Tuesday, July 19, 2022

ජනපති ගියාම ඊළඟ අනුප්‍රාප්තිකයා තමන් බව කියූ සජිත් පොහොට්ටු අපේක්ෂක ඩලස්ට මුවා වෙයි - අගමැති කමට ඩීල් දමයි





අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කිරීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද වීමසීම මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙනවා.

අද පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේ  අපේක්ෂකයින් සිව් දෙනෙකු ඉදිරිපත් වන බවට තොරතුරු  වාර්තතා වුව ද  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  එම ධුරයට තරග නොකරන බව දැනුම් දුන්නා.

 ඒ අනුව  ජනාධිපතිවරණ සටන තුන් කොටසක් බවට පත්ව තිබෙනවා.

 ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා කටයුතු කළ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ම ඉදිරිපත් වන  ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට  සජිත් ප්‍රේමදාස මහතා මේ දී තීරණය කර තිබෙනවා.

 ඒ   අගමැති ධුරය ලබා ගැනීමේ එකඟතාවය මතයි.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම සිදුවීම් දාමය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා සිටින බවයි.

තමන් රටේ විපක්ෂනායකයා බවත් රටේ මීළඟ අනුප්‍රාප්තික පාලකයා තමන් විය යුතු බවටත් සජිත් ප්‍රේමදාස මහතා දැරූ අදහස මේ වන විට වෙනස් කරගෙන තිබෙන්නේ පොහොටුව පක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය පාලකයා වීමට අවස්ථාව ලබා දෙමින්.


රනිල් - සජිත් අතර බලය උරගා බැලීමට තිබු තවත් අවස්ථාවක් ද මේ හේතුවෙන්  ජනතාවට අහිමිව ගොස් ඇති අතර රනිල් හමුවේ පරාජය වුවහොත් තම දේශපාලනය සදහටම අවසන් වනු ඇති බවට බොහෝ දෙනෙකු අනතුරු ඇඟවීමද සජිත් ජනපති තරඟයෙන් ඉවත් වීමට බලපා ඇති බවද දැනගන්නට තිබේ.

රනිල්ට මෙච්ච්ර බය ඇයි?

 


ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම සමගි ජන බලවේගය ද එක පෙළට සිට රනිල් වික්‍රමසිංහට පහර දීම අරඹා තිබේ. ඔවුන් සපථ කරමින් කියා සිටින්නේ රනිල් හැර වෙනත් ඔනෑම අයෙකුට ජනාධිපති ධුරයට පත් වීමට සහාය ලබා දෙන බවයි. 

ඇයි ඔවුන් මෙතරම් රනිල්ට බය?

මුලින් ම අපි මේ ගැටළුව විසඳා ගත යුතු ය. එම පිරිසට අනුව රනිල් දූෂිතයෙකි, රාජපක්ෂ හිතවාදියෙකි, ඒකාධිපතිවාදියෙකි, දුර්වල නායකයෙකි, රට සංවර්ධනය කිරීම පිළිබඳ කිසිදු දැක්මක් නැත්තෙකි, පරාජිතයෙකි, වයොවෘද්ධයෙකි, බටහිර ගැති පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

රනිල්ට මෙම චෝදනා එල්ල කරද්දී රනිල්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඩලස් අලහප්පෙරුමයි. ඩලස් අලහප්පෙරුම මහා ප්‍රජාතන්ත්‍රවාදීයෙකු ලෙස පෙනී සිටිය ද, ඩලස්ගේ කිල්ලෝටයේ තියෙන තරම් හුණු වෙන කා ළඟත් නැති තරම් ය.

ඩලස්ගේ කුණු වූ දේශපාලන ඉතිහාසය පිළිබඳ මංගල සමරවීර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. හිටුපු අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක ද වරෙක ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව දොශාභියෝගය ඉදිරිපත් වූ මොහොතේ ඩලස් අලහප්පෙරුම තමන්ගේ චරිතය ඝාතනය කරමින් විවිධ අපහාසාත්මක ලිපි ලියා වෙබ් අඩෙවිවල පළ කළ බවයි.

