Sunday, October 23, 2022

පක්ෂය වැනසුවා ඇති දැන් යන්න

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් විනාශ නොකර පක්ෂයෙන් ඉවත්වන ලෙස පක්ෂයේ විදායක සභිකයෙකු මෙන් ම පැරණි පාක්ෂිකයෙකුද් වන මොන්ටෙගු සරච්චන්ද්‍ර පක් සභ්ාපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ. 

පිටු හතරක ලිපියක් මගින් ඔහු පක්ෂය විනාශ කළ අන්දම විස්තර කරමින් සරච්චන්ද්‍ර මහතා අවසානයේ " පක්ෂය වැනසුවා ඇති දැන් යන්න ය" යනව්න් ෙතදබල ලෙස සභාපතිවරයාගෙන් ඉලා සිටී.  ඒ මහතා මේ වන විට සිරිසේන සභාපතිවරයාට එරෙහිව නඩුවක්ද් ගොනු කර තිබේ. 

එම සම්පූර්ණ ලිපිය මෙසේ ය. 


මොන්ටෙගු සරච්චන්ද්‍ර

774/ඩී, සිල්වා මාවත,
තලංගම උතුර,
මාලබේ
2022.10.12

ශ්‍රීලනිප සභාපති, 
විශ්‍රාමික ජනාධිපති,
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රිලනිප මූලස්ථානය,
301, ටී.බී. ජයා මාවත, 
කොළඹ 10.

මහත්මයාණෙනි,

පක්‍ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න.

