Friday, August 16, 2024

 

සජිතෝකෝටිකය - සහන් තෙන්නකෝන්



ජනාධිපතිවරණයේ උණුසුම කාලයත් සමඟම වැඩිවෙත්ම මැතිවරණ වේදිකාවල සුපුරුදු පරිදි පොරොන්දු හඬතලන සද්දය ඇසේ. ඒ බොහෝ වේදිකාවල අසන්නට ලැබෙන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රතිපත්ති වෙනුවට ඡන්දය ඩැහැගැනීමේ අරමුණින් ඉදිරිපත්කරන වාගාලාප සහ අනෙකාට කරන අපහාසන්ය.මේ සියල්ලම ඉදිරි ජනාධිපතිවරණය ද වත්මන් සම්ප්‍රදායික ගෝත්‍රික දේශපාලන ක්‍රමයේ දිගුවක්ම පමණක් වනුඇති බවට සිතිය හැකිය.



ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතුරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත වර්තමානයේ සැලකිය යුතු ජනතා ආකර්ෂණයක්‌ ලැබී ඇති බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය දෙස බලන කෙනෙකුට පෙනීයයි. විවිධ දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සමාජ සංවිධාන ඔහුවටා පෙළගැසෙමින් සිටින අතර එවැනි ඇතැම් අවස්ථාවල ඔහුගේ මැතිවරණ වේදිකාවල කෑමොර දෙන ප්‍රතිපත්තිවලට හාත්පසින්ම විරුද්ධ ඉතිහාසයක් සහිත පුද්ගල කණ්ඩායම් ද මේ වේදිකාවල අසුන්ගෙන සිටීම අපුල දනවන්නකි. 



ජනතාව විසින් රාජපක්ෂවරු දේශපාලනිකව ප්‍රතික්ෂේප කරඇති පසුබිමක, එම 'රාජපක්ෂවාදය' වෙනුවෙන් න්‍යායික පසුබිම සැකසූ න්‍යායාචාර්යවරුන් සෑම දෙනාම පාහේ ප්‍රේමදාස කඳවුරේ ද පුරෝහිතයන් ලෙස කටයුතු කරනු දක්නට ලැබෙයි. ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන හොඳම කණ්ඩායම සිටින්නේ ඔහු සමඟය. එම කණ්ඩායම ශ්‍රී ලංකාව අශිලාචාර රාජ්‍යයක් බවට පත්කළ 'මහින්ද චින්තනය' ලියු ඩලස් අලහප්පෙරුමගේ සිට මහබැංකු හොරකම පිළිබඳව පොතක් ලියූ සුජීව සේනසිංහ, මත්පැන් ඉස්කාගාරයක් පවත්වාගෙන ගියබවට චෝදනා ලැබූ නලින් බණ්ඩාර, රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට චෝදනා ලැබූ නාලක ගොඩහේවා හරහා මධ්‍යම අධිවේගී මාර්ගය හරිම විදිහට හැදූ ලක්ෂ්මන් කිරිඇල්ල තෙක් විහිදී යන අත්දැකීම් බහුල කණ්ඩායමකි. කණ්ඩායමට නායකත්වය ලබාදෙන විපක්ෂ නායකවරයා පිළිබඳව ද ඇත්තේ මිශ්‍ර ප්‍රතිරූපයකි.



2022 ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය බලය අතහැර පලයන්නට මත්තෙන් විපක්ෂ නායකවරයාට රජයක් පිහිටුවන්නට ආරාධනා කළ විට ඔහු පැවසුවේ රාජපක්ෂවරු හෝ ඔවුන්ට සහය දෙන කිසිඳු පාර්ශවයක් සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ඔහු අකමැති බවයි. එසේ පවසා ලැජ්ජා විරහිතව රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් කවි ගී කතා ලියූ වන්දිභට්ටයන් සමඟ එකට හිටගන්නට තරම් ප්‍රේමදාස මහතාට ලැජ්ජාවක් නැතිවීම විමතිය දනවන්නක් නොවේ. රටේ අඳුරුතම හෝරාවේදී රටේ වගකීම භාරනොගෙන පලායාම ද මේ සමඟ එකට කියවිය යුතුය. ඔහු ඒ සඳහා ගෙනෙන 'මහජන වරමකින් යුතු ආණ්ඩුව' යන තර්කය, සජිත් ප්‍රේමදාස ඕනෑම කුණුගොඩක් සමඟ එකතුවීම ප්‍රයෝගික දේශපාලනය යැයි සාධාරණිකරණය කරන පිරිසේ අවධානයට නතු නොවී ද යන්න කුකුසකි. මන්දයත් ඒ අවස්ථාවේ ප්‍රයෝගිකව කළ යුතුව තිබුනේ ඡායා කැබිනට්ටුව ලෙස ආණ්ඩුබලය ලබාගෙන කටයුතු කොට ඉන්පසුව අවශ්‍යනම් මහමැතිවරණයක් වෙත යාමයි. එයින් පෙනී යන්නේ ප්‍රේමදාස කඳවුරේ 'ප්‍රායෝගික දේශපාලනය' යනු ස්වකීය දේශපාලන පැවැත්ම උදෙසාවන භාවිතයක් මිස ඔවුන් පවසන නිකැළැල් දේශපාලන සංස්කෘතියේ කොටසක් නොවන බවයි.



සජබ රජයක අගමැති ධූරය අපේක්ෂාවෙන් සිටින මහාචාර්ය ජී. එල්. පීරිස් ද රාජපක්ෂ කඳවුරේ මෙන්ම ප්‍රේමදාස කඳවුරේ ද පුරෝහිත තනතුර දරණ බව පෙනෙයි. නීති විශාරදයෙක් ලෙස පෙනී සිටියත් මහාචාර්ය පීරිස් සැමදා තමන් රැඳී සිටින කඳවුරේ අනීතික වැඩපිළිවෙලක් වී නම් එය හිසනමා අනුමත කිරීමේ ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය පුරාවටම ඔහු පිල් මාරුකරමින් තම දේශපාලන පැවැත්ම ස්ථාවර කරගත්තා මිස කිසිඳු අවස්ථාවක ඔහුගේ පොත්වල, දේශනාවල තිබු අගයන් වෙනුවෙන් ප්‍රයෝගිකව පෙනීසිටියේ නැත. තමන් සමඟ එකට වසර ගණනාවක් ශිෂ්‍යාවක ලෙසත්, වෘත්තීය සගයෙකු ලෙසත් කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්වී අභූත චෝදනා නගා එම ධුරයෙන් එලවා දමනවිට අධි්කරණය විධායකය විසින් කෙලෙසන විට, මේ නීති විශාරදයා කලිසම් සාක්කු දෙකට අත්දෙක දමාගෙන මුනිවත රැක්කේ ඇයිදැයී විමසිය යුතුය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපති ධූරය ව්‍යවස්ථාපිත කිරීටයක් බවට පත්කරන විට උඩබලාගෙන සිටි ඔහු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පමණක් විවේචනය කිරීම තුළින් පෙන්වන්නේ ඔහු ද මේ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රමයේ 'උගත්' ඩමියක් බවයි. ඔහුගේ අසහාය දේශපාලන පුත්‍රයා වන දයාසිරි ජයසේකර ද අද දේශපාලන වටවන්දනාවේ ගොස් එකම තැනකට පැමිණ තම දේශපාලන අනාගතය වෙනුවෙන් සටන් කිරීම දෛවොපගත සිදුවීමකි.



ප්‍රේමදාස කඳවුරේ සිට එළියට පැනගොස්, එම කඳවුර දැඩිලෙස විවේචනය කර නැවත එම කඳවුරටම එකතු වීමට තරම් හෘද සාක්ෂිය අඩපණ වී ගිය පාඨලි රණවක පිළිබඳව ඇත්තේ කණගාටුවකි. වරෙක ඔහු මෙරට නායකත්වය ඉසිලීමට තරම් ශක්‍යතාවයක් ඇති බවට අප විශ්වාසකලත් දැන් දැන් ඔහුගේ දේශපාලන කියවීම බෙලහීන වී ඇතිබව පෙනෙයි. කෙසේවෙතත් ඔහුගේ ලිබරල් නව්‍යවාදී දේශපාලන ප්‍රතිරූපය යටින් ඇති හෙළ උරුමය බිහිකළ සිංහල බෞද්ධ ජාතිකවාදී  පැරණි මිනිසා මතුවී පෙනෙයි. එහෙයින් මේ සජබච්චාරුවට රණවක ගෙනෙන්නේ අමුතුම රසයකි. ඇතැම් විට රණවක මහතා පාලන බලය ලබාගැනීමේ 'වික්‍රමසිංහ මොඩලය' අත්හදා බැලීමට කලගන්නවා විය හැකිය. සජිත් ප්‍රේමදාස ස්වභාවයෙන්ම දුර්වල නායකයෙකු බැවින් යම් හෙයකින් ඔහුට ගෝඨභය රාජපක්ෂගේ ඉරණම අත්වීමට වැඩි ඉඩක් ඇතිබව පුර්වනිශ්චය කරන රණවක මහතා එවැනි අවස්ථාවක නායකත්වය ලබාගැනීමට උත්සාහ කිරීමට කටයුතු කරන්නේ නම් එයා අසාර්ථක වීමට ඇති ඉඩකඩ බොහෝය.



