Monday, May 2, 2022

එහෙමයි කරු



මට දවස හරියටම මතක නෑ. 2018 නොවැම්බර මාසෙ දවසක්. කතානායකතුමාගේ කාර්‍යාලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පිරිලා තිබුනෙ. කතානායකතුමත් විශාල පීඩණයකින් හිටියේ. ඒ හැමදෙනාම කතානායකතුමාට පුදුම විදිහට බලපෑම්  කළා මහින්ද මහත්තයාව අගමැති විදිහට පිළිගන්න. කිසිම විදිහකින් වත් විශ්වාසභංගයකට ඉඩ දෙන්න එපා කියලා. එතුමා ඒ කිසි බලපෑමකට යටත් වුනේ නෑ. එතුමා ඒ හැමකෙනාටම කිව්වේ මට මේ රයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට උඩින් වැඩ කරන්න බැහැ. මම එකට යටත් කියලා. අන්තිමට සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියලා දැන දැන ඒක කළේ කරු ජයසූරිය මහත්තයා තමන්ට ඕන විදිහට නම්මගන්න බැරි වෙච්ච නිසා. මට මතකයි එක දවසක් මහින්ද මහත්තයා කතානායකතුමාට තර්ජනය පවා කලා. ඒත් ඒ කාටවත් කරූ මහත්තයව බයකරන්න පුලුවන් උනේ නෑ. මට මතකයි එතුමා තමන්ට පාර්ලිමේන්තු කටයුතු හරියාකාරව කරන්න දෙන්නෙ නැතුව බාධා කටද්දි පවා එතුමා සැලුනෙ නෑ. කොහොමහරි මේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න එතුමට පුලුවන් උනා. 

මම හිතන්නේ මේ වෙලාවෙත් කරූ ජයසූරිය මහත්තය කෙටි කාලයකට හරි මේ රට භාර ගත්තොත් මේක ගොඩ දාන්න පුලුවන්. ඒ පරිනතකම එතුමට තියෙනවා. ඒ විශ්වාසය එතුමා ගොඩ නගාගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා එතුමට තියෙනවා. එතුමගෙ අතේ කුනුවත් ලේ වත් ගෑවිලා නෑ.

Sunday, May 1, 2022

කරු ජයසුරිය අලුත් තනතුරකට

 බුද්ධාගම”සිංහල ජාතිය බේරගන්න ආපු රාජපක්ෂලාගෙනව් රට බේරගන්න පට්ට ගේමක් දෙන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙයෙි බුද්ධාගමත් මුන් හිටගෙන විනාශ කරනවා. මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරුව ත‍්‍රයි නිකායික මහා නායක හාමුදුරුවරු එකතු වෙලා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ටිපි දෙකක් යවමින් අවධාරණය කළේ ඔවුන් දෙදෙනා සිය තනතුරුවලින් ඉවත් වෙලා අන්තර්වාර පාලනයක් ගොඩනගන්න කියලා.