(01) 2019 ජනාධිපතිවරණය ආසන්නයේ සිටම පක්‍ෂයට සහ පාක්‍ෂිකයාට වැදගත් විවිධ කරුණු පිළිබඳව ඔබටත්, පක්‍ෂයේ ලේකම්වරයාටත් ලිපි මඟින් දැනුම් දුන්නද, අඩුම තරමින් එකී ලිපි “ලද බව දැන්වීමට” හෝ ඔබවත්, පක්‍ෂයේ ලේකම්වරයාවත් කටයුතු නොකිරීම පිළිබඳව මගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ඔබ වෙත පළ කරමි. එහෙයින්ම විවෘත සංදේශයක් ලෙස මෙහි පිටපත් පක්‍ෂයේ ක්‍රියාධරයන් වෙත යවන බව ද කරුණිකව දන්වමි.
(02) ඉතා දිගු කලක් ඔබ පිළිබඳවත්, අපේ ආදරණීය පක්‍ෂය පිළිබඳවත් බොහෝ අත්දැකීම් ඇති අයෙකු ලෙස අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට මම කාලය නොගනිමි. කෙසේ වෙතත්, 2015 දී ඔබ රටේ ජනාධිපතිවරයාත්, පක්‍ෂයේ සභාපතිවරයාත් ලෙස පත්වීමෙන් රටටත්, පක්‍ෂයටත් යහපත් කාලයක් උදාවනු ඇති බව මම විශ්වාස කළෙමි.
(03) ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසියම් රටක් පාලනය කරන ලද ප්‍රධාන පක්‍ෂ දෙකම එකතු වී 2015 දී පිහිටුවන ලද ශක්තිමත් ආණ්ඩුවක නායකයා මෙන්ම, එදා මෙදා තුර වැඩිම කාලයක් අපේ රට පාලනය කළ අපේ ආදරණීය පක්‍ෂයේද, නායකයා වූ ඔබ අප පාක්‍ෂිකයින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම බලාපොරොත්තු වූ පරිදි ජනතාවට වැදගත් ක්‍ෂේත්‍ර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සම්මත කරවමින් ශ්‍රී ලංකා කාරයෙකු ලෙස අපේ පක්‍ෂයේත්, රටේත් අභිමානය ලොව පුරා පතුරවනු ඇති බව මම විශ්වාස කළෙමි.
(04) රාජ්‍ය නායකයා ලෙසත්, අප පක්‍ෂයේ නායකයා ලෙසත් ඔබ විසින් ගනු ලැබූ ප්‍රදර්ශනාත්මක මෝඩ තීරණ පිළිබදව පක්‍ෂයේත්, රටේත් බොහෝ දෙනා අප්‍රසාදය පළ කරන විට, යම් අඩුපාඩු තිබුණද ඔබ අපේ රටට නොබෙල් සාම ත්‍යාගයද ගෙනෙන්නට හැකි අයෙකු බව පෙන්වමින් ඔවුන් සමග තර්ක කළෙමි. ඊට එරෙහිව පෙනී සිටියෙමි.
(05) 2015 ජනවාරි 09 දින ජනාධිපති පදවියේ දිවුරුම් දී ජාතිය ඇමතූ පළමු අවස්ථාවේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවටත්, එතෙක් එහි බලතල කප්පාදු කර දමා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවටත්, පදවියෙන් විශ්‍රාම ගිය පසු නිල නිවාස හා අනෙකුත් වරප්‍රසාද සියල්ල අතහැර දමා පොළොන්නරුවට ගොස් විවේකීව ජීවත්වන බවටත්, ඔබ කළ ප්‍රකාශය ගැන මම ආඩම්බර වුයෙමි. ඒ එම ප්‍රකාශය සැබෑ ශ්‍රී ලංකා කාරයෙකුගේ ප්‍රකාශයක් බව සිහිපත් කරමිනි.
(06) එහෙත් මේ සියල්ල හීන බවට පමණක් පත් කරමින් ඔබ එම තනතුරුවල කටයුතු කළ ආකාරය නින්දනීයය. උභතෝකෝටිකය. ජුගුප්සාජනකය. පක්‍ෂයත්, රටත් ගොඩනගනු වෙනුවට ඒවා වැනසීමට ඔබ සැදී පැහැදී සිටියේය. රටේ නායකත්වය හෝ පක්‍ෂයේ නායකත්වය ඔබට බොහෝ බර වැඩි බව ගතවූ වසර කිහිපය තුළ ඔබ ප්‍රායෝගිකව පෙන්වා හමාරය. කවුරුන් කෙසේ කීවද ඔබ ලස්සන සුරංගනා කතන්දර කරුවෙකු පමණක් බව රටටත්, ජනතාවටත් ඔප්පු කර අවසානය.