සජිත් කඳවුරේ සිටින අනෙකුත් පිරිස දෙස බලන විටද ඔහු ළඟ සිටින්නේ හොඳම කණ්ඩායම බවට කිවහැකිය. නීතියේ ආධිපත්‍ය ගැන දේශනා පවත්වන රවුෆ් හකීම් අගවිනිසුරු බණ්ඩාරනායක ගෙදර යැවූ අධිකරණ ඇමතිවරයාය. රිෂාඩ් බතියුදීන්, සජබය රට වටේ 'හුස්ම' බෙදන විට වනාන්තර කාන්තාර කොට හුස්ම අහිමිකළ මිනිසාය. හැමදාම පිටිපස්සට ස්කූප් ගැසූ රාජපක්ෂවරුන්ගේ පිටිපස්සේ වැටී සිටි තිලකරත්න දිල්ෂාන් ද දැන් සජබ වේදිකාවේය. වියත් මගේ සිටි බොහොමයක් අද සජබ බුද්ධි මණ්ඩපයේ ය. සමගි ජන බලවේගයේ ආර්ථිකය මෙහෙයවීම භාරව ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් වැන්නවුන් හ‍ට දූෂණ චෝදනා එල්ලවී නැතත් ඔවුන්ගේ ප්‍රයෝගිකබව පිළිබඳව යහපාලන සමයේ ඇති අපැහැදිලි උරුමය ගැටළුකාරීය. එහෙයින් අපිට මිලදී ගැනීමට ඇත්තේ අලුත් බෝතල්වල බහා ලූ පරණ වයින්මය. 



බොහෝ දෙනෙක් රාජපක්ෂ රෙජිමය දකින්නේ ප්‍රේමදාස (ජ්‍යෙෂ්ඨ) රෙජිමයේ අනන්‍ය දිගුවක් ලෙසය. දේශපාලනය වෙනුවෙන් මල්වට්ටි උස්සන් පන්සල් යන දේශපාලන සංස්කෘතිය දායාද කළේ ප්‍රේමදාස ය. එය මහින්ද ඕනෑවටත් වඩා හොඳින් කළේය. ලිබරල් ආර්ථික මොඩලයට සුබසාධනවාදය මුහුකරමින් ආර්ථික විකෘතියක්‌ කළේ පියානෝය.දුප්පතාගේ හිතවතා කියමින් දුප්පතුන්ට දරිද්‍රතාවයේ රසය පෙන්වා දුන්නේ ඔහුය. ඔහුගෙන් පසුව පැමිණි කිසිඳු ජනාධිපතිවරයෙකුට එයින් මිදීමට නොහැකි විය. මහින්ද දැයට කිරුළ, මග නැගුම, දිවි නැගුම ලෙස ඉදිරියට ගෙන ගියේ එයයි. ආගම, කලාව, ව්‍යාපාරික ප්‍රජාව දේශපාලනය තුළ නිර්ලජ්ජිත ලෙස භාවිතා කිරීම ආරම්භකළේ ප්‍රේමදාස ය. ප්‍රේමදාස විසින් ආරම්භකළ ඝාතන සංස්කෘතිය ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැලිගොඩ හරහා අදට යාවෙන්නේ ද එලෙසය. මේ සියල්ලටමත් වඩා හිසරදයක් වූ ආර්යා සින්ඩ්‍රෝමය බෝ වෙන්නේ ද ප්‍රේමදාස යුගයේ දිය. එනමුත් රාජපක්ෂවරුන් එලවා දමා එම සංස්කෘතියේම වෙනස් මුහුණුවරකට පණ දීම සිදුනොකළ යුතුය.



මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ ආර්ථික අර්බුදය නිසාම නොවේ. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ ද සිදුකිරීමට ශක්‍යතාවයක් සහිත නායකත්වයක් තෝරගැනීම කළයුතුය.  මූඪත්වය සහ මහන්තත්වය අභරණයක් නොකරගත් නායකයෙක් තෝරාගත යුතුය. කනට රස වාගාලාප වෙනුවට වැඩ කරන නායකයෙක් තෝරාගත යුතුය. තෝරාගැනීම ඔබ සතුය.

Monday, July 22, 2024

උපන් දිනයට පසු වදනක් ......




 


නිදහසින් පසු වැඩිම කාලයක් මෙරට පාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වසර 6ක් සභාපතිත්වය දැරූ මෙන්ම වසර 11ක් අප රටේ විධායක ජනාධිපති පදවිය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ උපන් දිනය පසුගිය ජුනි 29 දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි ඇයට ආශීර්වාද කිරීම්, සුබ පැතීම් සහ විවිධ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් දුටුවෙමි, කියවුයෙමි. ඒවා බොහොමයක් කෙනෙකුගේ උපන්දිනයට සමාජ මාධ්‍ය හරහා කෙරෙන සාමාන්‍ය සුබ පැතුම් පමණක් නොවන බව පෙණුනි. ඉන් බහුතරයක් ඇයගෙන් කරන ලද ඉල්ලීම් විය. ඒ අතරින්ද බොහොමයක ඉල්ලීම වී තිබුණේ 93/94 වසරවලදී මෙන් මෙරට සියලු ප්‍රගතිශීලීන් සහ වාමවාදීන් එක් පෙරමුණ ගනිමින් එහි නායකත්වය ගෙන රට හරි මඟට ගන්නා ලෙසය. තවත් පිරිසකගේ ඉල්ලීම වී තිබුණේ 2006න් පසු ක්‍රමානුකූලව විනාශ කර දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි පාක්‍ෂිකයාත් යළි ශක්තිමත් කරන්නට පක්‍ෂයේ අනුශාසකතුමිය ලෙස පෙරමුණ ගන්නා ලෙසය. තවත් පිරිසකගේ ඉල්ලීම වී තිබුණේ. දැන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් මඟ පෙන්වමින් අනාගතයට සරිලන කාරුණික නායකයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගොඩ නඟා දෙන ලෙසය.

සිය ජීවන ගමන් මගේ වසර 79ක් සපුරන ආච්චි අම්මා කෙනෙකුගෙන් රටේ ජනතාව මේ කරන ඉල්ලීම් සුළුකොට තැකිය හැකි නොවේ. මට හිතෙන හැටියට නම් එතුමිය 80 වන වියට පා තැබුවත් ජනතාව එතුමියගෙන් දකින්නේ 93/94 වසරවල දුටු ජව සම්පන්න නායිකාවමය. 1999 දී මිනීමරු එල්.ටී.ටී.ඊ යේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව එක් ඇසක්ද අහිමිව යන්තමින් ජීවිතය බේරුණත් ඉන් දින කිහිපයකට පසු ජාතිය අමතා සිංහ නාද කරමින් සිංහල, දෙමළ ජනතාවට සාමයේ අගය වටහා දුන් තම ශ්‍රේෂ්ඨ නායිකාව ලෙසමය. එහෙයින්ම 80 වන වියට පාතැබු මේ මොහොතේ බොහෝ දෙනා නොදන්නා හෝ අමතක කර දමා හෝ නො එසේ නම් තම තමන්ගේ වාසියට අරුත් ගන්වාගෙන ඇති හෝ එතුමියගේ දේශපාලන දිවි මගෙහි මා දන්නා විශේෂිත සිදුවීම් කිහිපයක් මෙලෙස සටහන් තැබීමට අදහස් කළෙමි.

1982 වසරෙහි අග භාගයයි. බටහිර කොළඹ ආසනයේ ඡන්ද 21,707කින් මුළු රටේම විධායක ජනාධිපතිවරයා වු ජේ.ආර්.ජයවර්ධන දරුණු ඒකාධිපතියකු ලෙස රාජ්‍ය සේවකයින් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවෙන් පීඩාවට පත්කර තිබු කාලයයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකර තිබු කාලයයි. රටේ ප්‍රධාන විපක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කුමන්ත්‍රණකාරී ලෙස දෙකට බෙදා තිබුණි. 1982 සැප්තැම්බර් 17 දින ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගත්විට එජාපයේ ජේ.ආර්. ජයවර්ධනට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ඉදිරිපත් කෙරුණි. ජවිපෙන් රෝහණ විජේවීර, සම සමාජයෙන් කොල්වින් ආර් ද සිල්වාත්, නව සම සමාජයෙන් වාසුදේව නානයක්කාර සහ සමස්ත ලංකා ද්‍රවිඩ ලංකා සංගමයෙන් කුමාර් පොන්නම්බලම් යන මහත්වරු ඉදිරිපත් වී තිබුණි. මෙහි විශේෂත්වය වුයේ ජේ.ආර්. ජයවර්ධන මහතාට එරෙහිව කොබ්බෑකඩුව මහතාත්, කුමාර් පොන්නම්බලම් මහතාත් සිය ප්‍රචාරක වැඩ පිළිවෙළ ගෙනයන විට අනෙක් අපේක්‍ෂකයින් තිදෙනාම කොබ්බෑකඩුව මහතාට එරෙහිව වැඩිබරක් යෙදවීමයි. රෝහණ විජේවීර මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තේමාව “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගමනක අවසානය” වූ අතර කොල්වින් මහතාගේ තේමාව “කොබ්බෑකඩුව දිනුවත් පරාදයි” යන්න විය. රුහුණේ වීරයින් යයි කියාගන්නා රාජපක්‍ෂ පවුලේ බැසිල් රාජපක්‍ෂ ජේ.ආර්.ගේ වේදිකාවේ ප්‍රබල කථිකයකු විය. වත්මන් පොහොට්ටු පක්‍ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ පියා වූ ඇල්බට් කාරියවසම් මහතාද එජාප වේදිකාවෙහිය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ කටයුතු වලින් ඉවත්ව වක්‍රව එජාපයට සහාය දීම නිසා සිරිමාවෝ මැතිනිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ කටයුතු මෙහෙයවීම ඩිව් ගුණසේකර මහතාට බාරදුන්නාය.