ඒ අතරිඋන්වහන්සේලා තවත් වැඩකට අත ගහලා කියලත් ආරංචියි. ඒ තමයි ඒ හදන අන්තර් වාර රජයේ ජනාධිපති ධුරය ස`දහා කරූ ජයසූරිය මහතා පත් කරන්න. මේ යෝජනාවට කාදිනල් තුමා වගේම සිවිල් සමාජයත් බොහොම කැමතියි කියලයි ආරංචිය.
මේ ගැන අපි නම ස`දහන් කිරීමට අකමැති ප‍්‍රකට සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයෙකුගෙන් විමසුවා ම, ඔහු කිව්වේ මේ මොහෝතේ ඒ ස`දහා සුදුසුම පුද්ගලයා කරු ජයසූරිය පමණක් බවයි. ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න්ව නිදසුනට අරගෙන කිව්වේ ට‍්‍රම්ප් විනාශ කරපු රට බයිඞ්න් ගොඩ දැම්මේ ඇ`ග් හියියෙන් නොව, පරිනත බුද්ධියෙන් බවයි.
රනිල්ට වගේ කරුට දුෂණ චෝදනා ඇත්තෙත් නෑ. දවස් 52 ආණ්ඩුව වෙලාවේ කරු තමන්ගේ වැඩ හො`දට පෙන්නලත් තියෙනවා. කරුට හො`දින් ජාත්‍යන්තර සබ`දතාත් තියෙනවා. කරුගේ වයෙට් හො`ද උගත් බුදධිමත් පිරිසකුත් වට වෙලා ඉන්න්වා. කරු ඔවුන්ගෙන් වැඩ ගන්නත් දන්නවා. කරු ළ`ග ඵවුල් දේශපාලනයත් නෑ. ඒ නිසා බලේ එල්ලිලා ඉ`දගෙන් පරම්පරාවේ අය දේශපාලනයට ගේනන් ද`ගලන්නෙත් නෑ. තෙකාටින් ම කියනවනම් කරු එන එකෙන් සජිත්ට අවධානමකුත් නෑ. ආණුඩුවේ ස්වාධින පිරිසට ගැටලුවකුත් නෑ. ඒ නිසා හො`දම විකල්පය කරු කියලා ඔහු අවධාරණය කළේ.
කරු එන්නෙ අවරුද්දකට විතරලු. එයා ආර්ථිකය ශක්තිමත් කරලා, අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ සිසටම් එක චේන්ජ් කරලා අලුත් පිරිසකට පාලනය භාර දෙනවලු.
මේක කොහොම වෙයි ද කියලා නම් සැකයි. ඒත් මේ වෙනකොටත් ජාතික ලැයිස්තුවෙන් අයින් වෙලා කරුට සීට් එක දෙන්නත් කෙනෙක් ඉන්නවලු. කොහොමත් ඉදිරි සති කිහිපය ඇතුලත රටේ ලොකු වෙනසක් ඇතිවෙයි කියලයි අපිට ආරංචි. අපි බලාගෙන ඉමු මේ ගැටගුව කොතනින් කොහොම ඉවර වෙයි ද කියලා

Monday, November 18, 2013

සිංහල බ්ලොග් කරුවන් සඳහා පමණයි! for Sinhala Bloggers only!

ලංකාවේ දැනට සක්‍රිය සිංහල බ්ලොග් කරුවන් ආසන්න වශයෙන් 1100 - 1300 ත් අතර සිටී. මොවුන් බොහෝ දෙනෙක් සිය බ්ලොග් කරණ සේවාව ලෙස බාවිතා කරන්නේ Google සමාගමේ Blogger නැමති සේවාවයි. ඕනෑම බ්ලොග් කරුවෙක් තමන්ගේම අනන්‍යතාවක් ඇති කරගන්න කැමතියි. ඉතින් බ්ලොග් එකක් පටන්ගන්නාවිට එයට සුදුසු නමයි යෙදීම, හොඳ ගැලපෙන Template(සිංහල වචනය නොදන්නෙමි :-( ) යෙදීම වගේ මූලික කරුණු කීපයක් ගැන සැලකිලිමති විය යුතුයි. නමුත් මේ සියල්ලටම වඩා බ්ලොග්කරුවෙක් විදියට තමන්ගේ අනන්‍යතාවය රඳා පවතින්නේ තමන් පාඨකයාට ඉදිරිපත් කරනදේ සහ එය ඉදිරිපත් කරන ආකාරය අනුව බව අවධාරණයෙන් යුතුව කිව යුතුය.


ඉතින් මම අද ලිපියක් ලියන්න හිතුවේ සිංහල බ්ලොග් කරුවන් සඳහාමයි. ඒ Blog Templates සම්බන්ඳවයි. ඇතැම් බ්ලොග් කරුවන්නම් බ්ලොග් කරණයේදී සිය බ්ලොගයේ ඇඳුම(Template/Theme) ගැන වැඩි අවධාණයක් යොමු කරන්නේ නැහැ. ඒදේ කාරනා කිහිපයක් නිසා වෙන්න පුලුවන්