ඩලස් ගැන තතු දන්නෝ මේ සියල්ල දනිති. හරි හමන් අධ්‍යාපනයක් නොමැතිව ටැබ්ලොයිඩ් පත්තරයක විශේෂාංග රචකයෙකු ලෙස කොලඹ පැමිණි ඔහු, අනුර බණ්ඩාරනායක සමග මාධ්‍යවේදී භූමිකාව හරහා හිතවත්කමක් ගොඩනගා ගත්තේය. ඉන් පසු අනුර සහ මංගලගේ ආශිර්වාදයෙන් දේශපාලනයට පිවිසෙන ඔහු ටික කලකට පසු මහින්ද රාජපක්ෂගේ කැලෑ පත්තර රචකයා බවට පත් විය.

1993 චන්ද්‍රිකා ආගමනය වළක්වන්න මහින්ද තමන්ගේ මඩ බලකායේ ප්‍රධානියා බවය=ට පත් කර ගන්නේ ඩලස් අලහප්පෙරුමවයි. ඔහු ඒ කරතව්‍යය කොතරම් සාර්ථකව සිදු කළ ද කිවහොත්චන්ද්‍රිකා බලයට පැමිණීමෙන් පසු ඔහුට කිසිදු තනතුරක් ලබා දෙන්නේ නැත. මහින්ද සමග පැවති සමීප සබඳතාව නිසා මහින්දගේ අමාත්‍යංශයේ කටයුතුවලට අනියමින් සම්බන්ධ වන ඔහු, එහි එක්තරා ටෙන්ඩරයක් සම්බන්ධ කටයුත්තක දී සිදු කළ අකටයුත්තක් නිසා අවසානයේ දේශපාලනයෙන් පමණක් නොව රට ද අත් හැර යන්නට සිදු විය.

නැවත 2005 දී මහින්දාගමනයත් සමග මෙරටට පැමිණෙන ඔහු, මහින්දගේ ප්‍රධාන කසල ශෝධකයා ලෙස කටුයුතු කළ බව ප්‍රකටය. ඩලස් ජනපති වීමට උත්සාහ කිරීම පිළිබඳ ආරංචි වූ මගේ එක් මිතුරෙක් පැවසුවේ ජනාධිපති වෙන්න කලින් එයාට ‘උතුරු මිතුරු” කෝච්චි ටිකට් එකේ සල්ලි දීලා ඉන්න කියන්න කියලා ය.

ඩලස්ට තවමත් රාජපක්ෂ ලැදියාව ඉතාමත් දරුණුව පවතී. ඔහු කිසි විටෙක රාජපක්ෂවරුන්ට එරෙහිව වචනයකින් හෝ විවේචනය නොකරන බව දන්නා මහින්ද, මේ මොහොතේ නාමල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඩලස්ගේ ජයග්‍රහණය මහින්දට ඉතාමත් වටින්නේ ය. ඔහු ඒ වෙුවෙන් සූක්ෂ්මව වැඩ කරන්නේ ය.

රනිල් රාජපක්ෂවාදියෙක් නම් ඩලස් ඊටත් වඩා රාජපක්ෂවාදියෙකි. රනිල් දූසිතයෙක් නම් ඩලස් ඊටත් වඩා දූෂිතයෙකි.

රනිල්ට එරෙහිව ගෙන එන අනෙක් චෝදනා දෙකත් එකිනෙකට පරස්පර විරෝධිය. එක් වරෙක් රනිල් දුර්වලයෙක් කියයි. තවත් වරෙක් රනිල් ඒකාධිපතියෙක් කියයි. අපට ඇති ගැටළුව රනිල් දුර්වලයෙක් නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේ ද කියා ය.

අපි මේ මොහොතේ ඇත්ත ගැටළුව හඳුනාගත යුතු ය. මේ මොහොතේ අප මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් බරපතල ආර්ථික අර්බුදයකට ය. ඒ තත්ත්වය විසඳීමේ උපාය මාර්ගික දැනුම සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තේ කාට දැයි අපි මැනවින් අවබෝධ කරගත යුතු ය.

