Tuesday, November 15, 2022

ජනාධිපතිතුමාට අපේ විරෝධයක් නැහැ - අපි අපේ ආණ්ඩුවක් හදාගම්මු

 


ව්‍යවස්ථානූකූලව පත්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වඩා හොදින්ම වැඩ කළ හැකි කණ්ඩායම සමගි ජනබලවේගයේ කණ්ඩායම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එබැවින් ජනාධිපති ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් පවත්වන ලෙස හර්ෂ ද සිල්වා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේබව කීවේය.




මම සමගි සන්ධානයට ගියෙ නැහැ


තමා සමගි ජන බල සන්ධානය වෙත එක්ව ඇති බව සම්පුර්ණයෙන්ම අසත්‍ය කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා පැවසීය.

විපක්ෂය ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡා මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථ දක්වා ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බවද මන්ත්‍රීවරයා අද(16දා) පාර්ලිමේන්තුවේදී කීවේය.  ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස වරප්‍රාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින්  මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


ගෝඨාභයට උදවු කළේ කලු සල්ලි ජාවාරම්කාරයෝ

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලු සල්ලි ජාවාරම්කරුවන්ට හසුවී සිටිබවත් රටේ බදු ප්‍රතිපත්ති වෙනස් කරන ලද්දේ ඔවුගේ උපදෙස් අනුව බවත් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම ගෝඨාභය මහතාගේ මැතිවරණයට සහය දුන්නේද කලු සල්ලි ජාවාරම්කරුවන් බවද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසු අතර මෙසේද පැවසීය,

මේ රටේ තිබෙන දුෂණය ඉතාම බරපතල කාරණයක්. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වෙන්නෙත් දුෂණයත් එක්ක.  මේ හැමතැනම ජාවාරම්කාරයෝ ඉන්නවා. හිටපු ජනාධිපතිතුමාටත් උණේ  ඒකමයි.  එතුමාගේ මැතිවරණයට සහය දුන්නේ කලු සල්ලි ජාවාරම්කාරයෝ. ඔවුන් තමයි අපේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ජනාධිපතිතුමා පෙළබෙව්වේ. රටේ බදු ආදායම බිලියන 1400 තිබෙන තැනකින් බිලියන 600 ක් ඉවත් කරගන්න මේ කලු සල්ලි ජාවාරම්කාරයෝ කටයතු කරපුවාම හිතාගන්න පුළුවන් නේද රටට වෙන දේ. ඒ නිසා මේ රටට ගැලපෙන බදු ප්‍රතිපත්තියක් අපි ඇති කළ යුතුයි.  යැයි ද කීවේය.

 






Monday, November 14, 2022

මන්ත්‍රීවරු සියල්ලටම බදු ගොණු ආරම්භකරනවා

 

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදායම් බදු ලිපි  ගොණුවක් ඇතිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(15) පාර්ලිමේන්තුවේදී පැවසීය. රටක බදු ප්‍රතිපත්තිය නිවැරදිව තිබිය යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ම අදාර්ශයක් පෙන්වීම වැදගත් බවද සියඔලාපිටිය මහතා කීවේය.  2023 අයවැය යෝජනාවලියට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.





2023 - අයවැය යෝජනා

 


 






🛑 ආර්ථිකයට  හා  සේවක දෙපාර්ශවයටම  ප්‍රතිලාභ ලැබෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීම.

 

 🛑 මධ්‍යසාරවල නිෂ්පාදනවලට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100ක්.

 

🛑 විද්‍යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම සඳහා යෝජනා.




 

🛑 ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීම හා විශේෂඥ කමිටුවක් පත්කිරීම.

 

🛑 විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරිමට  ජාතික තරණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක්.


 🛑 බන්ධනාගාරගත රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්.

 

 🛑 සෞඛ්‍යමය ගැටලු අඩු කර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 500ක්.

 








🛑සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමානාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම.

 

🛑 ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක්.

 

 🛑 දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්.

 







🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල).

