි රථ ලබාගැනීම ‍,ජල බවුසර ලබාගැනීම ආදී සේවාවන් වෙඩ් අඩවිය හරහාද ලබාගැනීමටද අවස්ථාව සලසා තිබීම සාර්ථකත්වයකි.
 
අයවැය යෝජනා ලබාගැනීම
 
2023 වර්ෂය සඳහා කුලියාපිටිය නගර සභාවේ අයවැය සකස් කිරීම සඳහා මහජන යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුවන අතර ඒ සඳහා සාමාන්‍ය තැපැලෙන් යෝජනා ලබාදීමට අමතරව දුරකථන මාර්ගයෙන් ෆැක්ස් මාර්යෙන් මෙන්ම ඊමේල් හරහා වෙබ් අඩවිය හරහා ද යෝජනා ලබාගැනීම අවකාශය සලසා තිබීම මගින් එම කාර්ය ජනතාවට තවදුරටත් පහසු වී තිබේ.
 
දුෂ්කරතා
 
වෙබ් අවඩිය සිංහල දෙමල ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වයම ආවරණය වන ආකාරයට සකස්කර තිබුණද දෙමල සහ ඉංග්‍රිසි වෙබ් අඩවිය යාවත්කාලීන විම අඩු බවක් පෙනෙන්නට තිබේ. සිංහල වෙබ් අවඩියේ ඇති ඇතැම් කරුණු වලට සමාන ඉංග්‍රිසි සහ දෙමල තොරතුරු නොමැති වීමද එක් හේතුවකි. එමෙන්ම වෙබ් අඩවියට තොරතුර ඇතුලත්කිරීමේදී ඇතැම් අවස්ථාවල යම් යම් ප්‍රමාදයන් සිදුවන බව  මාසයක් පුරාවට වෙඩ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී හදුනාගන්නා ලදී. තවද නගර සභාවේ මාසික සභා වාර්තාව වෙබ් අඩවියට ඇතුළත් කිරීම මෙතෙක් සිදුකර නොමැත.  මෙම කරුණු සම්බන්ධයෙන් නගර සභාවේ වෙබ් අඩවිය භාරව කටයුතු කරන නිලධාරිනියගෙන් විමසු අවස්ථාවේදී ඇය පැවසුවේ මේවනවිට ජනතාව වැඩි වශයෙන් වෙබ් අඩවිය භාවිතයට හුරුවී ඇති බවත් ඒහා සමානව අවශ්‍ය සේවා සැපයීමට නගර සභාවට නොහැකිවී ඇත බවත්ය. කෙසේවෙතත් අදාල යාවත්කාලීන කිරීම් සිදුකිරීමට සහ වෙබ් අඩවිය තුළින් තවත් අලුත් සේවාවන් හදුන්වාදිමට කටයුතු කිරීමට සැලසුම්කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිතා කර මහජනතාවගේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සභාවේ ලේකම් එච්.එම්.පී හේරත් මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුයේ නගර සභාවේ වෙබ් අඩවිය ආරම්භකර කෙටි කාලයක් තුළ ඒහරහා සේවා ලබාගැනීමට ජනතාව යොමුවී ඇති බවයි. ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ ඔවුන්ගේ කාලය ඉතිරිකිරීම සඳහා තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කිරීමටත් තවත් සේවා හදුන්වාදීමටත් නගර සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිතාකර ජනතා සේවය සැලසීමේ ආරම්භක අවධියේ පසුවෙන බැවින් ඇතැම්විට විවිධ අතපහුවීම් සිදුවිය හැකි බවත් එම කටයුතු සියල්ල ඉතා ඉක්මණින් යථාතත්වයට පත්කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහජනතාවට අවශ්‍ය සේවා සැපයිමට තාක්ෂණය භාවිතා කිරීම මගින් කාලය මුදල් ශ්‍රමය මේ සියල්ල ඉතිරිකරගත හැකිය. වර්ථමානයේ රට මුහුණ දෙන අභියෝග හමුවේ සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම ඉතාමත් ප්‍රායෝගික විසඳුමක් වනු ඇත. තාක්ෂණය භාවිතා කර සේවා සපයන පළාත් පාලන ආයතන අතර කුලියාපිටිය නගර සභාව ඉදිරියෙන් සිටින පළාත් පාලන ආයතනක් බවද සඳහන් කළ හැක.
 
-        චාමර සම්පත්
 
 
 
 
 
 
 
 

 

No comments:

Post a Comment