පාඩු ලබන ශ්‍රී ලංකන්, සිපෙට්කෝ සහ විදුලි බල මණ්ඩලය වැනි ආයතන තවදුරටත් දූෂිත නිලධාරීන්ගේ පාලනයට නතු කර රාජ්‍ය ව්‍යවසායන් ලෙස ඒ බර මහජනතාව මත පටවා තබනවාට වඩා මා මම රනිල්ගේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට කැමති ය. ඈත වන්නියේ ජීවත් වන අහිංසක ගොවීන් ශ්‍රී ලංකන් ආයතනයේ පාඩුවට වගකිව යුතුවීමේ සාධාරණත්වයක් මට නොපෙනේ. එක්තරා නිලධාරී පිරිසක් වෙනුවෙන් දිගින් දිගට පාඩු ලබමින් තිබෙන රාජ්‍ය ආයතන අද වන විට මේරටේ උද්ගත වී ඇති ප්‍රශ්නයට වගකිව යුතු බව මගේ හැඟීමයි.

ඒ නිසා මම ඩලස්ගේ මුග්ධ ජාතිකවාදයට වඩා රවනිල්ගේ ජාත්‍යන්තරවාදය ප්‍රිය කරමි. මේ මොහොතේ රට ඇද වැටී ඇති තත්ත්වයෙන් මුදවා ගත හැක්කෙ එවැනි නායකයෙකු ටය.

 

සුනිමල් සිරිමෙවන්

Monday, July 18, 2022

 මවු බිමේ හෙට දවස?

====================


 ජුලී 9 ශ්‍රී ලංකාවේ සිදුවූ කැරැල්ල සාධාරණීකරණය කරන්න මේ දවස්වල බුකියේ ප්‍රබලවම යොදා ගැනෙන සංසිද්ධියක් "ප්‍රංශ විප්ලවය". නැත්නම් "රුසියානු විප්ලවය".


 එයිනුත් සිංහල නැත්නම් ගමනක් බිමනක් ගිහිපු වෙලාවක හදිසියකට  වැසිකිළියකටවත් යාගන්න බැරිවෙච්ච දෙමවුපියන්ගෙ (මෙහෙම කිවුවෙ ඒ අහිංසක දෙමවුපියන්ට අපහාස කරන්න නම් නෙවෙයි.කාටත් හොඳට තේරෙන්න ඕන නිසයි. අනෙක මගේ අම්මයි, තාත්තයිත් ඒ වගේ දෙන්නෙක්) දරුවො වැඩියෙන්ම යොදාගන්නෙ "ප්‍රංශ විප්ලවය". මොකද ප්‍රංශය කියන්නෙ රුසියාවට  වඩා යුරෝපයට බර වගේම ඉංග්‍රිසියටත් බර රටක් කියල මේ කණ්ඩායමේ බහුතරයක් හිතන නිසා. සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත් ඒ හුඟක් 56 දරුවො විරුද්ධයි කියලයි මට හිතෙන්නෙ.


එහෙම  කරන බහුතරයක් පිරිස් වලට අනුව නූතන, දියුණු ප්‍රංශය ගොඩ නැගුනේ "ප්‍රංශ විප්ලවය" නිසා. 


ප්‍රංශ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්නා, රැළි වලට පහසුවෙන් ගසා ගෙන යන අතිබහුතරයක් එය විශ්වාස කරනවා.


මොකක්ද මේ ප්‍රංශ විප්ලවය ? කියවල තියෙන කෙනෙක් ඉන්නව නම් හිතල බලන්න.


ප්‍රංශ විප්ලවය 1789 වසරේ සිට මධ්‍යතන යුගයේ ප්‍රංශයේ සිදුවූ මේ වගේම දේශපාලනික කැරැල්ලක්.


අද ලංකාවේ  රාජපක්ෂවරුන්ටත් ටිකක් විතර ඉස්සරහින්  එවකට ප්‍රංශය පාලනය කරමින් සිටියේ 16 වැනි ලුවී රජු.


විප්ලවයෙන් පසු  ප්‍රංශ රජ පවුලම අත්අඩංගුවට ගත්තු අරගලකරුවන් රජ පවුල ඝාතනය කළා.


එපමණක් නොවේ,‍රටට එරෙහිවූවන් ලෙස හංවඩු ගසමින්  එවකට ඉඩම් හිමියන් සහ ප්‍රාදේශීය පාලකයන් වූ රදළයන්ද ඝාතනය කළා.