මේ සියලු අර්බුද අරගල මැද පක්‍ෂයේ උපලේකම්වරයකු වු විජය කුමාරතුංගයන් ජනාධිපතිවරණයෙන් පක්‍ෂයෙන් අපේක්‍ෂකය දිනවීමේ වැඩි බර කරට ගත්තේය. ප්‍රජා අයිති අහිමි කර තිබු මැතිනියට කිසිඳු දේශපාලන කටයුත්තකට සහභාගීවීමට නොහැකි විය. නාම යෝජනා ලබා දී පළමු සතියේදී විජය තම කොටස තනිවම ඉටුකළේය. දෙවන සතිය වනවිට තත්වය බොහෝ බැරෑරුම් විය. පක්‍ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨටයින් සටන මඟහැර ගියහ. චන්ද්‍රිකා තීරණයක් ගත්තාය. යන්තමින් මාස දෙක තුනක් වූ තම පුතු විමුක්ති නිවසේ සේවිකාවන් වෙත පවරා රටේ සියලු දරුවන් වෙනුවෙන් ජේ.ආර්. පරාජය කිරීම සඳහා විජය සමඟ එක්වුවාය. එතැන් සිට රටපුරා ජනාධිපති අපේක්‍ෂකයා සමග ප්‍රධාන රැස්වීම් සඳහා විජය-චන්ද්‍රිකා යුවළ සහභාගී විය. ජවිපෙ සහ සමසමාජයේ දේශදෝහී වැඩපිළිවෙළ හමුවේ දිවා රෑ නොබලා කැපවු ඇයට රටේ ජනතාව ගෞරව දක්වා තිබුණේ 77 මහ මැතිවරණයේදී ලක්‍ෂ 19ක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය 82 ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 27ක් දක්වා වැඩිකර දෙමිනි.

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ ක්‍රියාත්මක වූ එජාප ආණ්ඩුව, නැක්සලයිට් කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන ලේකම් රත්නසිරි වික්‍රමනායක සහ උපලේකම් විජය කුමාරතුංග ඇතුළු පක්‍ෂයේ ප්‍රබලයින් පිරිසක් අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළහ. 1982 දෙසැම්බර් 22 පැවති ජනමත විචාරණය ප්‍රකාශයට පත් කළ පසු විජය කුමාරතුංගයන් හැර අනෙක් පිරිස ඇප මත නිදහස් කළ අතර ජනමත විචාරණයේ ප්‍රතිඵල නිකුත් වු පසු කිසිඳු චෝදනාවක් නොමැතිව විජය කුමාරතුංගයන්ද නිදහස් කෙරිණි. විජය සිරගත කර සිටි කාලය තුළ සිය කුඩා දරු දෙදෙනා සමඟ ඇය අභියෝගයන්ට අභියෝගයක්ම වෙමින් සියලු දුක් වේදනා දරාගනිමින් පක්‍ෂය වෙනුවෙන් සිය වගකීම් කොටසද ඉටු කළාය.

එල්ටීටීඊ මිලේච්ඡ යුද්ධයේ උච්චතම අවධියේදී සාම සාකච්ඡා සඳහාත් එල්ටීටීඊ අත්අඩංගුවේ සිටි යුධ සෙබළුන් බේරාගැනීම සඳහාත් තම ජීවිතය පරදුවට තබා තමන්ගේ කණ්ඩායම සමඟ යාපනයේ එල්ටීටීඊ කඳවුරුවලටත් විදෙස් රටවලටත් ගියාය. 1988 පෙබරවාරි 16 දිනය ඇයගේ දේශපාලන දිවියේ මෙන්ම පෞද්ගලික සිවිල් ජිවිතයේද අඳුරුතම දිනයක් විය. සන්නද්ධ ජවීපෙ මිනීමරුවන් විසින් තම ආදරණීය ස්වාමි පුරුෂයා තම නිවසේ මිදුල මැද ඔළුව කුඩුවෙන්නට වෙඩි තබා මරා දමන හැටි සිය දෙනෙතින්ම දකින්නට ඇයට සිදුවිය. විජයගේ අවමංගල කටයුතු අවසන්වීමත් සමඟම සිය මවගේ දැඩි පෙරැත්තය මත තමා සහ දරුදෙදෙනාගේ ආරක්‍ෂාව පතා විදෙස්ගතවන්නට ඇයට සිදුවිය. 1991 වසරෙහි දී ආපසු සිය මව්බිමට පැමිණි ඇය ප්‍රේමදාස පාලනයට එරෙහිව සිය මව සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි ශක්තීමත් කරන්නට කැපවුවාය. මංගල සමරවීර මහතාගේ සංවිධායකත්වයෙන් සහ ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ මෑණියන් වූ දොස්තර මනෝරාණි සරවනමුත්තු මැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති “මවුවරුන්ගේ පෙරමුණ” මංගල රැස්වීමෙහිදී ඇය යළි ප්‍රසිද්ධ දේශපාලනයට එක්වුවාය.

පක්‍ෂයේ බලය තමන් අතට ගන්නට පක්‍ෂ නායිකා සිරිමාවෝ මැතිනිය ශාරීරීකව දුර්වල වනතුරු බලා සිටි රාජපක්‍ෂ කල්ලියට ඇය ඉමහත් හිසරදයක්ම විය. මේ නිසාම කුසල් පෙරේරාගේ සංකල්පයක් අනුව 1992 වසරේ ආරම්භයත් සමඟ මහින්ද රාජපක්‍ෂගේ “කතරගම පාදයාත්‍රාව” වැඩසටහන සංවිධානය විය. මාර්තු 16 කොළඹින් ඇරඹුනු පාද යාත්‍රාව මාර්තු 25 දින මාතරට ළගාවීම නිමිත්තෙන් මංගල සමරවීර මහතා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දැවැන්ත ජන රැළියක් සංවිධානය කර තිබුණි. පා ගමනේ මුල් කොටසේම පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම වේදිකාවේ අසුන්ගෙන තිබුණි. අවසන් කොටසේ මාතර ජනතාව පිරිවරා පැමිණි චන්ද්‍රිකා මැතිනිය වේදිකාවට ගොඩවන විට වේදිකාවේ සිටි මහින්ද රාජපක්‍ෂ ඇයට කුණුහරප කියමින් බැණ වදින්නට විය. ඔහුගේ බැණුම් මැද මංගල සමරවීර සමඟ සුවහසක් ජනතාවගේ ජයඝෝෂා මැද ජනතාවට අචාර කළ ඇය, සිය අසුන වෙත පැමිණෙන අතර දැඩි කේන්තියෙන් තමන් දෙස බලා සිටින මහින්ද රාජපක්‍ෂ මහතා දෙස බලා ස්තුති පූර්වකව හිස නමා “සන්තෝෂයි මහින්ද” කියමින් අසුන් ගත්තාය. ඇයගේ එම ක්‍රියාව වේදිකාවේ සිටි සියලු දෙනාගේම ප්‍රසාදයට ලක්විය.

1992 අග භාගයේදී අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය සංවිධානයේ ලේකම්වරිය ලෙස ඇය සංවිධානය කළ මහජන රැස්වීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සළකුණක් විය. නිදහසින් පසු එදා මෙදා තුර ලංකාවේ දේශපාලන පක්‍ෂ වැඩිම ගණනක නායකයින් සහභාගී වූ දේශපාලන රැස්වීම එය විය. එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් සිංහල, දෙමළ මුස්ලිම් දේශපාලන පක්‍ෂ සියල්ලෙහිම පාහේ නායකයින් එම වේදිකාවේ විය. ඒ වනවිට එජාපයේ කැඩී “රාජාලියා” පක්‍ෂය පිහිටුවාගෙන තිබු ලලිත් ඇතුළත්මුදලි මහතා ඇතුළු කණ්ඩායම ද එහි විය.

1993 මැයි 17 දින පැවති පළාත් සභා මැතිවරණය ද ඇයගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ දැඩි කැපිලි කෙටිලි සහ බාධා කිරීම් මැද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්‍ෂ තුනක ඉතිහාසගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඇය ලංකාවේ පළමු මහ ඇමතිවරිය වුවාය. අනතුරුව 1994 අගෝස්තු 16 දින පැවති මහ මැතිවරිණයෙන් නැවත වාර්තා පිට වාර්තා තබමින් මනාප ඡන්ද ලක්‍ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට පැමිණ අගොස්තු 19 දින ශ්‍රී ලංකාවේ 13 වන අගමැති ලෙස දිවුරුම් දුන්නාය. පිය සහ මව දෙදෙනාම අගමැතිවරුන් වු රටක එම පක්‍ෂයේම දියණියද අගමැති වීමේ ලෝක වාර්තාවන්ට හිමිකම් කියු ඇය ලෝකයේ පළමු අගමැතිනිය වූ සිය මව තම කැබිනට් මණ්ඩලයට පත්කරගනිමින් තවත් ලෝක වාර්තාවක් තැබුවාය.