(07) 2015 ජනවාරි වන විට හොරෙකු, දුෂකයෙකු, වංචාකාරයෙකු ලෙස හංවඩු ගසමින් ජනාධිපතිවරණයේදී පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන් මාස 06 ක් ගතවන්නටත් පෙර පැවති මහා මැතිවරණය සඳහා හොර රහසේම පක්‍ෂයේ නාම යෝජනා ලබාදුන්නේ ඔබය. රටේ නායකත්වයේත්, පක්‍ෂ නායකත්වයේත් සිටියත්, මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඔබේ දෙපා පණ නැති වන බව ඔබ මු`ඵ රටටම පෙන්වූයේය.
(08) ඉන් නොනැවතුණු ඔබ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් 50කට වැඩි ප්‍රමාණයකට අපේම රජයට එරෙහිව විපක්‍ෂ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුන්නේය. පක්‍ෂයේ ගම් මට්ටම නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුනට අද වන විට විවිධ බොරු චෝදනා දමමින් විනය පියවර ගන්නා ඔබ එදා පක්‍ෂයට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ මහින්ද මහතා ඇතු`ඵ කණ්ඩායමෙන් අඩුම තරමින් නිදහසට කරුණු විමසීමක්වත් කරන්නට ඔබට කොන්දක් නොතිබුණි.
(09) පක්‍ෂ ව්‍යවස්ථාවට සහ චන්ද්‍රිකා මැතිනියට පින් සිදුවන්නට 2015 දී නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත්වූ ඔබට එයද දරාගත නොහැකි වගකීමක් බව පෙනුණි. එහෙයින්ම ඉන් වසර තුනක් ගතවීමටත් පෙර පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට උඩින් ඔබ විසින්ම පත්කර ගන්නා දේශපාලන මණ්ඩලයක් පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය කරමින් වක්‍රව සභාපති බලතල වැඩිකර ගත්තේය.
(10) පක්‍ෂයේ මධ්‍යම කාරක සභා තීන්දු ගැන, පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති ගැන රටට පුරසාරම් කියන ඔබ, මධ්‍යම කාරක සභාව තබා ලේකම්වරයාවත් නොදැන හොර රහසේම මහින්ද මහතා අගමැති පදවියට පත් කරමින් පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති අමු අමුවේ කඩා දැමුවේය. ඉන් නොනැවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසු ජනාධිපතිවරයෙකුට තබා ග්‍රාමසේවකවරයෙකුටවත් තම තනතුරේ රැදී සිටීමට නීත්‍යානුකූල හෝ සදාචාරත්මක අයිතියක් නැත. එහෙත් ඔබ තවදුරටත් නිර්ලජ්ජිතව තනතුරෙහි රැඳී සිටියේය.
(11) නිදහසින් පසු මෙරට රාජ්‍ය නායකයෙකු යටතේ සිදුවූ දරුණුතම සහ සැලසුම් සහගතම ඛේදවාචකය වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවන නිසා මම ඒ ගැන කිසිවක් නොකියමි. එහෙත් ඒ ගැන සෙවීමට ඔබ විසින්ම පත්කළ ජනාධිපති කොමිසමකින් ඊට අදාළව ඔබට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
(12) 2015 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ මැතිවරණයේදීත් පක්‍ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසළකා, ලේකම්වරයා සමඟ එක්ව ඔබ අපේ පක්‍ෂය පොහොට්ටුවට පාවා දුන්නේය. ඔබේ ඒ මෝඩ තකතීරු තීරණවලට අද වන විට වන්දි ගෙවන්නේ අපේ පාක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන්මය.