  • තමන්ගේ රුචි අරුචිකම් වලට සරිලණ බ්ලොග් අච්චුවක්/ඇඳුමක්(Template/Theme) සොයාගැනීමට ඇති අපහසුකම.
  • තමන් කැමති පන්නයේ  බ්ලොග් අච්චුවක්/ඇඳුමක් සොයාගත්තත් එහි යම් යම් දෝෂ පැවතීම (උදා :- IE Web Browser එකෙහි මුල් සංස්කරණ සඳහා නිසිලෙස සහය ‍නොදැක්වීම)
  • තමන්ගේම කියල Blogger Template එකක් සකස්කරගන්න දැනුම නැති කම හෝ කම්මැලිකම.
ඉතින් ඔයවගේ කරුණු නිසා සාමාණ්‍ය බ්ලොග් කරුවන් කරන්නේ එම සේවාව විසින්ම ලබාදෙන blog templates භාවිතා කරන එක. නමුත් මම හිතන්නේ බ්ලොග් කරුවෙක් උනාම යම් දෙයක් ලියල සිය පාඨකායාට ඉදිරිපත් කරනවාට වඩා අලුත් මහුනුවරකින් අපි පාඨකා අතරට යායුතුයි කියාලා. ඉතින් ඒ දේට මෙම Blog Templates කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේසඳහා විවිද වර්ගෙයේ බ්ලොග් templates ලබාදෙන වෙබ් අඩවි ඕනෑතරම් අන්තර්ජාලයේ දකින්න පුලුවන්. හැබැයි මෙම සියලුම වෙබ් අඩවි පාහේ ලබාදෙන්නේ කුණු ගොඩවල් කියල පැහැදිලිවම කියන්න පුලුවන්. මටත් ඒවගේ ‍වෙබ් අඩවි 2ක් තිබෙනවා. ඒත් මට ඒවා පවත්වාගෙන යන්න හිත දෙන්නේ නැහැ. මොකද අන්තර්ජාලයේ තියෙන එක එක්කෙනාගේ කුණුගොඩවල් මගේ වෙබ් අඩවි හරහා නිකුත් කරන්න. මගේ යටිහිතේ ලොකු අකමැත්තක් තියෙනවා.

ඉතින් මම තීරණය කලා Blogger සේවාව බාවිතා කරන සියලු බ්ලොග් කරුවන් වෙනුවෙන් මගේ දැනුම භාවිතා කරල ඉතා උසස් තත්වයේ blogger template framework එකක් නිපදවන්න. ඉතින් මේ සඳහා මට ඔයා‍ලයේ අදහස් අවශ්‍ය වෙනවා..ඉතින් මට ඒ සඳහා කරුණිකව උදව් කරන්න කියලා මම සියලුම ලාංකික බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ සඳහා ඔයාලට මට උදව් කරන්න පුලුවන් වෙන්නේ අදහස් දැක්වීමෙන් ඒකියන්නේ මම අහනව පොඩි ප්‍රශ්ණයක් ඒකට ඔයාලා අවන්කවම පැහැදිලිව පිළිතුරක් දුන්නොත් ඒ හොඳටම ඇති :) .

එම ප්‍රශ්ණයනම්, ඔයාලා තමන්ගේ බ්ලොග් අඩවිය සඳහා Blogger Template එකක් සොයද්දී මොනවගේ කාරණා ගැනද වැඩිපුරම සැලකිමත්වන්නේ සහ දැනට දකින්න ලැබෙන නොමිලේ දෙන Blogger Template වල දකින්න ලැබෙන අඩුපාඩු මොනවාද? 

මම පෞද්ගලිකව දකින අඩුපාඩු මෙතන සඳහන් කරන්නේ නැහැ. ඉතින් මෙම ප්‍රශ්නෙට පිළිතුරක් ලබාදෙන්න, එවිට එම සියලුම කරුණු සැලකිල්ලට අරගෙන. හැම අතින්ම සම්පූර්ණ Template Framework එකක් නිපදවල ඔයාලට නොමිලේම දෙන්නම්. එවිට ඔයාලට පුලුවන් ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය විදියට එය වෙනස්කරගන්න, පහසුවෙන් භාවිතා කරන්න. ඒ වගේම එය තමන්ගේ බ්ලොග් අඩවියට පැමිනෙන පාඨකයින්ටත් නැවුම් අත්දැකීමක් සහ පහසුවක් වේවි.

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Groupඑක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

එස්.ටි.එෆ් එකට නින්දවුර් වැසියෝ සමග ගැටුමක්......


නින්දවුර්හි ගැමියන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇතිවූ ආරවුලක් බේරුම් කිරිම සදහා මඩකලපුව භාර ‍නියෝජ්‍ය පොලිස්පති දැන් එහි ගොස් සිටියි. නිල ඇදුමින් සහ සාමාන්‍ය ඇදුමින් සැරසී මුර සේවයේ යෙදුණු එස්.ටී.එෆ්. කණ්ඩායමකට නාදුනන පිරිසකගෙන් එල්ලවූවා යැයි කියන ප්‍රහාරයක් මෙයට හේතුවයි. පොලීසියේ අයම සිද්ධියෙන් සිය පිරිස බේරාගත් නමුත් පොලිස් පරික්ෂකවරයෙක් හා කොස්තාපල් වරයෙක් තුවාල ලදහ. පසුගිය දිනවල ගමේ සොරකම් කිහිපයක් ඇතිවූ බව කියන ගැමියෝ මේ සිද්ධියෙන් පසු අක්කරේපත්තු කල්මුණේ පාර නින්දවුර් ගමෙන් අවහිර කැර උද්ඝෝෂණයක් ද පටන් ගත්හ. වාහන ගමනාගමනයට අවහිර විය. 