1994 නොවැම්බර් 09 දින පැවති ශ්‍රී ලංකාවේ තුන්වන ජනාධිපතිවරණයෙන් එදා මෙදා තුර රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ම විජයග්‍රහණය කරමින් ද 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ද වාර්තා පිට වාර්තා තබමින් නොවැම්බර් 11 දින මෙරට සිව්වන විධායක ජනාධිපති ලෙස ඇය දිවුරුම් දුන්නාය. ඇගේ කැබිනට් මණ්ඩලයේ කම්කරු හා වෘත්තීය පුහුණු ඇමතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා “කම්කරු ප්‍රඥාප්තියක්” ඉදිරිපත් කරමින් එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිනිය ඉඩ නොදෙන බව පවසමින් ජනාධිපතිනිය අප්‍රසාදයට පත් කළේය. එහෙත් 2005 සිට වසර 10ක් රටේ ජනාධිපතිවරයා වු ඔහු ඔහුගේ පාලන කාලයේදී එම කම්කරු ප්‍රඥප්තිය ගැන කිසිවක්ම නොකළේය. ඒ අනුව ඔහුගේ චේතනාව වී තිබුණේ ජනාධිපතිනිය ජනතාව අතර අප්‍රසාදයට ලක් කිරීම මිස කම්කරුවාට සහන ලබාදීමක් නොවන බව ජනතාවට පැහැදිලි විය.

ඇයගේ දේශපාලන දිවියේ තවත් සුවිශේෂිත සිදුවීමක් වූයේ 1999 දෙසැම්බරයේ පැවති ජනාධිපතිවරණයයි. ඒ වෙනුවෙන් පැවති ඇයගේ අවසන් ප්‍රචාරක රැළියේදී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් ඇසක් අහිමි වූ ඇගේ ජීවිතය බේරුණේ ජනතාවගේ වාසනාවටය. එවන් තත්වයකදීද තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද ලක්‍ෂ 07ක් ලබාගනිමින් ඇය යළිත් ජනාධිපති පදවියට පත්වුවාය. ඡන්දයෙන් ජයග්‍රහණය කළ ද බෝම්බ ප්‍රහාරයෙන් ඇති වූ කම්පනය නිසා ඇය රටේ ජනාධිපති ධුරය දැරීමට සුදුසු නැති බවට නීති තර්ක ඉදිරිපත් විය. එවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා එහි ප්‍රමුඛයකු විය. පසු කළෙක මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඔහු ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද පත්කෙරුණි.

2000 ඔක්තෝබර් 10 දින පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 107ක් ලැබු පොදුජන එක්සත් පෙරමුණ තවත් පක්‍ෂ කිහිපයක සහාය ලබමින් ආණ්ඩුව පිහිටුවන ලදී. මැතිවරණ දා ලෝකයේ පළමු අගමැතිනිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිනිය වු සිරිමාවෝ මැතිනිය අභාවප්‍රාප්ත වුවාය. චන්ද්‍රිකා මැතිනියගේ නායකත්වයෙන් යුතු මේ ආණ්ඩුවද ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට නිතරගයෙන් කතානායකවරයකු පත්කර ගනිමින් ඉතිහාසගත විය. ආණ්ඩුවට වසරක් ගතවීමටත් පෙර තමන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීම සඳහා විධායක ජනාධිපති පදවිය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඇය සිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා එම කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීම සඳහා 2000 අගෝස්තු 21 දිනට දින නියම කළාය. එහෙත් මේ ක්‍රියාදාමයට එරෙහි වු ආණ්ඩුවේම අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්.පීරිස්, ඇස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, මහින්ද විජේසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් විපක්‍ෂයට එක් වීම නිසා එම වැඩපිළිවෙළ අතරමග නතර විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරි ජනාධිපතිනිය 2000 දෙසැම්බර් 05 දින මැතිවරණයකට දින නියම කළාය. එම මැතිවරණයෙන් එජාපය ජය ලැබු අතර එජාපයට එක් වූ බොහෝ දෙනෙකුට එම ආණ්ඩුවේ ඇමතිකම් ඇතුළු විවිධ තනතුරු හිමිවිය.



2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇති කරමින් ජවීපෙ සමග එක්වීමෙන් පාර්ලිමේන්තුවේ ආසන දිනාගැනීමට ජවිපෙට ඉඩ දුන්නාය. එමෙන්ම රජයේ ප්‍රධානතම අමාත්‍යංශ 4ක් සහ ඒවායේ නියෝජ්‍ය ඇමති තනතුරුද ජවිපෙට ලබාදෙමින් ඔවුනට රිසි පරිදි ජනතාවට සේවය කිරීමට පහසුක්ම සැළසුවාය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි ආණ්ඩුවේ අගමැති පදවිය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදුන්නාය. 2005 මාර්තු 26 දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා සහ විධායක සහ ඒකාබද්ධ රැස්වීමෙහිදී පක්‍ෂ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඊට විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කළේය. පළමුවැන්න පක්‍ෂයේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කිරීමයි. දෙවැන්න ඊළඟ රජයක අගමැති ධුරය පක්‍ෂයේ ජාතික සංවිධායක අනුර බණ්ඩාරනායක මහතාට ලබාදිය යුතු බවයි. තුන්වැන්න පක්‍ෂයේ එවක සභාපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පක්‍ෂයේ යාවජීව සභාපතිනිය ලෙස පත් කළ යුතු බවයි. යෝජනා තුනම සභාවේ ඒකමතිකව සම්මත විය. සභාවේ කටයුතු අවසානයේ මුලසුන දෙසුම කරමින් ඇය පැවසුවේ සභා සම්මත වූ පළමු හා දෙවන යෝජනාවට තමන් එකඟ වුවත් තුන්වන යෝජනාව වන පක්‍ෂයේ යාවජීව සභාපතිනිය ලෙස තමන් පත්කිරීමට එකඟතාවයක් නැතිබවයි. දක්‍ෂතා සහිත පක්‍ෂයට ආදරය කරන පක්‍ෂයේ ඕනෑම අයෙකු පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගැනීමට පාක්‍ෂිකයින්ට ඉඩ තිබිය යුතු බව පැවසු ඇය ඒ සඳහා කිසිවිටෙක තමන් බාධාවක් නොවන බවද පැවසුවාය.

කෙසේ වෙතත් ඉහත යෝජනා ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන ලේකම්වරයාට 2006 ජුනි 29 දින පක්‍ෂයේ සභාපතිනිය විදේශගතව සිටියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා වීරෝධී රැස්වීමක් පවත්වා, පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර රටේ ජනාධිපති ලෙස නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත් කිරීමට කටයුතු කළේය. මේ තත්වය නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වූ ඇය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පක්‍ෂය විනාශ කිරීම වළක්වා ගැනීම සඳහාත්, රාජපක්‍ෂ පවුලෙන් රට බේරාගැනීම සඳහාත් 2015 දී යළි පෙරමුණට පැමිණියාය. පක්‍ෂයත් රටත් බේරාගැනීම සඳහා ඇගේ තෝරා ගැනීම වූ මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂයටත් රටටත් සිදුකළ දේ පිළිබඳව කළකිරුණු ඇය යළිත් ක්‍රියාකාරී දේශපාලනයෙන් පසෙකට වුවාය.

එහෙත් මේවන විට යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්, රටටත් ඇය අවශ්‍ය වී ඇති බව පැහැදිළිය. හොරකම, වංචා නැති රටට, ජනතාවට ආදරය කරන විශ්වාසනීයම නායකත්වය ලෙස බොහෝ ජනතාව ඇය තෝරා ගෙන ඇත. හැකි පමණින් ඒ ජනතා පැතුම් ඉටුකිරීම ඇයගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවද මගේ විශ්වාසයයි.

 

මොන්ටේගු සරච්චන්ද්‍ර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු විධායක සභික
මනෝවිද්‍යා උපදේශක

Wednesday, July 3, 2024


 රාවය විකුණන්න ගොස් වික්ටර් අයිවන් මාට්ටු


අධ්‍යක්ෂ මණ්ඩලයට තහනම් නියෝග


රාවය (ගරන්ටී) පුද්. සමාගමට අයත් දේපළ විකිණීම, පවරාදීම, කුලියට හෝ බද්දට දීම, කඩා බිඳ දැමීම, එහි යන්ත්‍ර සහ වැද්දුම් ඉවත් කිරීම වළක්වාලමින් හා පුවත්පත පළ නොකර සිටීමට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණය මගින් විධානාත්මක වාරණ ආඥා නොතීසියක් සමග ඉන්ජන්ක්ෂන් තහනම් කිහිපයක් ද වාරණ ආඥා කිහිපයක් ද නිකුත් කර තිබේ.


පැමිණිලිකරුවන් 13 දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලූ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මැතිණිය විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.


රාවයට මුදල් අයෝජනය කළ පුද්ගලයින් 479 ක පිරිස දැනුවත් නොකර සභාපති වික්ටර් අයිවන් විසින් තම බෑනා හා මස්සිනා අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර ගනිමින්, පොදු මුදල් මත ගොඩනැගුණු රාවය දේපළ විකුණා දැමීමේ සහ මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලියක්  රහසේම සැලසුම් කර ඇති බවද නඩුවේ කරුණු අතරේ ඉදිරිපත් විය.


ඒ බව සනාථ කිරීමට රාවය මුද්‍රණාලය හා කාර්යාලය ඉබි යතුරු දමා පත්තර කන්තෝරුව "විකිණීමට තිබේ" යනුවෙන් ප්‍රදර්ශනය කළ බැනර් හා පෝස්ටර් ද  පැමිණිල්ල සමග ඉදිරිපත් කරන ලදී.


