Tuesday, December 23, 2025

සිරිමාවෝ දියනියගේ ඇතුල් පැත්ත



මේවා ඇත්තද, බොරුද කියල ඕන කෙනෙක්ට හොයල බලන්න පුළුවන්.


                ************************


සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාගේ සිදුවීම සම්බන්ධයෙන් මාගේ උණන්දුව තිබුණේ එහි ජාතික වැදගත්කමට පමණයි.


හුදෙකලා සිදුවීම සහ සම්මානයකට සැබෑ හිමිකරුවා කවුද වැනි ළදරු ප්‍රශ්න සාකච්ඡා කිරීම කාලය කා දැමීමක් විතරයි.


නමුත් මේ සිදුවීමෙන් හෙළි වූ ශ්‍රී ලංකාවේ සිදුවෙන තවත් ජාතික අපරාධයක් ගැන අප සාකච්ඡා කළ යුතුයි.


එනම් බලවත් තාත්තාලාගේ, විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පියවරුන්ගේ දරුවන්ට ක්‍රීඩාවකදි ලැබෙන විශේෂ වරප්‍රසාද සහ ඒ හේතුවෙන් අනෙක් ක්‍රීඩකයන්ට සිදුවන කැපිල්ල.


සචිත් පතිරණ. ක්‍රීඩා සමාජ මට්ටමටවත් පැමිණිය යුතු නැති ක්‍රීඩකයෙක්.


හැබැයි ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඒ ඔහුගේ පියා ජානක පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පොරක් නිසා.


මධ්‍යම පළාතේ ක්‍රිකට් ලොක්කා ජානක. ඔහුට ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 9 ක් හිමියි. ඔහු ශම්මි - තිලංග පාර්ශවයේ බල කණුවක්.


දැන් සචිත්, ජාතික සංචිත වල පුහුණුකරුවෙක් වී මසකට මිලියන ගණනින් වැටුප් ලබනවා.


ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ගොඩ් ෆාදර්, ලුවී කරුණාරත්න ගේ දරුවන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ විශේෂ වරප්‍රසාද හිමි වුණා.


ඔවුන්ගේ තරගයට සිටි ක්‍රීඩකයන් ගණනාවක් කපා දැමුණා.


දැන් මේ සිරිමාවෝ විද්‍යාලයේ ආන්දෝලනාත්මක චරිතය, චනිත්මා සිනාලි.


ස්කොෂ් ජාතික පුහුණුකරු, චන්දන මහේෂ් ගේ දියණිය චනිත්මා.


චනිත්මා ඇය ජාතික ශූරිය වූ බවත් ඇය කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළා.


නමුත් ඇය කොමන්වෙල්ත් තරගාවලියට සහභාගි වුණේ කොහොමද ?


එය සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්.


වසර තුනක් පුරා පිට පිට ශ්‍රී ලංකාවේ ජාතික ස්කොෂ් ශූරිය වූයේ ෆාතූම් ඉසදීන්. 


වයස අවුරුදු 27 ක තරුණියක්.


ඇය තමයි එවකට ජාතික ශූරිය. 2019 සිට 2022 දක්වාම ජාතික ශූරිය.


2022 ජූලි - අගෝස්තු එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල තරග සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබිය යුත්තේ ඇය.


හැබැයි ස්කොෂ් සංගමය හෙවත් චනිත්මාගේ තාත්තා චන්දන මහේෂ්, ජාතික ශූරිය සිටියදීම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කළා.


නමුත් වෙනසක් සිදුවූයේ නැහැ.


සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීත්, අවසන් තරගයේ දී ෆාතූම් ඉසදීන්, ඉතාම පහසුවෙන් චනිත්මා පරාජය කළා.


ඒ තරගයේ විනිසුරු තීරණ පැහැදිලිවම චනිත්මාට වාසිදායකව ලබා දුන් බව තරගය බලපු උදවිය කියනවා.


එහෙම පසුබිම පවා ෆාතූම් ඉසදීන් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළා.


ඉතින් තර්කයකින් තොරවම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න ඕන ෆාතූම් ඉසදීන්.


නමුත් මොකක්ද වුණේ ?


පුහුණුකරුවන්ගේ විශේෂ අභිමතය පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යැව්වේ චනිත්මා.


කවුද පුහුණුකරුවා ?


ඇයගේ පියා, ස්කොෂ් ජාතික පුහුණුකරු චන්දන මහේෂ්.


එතැනදී ඇති වූ සිත්තැවුල නිසා ජාතික ශූරිය ෆාතූම් ඉසදීන් මාස ගණනාවක් ක්‍රීඩාව අත්හැර හිටියා.