(13) 2015 දී ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ උත්තරීතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් පනස් ගණනක් 2018 පිහිටවූ පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකත්වය ගත් බව ඔවුන් විසින්ම පුන පුනා ප්‍රකාශ කරද්දි පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන් සියලු දෙනාගේ මන්ත්‍රී පදවි අහිමි කර පක්‍ෂයේ වෙනත් පිරිසක් මන්ත්‍රී පදවිවලට පත්කර ගැනීමට හැකියාවක් තිබුණි. එහෙත් ගරු කතානායකතුමාගේ විමසීමකට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවටත් නොදන්වා ඔබ, මහින්ද මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් තවදුරටත් ශ්‍රීලනිපයේ බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වනසා පොහොට්ටු පක්‍ෂය රැක දුන්නේය. අද වන විට පක්‍ෂයේ මන්ත්‍රී ධූරයක් දරන්නේ යාපනයේ රාමනාදන් මන්ත්‍රීවරයා පමණි.
(14) පසුගිය සැප්තැම්බර් 02 දින නීත්‍යානුකූළ නොවන ලෙස නැවත පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මෙතෙක් යම් පමණකට හෝ පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද මරා දැමුවේය. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් පත්කරන ඕනෑම නිලයක සිටින්නෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවක කිසිදු කරුණු විමසීමකින් තොරව එම නිලයෙන් ඉවත් කිරීමට ඔබ බලය ලබාගත්තේය.  මෙලෙස පාක්ෂිකයන්ගේ පරමාධිපත්‍ය බලය, මූලික අයිතිවාසිකම් අහිමි කර ඇති ඔබ ජනතාවගේ මේ අයිතීන් ගැන කතා කිරීමත් රටම රවටන ලොකුම විහි`ඵවක් බව නොකියාම බැරිය.   
(15) ඔබට එන පාක්ෂික විරෝධය මගහරවා ගැනීම සඳහා මේ වනවිට ඔබ බණ්ඩාරනායකවරුන් විකිණීමේ අලුත් සෙල්ලමක්ද පටන්ගෙන ඇති බව පෙනෙයි. 2021 සැප්. 26 දින පැවති බණ්ඩාරනායක ගුණ සැමරුම දෙකට කඩමින් නිල ගුණ සැමරුමෙන් පසුව පක්ෂය වෙනුවෙන් සමාධියට වෙනම පුෂ්පෝපහාරයක් පැවැත්වූ ඔබ 2022 ජනවාරි 08 වන දා ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අබියස පූෂ්පෝපහාරයටද එයම කළේය. මෙවර සැප්තැම්බර් 26 පැවති බණ්ඩාරනායක ගුණ සමරුවට පාක්ෂිකයින් සහභාගිවීම වැළැක්වීමට ඉතිහාසයේ පළමු වරට ඔබ පක්ෂය මගින් කොළඹ ඊඵෂක්‍්‍ය හිදී පුෂ්පෝපහාරයක් පැවැත්වීය. මෙලෙස පක්ෂයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුවට පාක්ෂිකයන් සහභාගිවීම බෙදීමට කටයුතු කළ ඔබත්, ලේකම්වරයාත් මේ ආත්මයේදීම අතපය කැඩී ඒ පාපයට වන්දි ගෙවනු ඇති බව පාක්ෂිකයන්ගේ මතයයි.
(16) කිවයුතු තවත් බොහෝ දේ තිබුණ ද ලිපිය මීට වඩා දිගු කිරීමට අදහස් නොකරමි. ඔබ හා ලේකම්වරයා එක්ව අපේ ආදරණීය පක්ෂයට සිදුකර ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්ය. මෙලෙස වුවහොත් පාක්ෂිකයින් දහස් ගණනක්  පක්ෂ මූලස්ථානය වටලා ඔබත්, ලේකම්වරයාත් නිරුවත් කර මූලස්ථානයෙන් එළියට ඇද දමන දිනය වැඩි ඈතක නැති බව සිතමි. එහෙයින් පක්ෂයට ආදරය කරන සමස්ත පාක්ෂිකයින් වෙනුවෙන් අවසාන වශයෙන් මම ඔබෙන් මෙලෙස ඉල්ලමි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න”  