 

🛑 බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීම.

 

 🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම.

 

 🛑පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් හඳුන්වා දීමට හා පසුවිපරම් කිරීම.

 

🛑 විදේශ මුලාශ්‍ර සහ රජයේ දායකත්වයෙන්  ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම.

 

🛑  පළාත් සහ ජාතික පාසල්වල සනිපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්.

 






🛑 පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 ට හෝ ඊට වඩා අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීම.

  

🛑 කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම.

 

🛑 ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම.

 

🛑 මත්ත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක්.

 

 🛑 ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්.

 

🛑 ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 200ක්.

 

🛑දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.





 

🛑 විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහ ප්‍රතීතන මණ්ඩලයක්.

 

🛑 ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්,  කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්එජ් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවායේ පරිපාලිත සමාගම්  ප්‍රතිව්‍යුහගත කරණය සඳහා පියවර.

 

🛑 විශේෂ කාණ්ඩ හැරැණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ.

 

🛑 බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත , ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාළ බදු හා දඩ ගෙවීමට යටත්ව  නිදහස් කිරීම.

 

🛑  'බුකීකරු' යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ද ඇතුළත්ව සියලු ආකාරවල ක්‍රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා  තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීම.

 

🛑 2023/24 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දීප ව්‍යාප්ත කුසලතා පදනමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්නා ප්‍රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම.

 

🛑  දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ  සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්.

 

🛑 සූදු /කැසිනෝ යන්නෙහි අර්ථ නිරූපණයට මාර්ගගත සූදු කැසිනෝ ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීම

 

🛑 බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම.

 

 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

 

 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

 

🛑 බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීම.

 

🛑 පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීම.

 

🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල  ලබා ගන්නා  සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබා දීම.

 

🛑   ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට යෝජනා. මිලියන 200ක්.

 

🛑  පේරාදෙණිය, රුහුණ, යාපනය විශ්වවිද්‍යාලවලත්  වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආරම්භ කිරීම

 

🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල  ලබා ගත් සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබාදීම.

 

 🛑 ජලය මත ලිස්සායාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා යෝජනා.

 

 🛑 භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

 

🛑 කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කරන්දෙණිය ප්‍රදේශයට නව දෙපාර්තමේන්තුවක් 

 

🛑 සියලු ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ කටයුතු කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම.

 

🛑  විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික බස්නාහිර, වයඹ, පළාත් සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාප ඇති කරනවා. එක් ආර්ථික කලාපයක් අක්කර 1000ක් 

 

🛑 සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්‍රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට.

 

🛑 අය- වැය 2023  ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට 

 







Watch Video : https://youtu.be/hd4vCMAhs4c

Monday, November 7, 2022

මරණයට බිය නොවූ දෙවියන්ගේ දියණිය - -බෙනාසීර් බූතෝ




පසුගිය දා පාකිස්තානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉලක්ක කරගෙන එල්ල වූ වෙඩි ප්‍රහාරය සමඟ, එම සිද්ධිය ද යටපත් කරගෙන දේශපාලන කරළියේ මතුව ආවේ අතීත සිදුවීමකි.මෙම සිදුවීම 2007 දී රාවල්පිණ්ඩි හිදී ජන රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් එවකට හිටපු අගමැතිනියක් වූ බෙනාසීර් අලි බූතෝ ඝාතනය වීම පිළිබඳ මතකය බොහෝ දෙනෙක් තුළ නැවුම් ආකාරයකින් මතුකරන්නට සමත් විය.


ආසියාවේ ප්‍රබල දේශපාලන පරම්පරාවක සාමාජිකාවක ලෙස පාකිස්තානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලි බූතෝට සහ හිටපු අමාත්‍යවරියක් වූ බෙගම් නස්රත් බූතෝට දාව 1953 දී උපත ලබන බෙනාසීර් සැලකෙන්නේ නූතන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික ඉස්ලාමීය රාජ්‍යයක නායිකාව බවට පත්වූ පළමු කාන්තාව ලෙසයි. කෙතරම් ප්‍රභූ පවුලක ඉපදුනත් බෙනාසීර්ගේ ජීවිතය කටුක අභියෝග රාශියකින් පිරුණු එකකි.


අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් (ඇය එහි ඉගෙනුම ලබන සමයේ ඇයගේ හොඳම යෙහෙළියන් අතරින් කෙනෙක් වූයේ මහා බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිනිය වූ තෙරේසා මේ යි ) දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව හදාරා 1977 දී ඇය නැවත පාකිස්ථානයට පැමිණෙන්නේ එරට විදේශ සේවයට එක්වීමේ අරමුණෙනි. නමුත් ඉන් මාස දෙකකට පසුව එවකට එරට හමුදාපති මොහොමඩ් සියා-උල්-හක් විසින් ඇයගේ පියා හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහකර අත්අඩංගුවට ගෙන එල්ලා මරා දැමීමත් සමඟ සියල්ල උඩුයටිකුරු විය.ඉන් පසුව ඇයගේ මවත් සමඟින් තම පියාගේ දේශපාලන පක්ෂය වූ පාකිස්තානු ජනතා පක්ෂයේ වගකීම සිය දෙවුර මතට ගැනීමට ඇයට සිදුවූ අතර සියා-උල්-හක්ගේ මිලිටරි රෙජීමය විසින් ඇයව කිහිපවරක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි.පසුව 1984 දී ඇය එංගලන්තය බලා යන්නේ ජීවිතය රැකගැනීමේ අරමුණෙන්ය.


මේ අතරවාරයේ ඇයගේ එකම සොහොයුරා අල්-සුල්ෆිකාර් නමින් මිලිටරි සංවිධානයක් පිහිටුවාගෙන සිටි අතර මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර පැවතියේ අමනාපකමකි. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑවටත් වඩා විශ්වාස කළ ඇයට එය කිසිසේත්ම එකඟවීමට නොහැකි කරුණක් විය.1987 දී අසීෆ් අලි සර්දාරි සමඟින් විවාහ වන ඇය 1988 දී එරට පළමු අගමැතිනිය ලෙස පත්වූවාය.


ඇයගේ පළමු ධූර කාලය තුළ පාකිස්තානු දේශපාලනය තුළට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අංග එකතු කිරීමට ඇය කටයුතු කළාය. එපමණක් නොව ආගමික, සමාජීය කාරණා මත පීඩාවට පත්ව සිටි පාකිස්තාන කාන්තාව වෙනුවෙන් ඇයගේ රජය විසින් බොහෝ පියවර ගත් අතර කාන්තාවන්ට පුරුෂයන් හා සම අයිතිවාසිකම්, මෙන්ම සම වැටුප් ලබා දීමට කටයුතු කළාය.තවද සම්ප්‍රදායික ඉස්ලාමීය දේශපාලන ආකෘතියෙන් බැහැර වී නුතන ලිබරල්වාදී, ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් පාකිස්තානු දේශපාලනයට ලබා දීමට ඇය උත්සුක විය.මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි ප්‍රබල යුරෝපා රටවල් සමඟ පමණක් නොව තම සදාකාලික සතුරා වූ ඉන්දියාව සමඟද යහපත් සබඳතා ගොඩනගා ගැනීමට ඇය කටයුතු කළාය.නමුත් අසීමිත ලෙස පවුල් බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම, අකාර්යක්ෂමතාවය ආදී චෝදනා මත දැඩි ඉස්ලාමීය මතධාරී ජනාධිපතිවරයා සහ විරුද්ධවාදීන් විසින් ඇයගේ ආණ්ඩුව ඉවත් කරන ලදී.


