පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා
සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්
කරනු ලබන අතර එම වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතාවය සැලකිල්ලට
ගෙන මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරනු ලබන බව කථානායක ගරු මහින්ද
යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව, 2023 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන කාල සීමාවේදී ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් වශයෙන් මන්ත්‍රීවරයන් වෙත ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද කථානායකවරයා දැනුම් දුන්නේය. එම වාර්තාවලද දෘඩ පිටපත් කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද කථානායකවරයා පැවසීය.
No comments:
Post a Comment