සිරිසේනගේ තවත් ගැහිල්ලක් මාට්ටු



https://srilankaequity.forumotion.com/t54786-world-bank-confirms-bribery-involving-maithri-australian-co-that-gave-it-blacklisted



 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවරක් උල්ලංඝනය කිරීම, පාස්කු ප්‍රහාරය, මරණ දණ්ඩනයට නියම වූවෙකු නිදහස් කර කෝටි ගණනක අල්ලසක් ලබා ගැනීම ආදී බරපතල වැරදි කිහිපයකට චූදිතයෙකු ව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ මහා වංචාවක් මේ වන විට නැවත කරළියට පැමිණ තිබේ.

මෛත්‍රීපාල සිරිසේන වාරිමාර්ග ඇමති ධුරය දරන සමයේ ඔස්ටේ්‍රලියානු ීඵෑක්‍ සමාගමෙන් අල්ලස් ගත් බවට වන චෝදනාවයි. මෙම චෝදනාව 2016 වසරේදී ලෝක බැංකුව ද පිළිගෙන තිබේ. ඒ පිළිබඳ ඔස්ටේ්‍රලියානු මාධ්‍ය විසින් 2017 දී හෙළි කළ අවස්ථාවේ එවකට ජනපතිව සිටි සිරිසේනගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ “ මම දන්නේ නැහැ. මම මේ ගැන විමර්ශනයක් කරනවා” යනුවෙනි. එහෙත් 2019 ඔහු විශ්‍රාම යන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු වුණේ නැත. ඔහුගේ නම ලෝක බැංකුව ීඵෑක්‍ ආයතනය අසාදු ලේඛනගත කළේ ය.
කතාව සැකවින් මෙසේ ය. 2009 දී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ 
වාරි ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 1.82 මූල්‍ය ආධාරයක් නිකුත් කළේය. එම ව්‍යාපෘතිය පැවරුණේ ීඵෑක්‍ සමාගමට ය. ඒ මොහොතේ විෂය භාර ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන එම සමාගමෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇත.
ඔස්ටේ්‍රලියාව ලංකාව වගේ නොවේ, ඔස්ටේ්‍රලියානු නීතියට අනුව එම රටේ සමාගමක් වෙනත් රටක කෙනෙකුට අල්ලසක් ලබා දෙන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව එරට දූෂණ විරෝධී සංවිධාන හා ජනමාධ්‍ය ීඵෑක්‍ සමාගමට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර, ලෝක බැංකුව ද ඊට සමගාමීව තවත් පරීක්‍ෂණයක් ආරම්භ කළේ ය. මේ දෙකෙන්ම සිරිසේනට අදාළ සමාගම අල්ලසක් ලබා දුන් බව සනාථ වූ අතර එම සමාගම ඔස්ටේ්‍රලියානු නීතිය අනුව අසාදු ලේඛනගත කෙරිණි.
අද වන විට සිරිසේන මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ ලැයිස්තුවේ තුන් වෙනියා වන්නේත් ඔහුයි.ඔහුට ඉිදිරියෙන් සිටින්නේ අර්ජුන රණතුංග සහ මහින්ද රාජපක්ෂ පමණි. එම ලැයිස්තුවට අනුව සිරිසේනගේ වත්කම ඇ.ඩො. මිලියන 14කි. කොළනියක උපන් ගොවි පුත් මෛත්‍රී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන විට මෙවැනි වත්කමක් හිමි කර ගත්තේ කෙසේ ද යන්න සොයා බැලීම වටී.

සමන් ලියනගේ

Friday, October 21, 2022

ඒඑස්පී සහ එස්එස්පී චූදිතයන් කර සිතාසි නිකුත් කරයි

 



ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළායැයි චූදිතයින් ලෙස නම් කළ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් හට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මහේස්ත්රාත්වරයා එම නියෝගය කළේ තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්රහ⁣යේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් ⁣සිතාසි බාර දෙන ලෙස මහේස්ත්රාත් නියෝග කළේය.
පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීය.
ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්රජාතන්ත්රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම විරෝධතා ගාලුමුවදොරින් 10 වැනි දා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්රියේ දී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්රකාශ කළේය.
පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක් සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දි පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස් මහතා ඊට අදාල වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.
පළමු සහ දෙවැනි චුදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලි කරු ප්රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූවිට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.
⁣එදින විරෝධතාවය ගැන පොලිසිය දැනුම්වත් කර තිබියදී සහ විරෝධතාවය නතර කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි ⁣මෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙදෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.


Thursday, October 20, 2022

ආයෝජන ගෙන්වා ගැනීම නිතී රැසක් වෙනස් කරයි

 



 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැව්ලොක් සිටි මිරෙකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීරණය ((Mireka Tower) විවෘත කිරීමට ඊයේ(20 දා ) සහභාගී වුණා.

කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් වර්ධනයක් කරා යොමු කර  , ආයෝජනයට හිතකර පරිසරයක් රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් රජයේ සැලැස්ම ඔහු එහිදී අනාවරණය කළා . ඒ අනුව,

 

·      ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් නගා සිටුවිමට නම් විදේශ ණය වෙනුවට විදේශීය ආයෝජන පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා පවතින නීති වෙනස් කර  කාර්යක්ෂම නීති පද්ධතියක් හදුන්වා දිය යුතුයි.     

 ·      මහ කොළඹ ආර්ථික කොමිසම වැනි මොඩලයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. 1977 මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටවූ නිසා වසර දහයක් තුළ ආයෝජන කලාප 04 ක් රටතුළ පිහිටවීම හැකියාව ලැබුණා. එයින් පසුව ආයෝජන කලාප රටේ බිහිවුනේ නැහැ.

