Thursday, November 17, 2022

ආර්ථිකය ගොඩ ගන්නනම් රජය ව්‍යාපාර වලින් ඉවත්විය යුතුයි

 

රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් රජය ව්‍යාපාර කිරීමෙන් වහාම ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

රාජ්‍ය සම්පත් යැයි කියා ගනිමින් රජය ව්‍යාපාර බදාගැනීම මගින් දිගින් දිගටම සිදුවන්නේ විශාල වශයෙන් පාඩු සිදුවීම බවද හෙතෙම පෙන්වා දුන්නේය. එබැවින් ව්‍යාපාර සිදුකිරීම පෞද්ගලික අංශ වෙත පවරා නිවැරදි බදු කරණයක් මගින් රාජ්‍ය පවත්වාගෙන යාම සිදුකළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

එමෙන්ම රටට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එම ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනා සිටගත යුතු බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය. එකට එක්වී ආර්ථිකය ගොඩදමමින් වෙන වෙනම දේශපාලනය කිරීමට දැන්වත් සියලුදෙනා සුදානම් විය යුතු බවද වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.




No comments:

Post a Comment