Sunday, November 20, 2022

දුම්කොළ සමාගමේ පදයට නටන දේශපාලඥයෝ සහ නිලධාරින්

 


බදු වැඩිකිරීමට සාපේක්ෂව දුම්වැටිවල බදු වැඩි නොකිරීම සිදුනොකළේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට  වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇති බවද ඒ හේතුවෙන් සිදුකළ යුතු බදු සංශෝධන සිදුකරනු වෙනුවට ඔවුන් ඒවා අමතක කරන බවද විපක්ෂ නායක ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

රටේ ආර්ථික අර්බුදයක් තිබුණද දුම්කොළ සමාගම් ලාබ පිට ලාබ ලබන්නේ මේ හේතුවෙන් යැයිද  සීනි බදු වංචාවෙන්  රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගයේ රජයක් යටතේ  නැවත අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

 

No comments:

Post a Comment