ඇය පුහුණුවීම් සහ ක්‍රීඩාව අත්හැරියා.


එය අතිශය සාධාරණයි.


චනිත්මා සහ ඇගේ පියා විසින් අසාධාරන ලෙස උදුරාගනු ලැබුවේ ඇයගේ අවස්ථාව.


මේ මුස්ලිම් තරුණියක්. ඔවුන් මෙවැනි ක්‍රීඩා වලට එන්නේ නොයෙක් බාධා මැද.


නමුත් ඒ සියලූම බාධා මැද ඇය ජාතික ශූරිය වුණා. සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගත්තා.


ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ ක්‍රීඩිකාව 


නමුත් අවසානයේ ස්කොෂ් ජාතික පුහුණුකරුවා, ඔහුගේ දුව තරගාවලියට අරන් ගියා.


අපි සාෆියා යමීක් ගැන කතා කරනවා. වාසනාවට සාෆියාට බලවත් පියෙකුගේ දුවෙක් සම්මුඛ වුණේ නැහැ.


එම නිසා අද ඇය ශූරියක්. අප සැවොම ඇයගේ නම දන්නවා.


නමුත් ෆාතූම් ඉසදීන් එතරම් වාසනාවන්ත වුණේ නැහැ.


ඔබ ඇයගේ නම දන්නේ නැහැ.


චනිත්මා පාසල් වේදිකාවේ ඇයට සිදු වූ අසාධාරණයක් ගැන කතා කළා.


එවැනි සිදුවීම් ගැන අපට උණන්දුවක් නැහැ.


නමුත් රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන ජාතික නියෝජනය ගැන කතා කිරීමේ අයිතියක් සහ වගකීමක් අපිට තිබෙනවා.


චනිත්මා.


ඔබ අද ඔබේ පාසලේ සම්මානයකට උරණ වී, වේදිකාවේ කතා කළා.


හැබැයි ඔයා තාත්තාගේ බලයෙන් උදුර ගත්තු ෆාතූම් ඉසදීන්ගේ අවස්ථාව ගැන ඔයාට දුක හිතුනේ නැත්ද ?


ඔයාගේ තාත්තා ස්කොෂ් ජාතික සංගමයේ බලවත් චරිතයක්. ජාතික පුහුණුකරුවා.


ඔහුගේ බලයෙන්, වෙනත් තරුණියකගේ අවස්ථාව උදුරා ගනිද්දි ඔයාට ලැජ්ජා හිතුනේ නැත්ද ?


ඔයා කොමන්වෙල්ත් යද්දි, හිත රිදිලා, කලකිරිලා, ක්‍රීඩාවත් අතෑරපු ජාතික ශූරිය එහෙම නැත්නම් 'ඩීසර්විං චැම්පියන්' ගැන ඔයාට වරදකාරී හැඟීමක් ඇති වුණේ නැත්ද ?


අදටත් ස්කොෂ් තරගාවලි වලදී ඔයාට විශේෂ විනිසුරු තීරණ ලැබිලා, ජය ගනිද්දී ඔයාට ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?


එදා ඒ විදියට වෙන ළමයෙක්ගේ අවස්ථාව හොරකම් කරගෙන කොමන්වෙල්ත් ගියපු, චනිත්මා තරගාවලියේ විශේෂ ජයග්‍රහණයක් නොලබා නැවත ලංකාවට ආවා.


සමහර විට ජාතික ශූරිය ෆාතූම් ඉසදීන්, ඒ තරගාවලියට සහභාගී වුණා නම් ප්‍රතිඵලය වෙනස් වීමටත් තිබුණා.


එහිදී පරාජය වුණේ චනිත්මාවත්, චන්දන මහේෂ්ගේ දුවවත් නෙවෙයි.


ශ්‍රී ලංකා ක්‍රීඩිකාව. නුසුදුසු ක්‍රීඩිකාවක්, තාත්තාගේ බලයෙන් ජාත්‍යන්තර තරගාවලියකට ගිහින් පැරදුණේ අපේ රට. 


එය ජාතික අපරාධයක්.


ස්කොෂ් සඳහා ජාත්‍යන්තර තරගාවලි වල ශ්‍රී ලංකාවට නියෝජනයක් හිමිවන්නේ සැබෑ ලෙසම ජාතික ශූරයන්ට මිසෙක, ස්කොෂ් යනු චනිත්මාගේ පියාගේ බූදලයක් නොවෙයි.