ඒ සඳහා ඔවුන් භාවිතා කළේ ඔවුන්ම සාදා ගත් ගිලටීනය නම් ඝාතක උපකරණයයි. තියුණු තලයක් බෙල්ලට වැට්ටවීම එයින් සිදුවුනා.


ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ස්ථිර පාලනයක් ඇති කරගන්න විප්ලවකරුවන්ට සහ අරගලකරුවන්ට නොහැකි වුනා.


විප්ලවයෙන් නායකයො බිහි වුනත් රටක් පාලනය කිරීම පිළිබඳ ඔවුන්ට දැනුමක් තිබුනෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීම සහ පරිපාලනය පිළිබඳ දැනුමක් ඔවුන්ට තිබුනේ නෑ. 


ඉඩම් හිමියන් වූ රදළයන්ගේ මැදිහත් වීමත් රටට අහිමි වූ නිසා වගාබිම් පාලුවට ගියා. රටේ ආර්ථිකය බිංදුවටම වැටුනා. දැඩි සාගතයක් ඇති වුනා.


ප්‍රංශ මිනිස්සු මේ කාලයේ කන්න නැතුව දුක් වින්දා.


රජ පවුලේ ඝාතනයෙන් පස්සේ ඇතිවුනේ අරාජික සමයක්. 


මේ අරාජික කාලයේ විප්ලවකාරයො අතර ගැටුම් ඇති වුනා. විප්ලවයේ නායකයො, ක්‍රියාකාරිකයො උන් උන් මරා ගැනීම ආරම්භ කළා.


ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන නායකයෙක් වූ රොබෙස්පෝයර්, සෙසු විප්ලකරුවන් අතින් ගිලටීනයේදීම ඝාතනය කෙරුනා.


රජ පවුල සහ රදළයන් ඝාතනය කිරීමේදි විප්ලවකරුවන් වෙනුවෙන් නීතිපති ලෙස කටයුතු කළ විප්ලවයේ නායකයාත් ඔවුන් විසින්ම ගිලටීනයෙන්ම  මරා දැමුනා.


ප්‍රංශ විප්ලවයේ තවත් කැපී පෙනෙන නායකයෙක් වගේම  රජ පවුල සහ රදළයන් ඝාතනය කිරීමට ගිලටීනයත් හදපු ජෝශෆ් ගිලටීන්, ගිලටීනයෙන් ගැලවුනේ නූලෙන්.


ඒ විදියට විප්ලවකරුවො එකා එකා නැති වෙද්දි කන්න නැතුව, බෙහෙත් නැතුව, බඩගින්නේ දුක් විඳපු මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ රටට නායකයෙක් හෙව්වා. 


රජ පවුල නැති කරත් විප්ලවයෙන්  රටට නායකයෙක් හොයාගන්න බැරිවුණු ඔවුන්ට අවසානයේ නායකයෙක් හමුවුනා.


ඔවුන් එම නායකයා අධිරාජ්‍යයෙක් කරලා කිරුළු පැළැන්දුවා.


එම නායකයා තමයි නැපෝලියන් බොනපාර්ට්. 


පුද්ගලිකව මම මේ ප්‍රංශ විප්ලවය සහ නැපෝලියන් බොනපාර්ට් ගැන කතාකරන්න, ප්‍රංශ විප්ලවයේ රටට හානිකර තත්වයන් ගැන කතාකරන්න අකමැති උනත් සිද්ධියේ යතාර්ථය දැනගත යුතු නිසයි මේ ගැන ලියන්න හිතුවේ.


ඔහු අධිරාජ්‍යයා වශයෙන් බලයට පත් වී ප්‍රංශ විප්ලවයෙන් ඇති වූ අරාජිකත්වය අවසන් කොට යළිත් ප්‍රංශයට සමෘද්ධිය ගෙන ඒමට කටයුතු කළා.


ඔහු තමන්ට පක්ෂපාතී රදළයන් පිරිසක් ඇති කර ඒ ඔස්සේ වගාබිම් සහ හමුදාවන් යළි නඩත්තු කළා. සාගතය අවසන් වුනා.


නැපෝලියන් බොනපාර්ට් ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් පස්සේ ප්‍රංශ පාලනය යළිත් ලුවී රජ පවුලටම හිමි වුනා.