 ·      ආයෝජනය සම්බන්ධයෙන් සංකීරණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම ආයෝජනයේ දී  ගැටලුවක් නිසා ආයෝජන මණ්ඩලය , අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර එක් ආයතනයක් ලෙස සේවය කිරීමට සලස්වනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමිවෙනවා.  මේ නිසා  ආයෝජනකරුවන්ට වසර හතළිහක බදු නිදහස් ලබාදීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

 ·      බිංගිරියේ අක්කර 1000 ක නව ආයෝජන කලාපයක් ඇති කරනවා. ත්‍රිකුණාමලය ට සහ හම්බන්තොට ට එය ව්‍යාප්ත කිරීමට බලාපොරෝතු වෙනවා.

 ·      අධ්‍යාපනය නවීකරණය වගේම ආර්ථිකය , කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳවත් රජයේ අවධානය යොමුව තිබෙනවා ඒ අනුව 2023 ජනවාරි වන විට මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කරනවා.

 ·      රට ආර්ථික වශයෙන් විශාල ලෙස පහත වැටී තිබෙන නිසා වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ සිදුකර රටේ සහ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දමාගත යුතුයි.



Monday, October 17, 2022

කාන්තා හිංසනය නැති කිරීමට නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් අවශ්‍යයි - CBK

 


 


 

 

කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට නම් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස මනා ලෙස ක්‍රියාත්මක වීම අතිශ්‍ය වැදගත් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ,

“අපේ කාන්තාවන්ගෙන් 25% ක් පමණ ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වෙනවා. ඒහා සමානවම දරුවනුත් ඒ විදිහටම ලිංගික අපයෝජනයට ලක්වෙනවා.  රාජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවල නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඉන්නවා.  මෙවැනි සිද්ධියක් සිදුවුනාම ක්‍රියාතමක වීම බොහොම වැදගත්. නමුත් එවැනි සිදුවීම් සිදුවෙන එක වළක්වාගන්නයි අපි කටයුතු කළ යුතු වෙන්නේ.  ඒ වගේම මෙහි තිබෙන මූලික හේතුව අපි හදුනාගන්න අවශ්‍යයි. ඒක අපේ සමාජයේ පතුලටම කිදා බැස තිබෙන ප්‍රශ්නයක්. අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේදී ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉගැන්වීම් මේ ප්‍රශ්නය විසඳන්න ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම සමාජීය සහ දේශපාලන ප්‍රචන්ඩත්වය පිළිබඳව අවධානය යොමුකරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයාන්න වෙනවා.

මේකට තිබෙන සරලම උත්තරය තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස. ඒ වගේම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් ඒ සඳහා අවශයයි. ඒකට තවත් අරගල කිහිපයක් කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම කිව්වාම මාව අත්අඩංගුවට ගන්නේ නැතිවෙයි කියලා මම හිතනවා.” යැයි පැවසුවාය.

“නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර  කාන්තාවන්ට සිදුවන ප්‍රචන්ඩත්වය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන, නීතිය සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමද එම සංවිධානය මගින් සිදුකරයි. දැනට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සමඟ එකතුව ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකිරීම බලාපොරොත්තු වන බව  “නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය මෙහිදී සඳහන් කළේය.































 

 

 

Thursday, October 13, 2022

සිස්ටම් වෙනස් කරන්න - සෘජු බදු වැඩි කරන්න

 


 රජය විසින් සිදුකළ ආදායම් බදු සංශේධනය  මේ මස 01 දා සිට ක්‍රියාත්මක වන අතර මාසික ආදායම රුපියල් ලක්ෂයක ඉක්මවන පුද්ගලයින්ගෙන් බදු අයකිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමට යෝජනා කර ඇත.