''චැනල් 4'' පොලිසියට දෙහි කපා කුලී රථයේ බිල ගෙවයි..


මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා ‘චැනල්-4’ නාලිකාවේ කැලම් මැක්රේ ඇතුළු කණ්ඩායම අනුරාධපුරේ සිට කොළඹට පැමිණි කුලී වෑන් රථය සඳහා ගෙවිය යුතු රුපියල් 30,000 ගාස්තුව ඔවුන් විසින් ගෙවු බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
ඉකුත් 14 වැනිදා තම වෑන් රථයෙන් කොළඹට පැමිණි බවත් ඒ සම්බන්ධයෙන් කථා කරගත් ගාස්තුව වු රුපියල් 30,000 මුදල තමන්ට කොළඹදී නොදුන් බවත් පවසා රියැදුරු වන අනුරාධපුර එස්.කේ. සංජීව මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

අපි ආණ්ඩුවේ අතකොලු කීවට, අපි ප්‍රබල විපක්ෂයක් හදනවා---බොදුබල සේනා සංවිධානය


පසුගිය 14 වැනි දා සමගි බලවේගය සංවිධානය විසින් සංවිධානය කර තිබු මානව හිමිකම් උළෙලට සමගාමිව පැවත්වූ ඡයාරුප ප‍්‍රදර්ශනය නැරඹීමට ගිය බොදුබල සේනා සංවිධානය සිරිකොත එඡුාප මුලස්ථානයට වැඩම කළ අවස්ථාවේ හික්ෂුන් වහන්සේලාට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් පැවසුවේ රටේ ප‍්‍රබල විපක්ෂය මෙසේ අශුද්ධ සංවිධාන සමග එක්වී පිරිහෙනවා නම් රටට අවශ්‍ය රටට ආදරය කරන ප‍්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්නට බොදුබල සේනා සංවිධානයේ සහාය ලබා දෙන බවයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසුහ.
‘අපට විපක්ෂය චෝදනා නගනවා ආණ්ඩුවේ අතකොළු බවට පත්වලා කි‍්‍රයා කරන බවට ආණ්ඩව අපට චෝදනා කරනවා විපක්ෂයේ වුවමනා එපාකම් කරන බවට නමුත් දිගින් දිගටම මෙවැනි ප‍්‍රචාර ගෙන ගියන් අපි හැමදාම වැඩ කළේ බෞද්ධයන්ට සිදුවන අභියෝගවලට එරෙහිවයි.
සිරිකොතේ පැවත්වූ ඡයාරූප ප‍්‍රදර්ශනයේ බොදුබල සේනා සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හªන්වමින් විවිධ ඡයාරු ප‍්‍රදර්ශනය කරන බව අපට දැනගන්නට ලැබුණා. අපට අයිතියක් තිබෙනවා අපේ සංවිධානය ගැන දැනගන්න. ඒවා ඇත්තද බලන්න. අපි ඒ ස්ථානයට ගියේ.
නමුත් අපි ඇතුළටත් ගියාට පස්සේ අපට එය නරඹන්න අවස්ථාවක් දුන්නේ නැහැ. එදා එල්ටිටීය මානව හිමිකම් කඩකරද්දී වචනයක් කතා නොකරපු අය අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා. අවසානයේ අපේ ස්වාමින් වහන්සේලා කීප නමක් සුළු තුවාල හේතුවෙන් රෝහලටත් ගෙන ගියා.
සිරිකොත කියන්නේ දැවැන්න දේශපාලන චරීත නිරුපණය කළ තැනක් එවැනි තැනක් මෙවැනි අශුද්ධ සංවිධානවලට ලබා දුන්නෙ ඇයි? බී‍්‍රටෝ ප‍්‍රනාන්දුලා කියන්නේ කවුද මේ රටේ. එක්සත් ජාතික හික්ෂු පෙරමුණේ ස්වාමින්වහන්සේලාගන් අපි අහන්නේ මේ වගේ අන්තවාදය සතුරන පිරිසට උදව් කරන්නේ ඇයි?’