18 වෙනි ලුවී නැපෝලියන් බොනපාර්ට්ගෙන් පසුව ප්‍රංශයේ රජ වුනා.


ඒ තමයි ‍රටට දැඩි හානියක් සිදු කර පරාජයකින් අවසන් වූ ප්‍රංශ විප්ලවයේ කතාව.


ප්‍රංශ විප්ලවය නිසා ප්‍රංශය දියුණු වූ බව කිසිවෙකුත් කියනවා නම් ඔහු ඉතිහාසය නොදන්නා, ෆේස්බුක් රැලි විශ්වාස කරනා පුද්ගලයෙක්.


මෙහි දෙවැනි සංදර්භය වන රුසියානු විප්ලවයේත් කතාව තරමක් සමානයි.


රුසියානු විප්ලවය රුසියාවට දැඩි තද ඒකාධිපති පාලකයෙක් ගෙන ඒමට පාර කැපුවා. ඒ මිලියන ගණනකගේ ජීවිත බිලිගත් ජෝශෆ් ස්ටාලින්. 


අනෙක් අතට යූරෝපාකරයේ පිහිටි, ලෝකයට දැනුම සොයා ගත් යුරෝපිය ජාතිකයන් සිටින, ලෝකය පුරා යටත් විජිත නඩත්තු කළ රටවල්වලට දියුණු වෙන්න විප්ලව කරන්න ඕන උනේ නැහැ. 


ඒවා දියුණුවුනේ ඒ රටවල මිනිසුන් මුලින්ම ආකල්පමය  වශයෙන් දියුණුවූ නිසා. ඒ රටවල මිනිස්සු මුලින්ම මිනිස්කම් අගය කරන සැබෑ මිනිසුන් වූ නිසා. හැම මුතුවලටම වඩා "එකමුතු" වටින බව තේරුම් ගත්තු නිසා.


කවදාවත් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව සසඳන්න එපා. ජීවත් වන මිනිස්සු, ඔවුන්ගේ දැනුම, සිතුම් පැතුම් ඉදලා භූ දේශපාලනය දක්වා ඒ රටවල් හාත්පසින් වෙනස්.


ප්‍රංශ විප්ලවයේ වුනා වගේ මාළිගා අත් පත් කරගෙන, කඩලා, කුඩු කරාට අපිට ප්‍රංශය වගේ වෙන්නවත්, දියුණු වෙන්නවත් බෑ.


මට හිතෙන හැටියට නම් ඒවායෙන් අපි ලං වෙන්නේ ලිබියාවට, හයිටියට මිසක් ප්‍රංශයට හෝ රුසියාවට නම් නෙවෙයි.


මට බැන්නට කමක් නෑ, මේ ගැන හිතන්න කියලයි මගේ ඉල්ලීම. හැබැයි තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඔබ සතුමයි.

-මොන්ටේගු සරච්චන්ද්‍ර-

ශ්‍රීලනිප විධායක සභික,

මනෝ විද්‍යා උපදේශක.


පාස්කු ප්‍රහාරයට රනිල් අතගසයි - පරීක්ෂණ ජාත්‍යන්තර පොලිසියකට

 



 

රටෙහි ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තුඩුදුන් සිදුවීමක් වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරන බවත් ඒ සම්බන්ධ විමර්ශ මෙහෙයවීමට බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් පොලිසියට භාරදෙනබවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද(18දා) විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේය.

ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට තුඩුදෙන ක්‍රියාවන් වැළැක්විය යුතු බවත් මේවනවිට මන්දගාමි තත්වයක පවතින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ඉතා කඩිනම් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් නොවීම පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳලා දාන්න මම කැපවෙනවා. හැමදාම අපි මේ ප්‍රශ්නය ඇදගෙන යන්න අවශ්‍ය නැහැ. කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. මේ නිසා මම කැමතියි යළිත් මේ පිළිබඳව සමාලෝචනයක් කරන්න. යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

 

Sunday, July 17, 2022

කුමන්ත්‍රණය හෙළිවීමෙන් භික්ෂූන් අරගලයෙන් ඉවත් වේ

 


 

දූෂිත රාජපක්ෂ රෙජීමයට


එරෙහිව  මහජනතාවගේ නැගීටීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනත් දිශාවකට යොමු කරවීමට උත්සාහ කිරීමත් සමග ආගමික නායකයන්ගේ සහාය අරගලයට නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවක් විශ්වාසනීය ආරංචි මාර්ග වාර්ථා කරයි.