ඒ අනුව 2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා ඉදිරි මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් ඔවුන් ආදායම් බදුවලින් නිදහස් වේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී පළමු රු.250,000 සඳහා 6% ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් රුපියල් 15,000ක මුදලක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා 12% ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 5ත් රුපියල් හත්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු රුපියල් 45,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 5 දක්වා සියයට 18ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් හත් ලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ 10ත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 90,000ක මුදලක් සහ  අතිරික්තව උපයන රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලින් 24% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 10ත් රුපියල් දොලොස්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 150,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 10 දක්වා 30% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසට වැඩි ආදායමක් පවතින පුද්ගලයෙකු නම් රුපියල් 225,000ක මුදලක් සහ රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසේ සීමාව ඉක්මවා උපයන මුදලින් 36% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත මේවනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ලංකාවේ බදු අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මේවනවිට දැඩි කතාබහට ලක්ව ඇති අතර වක්‍ර බදු අයකිරීම වෙනුවට සෘජු බදු අයකිරීම වැඩි කළ යුතු බව බොහොදෙනාගේ අදස වී තිබේ.

කථිකාචාර්ය මලින්ද අලහකෝන්  මහතා යූටියුබ් නාලිකාවක් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ලංකාවේ  බදු අයකිරීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවය. දැනට 18% ට ව පවතින වක්‍ර බදු අයකිරීම 80% දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම  සම්බන්ධයෙන් මෙසේ පවසා තිබුණි.

“ලංකාවේ බදු ක්‍රමය බැලුවොත් 82෴ ක් වක්‍ර බදු 18෴ ක් සෘජු බදු. ඒක අතිශය අමානුෂික ක්‍රමයක්.  හිතන්න මම දවසකට රුපියල් 10,000 ක් හොයනවා.  ඒ කියන්නේ මම මාසෙකට ලක්ෂ 03 ක් හොයනවා. මධ්‍යම පාන්තික මනුස්සයෙක්. ඔයා දවසකට හොයන්නේ රුපියල් 1000 යි. මාසෙකට 30,000 යි. හොදටම දුප්පත් මුනුස්සයෙක්.

සීනි කිලෝ එකක් තියෙනවා රුපියල් 100 යි. ඔයත් ගන්නවා කිලෝ එකක් මමත් ගන්නවා කිලෝ එකක්. මට 10,000 ක් ලැබුණා කියලා සීනිකිලෝ 10  ක් ඔනේ නැහැනේ.  මේ සීනි කිලෝ එකෙන් රජය රුපියල් සීයක බද්ධක් ගහනවා. ඒ කියන්නේ වක්‍ර බදු (VAT වගේ). ඒ බද්ධත් ගෙවලා රුපියල් 200 ට සීනී කිලෝ එකක් ඔයා ගෙදර ගෙනියනවා. මාත් රුපියල් 200 ට සීනි කිලෝ එක ගෙනියනවා. ඔයාගේ බදු බර 10% යි නමුත් මගේ බදු බර 1% යි . ඒක හොඳද? . පට්ටම වැරදියි.  රජයට ලැබෙන්නේ රුපියල් 200 යි. ඒක වෙනුවට ඔයාගේ ආදායමෙනුත් 5% ක් රජය අරගන්නවා. ඒකියන්නේ රුපියල් 50 ක් රජයට දීලා සීනි කිලෝ එක රුපියල් 100 ට අරගෙන ගෙදර යනවා.  දැන් ඔයාගේ සම්පුර්ණ වියදම රුපියල් 150 යි. මමත් මගේ ආදායමෙන් 5% රජයට දෙනවා ඒ කියන්නේ රුපියල් 500 ක්. දැන් අපි දෙන්නගෙම බදු බර සමානයි. නමුත් රජයෙ ආදායම කීයද?. රුපියල් 550. ඒ කියන්නේ වක්‍ර බදු වලට වඩා සෘජු බදු වලින් රජයේ ආදායම සම්පුර්ණයෙන් දෙගුණ කරගන්න පුළුවන් උනා. සෘජු බදු වැඩිපුර තියෙන්න ඔන උනත් ලංකාවේ සෘජු බදු තියෙන්නේ 18 % යි.  නමුත් හරි නම් 80% ක් සෘජු බදු වෙලා 20% ක් වක්‍ර බදු වෙන්න ඔන. මේ වෙනස්කම් කරන්නනම් ඒ මතය භුමියේ තියෙන්න ඔන”.යැයි ඔහු පැවසුවා.