(වර්තමානයේ යථාර්තය අනුව නම් එය චනිත්මාගේ පියාගේ බූදලයක්)


2022 ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට දක්ෂ ස්කොෂ් ශූරියක් අත්හැරුණා. ඒ ෆාතූම්.


ඉන්පසුව ඇය කවදාවත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ නැහැ.


චනිත්මාලා අද කිරුළු පළදින්නේ, එවන් දක්ෂයන් ඔවුන් අතින්ම විනාශ කළ සුසාන භූමියක.


මේ ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාවේ පමණක් සිදුවන අපරාධයක් නොවෙයි.


බොහෝ ක්‍රීඩාවන් වල පුහුණුකාර සහ බලවත් පියවරු තමන්ගේ දරුවන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන එනවා.


අනෙක් ක්‍රීඩකයන් කපා දමනවා.


විදෙස් සංචාර තමන්ගේ දරුවන්ට ලබා දෙනවා.


විවිධ තාක්ෂණික සහ විනිසුරු උපක්‍රම යොදවමින් සැබෑ දක්ෂයන් පරාජය කරනවා.


තමන්ගේ දරුවන් ඉදිරියට ගෙන එනවා.


තිත්ත යථාර්තය නම් සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාත් එලෙස , පියා විසින් ඉදිරියට ගෙන ආ ක්‍රීඩිකාවක්.


මේ සියල්ල හෙළිවූයේ ඇය රටේ මාතෘකාවක් වූ නිසා.


එසේ නොවන්නට හෙට දිනයේත්, ස්කොෂ් ජාත්‍යන්තර තරගාවලි වල සැබෑ සුදුස්සන් සිටියදී චන්දන මහේෂ් සිය දියණියට අවස්ථාවන් ලබා දිය හැකියි.


කෙසේ වෙතත් සැබෑ ජාතික ශූරිය වී දැඩි අසාධාරණයන්ට මුහුණ දුන්, පසුව ක්‍රීඩාව සහ රට ගැන කළකිරුණු ෆාතූම් ඉසදීන්ගෙන්, මා ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් සමාව අයදිනවා.


2022 වසරේ දී ඔබ ගැන හඬ නැගීමට නොහැකි වූවාට අපට සමාවෙන්න.


එමෙන්ම චනිත්මාගේ ආන්දෝලනාත්මක කතාව නිසා, රටට සැඟව තිබූ මේ ජාතික අපරාධය හෙළිවීම ගැන මා චනිත්මාට ස්තූතිවන්ත වෙනවා.


මේ තමයි ශ්‍රී ලංකාවේ බොහෝ සැඟවුණු ක්‍රීඩා වල තිත්ත යථාර්තය.


දක්ෂයන්ට වඩා පවුලට සහ සබදතා වලට තැන ලැබෙන අපේ ක්‍රීඩාව.


                       -  සචින්  රත්වත්තේ 


Thursday, December 11, 2025

ස.ජ.බ දෙහිවල බල අරගලයෙන් මරික්කාර් පරදා චන්න දිනයි

 




දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගයේ දෙහිවල ආසන සංවිධායක චන්න විකුම් දෙසැම්බර් 11 (අද) නුගේගොඩ නාලන්දාරාම විහාස්ථානයේ දී ජූජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන්වහන්ස ඉදිරිපිට දී  දිවුරුම් දුන්නේය.


පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළ අතර එහෙදී සමගි ජන බලවේගය සඳහා ලැයිස්තු මන්ත්‍රීධූර 10ක් ලැබුණු නමුත් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ගේ පෞද්ගලික කෝන්තරයක් මත දෙහිවල ප්‍රධාන සංවිධායක චන්න විකුම් හට මන්ත්‍රී ධූරය මේ දක්වා නොදි වෙන පුද්ගලයෙකුට දීමට තිබූ සූදානම ව්‍යර්ථ වී ඇත්තේ දෙහිවල ප්‍රදේශවාසීන් විසින් එම විපක්ෂ නායකවරයා වෙත යැවූ දහස් සංඛ්‍යාත ලිපි නිසාවෙනි.


කෙසේ වෙතත් මෙම මන්ත්‍රී ධූරය දීමට විරුද්ධව තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන

 ලදී.

Saturday, February 22, 2025

රජිව් ශර්මා හෙළිකළ රාජපක්ෂලාගේ ගැහිල්ලේ තරම

 




මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය.

රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත.

රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% - 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි.

මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී 

 ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි.

ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත.

අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් 

 ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත.

රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය.

චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි.

හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 - 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය.

කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය.

පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% - 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි.

රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී 

 මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය.

ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.(lankairida)