මුදල් ආයෝජනය කළ පිරිස වෙනුවෙන් පුවත්පත දිගටම පවත්වාගෙන යාමේ අනුමිත භාරය වික්ටර් අයිවන් මහතා විසින් හිතාමතාම නොසලකා හැර එම දේපළ විකිණීමට හේතුවක් නැති බවත් රාවය පුවත්පත සෑම කල්හිදීම පාඩු නොලැබූ හා ලාභ පිට පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.


උක්ත සියලු කරුණු හා ඉදිරිපත් කළ ලේඛන සහ දේශන සලකා බලා අධිකරණය රාවය සභාපති වික්ටර් අයිවන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙම අත්තනෝමතික ක්‍රියා කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් වාරණ ආඥා, ඉන්ජන්ක්ෂන් නොතීසි හා විධානාත්මක ඉන්ක්ජන්ක්ෂන් නොතීසි නිකුත් කර ඇත.


එසේම වික්ටර් අයිවන් මහතා සිය පවුලේ අය සහ කීපදනෙක් එකතු කරගෙන රාවය දේපළ විකුණා කෝටි ගණනක මුදල්, පුද්ගලිකව අත්පත් කර ගැනීමට සියලු ක්‍රියා සැලසුම්කර සිදුකර ඇත්තේ අධ්‍යක්ෂ ධුර පවා කල් ඉකුත් වී  මහසභා  රැස්වීමක්ද නොපවත්වා  කිසිදු නිලබලයක් නොමැතිව  බලහත්කාරයෙන් අල්ලාගෙන බවද මෙහිදී සනාථ කෙරිණි.

අධ්‍යක්ෂ මණ්ඩලයට අතිරේකව රාවය කර්තෘ විමලනාත්  වීරරත්නටද මෙම නඩුවේ 7 වන විත්තිකරු ලෙස තහනම් ආඥා නිකුත් කර ඇත.


මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සුධර්මා කේ. ගමගේ මෙනෙවියගේ උපදෙස් මත  නීතිඥ මනෝජ් සංජීව මහතා පෙනී සිටියේය.

උවිඳු කුලකුලසූරියගේ Facebook සටහනක් ඇසුරින්

Friday, June 28, 2024

 

චන්ද්‍රිකා සහ ලෝකය 



ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියෙහි දේශපාලකයන් බොහෝ දෙනෙක් සිටියත් ඒ අතරින් රාජ්‍යතාන්ත්‍රිකභාවයක්‌ සහිත පුද්ගලයන් සිටින්නේ අතලොස්සකි. පුද්ගලයෙකුට දේශපාලනඥයෙක් වීම ලෙහෙසි පහසු කටයුත්තක් වුවද ඉන් ඔබ්බට ගොස් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීම අපහසු බව පෙනෙන්නේ මෙරට දේශපාලන ඉතිහාසය අවධානයෙන් යුතුව පිරික්සන විටදී ය. යම් රටක රාජ්‍ය නායකයෙකු විසින් විෂධ කරවන රාජ්‍යතාන්ත්‍රිකභාවය, එහි විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය තීරණය කිරීමේදී වැදගත් බලපෑමක් ඇතිකරයි.



ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත් වර්ණවත් එමෙන්ම තීරණාත්මක යුගයක්‌ ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පරිපාලනය සමය හැඳින්විය හැකිය. තම මව විසින් දිනා දුන් ගෝලීය දේශපාලනයේ වම් ඉවුරත්, ජනාධිපති ජයවර්ධන විසින් දිනාදුන් දක්ෂිණ කඳවුරත් එකසේ රැක ගනිමින් ඇය තම විදේශ ප්‍රතිපත්තිය මැද මාවතේ ගෙන යාමට සමත් වූවාය. කුමාරතුංග - කදිරගාමර් සුසංයෝගය මෙරට විදේශ ප්‍රතිපත්තියෙහි කක්ෂය වඩාත් ප්‍රගතිශීලි දිශානතියකට යොමුකළ බව කිවයුතුය. 1983 සිංහල-දමිළ කොළහලය ඇතුළු 17 වසරක එජාප පාලනයේ ඇතැම් අදූරදර්ශි ක්‍රියාවන් නිසාත්, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය නිසාත් දිග්ගැස්සෙමින් තිබූ බෙදුම්වාදී යුද්ධය නිසාත් ජ්‍යාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව සිටි ශ්‍රී ලංකාවේ නාමය කුමාරතුංග පාලනය තුළ වඩාත් යහපත් අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවිය.



එල්ටීටීඊ සංවිධානය ජ්‍යාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට, වෙසක් පොහොය දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කිරීම ආදී වැදගත් යෝජනා ගණනාවක් චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනය යටතේ, අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය සහිතව සාර්ථක කරගැනීමට හැකිවුයේ එහි ප්‍රතිපලයක් ලෙසිනි. එමෙන්ම 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් ලැබුණු  ජ්‍යාත්‍යන්තර සහයෝගය එය තවත් තීව්‍රකොට පෙන්නුම් කරන අතර බෙදුම්වාදී යුද්ධය සඳහා තිරසාර ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීමට ඇය තුළ වූ දැඩි කැපවීම හා ඒ සඳහා ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල එම පරිපාලනය වෙත ගෝලීය අවධානය දිනා  දුන්නේය.



ඇයගේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් එකක් වූයේ දකුණු ආසියානු කලාපය තුළ සබඳතා ශක්තිමත් කිරීමයි. ආර්ථික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂක අවශ්‍යතා පෝෂණය කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාව වැනි අසල්වැසි රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඇය ශක්තිමත් කළාය. ඇයගේ ප්‍රයත්නයන් භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කලාපයක සබඳතා ස්ථාවර කිරීමටත්, දකුණු ආසියානු ජාතීන් අතර සංවර්ධන සංවාද සහ අන්‍යන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් දායක විය.



මෙහිදී කුමාරතුංග රජයේ අසහාය විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සුවිශේෂී දායකත්වය අමතක කළ නොහැකි අතර ඔහු සැබවින්ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අනන්‍ය සලකුණක්‌ වන්නේ ඔහු තුළ වූ සැබෑ දේශප්‍රේමීත්වයත්, මහා දර්ශනයත් එක්වී චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනය තුළ මුල්බැස ගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සමඟින්, ලොවක් හා එක්ව ගෝලීය අරමුණු කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු තුළ වූ නොකිළිටි අධිෂ්ඨානය නිසාය.




කුමාරතුංග ජනාධිපතිතුමියගේ විදේශ ප්‍රතිපත්තිය කිසිම දිශාවකට වැඩියෙන් නැඹුරු නොවූ නොබැඳි පිළිවෙත අනුව ගිය එකක් විය. වරෙක සාක් ( SAARC ) සමුළුවේ සභාපතිනිය ලෙසත් එහි ප්‍රබල සාමාජිකාවක ලෙසත් කලාපීය අවශ්‍යතාවන් මුදුන්පත් කරගැනීමට කුමාරතුංග ජනාධිපතිනිය කටයුතු කළා අතර ඇය කෙරෙහි තිබූ විදේශ ආකර්ෂණය ඇයට බලය අහිමි වූ පසුවද නොඅඩුව ලැබීම එය මොනවට පැහැදිලි කරයි. විශ්‍රාම ලැබීමෙන් අනතුරුවක් ඇය Clinton Global Association, Club de Madrid වැනි ගෝලීය සංවිධාන රැසක ගරු කටයුතු සාමාජිකාවක් ලෙස සම්බන්ධ වී සිටිමම ඇයගේ විදේශ ප්‍රතිපත්තීන් ශ්‍රී ලාංකීය දේශපාලනයේ නූතන සලකුණක්‌ බව සඳහන් කිරීමට ප්‍රමාණවත්ය.



අවාසනාවන්ත ලෙස ඉන් පසු බලයට පැමිණි පාලකයන්ගේ අමනෝඥන ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර  ප්‍රජාව ඉදිරියේ අපකීර්තියට පත්විය. එසේ පත්වීමට හේතුවූ ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැකිය.

     

* දර්ශනයක් නොමැති විදේශ ප්‍රතිපත්තිය.

* විදේශ ප්‍රතිපත්තියේ ඒකපාර්ශවීය නැඹුරුතාවය.

* ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් වෙනුවට පාලකයන්ගේ ඥාතීන්, හිතවතුන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කිරීම.

* ගෝලීය ප්‍රතිපත්තීන්වලින් පිට යන දේශීය ප්‍රතිපත්තීන්.


ඒවායෙන් කිහිපයකි. එවැනි හේතු නිසා වර්තමානයේ ද විදේශ ප්‍රතිපත්තිය දියාරු වී ඇති බවක් පෙනෙන්නට ඇත.කෙසේ වෙතත් අවශ්‍යවන්නේ වඩාත් කාර්යක්ෂම, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තුළින් ලෝකය තුළ හුදකලා නොවුණු, අන්තර්ජාතික සහයෝගයෙන් පොහොසත් වූ රාජ්‍යයක් නිර්මාණයයි. එවැනි රාජ්‍යයක් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි දූරදර්ශි  නායකයන් මෙන්ම දර්ශනයක්ද අවශ්‍ය බව සඳහන් කළ යුතුය.



ජුනි 29 වෙනිදට යෙදෙන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ 79 වන ජන්ම දිනය නිමිත්තෙනි.