චීනය සහ විවිධ අන්තවාදී සංවිධානවල මූළ්‍ය අනුග්‍රහය යටතේ  අරගලය වෙනත් මගකට යොමු කරන කුමන්ත්‍රණයේ මහා මොළකරු ලෙස ක්‍රියා කරන්නේ කුමාර් ගුණරත්නම් විසිනි. ඔහුගේ අපේක්ෂාව වී තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය යටතේ කොමියුනිට්ස් පාලනයක් ස්ථාපිත කිරීම වුවත්, ඊට ආධාර සපයන සංවිධානවල අරමුණ වන්නේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් කිරිමයි.

තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධිගේ පුත් සටාලින් ද අරගලයට ඉතා යහමින් මුදල් පොම්ප කරන්නේ දකුණේ සිංහලයන් සමග පවතින බද්ධ වෛරය හේතුවෙනි. දෙමළ ඩයස්පෝරාව, කතෝලික සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙන් ම ලංකාවේ බුදුන් ඉපදුනා යැයි පවසන බෞද්ධ අන්තවාදී සංවිධාන ද අරගලයට ඍජුව අනුග්‍රහ දක්වන බව ද මේ වන විට හෙළි වී තිබේ.

මේ පිළිබඳ තම මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය සුනිල් විමලගුණරත්න ද මේ පිළිබඳ සඳහනක් සිදු කර තිබේ.

ඒ සටහන මෙසේ ය.

“අරගලයට දීපු සහය ගැන සදාකාලික පසුතැවීමක් සමඟ ජීවත් වෙන්න සිදුවීම ඛේදවාචකයක්!”

“අවසාන වතාවට 1977 දී ජන්දය දුන්නට පස්සේ 1981 දී ලංකාවෙන් පිටවෙලා ආවට පස්සේ මම කිසි දිනක ලංකාවේ ජන්දය දීල නැහැ. හැබැයි ආර්ථික විද්‍යාව මගේ විෂය නිසාත් ලෝක බැංකුවේ සහ විවිධ අන්තර්ජාතික ආයතනහි වසර 35ට වඩා රැකියා කරපු නිසාත් බිඳවැටුණ රටවල් සමඟ කටයුතු කරපු නිසාත් මේ ප්‍රශ්නය හොඳටම තේරෙනවා. මට නොමිලේ අධ්‍යාපනය දීපු රටේ පුරවැසියෝ දුක් විඳිනකොට, රාජ්‍ය බිඳවැටෙනකොට මට මීට පෙර හිටියා වගේ නිහඬව ඉන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. නැතුව මට කිසිම නායකයෙක් හෝ පක්ෂයක් සමඟ බැඳීමක් හෝ ගැටීමක් නැහැ. ලබාගැනීමට කිසිම දෙයකුත් නැහැ. මම මේ දේ ලියන්නේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතිව විවෘත මනසකින් කියවන ලෙස ඉල්ලා සිටිනවා. (මම ලියන්න දක්ෂයෙක් නම් නෙමෙයි. වරදක් ඇතොත් සමාවෙන්න)”

“පටන් ගත්තේ කව්ද? කොහොමද?

“කුමාර් ගුණරත්නම් ට ඩයස්පෝරා එක ප්‍රමුඛ විදේශ බලවේග දුන්න කොන්ත්‍රාත් එක තමයි රට ආර්ථිකව සහ දේශපාලනිකව අස්ථාවර කරලා පරිපාලනය බිඳවට්ටන්න එක. කුමාර් ඒකට අන්තරේ සහ තරුණ දරුවෝ පාවිච්චි කලා.”

“දකුණේදී රට ව්‍යාකුල කරාට පස්සේ තබන ඊළඟ පියවර තමයි TNA හරහා දෙමල ජනතාව කුලප්පු කරල උතුරේ හමුදා කඳවුරු ලඟට යවන එක. හමුදාවට තියෙන බය නැති කරවල ඉවත් වෙන්න කියලා බල කරවනවා වගේ දේවල් කිරීම.”