විපක්ෂ නායිකාව ලෙස නැවතවරක් 1993 දී මහා මැතිවරණය ජයගනිමින් අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ඇය එතැන් සිට 1996 දක්වා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූවාය.එහිදී ඇය බ්‍රිතාන්‍යයේ දී ලද ආභාෂය සහ තැචර්වාදී ආකල්ප නිසා ආර්ථිකය පෞද්ගලිකරණය වැනි ප්‍රතිපත්තිවලට යොමුවීම ඇයව බොහෝ පාකිස්තානු දේශපාලනඥයන්ගේ උදහසට ලක්වීමට හේතු විය.එම කාලය අතරතුර වඩාත් මතභේදයට තුඩුදුන් සිදුවීමක් වූයේ ඇයගේ සහෝදරයාගේ ඝාතනය ඇයගේ අනුදැනුම මත සිදුවූ බවට විරුද්ධවාදීන් විසින් චෝදනා කිරීමයි. එහිදී  ද එකී චෝදනා සියල්ල සහ 1995 දී සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් ඇයගේ ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.


පෞද්ගලික ජීවිතයත් තම දේශපාලනික ජීවිතයත් ඇය ඉතා සමබරව පවත්වාගෙන ගිය බවට හොඳම නිදසුන නම්, අග්‍රාමාත්‍ය ධූරය දරන අතරවාරයේ දරුවෙකු ප්‍රසූත කළ ලොව පළමු අගමැතිවරිය බවට ඇය පත්වීමයි. 1990 දී ඇය බක්තාවර් බූතෝ සර්දාරිට මෙලොව එලිය දෙමින් කාන්තාවකට ඕනෑම වගකීමක් දැරීමේ  සහජ හැකියාව ඔප්පු කිරීමට සමත් වූවාය.


දශකයකට ආසන්න කාලයක් ඩුබායිහි සහ මහා බ්‍රිතාන්‍යයෙහි වාසය කර ඇය නැවත 2007 දී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ 2008 මහ මැතිවරණය ඉලක්ක කරගෙනය. නමුත් අවාසනාවන්ත ලෙස 2007 දෙසැම්බර් 27 වන දින රාවල්පිණ්ඩි සිදුවූ වෙඩි තැබීමකින් ඇය මියයන අතර ඇයට වෙඩි තැබීමෙන් පසුව එම රැලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ද එල්ල විය. ඊට මාස දෙකකට පෙර ද ඇය ගමන් කළ රථය ඉලක්ක කරගෙන කරච්චි අගනුවර දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් දිවිගලවා ගැනීමට ඇය සමත් වුවත් මෙවර මාරයා ඇයව පහසුවෙන් ගොදුරු කරගැනීමට සමත් විය.


ඉස්ලාමීය රාජ්‍යයක ආකර්ෂණිය නායිකාවක ලෙසත්, මිලිටරිකරණයෙහි අඳුරු සෙවනැලි අතරින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට දැරූ ප්‍රයත්න නිසාත්, ගෝත්‍රිකත්වය වෙනුවට නූතනත්වය වැළඳගැනීමට ස්වකීය ජනතාව පෙළඹවීම නිසාත් බෙනාසීර් බූතෝගේ ජීවිතය තවමත් ඝාතනය කිරීමට ඇයගේ විරුද්ධවාදීන්ට නොහැකි වී තිබේ. ඇය පෙන්වූ මාර්ගය මලාලා වැනි සුවහසක් දැරියන්ට ආලෝකයක් වී ඇති අතර ඒ මාර්ගය අදටත් බෙනාසීර්ලා බොහොමයක් බිහි කරමින් සිටි.


"ඔබ‍ට මිනිසෙකු සිරගත කළ හැකිය. ඔහුව පිටුවහල් කළ හැකිය. අවශ්‍යය නම් ඔහුව මරාදැමිය හැකිය. නමුත් ඔබට ඔහුගේ අදහස් සිරගත කිරීමට‍ හෝ , පිටුවහල් කිරීමට හෝ මරාදැමීමට නොහැකිය."



සහන් තෙන්නකෝන් 

#sahantwrites 

08.11.2022


#BenazirBhutto #BenazirPakistan #BilawalBhuttoZardari #ImranKhan