සටහන - සහන් තෙන්නකෝන්

Thursday, June 27, 2024

අභියෝගයේ නායකත්වය

 නූතන ඉතිහාසයෙහි කාන්තා විමුක්තිය පිළිබ`


ද තේමාවෙහි එක් ආශිර්වාදාත්මක පරිච්ෙඡ්දයක් නම්සිය රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදයසිවිල් නිදහස හා සමාජ සාධාරණත්වය උදෙසා කරන යුක්ති සහගත අරගලයේ දී කාන්තාව විසින් දක්වනු ලබන අභිමානනීය නායකත්වයයි.

ලොව ප‍්‍රථම අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඇරඹී එම ගමන් මගඉන්දිරා ගාන්ධි වැනි තවත් කාන්තා නායිකාවන් කිහිපදෙනෙකු විසින් සෝබාමත් කරන ලදී.

විසිවන සියවසෙහි අවසාන දශක දෙක පමණ වනවිට තුන්වන ලෝකයේ රටවල් කිහිපයක ජාතික නායකත්වයට පත් වූ හෝ මානුෂික යුක්තිය උදෙසා වන ජනතා අධිෂ්ඨානය සංකේතවත් කළා වූ කාන්තාවෝ කිහිප දෙනෙක්ම විවිධ දේශීය යථාර්ථයන්ට අනුගත වෙමින්අයුක්තියට එරෙහිව නැ`ගී සිටීමේ යුක්ති සහගත ව්‍යායාමයට උරදුන්හ.

සමකාලීන ජගත් ස්ත‍්‍රී වංශයේ ඒ ප‍්‍රතාපවත් නාමාවලියට ශ‍්‍රී ලංකාවෙන් එක් වූ චරිතය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි. දකුණු ආසියාවේ ප‍්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පවුලකට උරුමකම් කියන ඇයදේශපාලනයට පිවිසීම කිසි ලෙසකිනිදු අහම්බයක් නොවේ.


අැගේ ජීවන මග හුදු රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. විප‍්‍රයෝගය මෙන් ම මරණයේ බියකරු බව ඇගේ ජීවිතය පුරා ඈ පසුපස හඹා ආවේ ය. දාහතරවන වියේ දී සිය නිවස තුළ දී ම සිදුකළ පියාගේ ඝාතනයෙන් දඊට දාසය වසකට පසු විවාහ වන්නට සිටි සහකරුවාගේ අකල් මරණයෙන් දසිය හතළිස් තුන්වන වියේදී තම දෑස් ඉදිරිපිට සැමියා කුරිරු ලෙස මරා දැමීමෙන් පසුව දඒ මරණ බිය ඇගෙන් පහව ගියේ නැත. එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණෙන් දපේ‍්‍රමදාස පාලනයෙන් දඅවසානයේ කොටි ත‍්‍රස්තවාදයෙන් ද ඇයට මරණ වරෙන්තු ලැබී තිබුණි. පනස් හතර වැනි වියේදී කූරිරු බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව ඇසක් අහිමි වීආශ්චර්යකින් මෙන් ඇගේ දිවි ගලවා ගත්ත දචන්ද්‍රිකා තමන්ට බාධකයක් ලෙස හඳුනාගත් කොටස්වලට අදට ද අැය බාධකයකි.


ගිරි දුර්ගවට වංගුකටු කොහොල්`දු පල්ලම් පමණක් නොව මරු වැල් ද නො අඩුව පැවති මෙරට දේශපාලන මාවත පුරා සැරිසැරීමේ දී සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන අන්දමේ විශේෂ වාසි දෙකක් ඇයට හිමි විය. ඒසිය දේශපාලන සටනේ දී ‘‘බණ්ඩාරනායක’’ මෙන්ම ‘‘කුමාරතුංග’’ යන දෙපයින් ම නැ`ගී සිටීමේ ද්විත්ව වාසිය යි. දකුණු ආසියාතික දේශපාලන ප‍්‍රපංචයක් ලෙස සැලකෙන පවුල් සාධකයේ වාසිය එසේ තිබුණත්තමන්ගේ ස්වාධීන අනන්‍යතාවකින් නැ`ගී සිටීමේ ජීව ගුණය ඇය කෙරෙහි මුල සිට ම විද්‍යමාන විය. එහෙත් ඇය කිසි විටෙක සිය සීමාවන් අතික‍්‍රමණය නොකළා ය.


 ඇසට-ඇසක් දතට-දතක් යන්න ඇගේ ප‍්‍රතිපත්තිය නොවීය. වෛර්යය - අවෛර්යෙන් දමරණය - අභය දානයෙන් දඒකාධිපතිත්වය - ප‍්‍රජාතන්ත‍්‍රවායෙන් දඅවනීතිය - නීතියෙන් දඅයුක්තිය-යුක්තියෙන් ද ජය ගැන්ම ඇගේ මාවත විය. 


1951 දී සිය පියා විසින් ආරම්භ කරන ලදදශක ගණනක් පුරා මව විසින් ආදරයෙන් සුරක්ෂා කරන ලදමෙරට දේශපාලනයේ ප‍්‍රගතිශීලී බල ක`දවුර ලෙසින් විරුදාවලිය ලත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්තිවඩා හො`දින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට ඇය කැප වූවා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හිමි වන ගෞරවනීය ස්ථානයට නොඅඩු ස්ථානයක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමි වන්නේ ඒ නිසා ය. 


සිය සැමියාගේ හදිසි අභාවයෙන් පසුබණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී විනාශ වීමට ඉඩ නොතබාසුරැකීමේ භාරදූර වගකීම සිය කර මතට ගත්තා ය. ඇයගේ කණිටු දියණිය ලෙස බණ්ඩාරනායක දේශපාලන උරුමය හිනි පෙත්තට ම රැගෙන එන්නට සමත් වන්නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.


චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලනික ජීවිතය පිළිබ`ද විමසීමේ දී හ`දුනාගත හැකි ප‍්‍රධාන සහ ප‍්‍රබල ලක්ෂණය වන්නේ හුදු බාල ජනප‍්‍රියත්වයෙන් තොර ප‍්‍රතිපත්තිමය දේශපාලනයකට තිබූ කැපවීම යි. එය ජනප‍්‍රියවාදී නොවීය. ඈ කිසිදු විටෙක සිය ප‍්‍රතිපත්ති පාවා දී ජනප‍්‍රිය මාවත වැළ`ද නොගත්තා ය. සෑම විටෙක පක්ෂ ප‍්‍රතිපත්ති ආරක්‍ෂා කර ගනිමින්මාතෘ භූමියේ ප‍්‍රගමනයත් වෙනුවෙන් සිය ජීවිතය කැප කළා ය. ඇතැම් අවස්ථාවල පක්ෂ ක‍්‍රියාකාරීත්වය විසින් පක්ෂ ප‍්‍රතිපත්ති හා මාතෘභූමියේ ප‍්‍රගමනයට හානිකර දේ සිදු කරන විට ඈ ඒවා සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් සටන් කළා ය.


ඒ නිසාම බොහෝ නින්දාඅපහාස හා අවලාදවලට ලක් වීමට ඇයට සිදු විය. එහෙත් ඒ කිසිවක් නිසා තම ප‍්‍රතිපත්ති පාවා දීමට කටයුතු නොකිරීම චන්ද්‍රිකාගේ අප‍්‍රමාණ පෞරුෂය හෙළි කරන කැටපතකි.


චන්ද්‍රිකා ප‍්‍රථම වරට මැතිවරණයක් ස`දහා තරඟ කරන්නේ 1993 මැයි මස පැවැත් වූ බස්නාහිර පළාත් සභා මැතිවරණයට යි. එහි දී වාර්තාගත 86%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාවසර දාසයකට පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික බලමුළුව ජයග‍්‍රාහී මාවතට ප‍්‍රවිශ්ට කරවීමට ඈ සමත් වන්නී ය.

දේශපාලන නිර්වින්දනයකට ගොදුරු වී සිටි පක්ෂය කූද්දවාඅපේක්ෂා භංගත්වයට පත්ව සිටි මෙරට පොදු ජනතාව තුළ යළි අපේක්ෂාවේ පහන් සිළ දල්වන්නට ඇගේ නායකත්වයසමත් විය.


දේශපාලන ආඥාදායකත්වයෙන් සහ අන්ත ධනේෂ්වර සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවලින් අසහනයට පත්ව සිටි ජනතාවක්දේශපාලන බලලෝභී අරමුණු මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් නිමක් නොමැති යුද්ධයකට තල්ලූ කර දමා තිබුණු දේශයක් ගොඩනැ`ගීමේ වගකීම ඈ වෙත පැවරී තිබුණි.

චන්ද්‍රිකා 1994 දී භාර ගත්තේ දෙකොන ගිනිගත් විලක්කුවක් බ`දු දේශයකි. පෙර පාලනයේ මර්දනය සහ ආඥාදායක පාලනය නිසා උතුරේ සහ දකුණේ තරුණ කොටස් තම දේශපාලනිකආර්ථිකසමාජීය සහ සංස්කෘතික අවශ්‍යතා වෙනුවෙන් අවස්ථා දෙකක දී කැරලි දෙකක් ආරම්භ කර තිබුණි. දකුණේ තරුණ කොටස් විසින් සිදු කළ කැරැල්ල මර්දනය කර තිබුණ දඒ වන විට උගත් තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය කර හෝ අතුරුදහන් ව තිිබිණි. උතුරේ දෙමළ තරුණ ප‍්‍රජාව තුළින් ඇති වූ කැරැල්ල ත‍්‍රස්තවාදී යුද්ධයක් දක්වා වර්ධනය වී තිබුණි.