“ඊට පස්සේ ආරක්ෂක අංශ සහ ‘ජනතාව’ අතර ගැටීම් වැඩි කරලා රටේ පාලනය නැතිවෙනකොට එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා ගෙනත් දාන තැනට වැඩ සලස්වනවා.”

“දකුණ ‘අකමැති’ සහ පාලනය කරන්න බැරි ආණ්ඩුවකට කොහොමද උතුර පාලනය කරන්නේ කියන තර්කය මත ටික කාලයක් යනකොට ජනමත විචාරණයකට ගිහින් උතුරට වෙනම රාජ්‍යක් දෙන්න වෙන තැනටම රට ගේනවා. (මෑත කාලීනව නැගෙනහිර ටීමෝරය සහ දකුණු සුඩානය කැඩුවේ එහෙම)”

“ආර්ථික අර්බුදය එක්ක අරගලයට පාර හැදුන හැටි!”

“කොරෝනා වසංගතය, ලෝක බලශක්ති සහ ආහාර අර්බුධ, ඉන්දියන් සාගරයේ බල ගැටුම් වගේම ලංකාවේ ප්‍රධාන විදේශ ආදයම් මාර්ග බිඳ වැටීමත් අවාසනාවන්ත ලෙස බලපෑවා.”

“ගෝටාභයට දේශපාලන ආර්ථික විද්‍යාව ගැන හරි අදහසක් තිබුනේ නැහැ. ආණ්ඩුවට අර්බුද කළමනාකරණය ගැන සැලැස්මක් තිබුනේත් නැහැ.”

“අවාසනාවකට රටේ තිබුන පෝලිම් එක්ක පරිභෝජනයටම කෑදර මධ්‍යම පංතිය, ආගමික නිකායන් සහ කිසිම දේශපාලන අවබෝධයක් නැති තරුණ පිරිස් නළු නිලියෝ යූ ටියුබ් නාලිකා ( මුදල් වලට) වගේම පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික පිරිසක් මේ කුමන්ත්‍රණයට හොඳටම අහුඋනා.”

“දුර්වල රාජපක්ෂ පාලනය වගේම රට ගැන හිතන්නේ නැතිව හුදු බල ලෝභයට කෑදර අරමුණක් නැති සජබ - ජවිපෙ වැනි විපක්ෂයත් බලය ගැනීමේ කෑදර කමට ඍජුව සහ වක්‍රව සහය දුන්නා. කට්ටියම කුමාර් ගේ ප්‍රොජෙක්ට් එකට අහු උනා.”

“කුමාර් කරන්නේ දෙන්න බැරි - කරන්න බැරි දේවල් ඉල්ලමින් ’අරගලේ’ කියන මිරිඟුව අල්ලන් යන එක. ජවිපෙටත් වෙනවා  තමන්ගේ ප්‍රධාන සතුරා සහ තරඟකරු වෙන පෙරටුගාමීන්ව ඉක්මවා යන්න ඕනේ කමට අරගලේ තීව්‍ර කරන්න. එතන තියෙන අර්බුධය ජූලි 09 පස්සේ මාරාන්තික ගැටුම් එක්ක එලියට ආවා.”

“තාම ජාතිකවාදී කඳවුර ඉන්නේ අසංවිධානාත්මක අස්ථාවරයක. බෙදිලා. ඉතින් කවුරුත් නැහැ හරියට දෙයක් ජනතාවට කියන්න.”

“ඔක්කොටම ඉස්සෙල්ල ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.”

IMF - ණය ප්‍රතිව්‍යුහගත කිරීම් - අනෙක් රටවල් එක්ක සාකච්චා කිරීම් වගේ දැවැන්ත වැඩ කොටසක් තියෙනවා.”

“කව්රු විවේචන කලත් මොන පෙර වැරදි තිබුනත් රනිල් විතරයි පිළිවෙලකට ඒ වැඩේ පටන් ගත්තේ. රනිල් ට IMF / WB පැරිස් ක්ලබ් ADB ගනුදෙනු හොඳට තේරෙනවා.”