මේ මිලේච්ඡ මර්දනකාරී පාලනය නිසා ජාත්‍යන්තරය තුළ ද ශ‍්‍රී ලංකාව කෙරෙහි පැවතියේ ඍණාත්මක ආකල්පයකි. ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලංකාව හ`දුනාගනු ලැබුවේ මිනී කන්නන්ගේ දේශය යන අන්වර්ථ නාමයෙනි. මේ සියලූ අභියෝගවලට මුහුණ දීමට චන්ද්‍රිකාට සිදු විය. 


චන්ද්‍රිකාගේ ආගමනය මෙරට පොදු ජනතාවට දේශය පිළිබ`තරුණ පරපුරේ අනාගතය පිළිබ`ද සුබවාදී අපේක්ෂා රාශියක් ජනිත කරවීමට සමත් විය. එම අපේක්ෂාවන්ගේ ගැඹුර වැඩි වන තරමට මෙරට රාජ්‍ය නායිකාව ලෙස ඇයගේ වගකීම් පරිමාව ද ඉහළ ගියේ ය. මෙරට පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාව පවා ‘‘චන්ද්‍රිකා දර්ශනය’’කොතෙක් දුරටඑම අභියෝග ජයග‍්‍රහණය කිරීමෙහිලා සාර්ථක ප‍්‍රවේශයක් වන්නේදැයි දෑස් දල්වා බලා සිටියහ.


මෑත ඉතිහාසයේ අතිශය අර්බුදකාරී වකවානුවක මෙරට දේශපාලනයේ ඉතාම සංකීර්ණ සංයුතියක් සහිත ආණ්ඩුවක් ඉතා සීරුවෙන් මෙහෙයවීමට ඇයට සිදු විය. 

පොදු ජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණයඅර්බුදයේ සහ අස්ථාවරත්වයේ කළලය ද සිය ගැබෙහි හුවා ගත් ජයග‍්‍රහණයක් විය. එහෙත් ඇය  විවිධත්වය මැද එක්සත් බව’’ පවත්වා ගනිමින් රාජ්‍ය පාලනයේ නියුතු වූවා ය.


මෑත දේශපාලන ඉතිහාසයේ නායිකාවක ලෙස චන්ද්‍රිකා පෙන්වූ නම්‍යශීලීත්වය වරෙක වාසිසහගත වුව ද තවත් අවස්ථාවක අතිශය සංකීර්ණ ගැටලූ ඇති කිරීමට හේතු විය. ඒඇයගේ නම්‍යශීලීත්වයේ ගැටලූවක් නිසා නොවමෙරට ඇතැම් දේශපාලන නායකයින් ගෝත‍්‍රවාදී ආකල්පයන්ගෙන් මිදී පරිණතභාවයට පත්ව නොසිටි බැවිනි.

බණ්ඩාරනායකවරු ‘‘මැද මාවතේ’’ නිර්මාණකරුවෝ ය. චන්ද්‍රිකා ද මෙරට ආර්ථිකදේශපාලනිකසමාජීය යන සෑම ක්ෂේත‍්‍රයකම ගැටලූ වලට මැද මාවතේ විස`දුම් පිළිබ`ද උද්යෝගිමත් වූවා ය. 

1960 දී දරු තිදෙනාට පමණක් නොවඅනාථ වූ මුළු මහත් ජාතියටම මවක් වෙමින්සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවදානමෙන් පිරුණු දේශපාලන ගොහොරු බිමට එළඹමෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ යම් සේ දඊට වඩා බොහෝ සංකීර්ණතා සහ අවදානම් ගහන පරිසරයක් තුළ, 1994 දී චන්ද්‍රිකා මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ගත්තීසියලූ දුක්ඛ දුර්බෝජන වළ`දමින් අතිශය සංකීර්ණමෙන්ම කටුක සහ භයංකර මාවතක් ඔස්සේ ය. 

 

අද අැය සිය 79 වන දිවි ගමන පසුකරමින් සිටින්නී ය. එහෙත් අදට ද මෙරට දේශපාලනයේ සුළං හමන අත අවබෝධකර ගැනීමෙහිලා චන්ද්‍රිකා දර්ශනය අතිශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබන බව අවිවාදිත ය. 


මෙරට දේශපාලනයේ ක්‍රම වෙනසක් කෙරෙහි අපේකෂාවක් සහිත ව ඒ වෙනුවෙන් අලුත් නායකයන් පරම්පරාවක් කෙරෙහි විශ්වාසය තබා ගනිමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නීය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රකරණයට යොමුකරවීමෙහිලා යම් සාර්ථක උත්සාහයක් ඇය විසින් ගනු ලැබුවද, ඊට වඩා බරපතල වගකීමක් ඇය කර මත වැටී තිබේ. නැවත වරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැමති නිදා සිටින යොධයා අවදි කළ හැකි එක ම චරිතය වනාහී චන්ද්‍රිකා ම මිස අනිකෙකු නොවේ. බිම්ඇ මට්යටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිද්‍රාශීලීත්වය පළවා හැරිය හැක්කේ ද ඇයට ම පමණි. 



 තරිඳු තොටවත්ත





Sunday, June 16, 2024

 විමල්,දිලිත් සහ සර්ව ජනබලය


දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය පසුගියදා විමල්,ගම්මන්පිල,ගෙවිඳු,චන්න,වාසු සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ක එකතු වෙලා සර්ව ජනබලය බලය නමින් සන්ධානයක් පිහිටවා ගත්තා.සන්ධානය පිහිටවලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයට තමන්ගේ පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම අහිමිවුනා.


සර්වජන බලය සන්ධානය ජූනි 18 වෙනිදා නුගේගොඩදී රැළියක් තියන්න සුදානම් වෙනවා. එයාලා කියන්නේගේ 69 ලක්ෂයේ බලාපොරොත්තු යලිත් බලගන්වන්න ජූනි 18 වෙනිදා සවස දෙකට නුගේගොඩට එන්න කියලයි. 69 ලක්ෂයේ ජනවරම බලගන්වන්න ආයෙත් මහතීර් මොහොමඞ් කෙනෙක් සහ විලැද්මීර් පුටින් කෙනෙක් ගේන්නයි විමල්ලා හදන්නේ. කොහොම උනත් විමල්ලා,ගම්මපිලලා දිලිත්ගේ කරේ නැගලා ගහන්න හදන මේ වංගුව ගැන රටට කියන්න ඕනි.


ඒක කියන්න රටේ රාළ විමල්ගේ ඉතිහාසයෙන් උදාහරණ කීපයක් ගන්නවා.2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ජාතික නිදහස් පෙරමුණ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නියෝජනය කළා.හැබැයි 2013 වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව සහ ජානීපෙය අතර මතවාදී ගැටුමක් නිර්මාණය වුනා.ඒ මතවාදී අර්බුදය ඉස්සරහා ඊට සමාන මතයක් දරපු ජාතික හෙල උරුමයත් එක්ක ජානීපෙය එකට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.ඒකාබද්ධ මාධ්‍ය සාකච්චා,බිම් මට්ටමේ ඒකාබද්ධ රැස්වීම් සහ පක්ෂ දෙක වෙන වෙනමත් ක්‍රියාමාර්ග තේරුවා. 


එදා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් විදිහට හිටියේ රටේ රාළ.රටේ රාළ මේ ඒකාබද්ධ රැස්වීම් සම්බන්ධීකරණය කරන්න ජානීපෙ පැත්තෙන් සම්බන්ධ වුනා.ජාතික හෙළ උරුමය පැත්තෙන් සම්බන්ධ උනේ ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප්.ඒ වෙනකොට පාඨළී,රතන සහ ගම්මන්පිලා හිටියේ එකට,එකම පක්ෂයේ.කොහොම හරි මහින්දගේ ආණ්ඩුවට අභියෝග කරමින් ජාතික නිදහස් පෙරමුණ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දැවැන්ත විරෝධතා රැස්වීමක් කළා.


එතනදී මහින්දගේ ආණ්ඩුවට ජනිපෙන් යෝජනා 12 ක් ඉදිරිපත් කළා.ඒ යෝජනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉෂ්ඨ කරන්නේ නැත්තම් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් අයින් වෙන බව විමල් එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කරපු කතාවේදී කිව්වා.මේ විරෝධතාවයත් එක්ක ජනාධිපති මහින්ද ජාතික නිදහස් පෙරමුණට සාකච්ඡාවක් දුන්නා.ඒ සාකච්ඡාවට විමලුත්,පක්ෂ ප්‍රධාන ලේකම් සහ වීර කුමාර දිසානයක හරි පියසිරි විජේනායක හරි සම්බන්ධ වුනා.


ඒ සාකච්ඡාව අතරතුර විමල් හරි අපූරු කතාවක් මහින්දට කිව්වා.විමල් කිව්වේ අපි තව ටිකක් මෙහෙම ගිහින් ආපහු හැරෙනවා.චම්පික එතනදී එලියට යනවා.මමයි,ගම්මන්පිලයි හැරිලා එනවා කියලා විමල් මහින්දට කිව්වා.ඒ සාකච්ඡාව ගිය අනිත් සඟයා එක්ක පක්ෂ ලේකම් මුහුණට මුහුණ බලාගත්තා.ඇත්තටම ඒක දැවැත්ත පාවාදීමක්.එකට අරගල කරපු කණ්ඩායම පාවා දුන්නා විතරක් නෙවෙයි එතන හිටපු කෙනෙකුත් ගලවලා මහින්දට ගිහින් දුන්නා.


ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය සහ විමල් අතර ගැටුම ආරම්භ වෙන්නේ එතනින්. ඒ වගේම විමල් දැඩි ලෙස හිටිය ස්ථාවරයක් තමයි කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ විමල්ගේ බූදලයක් කියලා.විමල් තමයි ඇත්තටම කොළඹ දිස්ත්‍රික් ඡන්ද පදනම වේගයෙන් ආක්‍රමණය කළේ. විමල් සරත් වීරසේකරට පරදිනකම්ම ජානීපේ සංවිධාන ජාලයට කොළඹ දිස්ත්‍රික් ඡන්ද පදනම ආරක්ෂා කරන්න පුළුවන් වුනා.


මුලදී ඒක කරන්න විමල් ළඟ හොඳ කාඩර්ලා සහ හොඳ බහුජන චරිත හිටියා.අචල ජාගොඩ,රොජර් සෙනෙවිරත්න කියන්නේ එහෙම බහුජන චරිත දෙකක්.ඊට අමතරව මොහොමඩ් මුසාමිල් සහ ප්‍රියංගා කොතලාවලත් හිටියා,හැබැයි විමල් කවදාවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් එයාලට අවස්ථාව දුන්නේ නෑ.ජාගොඩට කොළඹ ලයිස්තුව නොදී විමල් ජාගොඩව ජාතික ලයිස්තුවට දැම්මා. ඒ වෙනකොටත් විමල් එක්ක පාර්ලිමේන්තු යන්න පුළුවන්කම තිබුණ රොජර්ට විමල් කවදාවත් පාර්ලිමේන්තු අවස්ථාවක් දුන්නේ නෑ.


රොජර් දැමීමෙන් විමල්ට කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න බැරි වෙයි කියන සැකය විමල්ට දිගටම තිබුණා.අවසානයේදී රොජර්ට දාපු කැපිලි නිසා රොජර් පක්ෂය දාලා ගියා.රොජර් ලයිස්තුවට දාගත්තොත් කොළඹ පළවෙනියා වෙන්න බෑ කියලා හිතපු විමල්ට රොජර් නැති ලයිස්තුවකදී සරත් වීරසේකරට දෙවෙනි වෙන්න සිද්ධ වුනා.විමල් මහ මැතිවරණයකදී හැසිරෙන විදිහ ගැන ජානීපේ දේශපාලන මණ්ඩලයේ හිටපු අයට හොඳ අවබෝධයක් තියනවා.විමල්ලා මේ සන්ධානය හදන්නෙත් මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන.ගොඩක් දුරට රටේ රාළ කියන අද්දැකීම මේ සන්ධානයේ අයටත් ගන්න එදාට පුළුවන් වෙයි.


විමල් ජාතිවාදියෙක් කියලා රටේ රාළ කියන්නේ හේතු ඇතිවයි.එක වෙලාවකට උතුරු හා නැගෙනහිර පලාත්ද ඇතුළුව රටේ සියලුම දිස්ත්‍රික්ක ආවාරණය කරමින් දේශප්‍රේමී දමිල ව්‍යාපාරය නමින් දමිල ප්‍රජාව සම්බන්ධ කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ජනිපෙන් ගොඩනැගුවා. ඒක ජානීපෙ ප්‍රධාන ලේකම් යටතේ ගොඩනැගුනු සංවිධානයක්.2013 ජානිපෙ මැයි රැලියටත් දේශප්‍රේමී දමිල ව්‍යාපාරයය නියෝජනය කරමින් උතුරු සහ නැගෙනහිර පලාත්වල දමිල සහෝදර,සහෝදරියන් සහභාගී වුනා.


විමල් එක්ක ඒ සංවිධාන කැඳවපු පළවෙනි දවසේම ඒ සංවිධාන ජානිපෙයට අහිමිවුනා. පක්ෂයත් එක්ක අවුරුද්දක වැඩි කාලයක් ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කරපු ඒ අය විමල් එක්ක ගත්ත පළවෙනි රැස්වීමේදී විමල්ගේ ආරක්ෂකයෝ යොදලා දැඩි පරීක්ෂාවකට ලක් කළා.එයාලා පක්ෂයේවීමට වඩා දෙමලවීමේ සැකය විමල්ට තිබුණා.ඇත්තටම කිසිකෙනෙක් නොහිතපු,යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකට පස්සේ ඒ කරපු හිත් රිදවීමෙන් ඒ දෙමල සහෝදරවරු දැඩි කලකිරීමට පත්වෙලා පක්ෂය අතැරලා ගියා.


එතනින් ඒ සංවිධානය අභාවයට ගියා.ඒ වගේම 2016 වර්ෂයේදී මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ යෝජනාවක් ජානිපෙ දේශපාලන මණ්ඩලයේ සම්මත වුනා.යෝජනාව උනේ මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ වැඩිම වැඩ කොටස කරපු පක්ෂය බවට ජානීපෙ පත්විය යුතුයි කියලයි.ඒ අනුව මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ සාකච්ඡාව ඒ දෙන්නත් එක්ක වෙන වෙනම පැවැත්වුනා.මෛත්‍රී එක්ක සාකච්ඡා වට එකොලහක් තිබ්බා.විමල් සාකච්ඡා හතකට සහභාගී වුනා.


අනිත් සාකච්ඡාවකට විමල්ට සහභාගී වෙන්න බැරි වෙන්නේ විමල් ඇතුලට ගිය හින්දයි.මේ සාකච්ඡා මෙහෙම යද්දී බැසිල් ලංකාවට ඇවිත් පොදුජන පෙරමුණේ කටයුතු පටන් ගත්තා.මුලදී බැසිල් සහ විමල් අතර අමනාපයක් තිබුණත් ටික දවසකින් විමල් සහ බැසිල් හොඳම යාළුවෝ වුනා. එතනදී තමයි රාජපක්ෂලා විමල්ට ලණුව දුන්නේ. එයාලා විමල්ට හැදුවේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක කියන සිහිනය.විමල් ඒ ලණුව කෑවා. 


රාජපක්ෂලාගේ ලණුව කාලා විමල් පොහොට්ටුවේ ජාතික සංවිධායකමට ඇඳගෙන හිටියා.එතනදී විමල් මහින්ද,මෛත්‍රී එකතු කරන සාකච්ඡාව පයින් ගහලා පොහොට්ටුවේ ජාතික සංවිධායකකම වෙනුවෙන් බැසිල්ලා එක්ක ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ වැඩේට හවුල්වුනා. ඉදියානු කොන්ග්‍රසය කඩලා ඉන්දිරා කොන්ග්‍රසය හදුවා වගේ ශ්‍රිලනිප කඩලා පොහොට්ටුව හදන්න ඕනි කියලයි එදා විමල්ට උපදෙස් දෙන න්‍යායාචාර්ය තෙමේ කිව්වේ.


රටේ රාළ කියන්නේ මේවා සියල්ල විමල්ගේ තනි වැරදි නෙවෙයි කියලයි.විමල් පිටිපස්සේ හිටපු දුෂ්ඨ බලවේග එයාලට ඕනි තැනට විමල් මෙහෙව්වා.එයාලට ඕනිදේ වෙනුවෙන් විමල්ගේ කට පාවිච්චි කළා.විමල් කියන්නේ ඉන්න පරිසරය අනුව වෙනස් වෙන දේශපාලන සත්වයෙක්.විමල් ඉන්නේ සාත්තරකාරයෝ ටිකක් එක්ක නං විමලුත් නියම සාත්තරකාරයෙක්.විමල් ඉන්නේ හෞතිකවාදියෝ සෙට් එකක් එක්ක නං විමල් මාක්ස්ටත් වඩා භෞතිකවාදියෙක්.


විමල් ඉන්නේ විඥානවාදීන් එක්ක නං විමල් තරං විඥානවාදියෙක් ලොවෙත් නෑ.හැබැයි විමල් එක්ක හැමදාම ඉන්න සෙට් එකක් හිටියා.ඒ විමල් එක්ක ඉන්න ජාතිවාදී න්‍යායාචාර්යවරු සෙට් එක,ඊළගට විමල් වටේට ක්‍රියාත්මක වෙන ඔත්තු සේවා ජාලය සහ විමල් වටේ ඉන්න ව්‍යාපාරික ජාලය.විමල් යොයපු සල්ලි ආයෝජනය කරලා තියන්නේ ඒ අය හරහා.මේ අයගේ ග්‍රහණයෙන් විමල් බේරගන්න එදා ජානීපෙ දේශපාලන මණ්ඩලය දැවැන්ත අරගලයක් කළා.


ඒ ගැන අද දිලිත් එක්ක එකතු වෙලා,විමල්ට පිටිපස්සේ පේලියේ ඉඳගෙන ඉන්න පියසිරි විජේනායක සහෝදරයා A to Z දන්නවා.විමල් දැන් ව්‍යවසායකයෙක් එක්ක ඉන්න හින්දා ව්‍යවසායකයන් විදිහට හිතයි කියලා රටේ රාළගේ තර්කයට අනුව කාටහරි හිතන්න පුළුවන්.හැබැයි ඒක වෙන්න නං රටේ රාළ කියන අර කණ්ඩායමෙන් විමල්ව ගලවගන්න ඕනි.ඊට ඉස්සෙල්ලා දිය රෙද්දෙන් දිලිත්ගේ බෙල්ල කපන්න විමල් දන්නවා.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.