“කොටින්ම කිව්වොත් ආණ්ඩුව පඩි ගෙවන්නත් කැබිනට් එක රැස්වෙන්න පාර්ලිමේන්තුවක් ඕනේ. බැංකු පද්ධතිය වැඩ කරන්න ඕනේ. රාජ්‍ය පුද්ගලික ආයතන - සංචාරක කර්මාන්තය - අපනයන වැඩ කරන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න රට දුවන්න ඕනේ.”

“බලශක්තිය ඕනේ. ගල් අඟුරු ඊළඟ මාසේ ගෙනාවේ නැත්නම් ලබන අවුරුද්දේ පැය 18ක් ලයිට් කපන්න වෙනවාමයි. අනෙක ආණ්ඩුවක් එනකම් ඒවා කල්දාන්න පුලුවන් ද? එහෙම රටකට ආයෝජනය කරන්න එන්නේ කව්ද? දැනටමත් ආයෝජකයෝ රටින් යනවා.”

“ඒවා කරන්න බිල්ඩින් බලෙන් අල්ලන් ඉන්න අරගලකරුවන්ට පුලුවන්ද? අද වෙනකම් සහන දෙන්න කියල - ණය කපන්න කියල - රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න එපා කියලා උස් හඬින් සටන් පාඨ කිව්වට ඔවුන් කිසිම විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ඒකම ඇති මේ අරගලය බොරු එකක් කියන්න. විසඳුම් වෙනුවට අරගලකරුවෝ කරන්නේ ප්‍රශ්න උග්‍ර කරන එක.”

“හැබැයි මේ බොරු අරගලේට දීපු සහය වහාම ඉවත් කරගෙන ප්‍රධාන පක්ෂ වලට පාර්ලිමේන්තුව ඇතුලේම විසඳාගන්න ඉඩදීලා, දැන්වත් අරගල අතැරලා ආපහු හැරෙනවා නම් කට්ටිය තාම ප්‍රමාද නැහැ.”

“එහෙම උනේ නැත්නම් බොරු අරගලේට අහුවෙලා මහා විශාල පසුතැවීමක් එක්ක බෙදුන රටක - ලිබියාවක ජීවත් වෙන්න ලැහැස්ති වෙන්න!”

 

මේ වන විට ඔමල්පේ සෝභීත හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි දිනපතා රැස් වෙමින් බෞද්ධ බලය රැක ගැනීම සඳහා සජිත්ව ජනපති කර, ඔහු ජනපති වීමෙන් හිස් වන මන්ත්‍රී ධුරය සඳහා කරු ජයසූරිය පාර්ලිමේනතුවට ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටිති. එහෙත් කණගාටුවට කරුණ නම් ඒ කිසිදු භික්ෂුවක් මේ මොහෙතේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට සමත්කමක් ඇති නායකයෙකු නොසොයා තවමත් තමන්ට නැටවිය හැකි නායකයෙකු ම සෙවීමයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය දිනෙක මහනුවර අසගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් පවසා තිබුණේ මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය ගැන මිස වෙනත් පටු අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඉතුරු වී තිබෙන් ගෞරවය ද නැත්තටම නැති වී යා හැකි බවයි.

ආදරයේ අරගලය ම්ලේච්ඡත්වය සහ අන්තගාමීත්වය කරා ඇදී යාම නිසා මේ වන විට බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේකෂා භංගත්වයට පත්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැණ්ඩා චතුරංගනී

ඇමරිකාවෙන් ශ්‍රීලංකාවට ඩොලර් ලක්ෂ 10 ක හදිසි ඖෂධ ආධාර

 



 

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඩොලර් ලක්ෂ 10 ක හදිසි ඖෂධ ආධාරයක් ඇමරිකාවෙන් පිරිනමා තිබෙනවා.

ප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් සංවිධානය මගින් මෙම ඖෂධ තොගය  ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අංශ වෙත ලබාදී ඇත.

ඒ යටතේ සපයන පළමු ඖෂධ තොගය මේවනවිට කොළඹට ලගාවී ඇති අතර ඉතිරිය කඩිනමින් ලංකාවට ලබාදෙන බව හාට් ටු හාට් සංවිධානය සඳහන් කර තිබෙනවා.

මෙම ඖෂධ ශ්‍රීලංකාවේ ජනතාවට නොමිලයේ බෙදාහැරීමට නියමිතයි.